උපස්ථිතිකවාදී චිත්‍ර කලාවේ (Impressionism) මූලාරම්භකයකු ලෙස සැළකෙන එඩුවාර්ඩ් මැනේ 19 වන සියවස ප්‍රංශයේ ජීවත් වූ සුප්‍රකට චිත්‍ර ශිල්පියෙකි. සාමාන්‍ය සම්ප්‍රදායයන්ට එරෙහිව යමින් නවතම ආරක චිත්‍ර නිර්මාණය කිරීම හේතුවෙන් මැනේ සමකාලීන ප්‍රංශ සමාජයේ ගැරහුමට ලක් වූ නමුත් පසු කළෙක ප්‍රංශයේ මෙන්ම ලෝකයේ ම බිහි වූ ශ්‍රේෂ්ඨතම චිත්‍ර ශිල්පියකු ලෙස නමක් දිනා ගත්තේය.
මැනේ විසින් 1863 දී එළි දක්වන ලද චිත්‍ර දෙකක් එකළ පැරිස් නුවර සමාජයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන්නේය. මින් එකක් නම් 1862 දී ඇඳීම ආරම්භ කළ බව සැළකෙන "Le Déjeuner sur l’herbe" හෙවත් "තණබිමක දිවා භෝජනය" සහ 1863 දී අඳින ලද බව සඳහන් "ඔලිම්පියා" ය.
"තණබිමක දිවා භෝජනය" චිත්‍රය වඩාත්ම ආන්දෝලනයකට තුඩු දුන්නේ එහි දැක්වෙන නිරුවත් කාන්තාවගේ රූපය හේතුවෙනි. පිරිමින් දෙදෙනකු පසෙක සිටියදී සිය නිරුවත් සිරුර පිළිබඳ කිසිදු තැකීමක් නොමැතිව හිඳගෙන සිටින ඈ සිටින්නේ ඔවුන් පිළිබඳ අවධානයෙන් නොවේ. පුරුෂයින් දෙදෙනාද ඔවුන් ගේ කතාවක නිමග්නව සිටිති. කාන්තාව චිත්‍රය නරඹන්නා දෙසට දෑස් දල්වාගෙන සිටියද ඇගේ එම බැල්මෙන් ඇඟවෙන්නේ කුමක්දැයි පැහැදිලි නැත. ඇතැම්විටෙක ඈ නරඹන්නාගෙන් ද ඔබ්බට දෑස් යොමා සිටින ආකාරයක් පෙනී යයි. නරඹන්නාගේ අවධානය විශේෂයෙන් ඇය දෙසට යොමු වන අයුරින් ඇගේ නිරුවත් සිරුර ආලෝකමත් වන පරිදි චිත්‍රයට නඟා ඇත.
"ඔලිම්පියා" යනු මීටත් වඩා ආන්දෝලනාත්මක චිත්‍රයක් විය. කාම සම් භෝගයකින් පසු අවුල් වූ සයනයක හිඳගෙන සිටින වෛශ්‍යාවක එයින් පිළිබිඹු වේ යයි සැළකේ. මෙහෙකාරියක යයි සැළකිය හැකි කලු ජාතික කාන්තාවක ඇය වෙත යමකු විසින් එවන ලද මල් කළඹක් පිළිගන්වන මුත් ඔලිම්පියා ඒ කෙරේ මඳකුදු අවධානයක් යොමු නොකර චිත්‍රය නරඹන්නා දෙස බලා සිටී. නිරුවතින් සිටින ඈ එක් අත්ලකින් සිය රහස් ප්‍රදේශය ආවරණය කරගෙන සිටින්නී ය.
මෙම චිත්‍ර දෙකම සඳහා නිරූපිකාව ලෙස කටයුතු කළේ එවක ඉතාම තරුණ වියේ පසු වූ වික්ටොරීන් මියුරොන් නම් කාන්තාවකි. ඇය එඩුවාර්ඩ් මැනේගේ ප්‍රියතම නිරූපිකාව වී යයි ද කියනු ලැබේ. දැනට සොයාගෙන ඇති මැනේගේ චිත්‍ර නවයක මියුරොන් නිරූපිකාව ලෙස පෙනී සිටියි.
ඉහත සඳහන් චිත්‍ර දෙකට පෙනී සිටීම හේතුවෙන් මියුරොන් පිළිබඳ බොහෝ කටකතා පැතිරුණි. ඈ මැනේ සමඟ අයථා සබඳතාවයක් පවත්වන බවත්, ඇය අශීලාචාර කාන්තාවක බවත්, ඇය ගණිකාවක බවත්, බේබදුකම හේතුවෙන් ඇය අඩු වයසින් මිය ගිය බවත් එම කටකතාවලින් කියැවුණි.
සැබෑ තත්ත්වය එම සියලු කටකතාවලින් පරිභාහිර වූ අතර ඉහත සඳහන් වූ කිසිදු කටකතාවක් සනාථ කිරීමට කරුණු සොයාගෙන නොමැත. නිසැකයෙන්ම ඈ බොහෝ කල් ජීවත් වූවා පමණක් නොව පසු කළෙකදී චිත්‍ර ශිල්පිණියක ලෙස ද යම් නමක් දිනාගත්තාය.
එඩුවාර්ඩ් මැනේ සමකාලීන පැරිසියේ ජන ජීවිතය සිතුවමට නැඟීමට ප්‍රිය කළ අයෙකි. 1832 දී උපන් ඔහු මියුරොන් මුලින්ම දුටුවේ 1862 දී යයි සිතිය හැක. ඇය එවිට 18 හැවිරිදි වූවාය. මැනේ වෙනුවෙන් මියුරොන් නිරූපණයෙහි යෙදුණ ප්‍රථම අවස්ථාව ද හමු වන්නේ එම වසරේදී ය.
