ලෝ ප්‍රකට මයික්‍රොසොෆ්ට් සමාගම විසින් LinkedIn සමාජ ජාල සමාගම ඇමරිකානු ඩොලර් බිලියන 26.2 ක මුදලකට මිලදී ගැනීමට සැරසෙන බව එම සමාගම් දෙක අද නිවේදනය කළේය. LinkedIn යනු වෘත්තිකයන්ගේ සමාජ ජාලයකි.
"ලොව වටා සිටින්නන්ට ඔවුනට අදාල අවස්ථාවන් ළඟා කරදීමෙහි අප සමත් වූවා මෙන්ම, මයික්‍රොසොෆ්ට් සමාගම සමඟ එක් වීමත් සමඟ, ඔවුනගේ ක්ලවුඩ් එකත් අපේ ජාලයත් එකතු වීමෙන්, ලෝකය මහත් විපර්යාසයකට ලක් කළ හැකි වනු ඇත," ප්‍රධාන විධායක ජෙෆ් වෙයිනර් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.
රැකියා අවස්ථා සොයන්නන් සහ වෘත්තීමය හැඳුනුම්කම් ගොඩනගාගැනීමට අවැසි අයවලුන් විසින් වැඩිපුර භාවිතා කරන LinkedIn සමාජ ජාලයෙහි ලියාපදිංචි සාමාජිකයින් මිලියන 433 ක් සිටින අතර මසකදී මිලියන 105 ක පමණ ප්‍රමාණයක් දෙනා එය භාවිතා කරති.
සමාගම් දෙක එක්වූ පසු ද LinkedIn වෙබ් අඩවියෙහි විශාල වෙනස්කම් සිදු නොවනු ඇති බවත් එහි අනන්‍ය වූ ලක්ෂණ සුරැකිව පවතිනු ඇති බවත්, වෙයිනර් දිගටම ප්‍රධාන විධායක ලෙස කටයුතු කරනු ඇති බවත් සඳහන් කෙරිණ.
මෘදුකාංගවලින් ඔබ්බට ව්‍යාපාර අවස්ථා පිළිබඳව මයික්‍රොසොෆ්ට් සමාගම අවධානය යොමු කරමින් සිටින අතර LinkedIn සමාගම ද නව අවස්ථා පිළිබඳ අධ්‍යයනය කරමින් සිටියේය. මෙම ගනුදෙනුව සඳහා එකඟත්වය ඇති වූයේ එම පසුබිම යටතේය.
මෙම ගනුදෙනුව සම්පූර්ණ වීමට කොටස්කරුවන් ගේ සහ අදාළ නියාමන ආයතනවල අනුමැතිය අවශ්‍ය ය. මෙම වසර අවසන් වීමට පෙර එම කටයුතු සම්පූර්ණ වෙතැයි අපේක්ෂිතය.

No comments:
Post a Comment