ඊයේ රාත්‍රියේ තුර්කියේ සිදුවූ අසාර්ථක හමුදා කුමන්ත්‍රණය සමඟ එරට ඉතිහාසය තුළ සිදු වූ හමුදා කුමන්ත්‍රණ පිළිබඳ යළිත් අවධානය යොමු විය.
තුර්කි සමූහාණ්ඩු ඉතිහාසයෙහි පළමු හමුදා කුමන්ත්‍රණය 1960 දී සිදු වූ අතර මෙයට පෙර සිදු වූ අවසන් හමුදා කුමන්ත්‍රණය 1997 දී සිදු විය. කෙසේ වෙතත් ස්ථාවර, එමෙන්ම සාපේක්ෂව ජනප්‍රියත්වයෙන් ඉහළ රජයකට එරෙහිව කෙරුණ පළමු හමුදා කුමන්ත්‍රණය ලෙස ඊයේ සිදුවූ කුමන්ත්‍රණය සැළකිය හැක.
1960 හමුදා කුමන්ත්‍රණය
තුර්කි සමූහාණ්ඩු ඉතිහාසයේ සිදු වූ පළමු හමුදා කුමන්ත්‍රණය ලෙස 1960 කුමන්ත්‍රණය සැළකේ. මෙකළ තුර්කිය පාලනය කළේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විසිනි. එරට අගමැතිවරයා අඩ්නාන් මෙන්දරෙස් (Adnan Menderes) වූ අතර චෙලාල් බයාර් (Celal Bayar) ජනාධිපති ධූරය හෙබවීය.
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 1950 දී බලයට පැමිණි අතර මුස්තාපා කැමල් විසින් හඳුන්වා දුන් ඉස්ලාම් පල්ලිය පාලනය කෙරෙන ඇතැම් නීති එම පක්ෂය විසින් ලිහිල් කෙරිණ. වසා දැමුණ පල්ලි විවෘත කෙරුණ අතර තුර්කි බස වෙනුවට අරාබි බසින් ම යාඥා කිරීමේ නිදහස ද ලබා දුනි. මේ අතර අනිවාර්ය යුධ සේවා කාළය ද කෙටි කරන ලදී.
1960 වන විට විරුද්ධ පක්ෂ සහ මාධ්‍ය මර්ධනය දැඩි වූ අතර රටේ ආර්ථික තත්ත්වය ද එතරම් යහපත් නොවූයේය.
1960 ජනවාරියේදී මෙන්දෙරෙස් යුධ නීතිය පැනවූයේ විපක්ෂයෙන් එල්ලවන බලපෑම හේතුවෙනි. නමුත් ඔහුට වැඩි කළක් මෙසේ රජය ගෙන යාමට නොහැකි විය. මැයි 27 වනදා හමුදාව බලය අල්ලාගත් අතර ජනාධිපති, අගමැති සහ ඇතැම් කැබිනට් අමාත්‍යවරුන් අත් අඩංගුවට ගන්නා ලදී.
නඩු විභාගයකින් පසු 1961 සැප්තැම්බරයේදී මෙන්දෙරෙස්ට මරණ දඬුවම ලබා දෙන ලදී.
එහෙත් ඉන් මාස දෙකකට පසු නැවත මැතිවරණයක් පවත්වන ලද අතර 1950 සිට විපක්ෂයේ සිටි සමූහාණ් ඩුවාදී ජනතා පක්ෂය ප්‍රමුඛ සභාග රජයක් බලයට පත් වූයේය. කෙසේ වෙතත් හමුදාව දේශපාලනයට ඇඟිලි ගැසීම තවත් වසර කිහිපයක් යනතුරුම දක් නට ලැබිණ.
1971 හමුදා කුමන්ත්‍රණය
1971 වසර වන විට තුර්කියේ ආර්ථිකය ඉතා දුර්වල අඩියක වූ අතර රජයට එරෙහිව උද්ඝෝෂණ ද දැඩි විය. වාමාංශික කණ්ඩායම් රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවල පෙරමුණෙන්ම සිටි අතර මෙන්ම දක්ශිනාංෂික කණ්ඩායම් ද විවිධ ප්‍රහාරයන් එල්ල කරමින් රට අස්ථාවර කළ හ.
