Saturday, January 7, 2017

කුලියාපිටියේ කර්මාන්තශාලාව ෆොක්ස්වැගන් වුනත් නොවුනත්

කුලියාපිටියේ කර්මාන්තශාලාව ගැන විවිධ අදහස් පළ වූ බව දැක්කත් මට ඒ පිළිබඳ අදහස් දක්වන්නට වෙලාවක් වූයේ නැහැ.

මේ විවාදයේදි ෆොක්ස්වැගන් එකකට හිර වූ අපි තේරුම් නොගන්නා, ඒත් තේරුම් ගතයුතු කරුණක් තියෙනවා.

(ඊට කළින් කියන්න ඕන​, ෆොක්ස්වැගන් කොම්පැණියට කෙල වී ඇති විටෙක​, මේ ආකාරයෙන් හෝ මේ කර්මාන්තශාලාව හැදෙන එක ගැන අපි සතුටු වෙන්න ඕන​. අනික් අතට රජයේ සන්නිවේදන හැකියාවන් තියෙන්නෙ ගල් යුගය ආසන්නයේ කියන එකත් කියන්න ඕන​)

දැන් මගේ අදහස කරා එමු. වාහන එකලස් කිරීමේ කර්මාන්තයක් ලංකාවේ හැදෙන එක ගැන මම සතුටුයි. කොහෙන් හරි කබල් කෑලි ටිකක් ගෙනල්ලා මොකක් හෝ අටවලා ෆැක්ටරි එකක් කියලා නම් කරාවි කියන මහින්ද රාජපක්ෂ සිදු කළ ප්‍රකාශය එක්ක මම එකඟ නැහැ. පරණ සෝවියට් දේශයේ නම් එහෙම දෙයක් කරන්න පුලුවන්. මොකද එතන වෙළඳපල ආර්ථිකයක්, තරඟකාරීත්වයක් තිබ්බේ නැහැ. පරණ සෝවියට් දේශයේ රජයේ කම්හල්වලින් එන කසි කබල් බඩු මිනිස්සු අකැමැති වුනත් ගන්න ඕන​. දැන් ලෝකෙ එහෙම නෑ. මේ කම්හලෙන් එන්නෙ කබල් වාහන නම්, වැඩි කල් නොගොස් කම්පැණිය බංකොලොත් වේවි. මේක පෞද්ගලික කම්පැණියක් නිසා එහෙම වෙන්න විදියක් නෑ. අවසාන විශ්ලේෂණයෙදි උන් කරන්නෙත් බිස්නස් එකක්.

ඒ නිසා මෙහෙම හෝ මේක පටන් ගැනීම ගැන මම සතුටුයි. රජයේ සන්නිවේදනය ගැන ඉතින් අපි කතා නොකර ඉමු. මොකද ඒක නම් අන්තිමයි.