මේ දිනවල ජාත්‍යන්තර මාධ්‍යවල, විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයේ මාධ්‍යවල භාවිතාවන වචනයකි Brexit. එය Britain, exit යන වචන දෙකෙන් බිඳී ආවක් සේ සැළකිය හැක. යුරෝපා සංගමයෙන් එක්සත් රාජධානිය ඉවත් විය යුතුය යන්න එමගින් කියවේ.
යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යය ඉවත් විය යුතුද යන්න තීරණය කිරීම සඳහා පවත්වනු ලබන ජනමත විචාරණය ජූනි 23 වනදා පැවැත්වෙන අතර මේ වනවිට 'ඉවත් විය යුතුය' ඡන්ද ව්‍යාපාරය 'රැඳී සිටිය යුතුය' ඡන්ද ව්‍යාපාරය පරදා ඉදිරියට පැමිණෙමින් සිටින බව වාර්තා පළ වී ඇත.
අද දින, බ්‍රිතාන්‍යයේ වැඩිම අලෙවියක් සහිත දිනපතා පුවත්පත වන 'The Sun' පුවත්පත, සිය කතු වැකිය මගින් "ඉවත් විය යුතුය" යන අදහසට සහය පළ කර සිටියේය. පුවත්පතෙහි අයිතිකරු වන්නේ දක්ෂිනාංශික කෝටිපති ව්‍යාපාරික රූපට් මර්ඩොක් ය.
බ්‍රිතාන්‍යයේ දක්ෂිනාංශික කණ්ඩායම් යුරෝපා සංගමයෙන් එරට ඉවත් විය යුතු බව තරයේ ප්‍රකාශ කරති.
බ්‍රිතාන්‍යය සහ යුරෝපා සංගමය - ඉතිහාසය
බ්‍රිතාන්‍යය සහ යුරෝපය අතර ඇති සම්බන්ධය පිළිබඳ එරට ජනතාවගේ මත විමසීමක් අවසන් වරට සිදු වූයේ 1975 තරම් ඈතකදී ය. ඒ එවකට රටවල් 9 කින් සහ මිලියන 250 ක ජනතාවකින් සැදුම්ලත් යුරෝපියානු "පොදු වෙළඳපොළ" (Common Market) පිළිබඳවය. නමුත් එතැන් පටන් යුරෝපය වේගයෙන් වෙනස් වී ඇත. අද වනවිට යුරෝපා සංගමය යනු රටවල් 28 ක එකතුවකි. මින් රටවල් 19 ක එකම මුදල් ඒකකය භාවිතා වේ. එමෙන්ම එකළ පැවති වාණිජමය එකතුවෙන් ඔබ්බට ගිය දේශපාලනික එකමුතුවක් කරා යුරෝපය ගමන් කර ඇත.
එහි ප්‍රතිපලය වන්නේ එක් එක් රටවල ස්වෛරීභාවය පිළිබඳ ඇතැම් කරුණුවලට යම් යම් ආකාරවලින් බලපෑම් කිරීමට යුරෝපා සංගමයට හැකියාව ලැබීමයි.
වර්තමාන යුරෝපා සංගමය බිහි වූයේ 1992 දී අත්‍සන් කෙරුණ මාස්ට්‍රිච්ට් ගිවිසුමට (Maastricht Treaty) අනුවය. කෙසේ නමුත් එම ගිවිසුමෙන් පසු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සමහර බලතල යුරෝපා සංගමයට පාවා දුන් බව පවසන කොටසක් බ්‍රිතාන්‍යය තුල මතු විය. මේ අතර බ්‍රිතාන්‍යයේ ප්‍රධාන දක්ෂිනාංශික පක්ෂය වන කොන්සර්වේටිව් පක්ෂයේ සාමාජිකයන් සැළකිය යුතු පිරිසක් වූහ.
කෙසේ වෙතත් 1997 දී කම්කරු පක්ෂය බලයට පත් වීමෙන් පසු එම හාහෝව සැළකිය යුතු පමණකින් අඩු වූ අතර ආර්ථික තත්ත්වය යහපත් වීම ද ඊට බලපෑවේය. 2008 ආර්ථික අවපාතය පැමිණෙන තුරු, පොදු වෙළඳපොල තුළ රැඳී සිටීම යහපත් යන හැඟීම වඩා ප්‍රමුඛ වූයේය.
කෙසේ වෙතත් ආර්ථික තත්ත්වය අයහපත් වීමට පටන් ගත් විට යුරෝපයේ රැඳී සිටීමට එරෙහි පිරිස වඩා ප්‍රබල වන්නට විය.
ප්‍රශ්නය ආරම්භ වූයේ 2000 ගණන්වල මුල් කාළයේ පමණ සිට පැරණි කොමියුනිස්ට් කඳවුරේ වූ නැගෙනහිර යුරෝපා රටවල් යුරෝපා සංගමයට ඇතුලත් වීම ඇරඹීමත් සමඟය. මේ සමඟ රැකියා අවස්ථා සොයා වඩා පොහොසත් බටහිර යුරෝපා රටවලට මෙම රටවැසියන් පැමිණෙන්නට විය. මුල් සමයෙහිදී මෙම සංක්‍රමණිකයන් පිළිබඳ බ්‍රිතාන්‍යයේ විශාල විරෝධයක් නොවුවද ආර්ථික අවපාතයත් සමඟ තත්ත්වය පැහැදිලි වෙනසකට බඳුන් වූයේය.
