Thursday, July 21, 2016

Kickass නිර්මාතෘ ආර්ටෙම් වෝලින් හඳුනාගමු

කික් ඈස් (Kickass) ටොරන්ට් හුවමාරු වෙබ් අඩවියේ නිර්මාතෘ ලෙස සැලකෙන 30 හැවිරිදි ආර්ටෙම් වෝලින් (Artem Vaulin) පෝලන්තයේ දී අත් අඩංගුවට ගනු ලැබුණ බව ශ්‍රී ලංකා වේලාවෙන් අද උදෑසන වන විට දැනගන්නට ලැබිණ​.

ඔහු අත් අඩංගුවට ගෙන තිබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝ නගරයේ ෆෙඩරල් අධිකරණයදී විභාග වන නඩුවක් සම්බන්ධයෙන් බව සඳහන් වන අතර ඇමරිකාව විසින් ඔහු එරටට පිටුවහල් කරන ලෙස පෝලන්තයෙන් ඉල්ලා තිබේ යයි ද වාර්තා විය​.

එක්සත් ජනපද සහකාර නීතිපතිනී ලෙස්ලි කැල්ඩ්වෙල්ට අනුව වෝලින් විසින් පවත්වාගෙන ගිය 'නීති විරෝධී ලිපි ගොනු හුවමාරු (file sharing) වෙබ් අඩවිය හරහා ඇමරිකානු ඩොලර් බිලියනයකට වැඩි බුද්ධිමය දේපල බෙදා හැර ඇත​.' වෝලින්ට එරෙහිව බුද්ධිමය දේපල උල්ලංඝනය කිරීම සහ සාපරාධී මුදල් විශුද්ධිකරණය යන චෝදනා යටතේ නඩු පැවරී තිබේ.​

අධිකරණ නියෝගයකට අනුව සමාගමට සම්බන්ධ බැංකු ගිණුමක් අත් හිටවූ අතර ඩොමේන් නාම හතක් (kickasstorrents.com, kat.ph, kickass.to, kastatic.com, kickass.so, thekat.tv and kat.cr.) එක්සත් ජනපද රජය විසින් රාජසන්තක කරන ලදී.

ආර්ටෙම් වෝලින් යුක්‍රේනයේ කාර්කිව් (Kharkiv) නුවර ජීවත් වන බව කියන 30 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු වෙබ් අඩවිය අරඹා ඇත්තේ 2008 දී ය​. ඒ ක්‍රිප්ටොනීට් (Cryptoneat) නම් සමාගමක් හරහා ය​. Kickass යනු ලොව ජනප්‍රියතම file sharing වෙබ් අඩවිය විය​.

එක්සත් ජනපද බලධාරීන්ට අනුව වෝලින් විසින් මෙසේ චිත්‍රපට​, ගීත යනාදී කලා නිර්මාණ බෙදා හැරීමට පහසුකම් සැලසීමෙන් ඒවායේ මුල් නිර්මාණකරුවන්ට විශාල මූල්‍යමය පාඩුවක් සිදු වී ඇත​.

15 comments:

  1. මේකනම් කියෙව්වා ඕං !!!!

    ReplyDelete
  2. අහුවෙච්ච විදිහ ගැන පොඩි ආර්ටිකල් එකක් කියෙව්වා ..ඒ ගැන ලියහන්..හොද කතාවක් තියෙයි

    ReplyDelete
  3. මාත් කියෙව්වා :)

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා... ඔන්න මාත් කියෙව්ව එහෙනම් :)

      Delete
  4. මාත් කියෙව්වා එහෙනම් ඕන්

    ReplyDelete
  5. අහුඋන විදිහ ගැන නැද්ද මුකුත් ඇත්තටම. මේකනම් මහ අපරාධයක් අප්පා. :( කරන්න දෙයක් නෑ ඉතින්.

    ReplyDelete