Friday, January 16, 2015

රජුගේ වරදට ජනතාවගෙන් පළි ගැනීම​

ශ්‍රී ලංකා වැසියන් තුල අනාදිමත් කාළයක පටන් සංඝයා වහන්සේ කෙරේ වූයේ මහත් වූ ගෞරවයකි. මෙම ගෞරවයේ මහත කෙතරම් දැයි කියැවෙන කතා පුවතක් වන්නේ මිරිසවැටිය දාගැබ නිර්මාණය කිරීමේ කතා පුවතයි.

එළාර රජුන් පරදා ත්‍රී සිංහලය එක්සත් කලාවූ දුටුගැමුණු රජතුමා තුළ සංඝයා කෙරේ වූයේ මහත් භක්තියක් බව වංසකතාකරුවෝ පවසති. තමන් අනුභව කරන කවර ආහාරයකින් වුවද මුල් කොටස සංඝයා වහන්සේලාට පූජා කරන සිරිතක් දුටුගැමුණු රජතුමාට තිබූ බවත්, එක් දිනක රජතුමා යම්කිසි ප්‍රමාද දෝෂයකින් සඟුන් නොපුදා මිරිස් මාළුවක් අනුභව කළ බවත්, සිදු වූ එම දෝෂයට වන්දි වශයෙන් මෙම චෛත්‍යය ඉදි කළ බවත් මහාවංශයේ සඳහන් වේ.

තවත් මතයක සඳහන් වන්නේ දිය කෙළිය සඳහා තිසා වැවට ගිය රජතුමා එක් දිනක එතුමාගේ සර්වඥ ධාතු සහිත ජය කොන්තය මෙම ස්ථානයේ තබා ගිය බවත්, දිය කෙළි නිමවා නැවත පැමිණ එම කොන්තය ගැනීමට උත්සාහ කිරීමේදී එය එතැනින් සෙලවීමටවත් නොහැකිව තිබූ බවත්, පසුව රජතුමා එය වට කොට මෙම චෛත්‍යය ඉදි කරවූ බවත් ය.

වංසකතා කරුවන් මෙහිදී ප්‍රකාශ නොකරන කතාවක් වේ. එනම් මෙවන් විශාල චෛත්‍ය කර්මයක් සඳහා අවශ්‍ය ශ්‍රමය පිළිබඳ සාධකයයි. පුණ්‍ය ක්‍රියාවක් ලෙස චෛත්‍ය නිර්මාණයකට දායක වීම ජනතාව කැමැත්තෙන්ම කරන්නට ඇත​. නමුත් තමා අතින් වූ අතපසු වීමකට දඬුවමක් ලෙස දුටුගැමුණු රජු විසින් මෙම චෛත්‍යය ගොඩ නැගුවේ නම් එහි අදහස දුටුගැමුණු රජතුමා අකාරුණික රජකු බවයි. මන්ද යත්, ඔහු තමාගේ අතපසු වීම වෙනුවෙන් දසදහස් ගණන් රටවැසියන් ගේ ශ්‍රමය යොදවාගෙන චෛත්‍යයක් සෑදවූ බැවිනි.

රජතුමා ජනතාවගේ ශ්‍රමය සූරාගත් බවක් මින් අදහස් නොකෙරේ. රුවන්වැලි සෑය ගොඩ නගද්දී ශ්‍රමයෙන් දායක වූ සියල්ලන්ට රජතුමා විසින් වේතනයක් ගෙවූ බව වංසකතාකරු පවසයි. මිරිසවැටිය ගොඩ නගද්දී ද එය එසේ වන්නට ඇත​. නමුත් ඒ ගෙවන්නට ඇත්තේ රාජ්‍ය භාණ්ඩාගාරයෙනි. එනම්, ජනතාවගේම බදු මුදල්වලිනි. රජකුගේ අතපසුවීමක් වෙනුවෙන් රාජ්‍ය භාණ්ඩාගාරය හිස් කිරීම අවැඩකි.

පුණ්‍ය ක්‍රියාවක් ලෙස චෛත්‍යයක් ගොඩ නැගීම මහත් වූ වදගත් කමකින් යුත් කාර් යයකි. නමුත් තමන් කළ වරදකට දඬුවමක් ලෙස එය කරවන ලද්දේ නම් දුටුගැමුණු රජතුමා කර ඇත්තේ තම වරදට ජනතාවගෙන් පළි ගැනීමයි.

