Tuesday, July 26, 2016

ජර්මනිය සමඟ වසර 44ක් 'යුධ වැදුණ​' කුඩා රාජ්‍යය​

1914 දී පළමු ලෝක යුද්ධය ආරම්භ වූ සමයේදීම යුරෝපයේ කුඩා රාජ්‍යයක් වන ඇන්ඩෝරාව ජර්මනියට එරෙහිව යුධ ප්‍රකාශ කළේය​. මෙම 'යුද්ධය​' අවසන් වූයේ 1958 දීය​.

ඇන්ඩෝරාව ප්‍රංශයට සහ ස්පාඤ්ඤයට මායිම්ව යනු පිරනීස් කඳු පන්තියෙහි පිහිටි කුඩා රාජ්‍යයකි. එහි ජනගහනය 85,000 ක් පමණ වෙයි. 1900 ගණන්වල මුල් කාළයෙහි එරට ජනගහනය 5000 කට මදක් වැඩි වූවා පමණි.

ඇන්ඩෝරාවේ රාජ්‍ය නායකයන් වනුයේ කුමාරවරුන් දෙදෙනෙකි. ස්පාඤ්ඤයේ උර්ගෙල්හි බිෂොප්වරයා සහ ප්‍රංශ රාජ්‍ය නායකයා (වර්තමානයේ නම් ජනාධිපති) නිල බලයෙන් එම තනතුරුවලට පත් වෙති. රටේ විධායක බලය සත්‍ය වශයෙන් පවතින්නේ අගමැති අතය​.

1914 දී ඇන්ඩෝරාව ජර්මනියට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළේය​. එහෙත් යුධ පෙරමුණෙන් ඈත පිහිටි, හරි හමන් යුධ හමුදාවක් ද නොවූ කුඩා ඇන්ඩෝරාව යුද්ධයට කිසිදු සෙබලකු හෝ නොයැවීය​.

යුද්ධය අවසන් වූ පසු මිත්‍ර රටවලට ද ඇන්ඩෝරාව යුධ වැදුණ බව අමතක විය​. යුද්ධ අවසානයේදී සාම ගිවිසුම පිළිබඳ වර්සායිහිදී පැවත් සාකච්ඡාවලට සහභාගී නොවූ ඇන්ඩෝරාව වර්සායි ගිවිසුමට (Treaty of Versailles) අත්සන් තැබුවේ ද නැත​.

ඇන්ඩෝරාව ජර්මනිය සමඟ වෙනමම ගිවිසුමකට එළඹියේ ද නැත​.

කාළයත් සමඟ මෙම සිද්ධිය අමතක වූ අතර  යළි එය මතකයට නැඟුනේ දෙවන ලෝක යුද්ධය ඇරඹීමත් සමඟය​. නිල වශයෙන් ඇන්ඩෝරාව තවමත් ජර්මනිය සමඟ යුධ වැදෙමින් සිටියේය​.

ඇන්ඩෝරාව දෙවන ලෝක යුද්ධයේදී මධ්‍යස්ථව සිටි අතර ජර්මනියද දෙරට අතර වූ යුධමය තත්ත්වය ප්‍රයෝජනයට ගෙන එරටට හමුදා නොයැවීය​.

දෙරට අතර සාම ගිවිසුමක් අත්සන් කෙරුණේ 1958 දී ය​.

10 comments:

  1. අඩේ ඒක නං මරුඈ..
    සෙල්ලං ගෙවල් යුද්දයක් වගේ... පට්ටයි අප්පා....

    ReplyDelete
    Replies
    1. LOL
      ඊ මේල් එකක් එව්වා. ලැබුණා යයි සිතමි. නැත්නම් Spam folder එක චැක් කරනු මැනැවි :)

      Delete
  2. අැයි අපේ පාලකයොත් කී සැරයක්නම්, ඇමරිකාවට, ඉන්දියාවට යුද්ධ ප්‍ර‍කාශ කළාද ස්ටේජ්වල ඉදං. ඔයි දියුණු රටවල් හැමදාම ඔහොමයි, සමතැන ගැන කීවාට පුංචි රටවල් තඔදොයිත්තකට ගනංගන්නැ හරිම අසාධාරණයි.

    ReplyDelete
  3. කටින් කරන යුද්ධ.

    ReplyDelete
    Replies
    1. ඒකත් හැබෑව​.
      හිට්ලර් නිකමට හරි හමුදාව එව්වා නම් kaput!

      Delete
  4. sunni sheya kandayam atahara pawathina nonimi aragala pilibada lipayak danna puluwanda



    ReplyDelete