ඇෆ්ඝනිස්ථානය වර්තමානයේ ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ අස්ථාවර, අවි ගැටුම්වලින් ගහණ රටක් ලෙස ය. 1978 පටන් එක දිගටම පවතින විවිධ අවි ගැටුම් හේතුවෙන් ඇෆ්ඝනිස්ථානය හෙම්බත් වී සිටියි. අදින් පටන් ගන්නා මෙම ලිපි පෙළ මගින් වත්මන් ඇෆ්ඝන් අවිගැටුම්වල ඉතිහාස පිළිබඳ සොයා බැලීමට අපි අදහස් කරන්නෙමු.
ඇෆ්ඝනිස්ථානයට බටහිරින් ඉරානය ද, නැගෙනහිරින් පකිස්ථානය ද වන අතර උතුරින් උස්බෙකිස්ථානය, තුර්ක්මනිස්ථානය සහ තජිකිස්ථානය වෙයි. 1978 දී උතුරින් පැවතියේ සෝවියට් දේශයයි. එවකට සෝවියට් සමූහාණ්ඩු වූ තජිකිස්ථානය, තුර්ක්මනිස්ථානය සහ උස්බෙකිස්ථානය අද ස්වාධීන රාජ්‍යයන් ය.
ඇෆ්ඝනිස්ථානය වර්තමානයේ මිලියන 32 ක පමණ ජනගහනයක් වාසය කරන රටකි. මෙයින් ආසන්න වශයෙන් සියයට 40 කට මඳක් වැඩිපුර සිටින්නෝ පශ්තුන් ගෝත්‍රිකයෝ වෙති. ටජික් ජාතිකයින් සියයට 25 ක් පමණ සිටින අතර උස්බෙක් ජාතිකයින් සියයට 8 ක් පමණ ද හසාරා සහ වෙනත් ජාතීන් කිහිපයක ජනයා ද එහි වසති. පශ්තුන්වරුන් වැඩිපුර ජීවත් වන්නේ රටේ නැගෙනහිර සහ දකුණු ප්‍රදේශවල ය. ටජික් ජාතිකයෝ සහ උස්බෙක්වරු රටේ උතුරට වන්නට ප්‍රමුඛ වෙති. එමෙන්ම බටහිර පකිස්ථානයේ කඳුකර පෙදෙස්වල ද පශ්තුන් ගෝත්‍රිකයෝ වාසය කරති. මෙය පසු කාලීනව ඇෆ්ඝන් ඉතිහාසය කෙරෙහි දැඩි බලපෑමක් කළ බව ද මෙහිදී සිහිපත් කළ යුතු ය.
මෙම ජන සංයුතිය ඇෆ්ඝනිස්ථානය පිළිබඳ ඕනෑම අධ්‍යයනයකදී වැදගත් සාධකයකි. ඇෆ්ඝනිස්ථානය යනු ගමනාගමනය දුෂ්කර, කඳුකර රටකි. එහෙයින් එකම ජනවර්ගයේ වුවද ප්‍රාදේශීය උප කණ්ඩායම් එකිනෙකාගෙන් ස්වාධීන වීමට කැමති අතර මධ්‍යම ආණ්ඩු සිය කටයුතුවලට අනවශ්‍ය ලෙස ඇඟිලි ගැසීම නොරුස්සති.
ඇෆ්ඝනිස්ථානයේ වත්මන් යුද්ධයට පාර කැපුනේ 1978 සිදු වූ කුමන්ත්‍රණයෙනි. එයට අවශ්‍ය පසුබිම 1973 කුමන්ත්‍රණයෙන් පසු බිහිවූ පළමු ඇෆ්ඝන් ජනරජය සමයේ ඇති විය.
1973 දී ඇෆ්ඝනිස්ථානයේ පාලකයා වූයේ මොහොමඩ් සහීර් ශා රජු ය (රාජ්‍ය සමය 1933 - 73). එම වසරේ ජූලි 17 වනදා, ඔහු වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඉතාලියට ගොස් සිටියදී ඔහුගේ ඥාති සහෝදරයකු මෙන්ම හිටපු අගමැතිවරයකු ද වූ මොහොමඩ් ඩාවුඩ් ඛාන් එරට බලය අල්ලා ගත්තේය. ඒ සඳහා ඔහුට සෝවියට් දේශයට සමීප වාමාංශික පක්ෂයක් වූ ඇෆ්ඝනිස්ථාන මහජන ප්‍රජාතන්ත්‍රවදී පක්ෂයේ (People's Democratic Party of Afghanistan - PDPA) සහය ද ලැබුණි.
