2016 සැප්තැම්බර් 9 වනදාට මහජන චීන සමූහාණ්ඩුවේ හිටපු සභාපති මාඕ සේතුං මියගොස් වසර 40 ක් සම්පූර්ණ විය. කෙසේ නමුත් එය සැමරීමට විශාල සමරු උත්සව යනාදිය නොපැවැත්වුණි. ඇත්තෙන්ම වර්තමාන මහජන චීනයේ රජය බොහෝ කොටම මාඕ පිළිබඳ අමතක කර ඇති සේ ය.
මාඕගේ මරණින් කෙටි කළක් ඇතුලත ඩෙන් ෂියාඕ පෙන් යටතේ චීනය ආර්ථික පෙරළියකට මුල පිරුවේය. මාඕගේ ආර්ථික ප්‍රතිපත්ති පසෙක ලා ලෝකයට විවර වූ ආර්ථික රටාවකට චීනය හුරු විය.
නමුත් මාඕගේ නායකත්වය යටතේ පිහිටවාලූ දේශපාලන අධිකාරිය අද වනවිට ඒ ආකාරයෙන්ම පාහේ රැකී තිබේ. ඒ අනුව ධනවාදී ආර්ථික රටාව සහ කොමියුනිස්ට් රාජ්‍ය යාන්ත්‍රණය යන එකිනෙක් නොගැලපෙන සේ පෙනෙන ධාරාවන් දෙක අද චීනයේ ක්‍රියාත්මක ය.
මාඕට සහය පළ කරන්නන් ද ඔහු විවේචනය කරන්නන් ද ඔහු පිළිබඳ උපේක් ෂාවෙන් බලන්නන් ද චීන සාමාන්‍ය ජනතාව අතර වෙති. එරට රජය නිල වශයෙන් මින් තුන්වන ගණයට වඩාත් ළං වේ.
එක් අතකින් බලන කල, චීනය ඇතැම් ධනවාදී රාජ්‍යයන්ටද වඩා ව්‍යාපාරිකයන්ට හිතවත් රටකි. මක් නිසාද යත් එරට දේශපාලන ව්‍යාකූලතා අඩු බැවිනි.
මාඕගේ දර්ශනය චීනයට අමතක වෙද්දී ඇතැම් කුඩා ප්‍රමාණයේ කොමියුනිස්ට් පක්ෂ මාඕවාදය පිළිගනිමින් තව දුරටත් දේශපාලනයේ නිරත වන අතර මාඕ විසින් හඳුන්වා දුන් 'ජන අරගල' ක්‍රමවේදය ඔස්සේ යන සන්නද්ධ කණ් ඩායම් ද වෙති.
දේශපාලන පක්ෂ
මාඕගේ දර්ශනය දිගටම පිළිගත් ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ බටහිර ලෝකයේ එතරම් නොවීය. 1960 ගණන්වල මාඕ ජීවත්ව සිටියදී කොමියුනිස්ට් කඳවුර මොස්කව් සහ බීජිං පිළ ලෙස දෙකඩ විය. මීට හේතු වූයේ මාඕගේ වඩා සාම්ප්‍රදායික ස්ථාවරය සහ සෝවියට් නායක කෘෂෙව්ගේ බටහිර සමඟ සංහිඳියා ක්‍රමවේදය අතර නොගැලපීම සහ සෝවියට් දේශය ලෝකයේ කොමියුනිස්ට් ව්‍යාපාරයේ නායකයා ලෙස පිළිගැනීමට මාඕ තුළ වූ නොකැමැත්ත ආදී කරුණු ය. මේ අනුව ලෝකයේ බොහෝ රටවල කොමියුනිස්ට් පක්ෂ බෙදුණි. බටහිර ලෝකයේ කොමියුනිස්ට් පක්ෂ බොහොමයක් සෝවියට් කඳවුරේ රැඳී සිටි අතර කුඩා කොටස් ඉන් ඉවත් ව චීන කඳවුරට එක් විය, නවසීලන්තයේ පමණක් කොමියුනිස්ට් පක්ෂයේ බහුතරය චීන කඳවුර සමඟ එක් වූයේය.
මේ අතර තුන්වෙනි ලෝකයේද මෙම බෙදීම සිදු වූ අතර මින් ඉන්දියාව වැනි ඇතැම් රටවල ප්‍රබල කොමියුනිස්ට් පක්ෂ චීන පිලක් බිහිවනු දැකිය හැකි විය.
'ජනතා යුද්ධ' (People's War)
මාඕගේ ආර්ථික ප්‍රතිපත්ති අසාර්ථක වුවද ඔහුගේ යුධ ක්‍රමවේදයන් අදටද ඇතැම් කණ් ඩායම් විසින් යොදාගනු ලැබේ. ඔහුගේ 'ජනතා යුද්ධ' ක්‍රමවේදය පේරු රටේ සෙන්දේරෝ ලුමිනෝසෝ (දිදුලන මාවත) නමින් හැඳින්වූ කොමියුනිස්ට් ව්‍යාපාරය සහ නේපාලයේ මාඕවාදීහු සැළකිය යුතු සාර්ථකත්වයකින් භාවිත කළ හ. මෙයින් පේරු හි ව්‍යාපාරය මර්ධනය කෙරුණ අතර නේපාලයේ ව්‍යාපාරය ක්‍රියාකාරී දේශපාලනයට පැමිණියේය.
මේ අතරම ඉන්දියාවේ ක්‍රියාත්මක වන 'නැක්සලයිට්' සංවිධාන කිහිපයක්ම මාඕගේ 'ජනතා යුද්ධ' ක්‍රමවේදය ක්‍රියාවට නැගීමට උත්සුක වෙති. මේ අතර ඉන්දියාවේ කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී) ප්‍රධාන වේ.ඔවුනගේ ආධාරකරුවන් සියල්ලන්ම මාඕ පිළිබඳ එතරම් අවබෝධයකින් යුතු යයි සිතිය නොහැක. නමුත් ඔහුගේ නමින් ක්‍රියාත්මක වන එම ව්‍යාපාර ඔහු විසින් ඉගැන්වූ යුධ ක්‍රමවේදයන් සිය සටන් සඳහා යොදා ගනිති.

Pic: Wikimedia Commons |

No comments:
Post a Comment