Thursday, July 7, 2016

ලංකාවේ සහ ජපානයේ මැතිවරණ සමයේ ප්‍රවෘත්ති

මීට දින කිහිපයකට පෙර ජපානයේ NHK රූපවාහිනියේ NHK World TV ලෝක සේවය නාලිකාවේ පුවත් නරඹමින් සිටි මට යමක් සිහි විය​.

මේ දිනවල ජපානයේ ඩයට් සභාවේ (පාර්ලිමේන්තුවේ) උත්තර මන්ත්‍රී මණ්ඩලය හෙවත් සෙනට් සභාව සඳහා වන මැතිවරණය මෙම මස 10 වනදා පැවැත්වේ. මේ අතර NHK ලෝක සේවයේ පුවත් පෙළ ගැස්ම පහත ආකාර විය​.

1. බංග්ලාදේශයේ ධකා නගරයේ ප්‍රහාරය (ජපන් ජාතිකයන් සත් දෙනකු මෙහිදී මිය ගියහ​).
2. ඔකිනාවා හි ඇමරිකානු යුධ කඳවුරු පිළිබඳ මතභේදය​
3. රියෝ ඔලිම්පික් උළෙල (පරමාණු බෝම්බවලින් මිය ගිය ජනයා සිහි කිරීමට ආරම්භක උළෙලේදී විනාඩියක නිෂ්ශබ්දතාවක් පැවැත්වීමේ යෝජනාව​)
4. ඔස්ට්‍රේලියාවේ මැතිවරණය (තවමත් ප්‍රතිඵලය නොදන්නා බව​)
5. ජපන් සෙනෙට් සභා මැතිවරණය​.

ලංකාවේ ටෙලිවිෂන් චැනලයක ප්‍රාදේශීය සභා ඡන්දය කාලෙ පුවත් පෙළ ගැස්ම සාමාන්‍යයෙන් මේ අයුරු ය​.

1. ජනපති සහභාගී වූ රැළිය​
2. අගමැති සහභාගී වී නම් වෙනත් රැළියකට, එම රැළිය​
3. විපක්ෂ නායකගේ රැළිය​
4. ජවිපෙ නායකයාගේ රැළිය​
5. තවත් අවශේෂ රැළිවල රස වෑහෙන කතා ඇත්නම් ඒවා
6. අනෙක් පුවත් විදුලි වේගයෙන්

කොහොමත් අඩුවෙන් ඇසෙන විදෙස් පුවත් එකළට නොමැත​. ප්‍රධාන පෙළේ ක්‍රිකට් තරඟයක් වේ නම් පමණක් ක්‍රීඩා පුවත් ඇත​. කාලගුණ වාර්තාව නම් තිබුණ ද අසන්නෙක් නැත​.

මෙයයි වෙනස​.

7 comments:

  1. කොහොමද වෙනස ?

    අපේ කොහොමත් පුවත් කියලා කියන්නේ රටේ නැති වල්-පල් පෙන්වන එක නේ.
    අනුන්ගේ පවුල් ආරවුල්,නට්‍ය වගේ එව්වා තමයි අපේ ඔය නිවුස් වලට යන්නේ.
    දේශපාලකයෙක් කතා කෙරුවත් ඒ කතාවේ වැදගත් දේ නෙමේ වාර්තා කරන්නේ ඌ ඒ කතාවේ දාපු මෝඩ ජෝක් එකක්.(එක අතකට උන් දාන්නෙම මෝඩ ජෝක්නේ.)

    ReplyDelete
  2. ලංකාවේ චැනල්නං අප්පිරියයි දැන්. මම බලන එකත් අත ඇරලා දැන් ගොඩක් කල්.
    NHK එක්ක එහෙම ගත්තම අපේ ඒවා බලු වටින්නෑ.උදේම පිරිත් දානවා, ඊලඟට
    පත්තර කියෝනවා(තමන්ට ඕන ඒවා විතරක්),රෑ ගිය නාට්‍ය ටිකක් එක දිගට පෙන්නනවා,ප්‍රවෘත්ති කියලා කාගේ හරි කුණුගොඩක් පෙන්නනවා, ඉන්දියාවේ නාට්‍යයක්(ගමරාලගේ පැදුර ටයිප්) පෙන්නනවා, ජාතික ගීය කියලා අවසන් කරනවා,
    ආයිත් පහුවදා උදේ ඉඳන් ඔය රෝලම ගහනවා.

    ReplyDelete
    Replies
    1. ඒක වෙනස් වෙන්න ඕන​. ඒක වුනොත් වෙන්නෙ මිනිස්සු අතරින් එන හඬකින් පමණයි.

      Delete
    2. ඇත්ත තමයි මිනිස්සුන්ට ඒක කරන්න පුළුවන්. ඒකට වැඩි හරියක් ඉන්නේඑ "අපි බලන්නේ , අහන්නේ අහවල් TV, අහවල් FM කියලා උන්ටත් වැඳලා දෙන රුපියල් කීය හරි ඉනේ ගහගන්න අයනේ.

      Delete
  3. ඇත්තටම අපේ උන් ප්‍රවෘත්ති කියලා පෙන්නන්නේ මොන දහජරාවද !

    කවදා හැදෙයිද මංදා.. !?

    ReplyDelete