පළමු කොටස: ඇෆ්ඝනිස්ථානයේ යුද්ධය (පළමු කොටස) - ප්‍රථම ජනරජය බිඳ වැටීම
1978 අප්‍රේල් මස විප්ලවයෙන් පසු බිහිවූ ඇෆ්ඝනිස්ථාන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය සෝවියට් දේශයට සමීප වූ කොමියුනිස්ට්වාදී පක්ෂයක් ලෙස සැලකුණ ඇෆ්ඝනිස්ථාන මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (People's Democratic Party of Afghanistan - PDPA) විසින් පාලනය කරන ලදී.
ජනාධිපති නූර් මුහම්මද් තරාකිගේ රජය සෝවියට් දේශය සිය මිතුරකු ලෙස සැළකීය. සිය මධ්‍යම ආසියානු සමූහාණ්ඩු ආසන්නයේ මිතුරකු සිටිනු දැකීම සෝවියට් දේශයේ සතුටට හේතු වූ බව නොකිව මනා ය. සෝවියට් - ඇෆ්ඝන් පාර්ශව 1978 දෙසැම්බර් 5 වනදා මිත්‍ර ගිවිසුමක් අත්සන් කළේ මෙම සම්බන්ධය වඩාත් ශක්තිමත් කරමිනි.සෝවියට් උපදේශකයින් සිය ගණනක් ඇෆ්ඝනිස්ථානය කරා පැමිණියෝ ය. ඇෆ්ඝනිස්ථානයට අසල්වැසි පකිස්ථානය සහ එවකට බටහිර රටවල මිතුරකු වූ ඉරානය නම් මෙම තත්ත්වය කෙරෙහි සතුටට පත් වූයේ නැත.
කෙසේ නමුත් රට තුලම නව රජය කෙරෙහි අප්‍රසාදයක් ඇති වීමට වැඩි කළක් ගත නොවීය.
ඇෆ්ඝනිස්ථානයේ ජනතාවගේ අධ්‍යාපන තත්ත්වය පහළ මට්ටමක තිබුණ අතර බොහෝ දෙනාට ඉඩම් හිමි නොවීය. රජය විසින් නව ඉඩම් ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමට පටන් ගත් අතර ඉඩම් අහිමි ජනයාට ඉඩම් ලබාදෙන ලදී. තවද සාක්ෂරතා පන්ති ආරම්භ කළ රජය ඒවායේ කාන්තාවන්ට පිරිමින් සමඟම අධ්‍යාපනය ලැබීමට අවස්ථාව උදා කළේය. කාන්තාවන් සම්පූර්ණයෙන් සිරුරු වසාගත් ඇඳුම් හැඳීම අධෛර්යය කරවන ලදී.
දෙවියන්ගේ නීතිය
නව රජයේ මෙම ක්‍රියාකලාපයන් විශේෂයෙන්ම ඉස්ලාමීය පූජකයන් හෙවත් මුල්ලාවරුන්ගේ දෝෂදර්ශනයට හේතු විය.
නැගෙනහිර ඇෆ්ඝනිස්ථානයේ ලග්මාන් ප්‍රාන්තයේ මුල්ලාවරයකු වූ සහාර් ගුල් CNN රූපවාහිනී සේවය සමඟ කළ සාකච්ඡාවකදී මෙම විරෝධයට හේතු ගෙනහැර දැක්වීය. මුල්ලාවරුන් ගේ මතය අනුව කොමියුනිස්ට්වාදීන් කළේ දෙවියන්ගේ නීතිය වෙනස් කිරීමට උත්සාහ කිරීමයි. ඔව්හු ඉස්ලාමීය සංස්කෘතියට තර්ජනය කළ අතර සමානාත්මතාව හඳුන්වා දීමට උත්සාහ කළහ.
"දෙවියන් තමයි තීරණය කරන්නේ කවුද දුප්පත් විය යුත්තේ, කවුද පොහොසත් විය යුත්තේ කියන එක. කොමියුනිස්ට්වාදීන් එය වෙනස් කිරීමක් ගැන හිතන්නවත් බැහැ" යනුවෙන් සහාර් සිය මතය පළ කළේය.
මේ අතර PDPA පක්ෂයේ මධ්‍යස්ථ පිළ වූ පර්චම් පිළ රජයෙන් ඉවත් කෙරුණ අතර එහි ප්‍රධානියකු වූ බබ්රක් කර්මාල් චෙකොස්ලොවැකියාවේ තානාපති ලෙස පිටමං කරන ලදී. පක්ෂයේ අති ධාවනකාරී ඛලාක් පිළ ඇෆ්ඝනිස්ථානයේ බලය අතට ගෙන ප්‍රතිසංස්කරණ වේගවත් කළේය.
