Tuesday, June 7, 2016

ඇමරිකානු ජනපති සටනේ තීරණාත්මක නිව් ජර්සි (New Jersey) ප්‍රාන්ත​ ඡන්ද විමසීම ඇරඹේ

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණ සටනේ මූලික වටයේ ඡන්ද විමසීමෙහි (primaries) තවත් වටයක් අද පවත්වනු ලබයි.

මේ අනුව අද ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 3.30 ට නිව් ජර්සි ප්‍රාන්තයේ මූලික වටයේ ඡන්ද විමසීම් ආරම්භ විය​. මෙරට වෙලාවෙන් හෙට උදෑසන 5.30 ට (නිව් ජර්සි වේලාවෙන් රාත්‍රී අටට​) ඡන්ද විමසීම අවසන් වනු ඇත​.

අද දින ඡන්ද පවත්වන අනෙක් ප්‍රාන්ත පහ වන්නේ කැලිෆෝර්නියා, මොන්ටානා, නව මෙක්සිකෝ, උතුරු ඩැකෝටා සහ දකුණු ඩැකෝටා ය​.

මෙම ප්‍රාන්ත පහ රටෙහි මැද හෝ බටහිර (පැසිෆික්) වෙරළ ආශ්‍රිතව පිහිටා ඇති අතර නිව් ජර්සි පිහිටා ඇත්තේ නැගෙනහිර වෙරළ ආශ්‍රිතවය​. එහෙයින්, නිව් ජර්සි ප්‍රාන්ත ප්‍රතිපල අනෙක් ප්‍රාන්තවලට පෙර ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නිව් ජර්සි ප්‍රාන්තය ඩිමොක්‍රටික් පක්ෂ සම්මේලනය සඳහා නියෝජිතයන් 126 ක් තෝරාගනු ලබයි. ඩිමොක්‍රටික් පක්ෂයේ තරඟය පවතින්නේ හිලරි ක්ලින්ටන් සහ බර්නි සැන්ඩර්ස් අතරය​. ක්ලින්ටන්ට නියෝජිතයන් 2,383 ක සහය ලැබී තිබෙන බව අද දින ඇසෝසියේටඩ් ප්‍රෙස් (AP) පුවත් සේවය වාර්තා කළේය​. ඩිමොක්‍රටික් පක්ෂයෙන් නාමයෝජනා දිනාගැනීමට අවශ්‍ය අවම නියෝජිතයන් ගණනද 2,383 වේ. එහෙයින් ක්ලින්ටන් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තෝරාගනු ඇතැයි බලාපොරොත්තු පළවී අවසන් ය​.

මේ හේතුවෙන් නිව් ජර්සි ප්‍රාන්තයේ මූලික වටයේ ප්‍රතිපල නිකුත් වීමත් සමඟ පක්ෂය තුළ ඡන්ද සටන අවසන් වනු ඇතැයි විශ්වාසය පළවී ඇත​.

4 comments:

  1. හිලරි එන එක හොඳයි අප්පා.ලෝක පොලිස්කාරයා ගැහැණියක් වුනොත් එකේත් පොඩි මෙව්වා එකක් තියෙනවානේ.

    ReplyDelete
    Replies
    1. බොරුකාරියක් කියලත් ප්‍රසිද්ධයි ලු

      Delete
  2. හිලරි නං බොරු පප්පියක් තමයි හැබැයි ආවොත් උන්දැ තමයං මං හිතන්නෙ ඇමරිකාවෙ පළවෙනි කාන්තා ජනාධිපති නේහ්
    ට්‍රම්ප් ට වඩා හොදයි කියල හිතෙනව
    ඌ අන්තවාදියෙක්

    ReplyDelete
    Replies
    1. බොරුව සහ අන්තවාදය අතරින් හොඳම​ එක තෝරා ඡන්දයක් දෙන්න

      Delete