මම අහපු, දැකපු, කියවපු, රස විඳපු, විවේචනය කරපු දේවල්වලින් ලියන්න පුළුවන් සහ ලියන්න වෙලාව ලැබුණු දේවල්වල එකතුව.
Sunday, April 7, 2013
"පාප් වහන්සේගේ පලිගැනීම"
"පාප් වහන්සේගේ පලිගැනීම" යනුවෙන් හඳුන්වනු ලබන්නේ පාප් වහන්සේ කෙනෙකුන් විසින් කරන ලද දෙයක් නොවේ. ඒ එක්තරා ඉදිකිරීමක් අරබයා යම් කිසි නිර්මාණශීලී තැනැත්තකු විසින් පටබඳින ලද නමකි. මේ නම් තැබීමට ප්‍රස්තුත වූ ඉදිකිරීම වූයේ බර්ලින් රූපවාහිනී කුලුනයි. (Berlin TV Tower හෙවත් Fernsehturm Berlin)
ජර්මනියේ බර්ලින් නගරයේ සුප්‍රසිද්ධ ඇලෙක්සැන්ඩර්ප්ලාට්ස් (Alexanderplatz) චතුරශ්‍රය ආසන්නයේ පිහිටි බර්ලින් රූපවාහිනී කුලුන මීටර 368 ක උසින් යුතුය. ඉදිකළ අවස්ථාවේ මෙහි උස මීටර 365 ක් වූ අතර, මෑත කාලයේදී එහි ඉහල සවි කල නව ඇන්ටෙනාවක් හේතුවෙන් උස මීටර 368 දක්වා ඉහල ගියේය. මෙම ගොඩනැගිල්ල ජර්මනියේ පිහිටි උසම ගොඩනැගිල්ල වේ.
රාත්‍රියට බර්ලින් රූපවාහිනී කුලුන දිස්වන ආකාරය. (2012 දී මා මිත්‍ර පේටර් හනෙමාන් විසින් ගන්නා ලද ඡායාරූපයකි)
බර්ලින් රූපවාහිනී කුලුන ඉදි කිරීම ඇරඹුණේ 1965 වසරේදීය. ඒ වනවිට ජර්මනිය, නැගෙනහිර සහ බටහිර වශයෙන් රටවල් දෙකකට බෙදුණු සමයයි. බර්ලින් තාප්පය ඉදි කොට වැඩිකලක් ගොස් නොතිබුණි. මේ වනවිට ජර්මන් ප්‍රජාතාන්ත්‍රික ජනරජයට (නැගෙනහිර ජර්මනියට) සන්නිවේදන කුළුනක අවශ්‍යතාව දැනෙමින් තිබුණු අතර, ඒ අනුව මෙම කුලුන ඉදිකිරීමට මුල පිරුණි. මෙහි තවත් එක පරමාර්ථයක් වූයේ ජර්මන් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ (ජ.ප්‍ර.ජනරජයේ) බලපරාක්‍රමය ලොවට කියා පෑමය. මෙවන් උස ගොඩනැගිල්ලක් බටහිර බර්ලින් වැසියන්ටද මනාව දිස්වන බව ජ.ප්‍ර.ජනරජ රජය දැන සිටියේය.
මෙම කුලුනෙහි ආකෘතිය ඇතැම්විට නැගෙනහිර ජර්මනියේ ප්‍රමුඛතම ගෘහනිර්මාන ශිල්පියා ලෙස සැලකෙන හර්මන් හෙන්සෙල්මාන් ප්‍රමුඛ ශිල්පීන් අතින් සිදු වූ අතර එයට ඔහු පාදක කරගත්තේ 1950 ගණන්වල බටහිර ජර්මනියේ ස්ටුට්ගාර්ට් (Stuttgart) නගරයේ ඉදිවූ රූපවාහිනී කුලුනෙහි (Fernsehturm Stuttgart) ආකෘතියයි. බර්ලින් කුලුනේ ඉහල ඇති ගෝලාකාර ආකෘතියට පාදක වූයේ පළමු සෝවියට් චන්ද්‍රිකාව වූ ස්පුට්නික් 1 හි ආකෘතිය බව සැලකේ. මෙම ගෝලාකාර කොටසෙහි කැරකෙන අවන්හලක් ඉදිකොට ඇති අතර එය සෑම අඩ පැයකටම වරක් කරකවනු ලබයි. මේ අනුව එකම තැන ඉඳගෙන සිටින්නෙකු වුවද මුහුණලා සිටින දිශාව පැය භාගයෙන් භාගයට වෙනස් වේ. මෙම අවන්හල පිහිටියේ මීටර 207 ක් උසිනි. ඊට මඳක් පහලින් නැරඹුම් වේදිකාවක් ඉදිකොට ඇත. පැහැදිලි දිනෙක මෙම වේදිකාවට නැගුන අයකුට කිලෝමීටර 42 ක් තරම් ඈත හොඳින් දිස් වේ යයි කියනු ලැබේ. කොමියුනිස්ට් යුගයේදී කැරකෙන අවන්හල නැගෙනහිර ජර්මානුන් අතර බෙහෙවින් ජනප්‍රිය ස්ථානයක් වූ බව කියනු ලැබේ. "අවන්හලේ සිටින විට කුලුන කඩා වැටුනත් කමක් නැත. එවිට අප බටහිර ජර්මනියට වැටෙනු ඇත" යයි එකල ප්‍රකට වූ දේශපාලනික විහිළුවකින් කියවුනි.