මෙම අතිධාවනකාරී ප්‍රවේශයට විරුද්ධ වූයේ මුල්ලාවරුන් සහ ඔවුන් විසින් උසි ගන්වන ලද ගැමියන් පමණක් නොවේ. රජයේ මිතුරා වූ සෝවියට් දේශය ද මෙම ප්‍රතිසංස්කරණ පිළිබඳ එතරම් සතුටට පත් නොවීය.
එවක සෝවියට් කේ.ජී.බී සේවයේ උප සභාපති වූ ව්ලැඩිමීර් කෘච්කොව් මෙම තත්ත්වය පිළිබඳ CNN රූපවාහිනිය සමඟ කළ සාකච්ඡාවකදී මෙවන් අදහසක් පළ කළේය.
"බ්‍රෙෂ්නෙව් (එවක සෝවියට් නායකයා) සහ (සෝවියට්) දේශපාලන මණ්ඩලය ඇෆ්ඝන් නායකත්වයට ඇත්ත තේරුම් කරවන්න ලොකු උත්සාහයක් ගත්තා. අපට තේරුම් ගන්න බැරි වුනා ඔවුන් කොහොමද අවුරුදු පහකින් සමාජවාදය ගොඩ නගන්නේ කියන එක. අපි ඔවුනට කිව්වා අපි හැට අවුරුද්දක් තිස්සේ තාමත් සමාජවාදය ගොඩ නගන බව. නමුත් ඔවුන් හිතුවේ වැරදිලා තියෙන්නෙ අපිට කියලයි."
මේ අතර රට තුල රජයට විරුද්ධව නැගී සිටි කණ්ඩායම් පාසල්වලට පහර දී ගිනි තැබීමට වූහ. රටපුරා ප්‍රතිසංස්කරණවලට එරෙහි පිරිස් නැගී සිටින්නට වූහ. මුල්ලාවරුන් මෙම විරෝධතාව සැළකූයේ අදේවවාදී කොමියුනිස්ට් රජයට එරෙහි ශුද්ධ වූ යුද්ධයක් හෙවත් ජිහාඩයක් ලෙස ය. රජයේ ඉඩම් ප්‍රතිසංස්කරණ හේතුවෙන් සිය ඉඩම් නැතිවීමේ අවදානමට මුහුණ දුන් ඉඩම් හිමියන් ද ඉස්ලාමීය මුල්ලාවරුන් ද විසින් සංවිධානය කෙරුණ මෙම සටන්කාමීන් මුජහිදීන් හෙවත් 'දෙවියන් ගේ සෙබලු' ලෙස ප්‍රසිද්ධ විය. මේ අතර ඉරානයේ සහ වෙනත් මුස්ලිම් රටවල ද කොමියුනිස්ට් විරෝධී ජිහාඩයක් සඳහා සහය පළ කෙරුණි.
මේ අතර ඇෆ්ඝනිස්ථානයේ අවි ගැටුම්වලින් ගැලවෙනු පිණිස එරටින් පළා එන්නන් පකිස්ථානය වෙත ළඟා වීමට පටන් ගෙන තිබිණ.
සෝවියට් දේශය ඇෆ්ඝන් හමුදාවලට පුහුණුව සහ අවි ආයුධ සැපයීමට විය. කැරලිකරුවන් අත මුලදී වූයේ සැහැල්ලු අවි පමණි. පොතේ හැටියට නම් ඇෆ්ඝන් හමුදාවලට ඔවුන් එතරම් අභියෝගයක් නොවිය යුතු විය. එහෙත් කටයුතු සිදු වූයේ බලාපොරොත්තු වූ පරිදි නොවේ. රජයේ හමුදා අතර ද රජයට විරුද්ධවාදී අදහස් මතුවූ අතර ඇතැම් හමුදා සෙබලුන් කැරලිකරුවන් සමඟ එක් වූහ.
එවක කැරලිකරුවන්ට වැඩිපුරම ආයුධ ලැබුණේ මෙසේ පළා යන සෙබලුන්ගෙන් සහ සටන් බිමේදී හමුදාවෙන් අල්ලාගැනීමෙනි.