රජකුගේ අතපසුවීමකට රට වැසියාගෙන් පළි ගැනීම අයුතු ය​.

මේ සිද්ධියේ ඇත්ත නැත්ත අපි නොදනිමු. අප දන්නේ මහාවංසය අපට පවසන දෙයයි. ඒ අනුව මහාවංසය දුටුගැමුණු රජතුමා අකාරුණික රජකු බවට පෙන්වා ඇත​.

මේ මහාවංසය විවෘත මනසකින් යළි කියැවීමට කාළය යහපත් වගට තවත් එක් කුඩා සාධකයක් පමණි.

20 comments:

  1. රජවරු ඒහෙම තමයි................

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත බලන් ගියාම :)

      Delete
  2. මේකෙ යටි පෙලක් තියනවද කියලා බැලුවේ.

    එකග නෑ චාමර, රජ තුමාට වරදක් නොවී චෛත්‍යක් හදන්න ඕනා කියලා හිතිලා කළා නම්, එහෙම නැත්නම් දෙවෙනියට කියපු හේතුව නිසා හැදුවනම් ඒත් ඉතිං ජනතාවගෙ මුදලින් එපෑයැ හදන්න. අනිත් එක වෙහෙර විහාර තනවන එක බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලාට දානයක් දෙනවට වඩා උතුම් පුන්‍ය කර්මයක් කියනවනේ. ඉතින් සහබාගී වෙච්ච හැමෝටම ඒ පින ලැබෙනවනේ.

    ReplyDelete
    Replies
    1. එකඟ නොවීම ගැන සතුටුයි. මූලික ප්‍රශ්නය​... රජ කෙනෙක්, තමුන් කල වරදකට, ජනතාව ලවා වැඩ ගන්නවා නම්, ඒ කියන්නේ තමන්ගෙ කරුමය ගෙවන්න දහස් ගණන් මිනිසුන් යොදා ගන්නවා නම්, ඔහු යහපත් රජ කෙනෙකු විය හැකිද​?

      අනෙකුත් කාරණා ද්විතීකයි. පටලවා ගන්න එපා.

      මගේ අදහස​, මිරිස් මාලු කතාව මහාවංසකාරයාගේ කෙප්පයක් බවයි.

      Delete
    2. පිං කරන්න ඕන කැමැත්තෙන් බලෙන් පිං කරවන්න බෑ මිනිස්සු වැඩ කරන්නේ රජා කියපු නිසා නැතුව පිනට නෙවෙයි , දැන් කියන්න එපා ඉස්සර මිනිස්සු එහෙම නෑ කියල ඒ හිටියෙත් දැන් ඉන්න කට්ටියගේ මුතුන් මිත්තොනේ

      Delete
    3. මිරිස් මාලු කතන්දරේ බොරුවක් කියල මිරිසවැටිය ගාව ලවුස්පීකර් තියන් ඉන්න කට්ටිය කියනව... ඇත්ත කතන්දරේ මට මතක නෑ.... ළඟදි ගිය කෙනෙක්ගෙන් අහල බලන්න...

      Delete
    4. දිනුක,

      ඔයාගේ මේ පොඩි කමෙන්ට් එක දැකපු ගමන් මට තේරුනා ඔයා මම වගේ නෙමේ බොහොම කාරණා කටයුතු දන්න කෙනෙක් කියලා. මම ඔයා කියන විදිහකට කරන්නම්කෝ...

      මේ නිකමට වගේ දැන ගන්න අහන්නේ, ඔයත් ආණ්ඩුව පෙරලපු සොෂල් මීඩියා පොරක්ද ? ටෝන් එක ටිකක් ඒ වගේ ඒකයි. මෛත්‍රී වේවා !!

      Delete
    5. සෙන්නයියා,

      මොකෝ බං නිකං කේන්තියෙන් වගේ.:D
      මෛත්‍රී වේවා !!

      Delete
    6. නෑ මචං මම මයිත්‍රීපාලයට චන්දෙ දීපු කොටියෙක්

      Delete
    7. අපෝ. එක කතාවක් ලියලා මෙහෙම ගහගන්නවා නම් බැරියැ...

