Sunday, June 12, 2016

වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් යළි සේවයේ පිහිටුවන්නැයි උද්ඝෝෂණයක්

වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයෙන් ඉල්ලා අස්වූ ආචාර්ය සුමිත් පිලපිටිය යළි සේවයෙහි පිහිටුවන ලෙසත් ඔහුට දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව එම කටයුතු කරගෙන යාමට ඉඩ සලසන ලෙසටත් බල කෙරෙන උද්ඝෝෂණයක් අද කොටුව දුම්රිය පොළ ඉදිරිපිට පැවැත්විණ​.

මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ ෆේස්බුක් සමාජජාලය හරහා වීම ද විශේෂත්වයකි.

ආචාර්ය පිලපිටිය පසුගිය සඳුදා සිය ඉල්ලා අස්වීම බාරදුන් බව වාර්තා වූ අතර එයට හේතු වූ ආසන්නම කරුණ ලෙස දැක්වූයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රබල ඇමතිවරයකු වන සජිත් ප්‍රේමදාස සහ යාල ප්‍රධාන වන අඩවි නිලධාරියා අතර වූ සිද්ධියකි.

කොටියකු මරා දත් ගලවමින් සිටියකු අත් අඩංගුවට ගැනීමත්, එම තැනැත්තා ප්‍රේමදාසගේ හිතවතකු වීම හේතුවෙන් වන අඩවි නිලධාරියාට දේශපාලන බලපෑම් එල්ල වීමත් එම සිදුවීම බව වාර්තා පළ විය​.

මේ අනුව වනජීවී ඇමති ගාමිණී ජයවික්‍රම පෙරේරාගේ මැදිහත් වීමෙන් අදාල නිලධාරියාට ප්‍රේමදාසගෙන් පුද්ගලිකව සමාව ගන්නට බල කෙරුණ බව වාර්තා විය​.

කෙසේ වෙතත් අදාල ඇමතිවරුන් දෙපළම මෙම වාර්තා ප්‍රතික්ෂේප කරති.

ආචාර්ය පිලපිටියගේ ඉල්ලා අස්වීම ජයවික්‍රම පෙරේරා විසින් මෙතෙක් බාරගෙන නොමැත​. වාර්තාවන අන්දමට එයට හේතු වී ඇත්තේ ආචාර්ය පිලපිටිය අල්ලා අස්වීම පිළිබඳව අගමැතිවරයා දැඩි විරුද්ධත්වයක් දැක්වීම ය​.

2 comments:

  1. ඕක කොටි කතාවක්ය කියල පතුරවන්නේ ජඩමාද්දිය කාරයෝනේ, අැත්ත කතන්දරේ අලි කතාවනේ, ජනාධිපතිත් අලි හොරු ආරක්ෂාකරන්න යන එකනේ, කොටි කතන්දරේ රනිල්ට ගොඩදාන්න පුළුවන් වුනත් අලි කතන්දරේ බෑනේ.

    ReplyDelete
    Replies
    1. ආරංචි විදියට ආසන්නම හේතුව කොටි කතාව තමා. අලි කතාව ගැන දැන් නඩුවක් යනව නෙ.

      Delete