1971 මාර්තුවේදී හමුදා මාණ්ඩලික ප්‍රධානී මෙම්ඩුහ් තග්මච් (Memduh Tagmac) අගමැති සුලේමාන් ජෙමිරෙල් වෙත ලියවිල්ලක් භාර දෙමින් රට අරාජික කිරීම පිළිබඳ චෝදනා කරමින් 'අටටර්ක් ප්‍රතිපත්ති' ක්‍රියාත්මක කෙරෙන ආණ් ඩුවක අවශ්‍යතාව පෙන්වා දුන්නේය. (සමූහාණ්ඩුවේ පියා ලෙස සැලකෙන මුස්තාපා කැමල් තුර්කි ජාතිකයන් ගේ පියා හෙවත් අටටර්ක් නම් විරුදාවලියෙන් පිදුම් ලැබීය. එම විරුදාවලිය වෙනත් කිසිවකුට පිරිනැමිය නොයුතු බව තුර්කි නීතිය සඳහන් කරයි). ජෙමිරෙල් පැය කිහිපයකදී ඉල්ලා අස්විය.
අවිගත් කුමන්ත්‍රණයක් නොවූ මෙය 'ලියැවිල්ලෙන් කළ කුමන්ත්‍රණය' ලෙස ද හැඳින්වේ. හමුදාව ඍජුවම රාජ්‍ය පාලනය අතට නොගත් අතර නිහාට් එරිම් යටතේ රූකඩ ආණ්ඩුවක් පිහිටවීය.
1980 හමුදා කුමන්ත්‍රණය
1971 කුමන්ත්‍රණයෙන් ද රටට වූ සෙතක් නොවීය. ආර්ථිකය තව දුරටත් දුර්වල වූ අතර රජයද අස්ථාවර විය. 1970 ගණන්වලදී එකොළොස් වතාවක් රටේ අගමැතිවරුන් මාරු විය. 1979 අගභාගය වන විට හමුදාව නැවත බලය අල්ලාගැනීම පිළිබඳ සාකච්ඡා වන්නට විය. 1980 සැප්තැම්බරයේදී හමුදාව බලය අල්ලාගත් අතර ජෙනරල් කෙනන් එව්රෙන් (Kenan Evren) ජනාධිපති බවට පත් වූයේය.
හමුදා පාලනය යටතේ සිය ගණනක් අත් අඩංගුවට ගැණුන අතර ඇතැමුන්ට මරණ දඬුවම ලබාදෙන ලදී. ඇතමෙක් "අතුරුදහන්" වූහ.
1982 දී ජනමත විචාරණයකින් නව ව්‍යවස්ථාවක් සම්මත කරගනු ලැබීය. මේ අතර 1983 දී අගමැති ධූරය සඳහා ටර්ගුට් ඔසාල් (Turgut Ozal) පත් කරන ලදී. තුර්කි ආර්ථිකය ස්ථාවර කිරීමේ වැඩි ගෞරවය අදටත් හිමිවන්නේ ඔහුටය.
1997 හමුදා කුමන්ත්‍රණය
1995 දෙසැම්බර් 24 වනදා පැවති මහ මැතිවරණයෙන් ඉස්ලාමීය සුබසාධන පක්ෂය වැඩි වාසි අත්කරගත් අතර ඊළඟ වසර මුලදී එය විසින් සභාග රජයක් පිහිටුවන ලදී. කෙසේ නමුත් රජය විසින් හඳුන්වා දුන් ඇතැම් නීති කෙරෙහි අප්‍රසාදය දැක්වූ හමුදාව 1997 දී එම රජයට යම් "නිර්දේශ" කිහිපයක් ලබා දුන්නේය. අගමැති නෙක්මෙටින් අර්බකාන් (Necmattin Erbekan) ඉල්ලා අස් වූ අතර මෙසුට් යිල්මාස් (Mesut Yilmaz) අගමැති ධූරයට පත් විය. ඉස්ලාමීය මූලධර්මාවදය ප්‍රචලිත කිරීම යන චෝදනාව මත අර්බකාන්ට වසර කිහිපයක දේශපාලන තහනමක් පැනවිණ.
