දශක කිහිපයක් තිස්සේ යුරෝපා ජාතීන්ට එරෙහිව සටන් වැදීමෙන් පසු වියට්නාමයෙහි ස්වාධීනත්වය 1883 අගෝස්තු 25 වනදා නිම විය. ඒ හුඒ (Hue) නුවර අධිරාජ්‍ය කිරීටය විසින් ටොංකිං සහ ඇනෑම් ප්‍රදේශ ප්‍රංශ ආරක්ෂිත ප්‍රදේශයන් ලෙස පිළිගැනීමත් සමඟය. දකුණුදිග පිහිටි කොචින් චීනය (Cochin China) මේවන විටද ප්‍රංශ පාලනය යටතේ පැවතියේය.
ප්‍රංශ යටත්විජිත පාලනය යටතේ වියට්නාමයේ විවිධ විපර්යාසයන් රැසක් සිදු වූයේය. මහාමාර්ග සහ වෙනත් පහසුකම් දියුණු කරන ලදී. එනමුත් රටෙහි වූ සංවර්ධනයේ ප්‍රතිලාභ භුක්ති වින්ඳේ අතලොස්සක් වූ පිරිසකි. 1940 වන විටද රටේ ජනගහනයෙන් සියයට 85 ක් ගොවීහු වූහ.
යටත් විජිත පාලකයින් විසින් සාම්ප්‍රදායික ග්‍රාම නායකයින් ඉවත් කොට ප්‍රංශ නිලධාරීන් පත් කිරීම ගැමි ජනජීවිතය කඩාකප්පල් කිරීමට හේතු විය. ප්‍රංශ නීතිය හඳුන්වා දීමත්, නීතිය පසිඳලීම පිණිස දේශීය සම්ප්‍රදායන් හෝ භාෂාව හෝ පිළිබඳ තැකීමක් නොකළ ප්‍රංශ විනිසුරන් පත් වීමත් ගැමි ජනයාට අනවශ්‍ය ප්‍රශ්න රැසක් ගෙනාවේ ය.
ජාතිකවාදයේ වර්ධනය
1883 පටන් 20 වන සියවස මුල් කාළය වනතුරු වියට්නාම් ජනතාව ප්‍රංශ යටත්විජිත පාලනයට එරෙහිව හැකි අයුරින් නැගී සිටියහ. 20 වන සියවස මුල දී ජාතික මට්ටමේ සංවිධාන බිහිවීම මෙම අරගලයේ නව ප්‍රවණතාවක් විය. රුසියාවේ බෝල්‍ෂවික් විප්ලවයෙන් පසු බිහිවූ ඇතැම් සංවිධාන මාක්ස්වාදී නැඹුරුවකින් යුතු වුවද වියට්නාමයේ ප්‍රධානම ජාතිකවාදී සංවිධානය වූ වියට්නාම් ජාතික පක්ෂය (Viet Nam Quoc Dan Dang - VNQDD) එවැන්නක් නොවීය. 1930 දී VNQDD විසින් දියත් කෙරුණ අවිගත් නැගිටීමක් යටත් විජිත පාලකයින් විසින් මැඬ පවත්වන ලදී. මින් ඇති වූ රික්තකය පිරවීමට මාක්ස්වාදී සංවිධාන කරලියට පැමිණියෝය.
වියට්නාමයේ ස්වාධීනතා ලීගය (Viet Nam Doc Lap Dong Minh) පිහිටුවීමේදී කොමියුනිස්ට්වාදීහු ප්‍රධාන කාර්ය භාරයක් ඉටු කළ හ. වියට් මින් (Viet Minh) නමින් ප්‍රසිද්ධ වූයේ මෙම සංවිධානය යි. කෙසේ වෙතත් මෙය තනිකරම කොමියුනිස්ට්වාදීන් ගෙන් සමන්විත වූ සංවිධානයක් නොවී ය. 1941 දී හෝ චි මින් ගේ ප්‍රධානත්වයෙන් බිහි වූ මෙය කොමියුනිස්ට්වාදීන්, සමාජවාදීන් සහ වෙනත් කණ්ඩායම්වලින් සමන්විත වූයේය. එහෙත් මෙහි සැලකිය යුතු බලයක් කොමියුනිස්ට්වාදීන් සතු වූ බව දිස් විය.
ජපානය ඉන්දු චීනයට ඇතුලු වීම
