ජලාල් අල්-දින් මුහම්මද් බල්ඛි (Jalal al-Din Muhammad Balkhi) හෙවත් රූමි පර්සියානු සාහිත්‍යයේ සුප්‍රසිද්ධම කවියා යයි කිවහොත් එහි වරදක් නොමැත. 1207 දී උපන් රූමි 1273 දෙසැම්බර් 17 වනදා මිය ගියේය. වත්මන් ඇෆ්ඝනිස්ථානයේ බල්ඛි හිදී උපන් ඔහු සිය ජීවිත කාළයෙන් වැඩි කොටසක් ගෙවූයේ එවක රුම් සුල්තාන් රාජ්‍යයේ පිහිටි (වර්තමාන තුර්කියේ) කොන්යා නගරයේය.
රූමිගේ කවි වෙසෙසින් ම මධ්‍යම සහ බටහිර ආසියාවේ මෙන්ම යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ ඉමහත් ජනප්‍රියත්වයට පත්ව ඇත. කෙතෙක් ද යත් ඇමරිකාවේ අලෙවි වන කවි පොත් සංඛ්‍යාව සැලකීමේදී ඉදිරියෙන්ම සිටින්නේ රූමි ය. ඔහුගේ කවි ඉංග්‍රීසි සහ වෙනත් බොහෝ ප්‍රධාන භාෂාවලට පරිවර්තනය වී ඇත.
රූමිගේ චරිත කතාව අළලා සිනමාපටයක් නිර්මාණය කිරීමට හොලිවුඩය පෙළඹෙන්නේ මෙවන් පසුබිමක ය. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට බලාපොරොත්තු වන සම්මානලාභී අධ්‍යක්ෂක ඩේවිඩ් ෆ්‍රැන්සෝනි මෑතකදී කළ හෙළිදරව්වක් මහත් වූ ආන්දෝලනයකට හේතු විය.
සිය චිත්‍රපටයෙහි රූමිගේ චරිතය සඳහා ලියනාර්ඩෝ ඩිකැප්‍රියෝ තෝරාගන්නා බව ෆ්‍රැන්සෝනි ප්‍රකාශ කළේය. ඒ සමඟම රූමිගේ ආසියානු රසිකයෝ දැඩි සේ නොසතුටට පත්ව ඊට එරෙහිව ප්‍රතික්‍රියා දැක්වූහ.
විශේෂයෙන්ම සුදු ජාතික නලුවකු රූමිගේ චරිතය සඳහා යොදාගැනීම පිළිබඳ මේ ඇතැම් විවේචකයින් නොසතුටට පත් වූහ. #RumiWasn'tWhite නැතහොත් "රූමි සුද්දකු නොවීය" යන හෑෂ්ටැගය යොදාගනිමින් ඔවුහු සමාජ ජාලවල මේ පිළිබඳ සිය විරුද්ධත්වය ප්‍රකාශ කළහ.
ඉරාන ජාතික චිත්‍ර ශිල්පී ශහාබ් ජැෆර්නෙජාඩ්, ඩිකැප්‍රියෝ රූමි ලෙස හැඩ ගන්වා ඇඳි කාටූනයක් සමාජජාලවල වේගයෙන් පැතිර ගියේය.
රූමි උපන් ඇෆ්ඝනිස්ථානයේ සංස්කෘතික අමාත්‍යාංශ ප්‍රකාශකයකු කියා සිටියේ මේ පිළිබඳව වැඩි විස්තර දැනගත් විට චිත්‍රපට නිර්මාපකයින් සමඟ ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට කටයුතු කරන බවයි.