"1993 හමුදා කුමන්ත්‍රණය"
1993 දී තුර්කි රජය සහ කුර්දිස්ථාන් කම්කරු පක්ෂ (PKK) කැරලිකරුවන් අතර සාම සාකච්ඡා පැවති අතර එය කඩාකප්පල් කරන අදහසින් හමුදාව තුළ වූ කොටස් කටයුතු කළ බව චෝදනා එල්ල වී ඇත. කෙසේ වෙතත් මෙම "හමුදා කුමන්ත්‍රණය" සත්‍ය වශයෙන් සිදු වූවක්ද යන්න පිළිබඳ මතභේද පවතී.

Adnan Menderes |

Erbekan (Turkish Wikipedia) |
"1993 හමුදා කුමන්ත්‍රණය"
1993 දී තුර්කි රජය සහ කුර්දිස්ථාන් කම්කරු පක්ෂ (PKK) කැරලිකරුවන් අතර සාම සාකච්ඡා පැවති අතර එය කඩාකප්පල් කරන අදහසින් හමුදාව තුළ වූ කොටස් කටයුතු කළ බව චෝදනා එල්ල වී ඇත. කෙසේ වෙතත් මෙම "හමුදා කුමන්ත්‍රණය" සත්‍ය වශයෙන් සිදු වූවක්ද යන්න පිළිබඳ මතභේද පවතී.
පකිස්තානෙත් ඔහොමයි නේද ? දෙතුන් පාරක්ම හමුදා කුමන්ත්‍රණ වුනා වගේ මතකයි..
ReplyDeleteමේකට රුසියවේ සම්බන්ධයක් තියෙන්න පුළුවන් කියලත් මට හිතෙනවා..
මම මේ කල්පනා කළේ නිකමට හරි මෙහෙ ඔහොම දෙයක් වුනොත් අපේ අයගේ ප්‍රතිචාරය කොහොම වෙයිද කියලා...පත්තරේ බලනකම්ම ඉන්න එපැයි ඉතින්.. හෙහ් හෙහ්... :D
පකිස්ථානෙත් හරිම අස්ථාවර රටක්. තුර්කිය මෑතක් වෙනකල් තිබුණා වගේ. ආයෙ හමුදා කුමන්ත්‍රණ වෙන්න පුලුවන් කියල සමහරු කියනව.
Deleteතුර්කිය මෑත කාළෙ සාපේක්ෂව ස්ථාවර රටක්. ඒ වගේ වෙලාවක මෙහෙම දෙයක් සාර්ථක වෙයි කියල හිතපු එකත් ටිකක් පුදුමයක්.
අන්තිමට කියපු කාරනේ නම් ඉතින් අනේ මංදා හිටං
නවතම තත්වය මොකක්ද තුර්කියේ..? කි දෙනෙක් අත්අඩංගුවට අරගෙනද? මොකද වෙලා තියෙන්නේ?
ReplyDeleteඅලුත්ම අගයන් නම් බලන්න බැරි උනා. කුමන්ත්‍රණයට සම් බන් ධ 104 ක් හමුදාවෙ අය මැරිල කියල තමා කිව්වෙ. 1000 කට වඩා රඳවාගෙන කියනව මතක විදියට.
Deleteකුමන්ත්‍රණය අසාර්තකයි.
Deleteඅපරාදේ මේ වතාවේ එක..
ReplyDeleteමම ලියපු එකක් මේ. ඔයාගේ බ්ලොග් එකේ ලින්ක් එක මට ලැබුන නිසා ආවේ.
ReplyDeletehttps://kolambagamaya.blogspot.co.uk/2016/07/blog-post_26.html
බොහොම ස්තූතියි ආවාට.
Deleteමම ඉඳහිට ඔබගේ බ්ලොග් එකත් කියවා තියෙනවා.
pakisthan ganath liyamu
ReplyDeletehemin sare liyamu.
Delete