Wednesday, September 7, 2016

ISIS ත්‍රස්තයෝ මෝසුල් නගරයේදී බුර්කාව තහනම් කරති

ISIS සංවිධානය සිය පාලනය යටතේ පවතින මෝසුල් නගරයේ තම ආරක්ෂක කලාපයන්හිදී බුර්කාව ඇඳීම තහනම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය කිහිපයකම වාර්තා විය​.

මෙහි පුදුමයට කරුණ නම් මෙසේ බුර්කාව තහනම් කර තිබෙන්නේ කාන්තාවන් විසින් එය ඇඳිය යුතු බවට දැඩි නීති සම්පාදනය කළ ඉස්ලාමීය අන්තවාදී සංවිධානයක් විසින් ම වීමය​.

ISIS සංවිධානයේ සදාචාර පොලිසිය විසින් සිය මුහුණ ආවරණය වන පරිදි බුර්කාව ඇඳීමට අසමත් වූ කාන්තාවන්ට දඬුවම් පමුණවයි. ඇතැම්විට ඔවුන් මරා දැමීමට පවා  ප්‍රමාණවත් වරදක් ලෙස ඔවුන් විසින් එය සළකනු ලැබේ.

කෙසේ වෙතත් සිය ආරක්ෂක භටයින්ට තර්ජනයක් ලෙස බුර්කාව හඳුන්වා දී ඇති මෝසුල් හි සටන්කාමීන් ආරක්ෂක මර්මස්ථානවල එය ඇඳීම තහනම් කර ඇති බව සඳහන්. මෙය මුලින්ම Iran Front Page නම් වෙබ් අඩවිය විසින් වාර්තා කෙරුණේ නිනවේ හි සිටින මූලාශ්‍රයක් විසින් ලබා දුන් තොරතුරකට අනුවයි.

මෝසුල් නගරය ඉරාකයේ දෙවන විශාලම නගරය වන අතර වර්තමානයේ පාලනය යටතේ ඇති විශාලම නගරය වේ. ඉරාක හමුදා එම නගරය අල්ලා ගැනීමේ මූලික මෙහෙයුම් මේ වනවිට ද අරඹා තිබේ. එහෙයින් එම ප්‍රදේශයේ ආරක්ෂාව පිළිබඳ සංවිධානය වැඩි අවධානයක් යොමු කිරීම පුදුමයක් නොවේ.

කෙසේ නමුත් මෙම පියවර ISIS ත්‍රස්තයින් අත පවතින වෙනත් ප්‍රදේශවලදී ක්‍රියාවට නැගුණ බවක් මෙතෙක් වාර්තා වී නැත​.

ISIS ත්‍රස්තයින් කෙතරම් තදින් බුර්කා ඇඳීමේ නීතිය ක්‍රියාත්මක කළේද යත්, ඔවුනගේ පාලනයෙන් නිදහස් කරගත් ප්‍රදේශවලදී කාන්තාවෝ සිය මුහුණු ආවරණ ගලවා, ඇතැම්විට ඒවා ගිනි තබමින් සිය ප්‍රීතිය පළ කළහ​. එවැනි පසුබිමක එම ත්‍රස්තයින්ටම සිය ආරක්ෂාව උදෙසා බුර්කාව තහනම් කිරීමට සිදුවීම දෛවයේ සරදමකි.

4 comments:

  1. අන්තවදියෝ අවස්ථාවාදීයෝය.

    ReplyDelete
  2. අන්තවාදීන් ආරක්ෂාව උදෙසා උනුන්ගේම නීති වෙනස් කරත්දී අපේ සිපයියන් මෙහි සිට බුර්කාවට පක්ෂව කඩේ යති. වෙනස මාරයි..

    ReplyDelete
    Replies
    1. අන්තවාදීන්ටත් වෙනස් කරන්න පුලුවන්, "මධ්‍යස්ථයින්ට" වෙනස් කරන්න බැරි නීතිත් තියෙනව ආයිබෝං :)

      Delete