සිය සෙබලුන් අතර ද මතුවූ විරෝධාකල්ප හමුවේ ඇෆ්ඝන් රජය සෝවියට් දේශයෙන් ඉල්ලා සිටියේ එරට හමුදා ඇෆ්ඝනිස්ථානය වෙත එවන ලෙස ය. 1979 මාර්තු මාසයේ හෙරාත් ප්‍රදේශයේ මතුවූ දැවැන්ත කැරැල්ල මර්ධනය කිරීමට ඇෆ්ඝන් රජය හමුදා ආධාර ඉල්ලුවේය. ජනාධිපති තරාකි කියුබාවේ හවානා නුවර පැවති නොබැඳි ජාතීන්ගේ සමුලුවට සහභාගී වී ආපසු යන අතරවාරයේ මොස්කව් නුවරට පැමිණ පෞද්ගලිකවම එරට රජයෙන් සෝවියට් සේනාංක ඉල්ලා සිටියේය. නමුත් සෝවියට් දේශය සිය හමුදා යැවීමට එතරම් කැමැත්තක් මේ අවස්ථාවේදී නොදැක්වීය.
හෙරාත් ප්‍රදේශයේ කැරැල්ලට මාසයකට පෙර ඉරානයේ ඉස්ලාමීය විප්ලවය මගින් එරට බටහිර හිතවාදී අධිරාජයා බලයෙන් පහ කෙරුණි. ඉරානයට මායිම් වූ හෙරාත් ප්‍රාන්තයේ දැවැන්ත කැරැල්ලක් මතු වීමට මෙයද බල පෑමක් ඇති කරන්නට ඇත. කෙසේ වෙතත් ඇෆ්ඝන් හමුදා විසින් දරුණු ප්‍රහාරයකින් අනතුරුව කැරැල්ල මැඩ පවත්වන ලදී.
මෙම නව වාතාවරණය තුළ ඇමරිකා එක්සත් ජනපදය ඉරානයේ සහ ඇෆ්ඝනිස්ථානයෙහි තත්ත්වය පිළිබඳ දැඩි අවධානයක් යමු කළේය.
එවක ජාතික ආරක්ෂක උපදේශක වූ සෙබිග්නියෙෆ් බ්‍රෙෂින්ස්කි ජනපති ජිමී කාටර් සමඟ කියා සිටියේ ඇෆ්ඝනිස්ථානයෙහි පවතින තත්ත්වය භාවිත කරමින් සෝවියට් දේශය පර්ශියානු බොක්ක වෙත බලපෑම් කළ හැකි තැනකට එනු ඇති බවය. ඉරානයේ පැවති තත්ත්වය යටතේ එරට ද සෝවියට් බලපෑමට ලක් වීමේ අවදානම කෙරෙහි ඇමරිකාවේ අවධානය යොමු විය. 1979 වසරේ ජූලි මාසයේ සිට රහසිගත ඇමරිකානු ආධාර මුජහිදීන් සටන්කාමීන් වෙත ලැබෙන්නට විය.
ආමින්ගේ 'දින සියය'
මුලින් ඇෆ්ඝනිස්ථාන ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ විදේශ ඇමතිවරයා ව සිට පසුව එහි අගමැතිවරයා වූ හෆිසුල්ලා ආමීන් තරාකිගේ රජයෙහි ප්‍රබලයා විය. සෝවියට් විරෝධාකල්ප නොසළකා හරිමින් වේගවත් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළේ ද ආමීන්ගේ අවශ්‍යතාව මත ය. සෝවියට් දේශයේ නායකයින් සහ නූර් මුහම්මද් තරාකිගේ ආධාරකරුවන් යන දෙපිරිසම ආමීන් ගේ බලය අඩපණ කරන ක්‍රමය පිළිබඳව කල්පනා කරන්නට විය.
1979 සැප්තැම්බරයේදී තරාකි යළිදු වතාවක් මොස්කව් නුවර පෙනී සිටියේය. සෝවියට් නායක ලියොනිඩ් බ්‍රෙෂ්නෙව් සහ වෙනත් ප්‍රධාන සෝවියට් නිලධාරීන් හමුවූ තරාකි ඔවුන් සමඟ කළ සාකච්ඡා අතර ආමීන්ට එරෙහිව ගන්නා පියවරයන් පිළිබඳවද සළකා බලන ලදී. මේ අනුව ආමීන් බලයෙන් නෙරපා හැරීමට තරාකි සහ සෝවියට් නායකයෝ තීරණය කළ හ.
කෙසේ නමුත් ආමීන්ට මෙම කුමන්ත්‍රණය පිළිබඳ ඉව වැටුන අතර ඔහු කළේ තරාකි නැවත කාබුල් වෙත පැමිණි විට ඔහු අල්වාගෙන ඝාතනය කිරීමයි. 1979 සැප්තැම්බර් 14 වනදා තරාකි මරා දැමුණ අතර ආමීන් ඇෆ්ඝන් රජයේ නායකයා බවට පත් විය.
ඔහු එම ධූරයේ සිටියේ දින 104 කි.