1965 ඉදි කිරීම් ඇරඹුණු බර්ලින් රූපවාහිනී කුලුනෙහි ඉදිකිරීම් අවසන් වූයේ 1969 වසරේය. 1969 ඔක්තෝම්බර් මුල් සතියෙහි පරීක්ෂණ විකාශයන් මෙම කුලුන මගින් කරන ලද අතර 1969 ඔක්තෝම්බර් 7 වනදාට යෙදුන ජ.ප්‍ර.ජනරජයේ 20 වන ජාතික දිනයදා කුලුන නිල වශයෙන් විවෘත කරන ලදී.
කෙසේ වුවද, සිය බලපරාක්‍රමය පෙන්වීමට තැනූ කුලුන විසින් නැගෙනහිර ජර්මන් ආණ්ඩුව වෙත ගෙනාවේ බලාපොරොත්තු නොවූ අපහසුතාවයක් සහ ලජ්ජාවකි. සූර්යාලෝකය කුලුනෙහි ගෝලාකාර කොටසට පතිත වූ විට එහි කුරුසයක හැඩයක් මතුව ආවේය. කුලුනට බටහිරින් ජීවත් වූ බටහිර බර්ලින් වැසියන්ට මෙය දිස් වූයේ දිනයේ අපරභාගයේය. බැස යන හිරුරැස් වැදී කුලුනෙහි කුරුසයක් මතුවනු දුටු යමෙක් මෙය "පාප්වහන්සේගේ පලිගැනීම" යයි හඳුන්වා දෙන්නට ඇත. කොමියුනිස්ට් පාලන තන්ත්‍රයක් වූ නැගෙනහිර ජර්මන් ආණ්ඩුව අදේවවාදී (Atheist) වීම මෙවන් නමක් තබන්නට හේතුවයි. අදේවවාදී රාජ්‍යයක් සිය බලය පෙන්වීමට තැනූ ඉදිකිරීමක සිය ආගමේ සංකේතය මතුව ඒම දෙවියන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ සංකේතයක් ලෙස ක්‍රිස්තියානි බැතිමතුන් සලකන්නට ඇත.
සාන්ත මේරි පල්ලිය අසලට බර්ලින් රූපවාහිනී කුලුන පෙනෙන ආකාරය. හිරු එළියෙන් ඇතිවන කුරුසියද මෙහි දිස්වේ. (Wikimedia Commons)
මීට අමතරව නැගෙනහිර ජර්මන් වැසියෝ මෙම කුලුනට සාන්ත වෝල්ටර් යයි නම් තැබූහ. ඒ බර්ලින් රූපවාහිනී කුලුන ඉදිකිරීමට නායකත්වය දුන් නැගෙනහිර ජර්මන් කොමියුනිස්ට් නායක වෝල්ටර් උල්බ්‍රිෂ්ට් උපහාසයට ලක් කිරීමටය.
නැගෙනහිර ජර්මන් ආණ්ඩුව විවිධ ක්‍රම මගින් මෙම කුරුසය දිස්වීම වළකන්නට උත්සාහ කළහ. එවන් එක් උත්සාහයක් වූයේ විශේෂ තීන්ත වර්ගයක් ආලේප කිරීමයි. නමුත් මේ එකකින්වත් එම කුරුසය මකා දමන්නට හැකි වූයේ නැත.