දෙවන ලෝක යුද්ධය අතරතුර 1940 ජූනි මාසයේදී ප්‍රංශය ජර්මනියට යටත් වූ අතර විචි (Vichy) නගරයේදී ෆැසිස්ට් ප්‍රංශ ආණ්ඩුවක් පිහිටුවන ලදී. මෙම අවසරයෙන් ජපන් හමුදා ඉන්දු චීනය (වියට්නාමය, ලාඕසය සහ කාම්බෝජය) තුළ හමුදා කඳවුරු පිහිටුවා ගත්තෝය. 1945 මාර්තු 9 වනදා, මිත්‍ර පාක්ෂිකයන් විසින් ප්‍රංශය නිදහස් කරගෙන මාස කිහිපයකට පසු, ජපානය ප්‍රංශ ඉන්දු චීනය තමන් යටතට ගත්තේය. වියට් මින් සංවිධානය ජපානය සැලකුවේ තවත් එක් ආක්‍රමණිකයකු ලෙස ය. "ප්‍රංශයින්වත් ජපනුන්වත් අපේ ස්වාමීහු නොවෙති" යන්න ඔවුනගේ එක් සටන් පාඨයක් විය.
අගෝස්තු විප්ලවය සහ ස්වාධීනතා ප්‍රකාශනය
1945 අගෝස්තු 15 වනදා ජපානය මිත්‍ර පාක්ෂිකයන්ට යටත් වන බව ප්‍රකාශ කළේය. මේ වනවිට ද ඉන්දු චීනය වෙත මිත්‍ර පාක්ෂික හමුදා පැමිණ තිබුණේ නැත. මේ අතර උතුරු වියට්නාමයේ කාඕ බෑන්ග් (Cao Bang) හිදී රැස්වූ වියට් මින් සංවිධානය තාවකාලික රජයක් පිහිටුවා ගත්තේය. මීළඟ දින කිහිපයේදී වියට් මින් සන්නද්ධ කණ්ඩායම් සහ ජපනුන් අතර සුලු සටන් ඇති විය. රටේ බොහෝ ප්‍රදේශ වියට් මින් හමුදා අතට පත් විය.
මේ අතර වියට්නාමයේ රූකඩ අධිරාජයා වූ බාඕ දායි (Bao Dai) සිය සිහසුන අතහැරියේය. සිය තීරණය ප්‍රකාශ කරමින් ඔහු පසුගිය දශක දෙකක කාළය තුළ සිය රට වෙනුවෙන් කිසිදු සේවයක් ඉටු කිරීමට නොහැකි වීම කෙරෙහි කණගාටුව පළ කළේය. සිය ලියවිල්ල ඔහු නිම කළේ "වියට්නාමයේ ස්වාධීනත්වය දිගුකල් දිනේවා! වියට්නාම් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය දිගුකල් දිනේවා!" යනුවෙනි.
රූකඩ අධිරාජයකු වුවද, බාඕ දායි ඇනෑමයේ නාමමාත්‍ර පාලකයා වූ හෙයින් ඔහුගේ ඉල්ලා අස්වීම සමඟ තාවකාලික රජය වෙත වූ ජනතා සහය තවත් වැඩි වීම පමණක් සිදු විය.
1945 සැප්තැම්බර් 2 වනදා තාවකාලික රජය විසින් ස්වාධීන වියට්නාම් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය ප්‍රකාශයට පත් කෙරිණ. එම ස්වාධීනතා ප්‍රකාශනය මගින් සිය නිදහස අහිමි කිරීම, අමානුෂික නීති පැනවීම, රටෙහි සම්පත් විනාශ කිරීම සහ පාසැල්වලට වඩා සිරගෙවල් සෑදීම වැනි චෝදනා රාශියක් ප්‍රංශ යටත්විජිතවාදීන් වෙත එල්ල කෙරිණ. "ඔව්හු අපගේ විප්ලවය රුධිරයෙහි ගිල්වා දැමූහ" එමගින් තවදුරටත් කියැවිණ.
යටත්විජිතවාදී ප්‍රතිචාරය
වියට්නාමය මෙසේ නිදහස ප්‍රකාශ කරනු සමඟම පාහේ බ්‍රිතාන්‍ය හමුදාවෝ දකුණු වියට්නාමයේ කොචින් චීනයෙහි ගොඩ බැස්සෝය. සති කිහිපයකට පෙර සිය පස මිතුරන් වූ ජපන් සෙබලුන්ගේද ආධාර ඇතිව ඔවුහු ජාතිකවාදීන්ට එරෙහිව සටන් වැදුනේ ප්‍රංශය වෙනුවෙනි. 1945 අවසන් වනවිට ප්‍රංශ හමුදා යළි ඉන්දු චීනයට ගොඩ බැස්සෝය. මේ සමඟම ඇරඹි යටත්විජිතවාදී යුද්ධය 1954 දී කෙළවර වූයේ ප්‍රංශ හමුදා ඩියෙන් බියෙන් පූ (Dien Bien Phu) හිදී ලත් අන්ත පරාජයෙන් පසුවය.

හෝ චි මින් |

ප්‍රංශ ඉන්දු චීනය |

No comments:
Post a Comment