මැනේගේ "Street Musician" (වීථි සංගීතකාරිය) චිත්රයේ දැක්වෙන්නේ පැරිස් නුවර තැනින් තැන ගොස් සංගීතය සපයමින් ජීවිකාව සලසා ගන්නා තරුණියකි. පරණ ගවුමක් හැඳගෙන මාවත දිගේ ඇවිද එන ඇය ඇවිදින අතරම බෙරි ගෙඩි කිහිපයක් මුවේ රුවා ගනී. ඇගේ එම ක්‍රියාව අවිවේකය මෙන්ම ඉහළ පැලැන්තියේ සදාචාරයෙන් වියුක්ත වීම දක්වන අතර සාමාන්‍ය පන්තියේ මිනිසුන් ගේ ජීවිතවල පැති කඩක් පෙන්නුම් කරයි.
මැනේ මීළඟට ඇඳි මියුරොන් ගේ ආලේඛන චිත්‍රයක් ඇන්ඳේය. මෙහිදී ඉහළ පැළැන්තියේ අය වෙනුවෙන් චිත්‍ර ශිල්පීන් දැක්වූ අවධානය හා සමාන අවධානයක් මැනේ විසින් මියුරොන් වෙත ලබාදෙන ලදී. එමෙන්ම ඇය තවදුරටත් නිර්නාමික නිරූපිකාවක නොවූවා ය.
මියුරොන් ගේ නිරුවත් චිත්‍ර දෙක අඳින ලද්දේ ඉන් අනතුරුවය.
මැනේගේ "තණබිමක දිවා භෝජනය" චිත්රයේ වූ ආන්දෝලනාත්මක ස්වාභාවය හේතුවෙන් පැරිසියේ චිත්‍ර කලා ඇකඩමිය සිය "සැලොන්" කලාගාරයේ එය ප්‍රදර්ශනයට ඉඩ නොතැබීය. මේ අනුව "සැලොන් කලාගාරයෙන් ප්‍රතික්ෂේප වූ චිත්‍ර ප්‍රදර්ශනය කෙරෙන Salon des Refusés හි එය ප්‍රදර්ශනය කෙරිණ. මෙහිදී ද එය විශාල ආන්දෝලනයක් ඇති කළ අතර අශීලාචාර චිත්‍රයක් ලෙස එය සලකන ලදී.
මෙයින් පසුව ද මැනේ විසින් මියුරොන් ගේ චිත්‍ර කිහිපයක් අඳින ලදී. මින් 1873 දී ඇඳි "The Railway" (කෝච්චි පාර) ද තරමක කතා බහට ලක් වූවකි. එහි කාන්තාවක සහ කුඩා දැරියක දැක්වෙන අතර දැරිය යකඩ වැටක් අල්ලාගෙන ඉන් එපිට වන දුම්රිය මාර්ගය දෙස බලා සිටී. දුම්රිය මාර්ගයක් එහි වන බව වැටහෙන්නේ දුම්රියකින් නැගෙන දුමාරය හේතුවෙන් පමණි.
ඇගේ නිරුවත් චිත්‍ර දෙකේදී මෙන් ම මෙහිදීද මියුරොන් ගේ බැල්ම වටහා ගැනීමට අපහසු ය. "තණබිමක දිවා භෝජනය" මෙන්ම මෙය ද තේරුම් ගැනීමට අපහසු චිත්රයකි.
මේ වන විට වික්ටොරීන් ද චිත්‍ර කලාව හදාරමින් සිටියාය. මැනේ මෙන් නොව ඇය තේරුම් ගැනීමට අපහසු සිද්ධීන් සිතුවමට නැඟීම කෙරෙහි එතරම් අවධානයක් යොමු නොකළා ය. ඇය විසින් අඳින ලද චිත්රවලින් දැනට සොයාගෙන ඇත්තේ 1885 දී ඇඳි "Palm Sunday" චිත්‍රය පමණි.
කෙසේ නමුත් ඊට වසර නවයකට පෙර 1876 දී ඇය විසින් අඳින ලද ස්ව ආලේඛන චිත්‍රයක් සැලොන් කලාගාරයේ ප්‍රදර්ශනයට තෝරාගන්නා ලද අතර එම වසරේදී මැනේගේ නිර්මාණ එම කලාගාරයේ ප්‍රදර්ශනය වූයේ නැත. නැවත 1879 මියුරොන් ගේ චිත්‍රයක් මෙන්ම මැනේගේ සිතුවමක් ද ප්‍රදර්ශනය සඳහා තෝරාගන්නා ලදී.
මැනේ 1883 දී මියගියේ සිෆිලිස් රෝගයෙනි. මියුරොන් වයස අවුරුදු 83 ක් වනතුරු, එනම් 1927 වනතුරු ජීවත් වූවාය. ඇගේ ජීවන තොරතුරු පිළිබඳ එතරම් පැහැදිලි වාර්තාවක් නොමැත. තවත් කිහිප විටෙක ඇගේ චිත්‍ර සැලොන් කලාගාරයේ ප්‍රදර්ශනය වූ නමුත් ඇයට දිගටම චිත්‍ර කලාවේ නියැලීමට තරම් ආදායමක් නොලැබුණ බව සිතිය හැක.

No comments:
Post a Comment