1989 බර්ලින් තාප්පය බිඳ වැටීමෙන් පසු දේශපාලනික සංකේතයක් ලෙස බර්ලින් රූපවාහිනී කුලුනෙහි වූ වැදගත්කම පහව ගියේය. කෙසේ වෙතත්, වර්තමානයේද එය බර්ලින් සහ බ්‍රැන්ඩන්බර්ග් ප්‍රදේශ කරා රූපවාහිනී වැඩසටහන් විකාශය කිරීමට භාවිතා කෙරෙන අතර කැරකෙන අවන්හලද බර්ලින් නගරයේ වැදගත් සංචාරක ස්ථානයක් ලෙස අදටත් සැලකේ.
පසු සටහනක්: දන්නෙම නැතුව බ්ලොග් එකට අවුරුද්දකුත් වෙලා. 2012 අප්‍රේල් 6 තමයි මම පලවෙනි බ්ලොග් පෝස්ට් එක දැම්මේ. අද 2013 අප්‍රේල් 7. මේ මගේ 76 වෙනි බ්ලොග් පෝස්ට් එක.... අවුරුද්දකදී කල දේ බොහොමයි. කරන්න ඇති දේ බොහෝ.......මයි.
Subscribe to:
Post Comments (Atom)
ඕ.. මම මේ ගැන ඇහුවා මතකයි දවසක් මුණු පොතේදී. නොදැන හිටි විස්තරයක්. බොහොම ස්තුතියි මේ සටහනට.
ReplyDeleteතැනක් යූ වේවා!!!
Deleteමම දවසක ප්‍රශ්නයක් විදියට මූණු පොතේ දැම්මා මේක.
බොහොම කාලෙකට කලින් රීඩර්ස් ඩයිජෙස්ට් එකක කියවපු විස්තරයක්. දැන් ඒ මැගසින් එක මට හොයාගන්න නැහැ. ඒ නිසා අර කුරුසිය පෙනෙන එක නවත්වන්න යොදපු ක්‍රම ගැන දැන් හරියට මතක නැහැ.
මගේ ජර්මන් යාලුවාගෙනුත් මට ඒ ගැන අහගන්න වුනේ නැහැ.
අවුරුද්දට සුභ පැතුම් මුලින්ම :)
ReplyDeleteමේ කුරුසේ පේන එක ගැන තාම තේරුණේ නැහැණේ හරියට :(
http://schlicks.files.wordpress.com/2010/08/tv-tower1.jpg
Deleteඔතන නම් කුරුසෙ පැහැදිලිව පේනවා.. මේ වෙන්නේ කණ්ණාඩියකට ඉර එළිය වැටුනාම දිලිසෙනවා වගේ වැඩක්..
ඔව්. තැනක් යූ වේවා මේ පින්තූරෙට ලින්ක් එක දැම්මට. මෙච්චර හොඳ පින්තූරයක් මම දැකල තිබ්බේ නැහැ.
Deleteහිරු එලිය පරාවර්තනය වෙනකොට බලන කෙනාට පෙනෙන්නේ කුරුසයක්.
දැන් හරි. තැන්කු හරී මහත්තයෝ :)
Deleteමාත් පෝස්ට් එකේ තියන පින්තුරෙන් කුරුසයක් දැක්කේ නෑ පැහැදිලිව. හරීගේ පින්තුරේ නම් පැහැදිලිව ඒක පෙනෙනවා. ස්තුතියි හරී :)
Deleteko mata penne nahane mekath e para..?
Deletemona kurusayakda ? koheda ? kawadda ? katada ? mokatada ?
හරී දීලා තියන පින්තුරයේ ගෝලාකාර කොටසේ උඩ අර්ධය දිහා බලන්න සහන්. ආලෝකය වැටිලා දිස්නය දෙන කොටසේ එහෙම එකක් පෙනෙන්නේ නෑ..??
Deleteස්තුතියි සටහනට..
ReplyDeleteසුභ බ්ලොගවසරියක් වේවා..දිගටම ලිවීමට හැකියාව ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා..
බොහොම ස්තූතියි!!!
Deleteගොඩක් වැදගත් බ්ලොග් සටහනක් චාමර ..
ReplyDeleteදිගටම ලියන්න ..එනවා බලන්න ...
තැනක් යූ වේවා!!! දිගටම එන්න.
Deleteඅපි දිගටම ලියනවා.
මේකත් නියම වැඩක්නෙ.. අදමයි ඇහුවෙ.. නැගෙනහිර ජර්මන් ආණ්ඩුව කරකියාගන්ඩ දෙයක් නැතුව ඉන්ඩ ඇති.. පුදුමයි කුළුණ කඩා නොදැම්මා..