රජ පවුලට නෑකම් කියූ හෙයින් ඔහුට ද රජවීමේ හැකියාවක් තිබුණ ද ඩාවුඩ් ඛාන් එතෙක් පැවති පාලන ක්‍රමය වෙනස් කරමින් ඇෆ්ඝනිස්ථානය ජනරජයක් බවට ප්‍රකාශ කළේය. ඔහු මුල් කාළයේ සෝවියට් දේශයට වඩා සමීප වූ පාලනයක් ගෙන ගිය අතර PDPA පක්ෂය ද එහිදී වැදගත් තැනක් ගත්තේය. කෙසේ නමුත් පසු කලෙක ඩාවුඩ් ඛාන් සහ පක්ෂය අතර විරසකයන් ඇති වන්නට විය. තවද පක්ෂයේ ද පර්චම් සහ ඛල්ක් නම් පිල් දෙක අතර බෙදීම වර්ධනය විය.
පර්චම් පිළ වඩා නාගරික සාමාජිකයන් අතර ජනප්‍රිය වූ අතර ඔවුනගේ අදහස වූයේ කෙමෙන් කෙමෙන් සමාජවාදය කරා ගමන් කළ යුතු බවය. ඛල්ක් පිළ වඩා වේගවත් සමාජවාදී වැඩපිළිවෙලක් බලාපොරොත්තු විය. එම පිළෙහි වූ වැඩි දෙනා ග්‍රාමීය පෂ්තුන් ගෝත්‍රිකයන් විය.
1978 අප්‍රේල් 17 වනදා පර්චම් පිළේ ප්‍රකට සාමාජිකයකු වූ මීර් අක්බාර් ඛයිබර්ගේ ඝාතනය ඇෆ්ඝන් ජනරජයේ අවසානයට මග විවර කළේය. ඇතැම් අය එම ඝාතනය කරවන ලද්දේ PDPA පක්ෂයේම ඛල්ක් පිළ විසිනැයි අදහස් කළ ද වැඩි දෙනා රජය දෙසට එම ඝාතනය පිළිබඳ ඇඟිල්ල දිගු කළහ. ඔහුගේ අවමඟුල අවස්ථාවේදී PDPA පාක්ෂිකයෝ රජයට එරෙහි විශාල උද්ඝෝෂණයක් කළ හ. රජය මින් තැති ගත් අතර PDPA නායකයින් අත් අඩංගුවට ගැනීමට පියවර ගත්තේය. නමුත් එම පියවර එතරම් වේගයෙන් ක්‍රියාත්මක නොවී ය. ඛල්ක් පිළෙහි ප්‍රමුඛයකු වූ හෆිසුල්ලා අමීන් නිවාස අඩස්සියට පත් වූ අතර ඔහු එහි සිට තමන්ට පක්ෂ හමුදා ඛණ්ඩවලට රජය පෙරළීම සඳහා අවශ්‍ය උපදෙස් යැවීමට සමත් විය.
1978 අප්‍රේල් 27 වනදා බ්‍රහස්පතින්දාවකි. එදින උදේ වරුවේ කාබුල් අන්තර්ජාතික ගුවන් තොටුපලෙහි වූ හමුදා සේනාංක රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය ඇරඹීය. කෙමෙන් කෙමෙන් රජයට පක්ෂ හමුදා පසු බස්වන ලදී. ගුවන් හමුදාවට අයත් යානා කිහිපය ද යොදා ගනිමින් රජයට පක්ෂ සේනාංකවලට පහර දෙනු ලැබුණි. අප්‍රේල් 28 වනදා උදෑසන වනවිට ජනාධිපති ඩාවුඩ් ඛාන් සහ ඔහුගේ පවුලේ අය ඝාතනයට ලක් විය. කොමියුනිස්ට්වාදී PDPA පක්ෂය ඇෆ්ඝනිස්ථානයේ බලය අල්ලා ගත්තෝය. පර්ශියානු දින දර්ශනයෙහි දෙවන මාසය හෙවත් සවුර් මාසයේ මෙම විප්ලවය සිදු වූ හෙයින් මෙයට සවුර් විප්ලවය (Saur Revolution) යයි ද කියනු ලැබේ.
