Thursday, June 9, 2016

ISIS සංවිධානය ඊජිප්තුවේ පිරමීඩ විනාශ කරන බවට තර්ජනය කරයි

ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) ත්‍රස්තවාදීන් ඉරාකයේ නිනවේ ප්‍රදේශයේ නබු නම් සෙමිටික දෙවියා වෙනුවෙන් වන දෙවොලක් විනාශ කර තිබේ.

එම දෙවොල විනාශ කළ බවට සඳහන් ඊයේ දිනයේ ප්‍රචාරක වීඩියෝවක් ඔවුන් ඊයේ දින එළි දක්වා තිබුණි.

එම වීඩියෝවේ පෙනී සිටින ත්‍රස්තවාදියෙක්, ISIS සංවිධානය විසින් ඉදිරියේදී "මිත්‍යා දෘෂ්ඨිකයන්" විසින් ඉදි කරන ලද තවත් ගොඩනැගිලි විනාශ කරන බව ප්‍රකාශ කළේය​.

ඒ අතරම ඊජිප්තුවේ ගීසා හි පිරමීඩ ද විනාශ කිරීමට බලාපොරොත්තු වන බව ඔහු ප්‍රකාශ කළේය​.

ඉරානයේ පුවත් නාලිකාව වාර්තා කළ පරිදි එක්සත් ජාතීන් ද මෙම විනාශය සනාථ කොට ඇත​. ඔවුන් ඒ සඳහා යොදාගෙන ඇත්තේ ජනවාරියේදී සහ මෑත දිනෙකදී ලබාගත් චන්ද්‍රිකා ඡායාරූප ය​.

නිනවේ හි පිහිටි මෙම නබු දෙවොල වසර 2800 ක් පමණ පැරණි යයි සඳහන් ය​.

ඉරාකයේ සහ සිරියාවේ විශාල ප්‍රදේශයක බලය පතුරවාගත් ISIS සංවිධානය ඉපැරණි ස්මාරක ගණනාවක් විනාශ කර ඇත​. මේ අතර සිරියාවේ පැල්මයිරා නගරයේ දේවස්ථාන සමහරක් මෙන්ම ඉරාකයේ නිනවේ හි දේවස්ථාන ගණනාවක් ද වෙති.

පැල්මයිරා නගරය සිරියානු හමුදා විසින් මෙම වසරේ මාර්තු මස අවසන් සතියේදී නිදහස් කරගත් හ​. විනාශ කරන ලද ස්මාරක නැවත ප්‍රතිසංස්කරණය කිරීම කෙරෙහි සිරියානු රජය අවධානය යොමු කර තිබේ.

4 comments:

  1. isis එවුන්ට නම් පිස්සුව හොදොටෝම තද වෙලා.

    ReplyDelete
  2. ඇත්තටම ඕකෙ එකෙක් වත් නැද්ද අකුරක් ඉගෙන ග/ත්ත

    ReplyDelete
    Replies
    1. කවුරු දන්නවද​?
      අකුරු කොහොම වෙතත් මොළයක් තියෙන එකෙක් නම් නෑ වගේ

      Delete