ReplyDeleteහෙට අනිද්දට අපිටත් මේ වගේ සෝයි කුළුණක් ලැබෙනවා.. එතකොට ලෝකෙපුරාම මිනිස්සු ඒක බලන්ඩ මෙහෙ ඒවි නේද?
අවුරුද්දට සුභ පැතුම්.. තව තවත් ලිපි ලියන්ඩ ශක්තිය ලැබේවා!
අනිවා. මේ වගේ කුළුණකින් ගන්න පුළුවන් ප්‍රයෝජන ගොඩයි. හරියට කරනවා නම්.
Deleteමම හිතුවා හරී මේක අහල ඇති කියලා. මොකෝ මේක බොහොම ප්‍රසිද්ධ කතාවක් කියලයි මම හිතුවේ. සමහරවිට මට එහෙම හිතෙන්නේ මම නූතන ජර්මන් ඉතිහාස පිස්සෙක් නිසා වෙන්න ඇති.
තැනක් යූ වේවා!!!
ඕන් ඒ කතාවත් ඔය ඇඋහුවමයි.. ස්තූතියි චාමර..
ReplyDeleteඅපේ කුළුනෙ බෝ කොලේ පේන්ඩ ගනියිද දන්නෑ නේද ? :D
ඉතින් කොච්චර හොඳයිද?
Deleteබෝ කොළේ කියන්නේ බෞද්ධාගමේ සංකේතයක් නේ....
සුබ පැතුම් වසරක ගමනට... ඉතාම සාර්ථක ලියන්නෙක් විදියට ඉදිරියටම යන්න ලැබේවා... මේ ලිපියත් අගෙයි.. නොදන්න කරුණු දැන ගත්තා..
ReplyDeleteබොහොම ස්තූතියි!!!
Deleteදිගටම එන්න. නිවාඩු කාලේ නිසා තව තව දේවල් ලියවෙයි. අවුරුද්ද දවස් පහු වුනාම...
අවුරුද්දට මගෙනුත් සුභ පැතුම් සහෝ.දිගටම කරගෙන යන්න!
ReplyDeleteතැනක් යූ වේවා සහෝ!!!
Deleteවර්ෂ පූර්ණයට සුබ පැතුම්..!
ReplyDeleteනොදැන සිටි දෙයක් මේ. ස්තුතියි ඒකට. අර රාත්‍රීයේ ගත් පින්තූරය නම් හරිම දර්ශනීය එකක්.
සුබ අලුත් අවුරුද්දක් වේවා චාමර සහ පවුලේ සැමට..!!
බොහොම ස්තූතියි චන්දන!! ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!
Deleteමේ පින්තූරවලට වැඩිය හොඳ සමහර පින්තූර ඉන්ටර්නෙට් එකේ තිබුනා. ඒවායේ අයිතිය ගැන ප්‍රශ්න එයිද කියන සැකෙන් දැම්මේ නැහැ.
රාත්‍රියේ ගත්තු ඡායාරූපය ගත්තු මගේ යාලුවා බර්ලින්වල ඉපදිච්ච, දැන් ඕස්ට්‍රේලියාවේ ජීවත්වන කෙනෙක්. එයා තමයි මට සමහර විස්තර කිව්වේ.
බොහොම ස්තූතියි නලීන් අයියේ! ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!
ReplyDeleteහා අපේ සර් බ්ලොගක් එහෙමත් ලියනවා නෙහ්? :) visiting for the first time here. good post btw. හැමෝම වගේ මාත් අදමයි මේ කතාව ඇහුවේ.
ReplyDeleteThank you Pasan...
Deleteතව අහපු නැති කතා තියෙයි. ටිකක් කරක් ගහලා බලන්න.
අලුත් ඒවා ඉස්සරහට එනවා. ටිකක් ඉවසන්න.. :-D
සමාවෙන්න ඔබ තුමාගේ බ්ලොග් එකට එන්න බැරි උනා.මගේ එකටත් එන්න බැරි උනා..සුබ අලුත් අවුරුද්දත් කියන්නයි ආවේ..
ReplyDeleteහොද ලිපි ගොඩක් දැක්කා..ඒත් කියවන්න එන්නම් පස්සේ..ජය වේවා !
සුබ අලුත් අවුරුද්දක් වේවා!!!
Deleteපුළුවන් ඉක්මනට එන්න ඔයාගේ බ්ලොග් එක පැත්තට. ඒ පැත්ත පාලුවට ගිහින්.