නව රජය විසින් ඇෆ්ඝනිස්ථානයේ නිල නාමය ඇෆ්ඝනිස්ථාන් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය ලෙස වෙනස් කරන ලදී. නූර් මුහම්මද් තරාකි නව ජනාධිපතිවරයා වූ අතර හෆිසුල්ලා අමීන් විදේශ ඇමතිවරයා විය. මෙම රජයට ඛල්ක් සහ පර්චම් යන දෙපිළෙහිම අය අයත් වූහ.
කෙසේ නමුත් වැඩි කල් නොගොසින්ම රජය ඇතුලත බල අරගල මෙන්ම රාජ්‍ය විරෝධී ජනතා නැගිටීම් ද ඇෆ්ඝනිස්ථානය අස්ථාවර කිරීමට පටන් ගත්තේය.

ඇෆ්ඝනිස්ථානයේ සහ පකිස්ථානයේ පශ්තුන්වරුන් වසන ප්‍රදේශ |

මොහමඩ් සහීර් ශා රජු 1930 දශකයේදී |

නූර් මුහම්මද් තරාකි |
නව රජය විසින් ඇෆ්ඝනිස්ථානයේ නිල නාමය ඇෆ්ඝනිස්ථාන් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය ලෙස වෙනස් කරන ලදී. නූර් මුහම්මද් තරාකි නව ජනාධිපතිවරයා වූ අතර හෆිසුල්ලා අමීන් විදේශ ඇමතිවරයා විය. මෙම රජයට ඛල්ක් සහ පර්චම් යන දෙපිළෙහිම අය අයත් වූහ.
කෙසේ නමුත් වැඩි කල් නොගොසින්ම රජය ඇතුලත බල අරගල මෙන්ම රාජ්‍ය විරෝධී ජනතා නැගිටීම් ද ඇෆ්ඝනිස්ථානය අස්ථාවර කිරීමට පටන් ගත්තේය.
අවුරුදු හතලිහක් එකම රජෙක් යටතේ හිටපු උන් ප්‍රජාතන්ත්‍රවදය දිනා ගැනීමෙන් අනතුරුව බලයට ඇන කොටා ගන්නවා.
ReplyDeleteඅපුරු ලිපි පෙළක් වගේ මචෝ.එළකිරි වගේ තියෙනවා.
දෙවනි එක ලියා අවසානයි. අද රාත්‍රියේ බලාපොරොත්තු වන්න
Deleteචාමර අයියේ කැටගරි දාන්නකෝ.. එතකොට අපිට ලේසි .. ලිපි මිස් වෙන්නේ නැහැ.
ReplyDeleteලේබල් දාන වැඩේ මට කරන්න අමතක වෙනව සමහර විට. මීට පස්සෙ දිගටම කරන්නම්කො :)
Deleteවත්මන් ඇෆ්ගන් අවිගැටුම් ගැන සැබවින් හදාරන්නට කැමති නම් පළමු ඇන්ග්ලො-ඇෆ්ගන් යුද්ධයෙන් සංවාදය පටන් ගත යුතු බව මගෙ මතයයි. බලය හා බලපෑම මධ්‍යම ආසියාව තුල පතුරවන්නට ගිය බ්‍රිතාන්‍ය සහ රුසියන් තරඟය ඇරඹුනෙ එතැනින්.
ReplyDeleteඒ ගැන සළකා බැලීමක් වුනා. ඒත් ඉතින් අනවශ්‍ය විදියට දිග වැඩි හෝ සංකීර්ණ වැඩි හෝ වේ යයි කියා එතනින් පටන් නොගන්න තීරණය කළා
Deleteනියමයි සහෝ
ReplyDeleteතැන්ක් යූ වේවා
Deleteනියමයි..
ReplyDeleteස්තූතියි!
Deleteනියමයි චාමර අයියෙ
ReplyDeleteතැන්ක් යූ වේවා!
Delete