සෝවියට් නායකත්වය තමාට එරෙහිව කළ සැලසුම් ද තමාගේ ප්‍රතිසංස්කරණ කෙරේ ඔවුන් දැක්වූ විරෝධය ද හේතුවෙන් ආමීන් වෙනත් මිත්‍රයින් සොයන තැනට පෙළඹුන බව සිතිය හැක. ඔහු බටහිර සමඟ සබඳතා වර්ධනය කරගැනීමට උත්සාහ කරන බව සෝවියට් නායකයින් සැක කරන්නට විය. තත්ත්වය කෙතරම් බැරෑරුම් වීද යත් ආමීන් ඇමරිකානු රහස් ඔත්තු සේවය වන සී.අයි.ඒ සංවිධානයේ ඒජන්තයකු වන බව පවා සෝවියට් නායකත්වය සැක කරන්නට විය.
ඇෆ්ඝනිස්ථානයේ සෝවියට් හමුදා ප්‍රධානියා ලෙස කළක් කටයුතු කළ, පසු කලෙක සෝවියට් දේශයේ නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයා ද වූ ජෙනරාල් වැලන්ටයින් වැරෙන්නිකොව් CNN රූපවාහිනිය සමඟ සෝවියට් නායකයින් ආමීන් කෙරේ දැක්වූ අදහස් මෙසේ පළ කළේය.
"කේ.ජී.බී. ප්‍රධානී (යූරි) අන්ද්‍රොපොව්, ආමීන් ඇමරිකානුන් සමඟ ගොඩනගා ගනිමින් තිබූ ඇයි හොඳයිය කෙරේ බලවත් සැළකිල්ලක් දැක්වූවා. ඔහුගේ අදහස වුනේ සෝවියට් දේශය සිය හමුදා ඇෆ්ඝනිස්ථානයට නොයැව්වොත්, ආමීන්, සෝවියට් දේශය තමන් සමඟ වන මිත්‍රත්වය නොසලකා හරින බව ප්‍රකාශ කර, ඇමරිකානු ආධාර ඉල්ලා සිටීමට ඉඩ තිබෙන බවයි."
සෝවියට් නායකයින් මුහුණ දුන්නේ මෙම උභතෝකෝටිකයට ය. හමුදා නොයැවීමෙන් ආමීන් බටහිර රටවල් හා සමීප විය හැකි වූ අතර හමුදා යැවීම ද භාරදූර කාර්යක් විය. ඇෆ්ඝනිස්ථානය වැනි රටකට හමුදාවක් යැවීමේ සහ එහි යුධ වැදීමේ අපහසුතාව සෝවියට් නායකයන් අතර සාකච්ඡා නොවූවක් නොවීය. කෙසේ වෙතත් ආමීන් සමඟ කටයුතු කිරීම අපහසු බව ද සෝවියට් නායකයෝ දැන සිටියෝය. ඇෆ්ඝනිස්ථානය අස්ථාවර වීමට දී බලා සිටීමට සෝවියට් දේශයට නොහැකි වූයේ ඇමරිකානු හමුදා එරටට පැමිණේ යන බිය හේතුවෙනි.
මේ අතරවාරයේ යුරෝපයෙහි නේටෝ සංවිධානය සහ වෝර්සෝ ගිවිසුමට අයත් රටවල් අතර අවි තරඟය ද වේගවත් වෙමින් පැවතුණි. සෝවියට් හමුදා සිය ජංගම මිසයිල පද්ධති නැගෙනහිර යුරෝපයේ ස්ථානගත කිරීමට එරෙහිව කෲස් මිසයිල දහසක් පමණ යුරෝපයේ ස්ථානගත කිරීමට නේටෝව තීරණය කළේය.
මෙවන් පසුබිමක දී සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලය එම තීරණාත්මක පියවර ගත්තේ ය.

ඇෆ්ඝනිස්ථානයේ පිහිටීම (සිතියම prezi.com) |

මුජහිදීන් සටන්කාමීන් පිරිසක් 1982 දී. ඡායාරූපය Willem Vogelsang |

හෆිසුල්ලා ආමීන් |

ඔසාමා බින් ලාඩන් බිහිවුනෙත් මේ යුද්ධයෙන් නේද?
ReplyDeleteඔව්. ඒ ඔය යුද්ධෙන් බිහි වුන එක්කෙනෙක්.
Deleteමැදපෙරදිග අර්බුදකාරී, අන්තවාදී සංග්‍රාමික තත්වය ගා අධ්‍යයනය කරන කෙනෙකුට හොඳ කරුණු එකතුවක්.
ReplyDeleteබොහොම ස්තූතියි :)
Delete