මේ අතර ඊටත් වඩා දරුණු තුන්කොන් සටනකට ඇෆ්ඝනිස්ථානය මේ වනවිට මැදිව සිටී. රූමිගේ සුප්‍රකටම කෘතිය වන මස්නාවි මනාවි ග්‍රන්ථය ඔවුනගේ රටවල උරුමයක් ලෙස යුනෙස්කෝ සංවිධානයෙහි ලියාපදිංචි කිරීමට තුර්කිය සහ ඉරානය සූදානම් වේ. තුර්කිය මෙම පියවර සාධාරණීකරණය කරනුයේ රූමි ඔවුනගේ රටෙහි වැඩි කලක් දිවි ගෙවූ බව පවසමිනි. එමෙන්ම ඉරානය ප්‍රකාශ කරන්නේ පර්සියානු බසින් රූමි ලේඛන කලාවෙහි යෙදුණ හෙයින් එම ග්‍රන්ථය එරට උරුමයක් ද වන බවය.
කෙසේ නමුත් රූමි උපන් ඇෆ්ඝනිස්ථානයෙහි රජය මෙම පියවර පිළිබඳ දැඩි අප්‍රසාදය පළ කළේය. එරට යුනෙස්කෝ නියෝජිතවරියට මේ පිළිබඳව ඇෆ්ඝන් රජය පැමිණිලි කළ අතර, ඇය එම විරෝධතාව පිළිබඳ පැරිසියේ යුනෙස්කෝ මූලස්ථානය දැනුවත් කිරීමට ප්‍රතිඥා දුන්නාය.
උතුරු ඇෆ්ඝනිස්ථානයේ බල්ඛ් හි රූමි උපන් නිවසෙහි ඡායාරූපයක් සිය ට්විටර් පිටුවෙහි පළ කරමින් ජනමාධ්‍යවේදියකු වන ෆෘඩ් බෙසාන් සිය අප්‍රසාදය පළ කළ අතර තවත් බොහෝ දෙනා යුනෙස්කෝ ෆේස්බුක් පිටුවෙහි සහ ට්විටර් ඔස්සේ සිය නොසතුට පළ කර සිටියහ.
මේ අතර ඇෆ්ඝන් ජනාධිපතිවරයාගේ නියෝජ්‍ය ප්‍රකාශක සයෙඩ් හෂෙමි ද වේ. ඔහු ප්‍රකට ඇෆ්ඝන් ලේඛකයන් ගෙන් ඉල්ලා සිටියේ රූමි උපන්නේ ඇෆ්ඝනිස්ථානයේය යන කරුණ ප්‍රචාරය කිරීමට සහය වන ලෙසයි.
බල්ඛ් සරසවියේ සාහිත්‍ය අංශයේ මහාචාර්ය සදෙක් ඔස්යානි ජර්මනියේ DW පුවත් සේවය හා පවසා සිටියේ රූමිට අයිතිවාසිකම් කිව හැකි, ඔහුගේ නිවහන් ලෙස සැලකිය හැකි ස්ථාන තුනක් වන බවයි.
"ඔහු ලෝක වැසියෙක්. ලෝකයේම උරුමයක්. එමෙන්ම ඔහු ලේඛනයේ යෙදුනේ පර්සියානු භාෂාවෙන්. ඒ වගේම ඔහු උපන්නෙ ඇෆ්ඝනිස්ථානයේ" ඔස් යානි ප්‍රකාශ කළේය.
සූෆිවරයකු වූ රූමිගේ රචනාවලින් මානව වර්ගයාට පොදු සිතුවිලි සේම වඩා යහපත් ලෝකයක් පිළිබඳ සිතුවිලි දක් නා ලැබේ.
"Out beyond ideas of wrongdoing and rightdoing,
there is a field. I will meet you there"
හරි වැරැද්ද යන
නිර්ණායකවලින් එපිට
තිබේ එළිමහන් පිටියක්
මම ඔබ එහිදී හමුවෙමි
එවන් වූ රූමිගේ අයිතිය ගැන රට රටවල් කෙහෙවලු පටලාගනු දකින්නට රූමි ජීවත් නොවීම ම භාග්‍යයකි.

No comments:
Post a Comment