      මම අදහස් කළේ සරල දෙයක්. ඒ කාලෙ සිස්ටම් එකයි, දැන් සිස්ටම් එකයි සංසන්දනය කරන්න බෑ කොහොමත්. අනික රජ්ජුරුවෝ කියාපු නිසාම නෙවෙයි මිනිස්සු මේ දේවල්වල යෙදෙන්නෙ. රජ්ජුරුවෝ කියන්නෙ නැතුවත් මිනිස්සු මෙහෙම දේවල් කරලා තියෙනවා නෙ.

      මගේ තර්කය වුනේ තමුන්ගෙ "පව් කමා කරගන්න" මිනිස්සුන් ගෙන් (බලෙන් හෝ මුදල් ගෙවා හෝ) වැඩ කරවාගත්තා නම් රජ්ජුරුවෝ යහපත් කෙනෙක් නොවන බවයි.

      එහෙම නැතුව සිද්ධස්ථානයක් විදියට හෝ බලය පෙන්වන්න මේ දේ කළා නම් ඒක වෙනමම කතාවක්. එතන ලොජික් එකක් තියෙනව​. පළවෙනි කාරණේදි ශ්‍රද්ධාව​. දෙවනි කාරණේදි නම් ඉතින් දේසපාලනය​

      Delete
    8. ඉස්සර මිනිස්සු වැඩ කරේ පඩියට නෙමෙයි, රාජකාරියට. එතනදි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් කරන්න උනා! මේ චෛත්‍ය හදන්න මිනිසු එකතු උනෙ කැමැත්තෙන් නම්, ඒක හොඳයි. එහෙම නැතුව එළාරගෙ හමුදාව ලව්ව බලෙන් වැඩගත්තනම්! කොහොම උනත් එළාර වගේ ධාර්මික රජෙක් යටතෙ හම්බුකොරන දෙයින් කාල බීල හිටපු මිනිස්සුන්ට එකපිට චෛත්‍ය හදන්න වෙච්චි එක හරියට යුද්දෙ ඉවරකරපු හමුදාව කාණු කැපුව වගෙද දන්නෙ නෑ කොළඹ!

      Delete
  3. මහා වංශය සෑම විටම ලියැවුනේ රජතුමාට පක්ෂපාතීවය. අදද එසේමය.

    එදා දෙමළ ජනතාව සහ රජු මරා දැමීම සඳහා සහ ඒකාධිපති වීමේ බල ලෝභීව කළ හටන "මාගේ වෑයම රජ සැප විඳිම සදහා නොව බුද්ද ශාසනයේ චිරස්තිතිය සඳහාය."
    වත්මන තම දේශපාලනය විසින් බිහිකළ බෙදුම්වාදය මර්ධනයට (නමුත් දමිල ජනයා එතැනමය) කියා ආයුධ අරගලය පමණක් අවසන් කිරීමට "මානූෂීය මෙහෙයුම"

    ReplyDelete
  4. පංසලේ පල්ලියේ දහඩියෙන් අපි තැනූ..
    පිළිම දාගැබ් පෙනේ ලෝකයක් දණ නැමූ..
    ඒ අපේ ශක්තියයි ඒ අපේ ජීවයයි..
    වන්දනා කරන්නේ වන්දනා ලබන්නේ

    ගස්, ගල්, පර්වත වන්දනාව බුදුන් වහන්සේ අනුමත නොකලේය. නමුත් උන් වහන්සේ අනුමත කළ ධර්මය දෙස කිසිවෙකු නොබලයි.
    එබැවින් තවමත්,
    ගස්, ගල්, පර්වත වන්දනාවෙන් මෝක්ෂය පතයි.............

