මෙම වසර තුළදී ලෝකයේ ගුවන් ගමන් කර්මාන්තය විසින් ඩොලර් බිලියන 39.4 ක ලාභයක් උපයනු ඇති බව අන්තර්ජාතික ගුවන් ගමන් සංගමය (International Air Travel Association - IATA) පවසයි.
මෙය 2015 දී ඉපයූ ලාභයට වඩා සියයට 12 ක ඉහළ නැඟීමකි. පසුගිය වසරේදී එම කර්මාන්තය උපයා ගන්නා ලද ලාභය ඇමරිකානු ඩොලර් බිලියන 35.3 ක් විය.
මෙම ලාභයෙන් අඩකටත් වඩා, එනම් ඩොලර් බිලියන 22.9 ක් ම උතුරු ඇමරිකානු සමාගම් විසින් උපයාගනු ඇතැයි අනුමාන කෙරේ. කෙසේ වෙතත් අප්‍රිකානු ගුවන් සමාගම් ඩොලර් මිලියන 500 ක පමණ පාඩුවක් ලබනු ඇතැයි IATAය අනුමාන කරයි.
මේ අතර ගුවන් මගීන් ගේ සංඛ්‍යාව වැඩිවීමේ යම් කිසි අඩුවක් පෙන්නුම් කරන බව ද IATA දත්ත මගින් පෙන්නුම් කෙරේ.
2015 දී ගුවන් මගීන් සංඛ්‍යාව 7.4% කින් ඉහළ ගිය නමුත් මෙම වසර තුළ එහි ඉහළ යාම 6.2% ක් පමණක් වනු ඇතැයි ගණන් බලා ඇත.
IATA අධ්යක්ෂ ජෙනරාල් සහ ප්‍රධාන විධායක ටෝනි ටයිලර් සඳහන් කරන පරිදි තෙල් මිල පහළ යෑම ගුවන් සමාගම්වල ලාභය කෙරෙහි වැඩියෙන්ම බලපෑමක් කළ සාධකයක් වේ. එමෙන්ම මගී සංඛ්‍යාව, හවුල් ව්‍යාපාර බිහිවීම සහ ගුවන් සේවාවලට අදාළ අවශේෂ සේවාවන් මගින් ඉපයෙන ලාභය ඉහළ යාමද ගුවන් සමාගම්වල ලාභය කෙරෙහි බලපා ඇත.
අප්‍රිකාවේ ගුවන් සමාගම් ගිය වසරේ ඩොලර් මිලියන 700 ක පාඩුවක් වාර්තා කළ අතර මෙම වසරේදී එම පාඩුව ඩොලර් මිලියන 500 දක්වා අඩු වීමක් පෙන්නුම් කිරීම වැදගත් කරුණකි. අප්‍රිකානු සමාගම් පාඩු ලැබීමට හේතු කිහිපයක්ම බලපා ඇත. දිගු ගුවන් ගමන් මාර්ග සඳහා අනෙක් සමාගම් සමග තරඟ කිරීමට සිදු වීම, අප්‍රිකානු රටවල් අතර ගුවන් ගමන් වැඩි දියුණු වීම කෙරෙහි ඇති දේශපාලනමය බාධා, වියදම් වැඩි වීම සහ යටිතල පහසුකම්වල මඳකම මේ අතර ප්‍රධාන වේ.

Pic: Magnus Bäck |

No comments:
Post a Comment