UKIP පක්ෂයේ නැගීම
ජනතාව අතර සංක්‍රමණිකයන්ට එරෙහි අදහස් ඉහළ යනවිට එම අතෘප්තියට පත් ජනතාව එක්සත් රාජධානි ස්වාධීනතා පක්ෂය (United Kingdom Independence Party - UKIP) වටා එක් රොක් වීමට පටන් ගත් හ. පක්ෂය 2010 මැතිවරණයේදී ද ඉතා සුලු ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් නමුදු 2015 වන විට එම ප්‍රතිශතය සියයට 15 ක් පමණ වන ලකුණු පවා පහළ වී තිබිණ. මෙම තත්ත්වය යටතේ දක්ෂිනාංශික ඡන් ද කැඩීගොස් කම්කරු පක්ෂය මැතිවරණය ජයගනු ඇතැයි යන අදහසක් පහළ විය.
මේ අවස්ථාවේ කොන්සර්වේටිව් පක්ෂයට, UKIP පක්ෂයේ සටන් පාඨ සමඟ සටන් කළ හැකි ප්‍රබල සටන් පාඨයක් අවශ්‍ය විය. 2013 දී අගමැති ඩේවිඩ් කැමරන් එම සටන් පාඨය සිය කොන්සර්වේටිව් පාක්ෂිකයන්ට ලබා දුන්නේය.
2015 මහ මැතිවරණය කොන්සර්වේටිව් පක්ෂය ජයග්‍රහණය කළහොත් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමය තුළ රැඳී සිටිය යුතු ද යන්න විමසා බැලෙන ජනමත විචාරණයක් පැවැත්වීමට කැමරන් ප්‍රතිඥා දුන්නේය.
මෙම ජනමත විචාරණය පැවැත්වීම කැමරන් කැමැත්තෙන්ම ගත් තීරණයක් ද යන්න පැහැදිලි නැත. කෙසේ වෙතත් ඔහු එම අවදානම ගත්තේ එය හොඳම විකල්පය බව පෙනී ගිය හෙයිනි. 2015 මහ මැතිවරණයෙන් කොන්සර්වේටිව් පක්ෂය ජයග්‍රහණය කළ අතර ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය රහිතව තනිව රජයක් පිහිටුවීමට එයට හැකි විය.
මෙසේ කොන්සර්වේටිව් පක්ෂයට තනිව ආණ්ඩුවක් පිහිටුවීමට හැකිවනු ඇතැයි යන්න මැතිවරණයට පෙර බලාපොරොත්තු නොවූ තත්ත්වයක් විය. නමුත් එම මැතිවරණ ජයග්‍රහණයේ ප්‍රතිපලය වූයේ කැමරන්ට සිය ප්‍රතිඥාව ඉටු නොකර සිටිය නොහැකි වීමය. යම් හෙයකින් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීන් සමඟ නැවතත් සන්ධාන රජයක් බිහිකිරීමට වී නම් මෙම ජනමත විචාරණය සිදු නොවීමට ඉඩ තිබුණි. මක් නිසාද යත් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීන් එම ජනමත විචාරණයට එරෙහි වන බැවිනි.
යුරෝපය තුළ ශක්තිමත් බ්‍රිතාන්‍යයක්
මැතිවරණ ජයග්‍රහණයෙන් පසු කැමරන් යොමු වූයේ වඩා වාසිදායක කොන්දේසි යටතේ යුරෝපා සංගමය තුළ බ්‍රිතාන්‍යය තබාගැනීමේ ප්‍රයත්නයක් කෙරෙහි ය. මේ අනුව සරණාගත ප්‍රශ්නයේදී, මූල්‍ය කටයුතුවලදී සහ දේශපාලන ඒකාබද්ධතාව පිළිබඳ ගැටලුවලදී බ්‍රිතාන්‍යයට යම් සුරක්ෂිතභාවයක් ලැබෙන පරිදි යුරෝපා සංගමය සමඟ එකඟතාවයකට එළඹීමට ඉකුත් පෙබරවාරියේදී කැමරන් කටයුතු කළේය. ඉන්පසු ඔහු ජූනි 23 වනදාට ජනමත විචාරණය කැඳවූයේ ය.
මෙම එකඟතාවයෙන් පසු කැමරන් යුරෝපා සංගමයේ දිගටම රැඳී සිටීම කෙරෙහි සිය පූර්ණ සහයෝගය ලබාදීමට තීරණය කළේය. එහෙත් ඔහුගේම කැබිනෙට්ටුවේ සාමාජිකයන් කිහිප දෙනෙක් ද ඇතුලුව කොන්සර්වේටිව් පාක්ෂිකයන් පිරිසක් එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් වෙන් විය යුතු යයි ප්‍රකාශ කරති.

Pic: AFP/Getty Images |

The signing of the Maastricht Treaty (Pic: Getty) |

No comments:
Post a Comment