    ReplyDelete
  5. මහා වංශය කොහොමත් අතිශෝක්තියක්නේ.දැන් මේ කියන විදියට රජතුමා මහාජනතාව ගේ ශ්‍රමය සුරා ගෙන තියෙනවා නිකම් වැඩ ගත්තා නම්.වේතනයක් දුන්නා නම් රාජ්‍ය දේපළ අවභාවිතා කරලා තියෙනවා.ඒ විදියට බැලුවොත් කොහෙන් ගියත් රජා වැරදියි.
    නමුත් ගැමුණු රජතුමා සිංහල ජාතිය උදෙසා කර තිබෙන සේවය තකා ඔන්න ඔහේ අපි මේක අතහැරලා දාමු...:D

    ReplyDelete
  6. දුටු ගැමුණු රජතුමා මහනාරක වැඩක්නෙ කරල තියෙන්නෙ. එතුමට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන එමු. අනික මහා වංශය ගතානුගතික මත පල කරන මිත්‍යා පොතක්නෙ. ඒක පුච්චලා දාමු. හැංගිලා තිබුන ඕක එලියට ගත්තේ ගයිගර් නෙ. එයාගේ නමත් මකලා දාමු.


    සමරසේකර

    ReplyDelete
    Replies
    1. ඉස්සර අපේ අම්මලා අපි ගෙදර වැඩ නොකළම, නැත්තං නැගිට්ටෙව්වම නැගිටින්නෙ නැති උනාම වගේ හැම එකකදිම ‘ උඹලට අපි කොච්චර කෙරුවද, උඹලට ඒවා ගානක් නෑ, අපි කොච්චර නැහුනත් වැඩක් නෑ.......“ ඔන්න ඔහොම හෑල්ලක් කියෝගෙන යනවා හැමදාම, යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ..... මේ කමෙන්ට් එක දැක්කම මට මතක් උනේ අන්න ඒක....

      මහාවංශය කියන්නෙ සම්පූර්ණ බොරුවක් නොවුනත්, ඇත්ත හොයා ගන්න නං, දෙතුත් පාරක් හොඳට පෙරලා ගන්න ඕනෙ පොතක්... අද කාලෙත් ඔය වගේ රචනා, නාට්ටි, චිත්‍රපටි හැදෙන්නෙ... ඉන්න රජාට ඕනෙ විදියට, ඉන්න වන්දිබට්ටයො කවි කොල ලියන්නෙ... ඒවා සම්පූරණ ඇත්ත නොවෙන බව ඕනෙ මොලයක් තියෙන මිනිහෙක්ට තේරෙන්න ඕනෙ.... ...

      Delete
    2. මටත් මෙය දැක සිනහ පහල වූ නමුත් මුකුත් නොකියා සිටියෙමි :)

      Delete
  7. මහා වංශය ගැන ඇත්තටම ගැටළු ගොඩක් තියෙනවා කියලා මටත් තේරුනා.ඒත් මං ප්‍රසිද්ධියේ කියන්න බය වුනා.මහවංශයේ ගොඩක් කෙප්ප තියෙනවා.අර කිව්වා වගේ රජාගේ පැත්ත ගන්නවා තමා.ශ්‍රී ලංකාවේ හිටපු දේශීය සිංහලයන් විනාශ කරන්න ඔනි වෙලා තියෙනවා කියලා මට පේනවා.මොකද ගොඩක් අපහාසත් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව්. ලංකාවෙ ඔක්කොම දේවල් ඉන් දියාවෙන් ආවාය​, නැත්නම් මෙහෙ සංස්කෘතියක් තිබ්බේ නැත​... ඔන්න ඔහොම කතා.

      Delete
  8. එදා තිබුන දේශපලන දෘශ්ටියට අනුව රජ්‍ය නයකයාත් රජ්‍යත් දෙකම එකක් බව පෑහෑදිලියි. අද තියෙන දේශපලන දෘශ්ටියට අනුව රජ්‍ය නයකයාත් රජ්‍යත් යනු එකක් නොව දෙකකි. එද තිබුන දේශපලන ක්‍රියා අද තියෙන දේශපලන දෘශ්ටියෙන් බලන එක කොතෙක් දුරට සාදරණද? අද තියෙන දේශපලන ක්‍රියා අනගතයෙ තියෙන දේශපලන දෘශ්ටියෙන් බලන එක කොතෙක් දුරට සාදරණද? සමහර විට අද තියෙන දේශපලන දෘශ්ටිය එද තිබුනා නම් අපේ දුටු ගමුණු මහරජතුමා තමන්ගේ පෞදගලික වියදමින් මිරිසවෑටිය වෙහෙර හදන්න තිබුනා. මගෙ අදහස මෙකයි.

    ReplyDelete