සූර පප්පා "ජීවත් වූ කාලයේ", එනම් ක්‍රි. පූ. පළමු සියවසේ ගෝල් දේශය. Wikimedia Commons
මම හිතන්නේ සූර පප්පා කතාවල "ඓතිහාසික පසුබිම" ගැන මම කියන්නට අවශ්‍ය නැහැ. මොකද ගොඩක් දෙනා ඒක දන්නා නිසා. අද මම කියන්නට යන්නේ සූර පප්පා නොබලා ඉඳලා මට වෙච්ච ඇබැද්දියක් ගැන!
සූර පප්පා කතා මුලින්ම සිංහලෙන් විකාශය වුනේ අපි ඕලෙවල් පන්තියේ ඉන්නකොට. ඒ කාලේ ඒ කතා ගියේ රෑ නවයට වගේ මතක. දවස නම් සෙනසුරාදා. (මේ කාලේ රෑට ඒ වෙලාවලට පෙන්නන වැඩසටහන්වලට වැඩිය සූර පප්පා දාහෙන් සම්පතයි). ඉතින් අපේ මල්ලි බොහොම උනන්දුවෙන් ටෙලිවිෂන් එක දාගෙන සූර පප්පා බලන්න පුරුදු වුනා. මම නම් ඒ වෙලාවට ටීවී එක පැත්තවත් බැලුවේ නැහැ. ඇයි ඉතින් "සූර පප්පා පොඩි ළමයින්ගේ කතාවක් නේ. ඕලෙවල් කරන වයසේ අපි පොඩි උන්ය? අපිට හරියනවය ඔව්වා?" වගේ පොර ටෝක් දීලා මම පැත්තකට වෙලා හිටියා. කතාව ටිකක් ෆන් වගේ පෙනුනා තමයි. ඒ වුනාට, පොඩි එවුන්ගේ කතා බලන්න නම් මට එච්චර ආසාවක් ආවේ නැහැ.
පලවෙනි සතියේ නම් ලොකු ආපදාවක් වුනේ නැහැ. ඉස්කෝලේ ගියාම දැනගත්තා පන්තියේ දෙතුන් දෙනෙක් සූර පප්පා බැලුවා කියලා. ලොකු අව්ලක් නැහැ. අපි "පොරවල් ටික" උන්ටත් පොඩි ළමයි වගේ හැසිරෙනවා කියලා බයිට් එකක් දාලා සාමාන්‍ය විදියට හිටියා. ආපදාවක් නැහැ.
දෙවැනි සතිය විතර වෙද්දී වැඩේ ටිකක් සීරියස් වෙන්න පටන් ගත්තා. දැන් කලින් සතියට වැඩිය කට්ටිය සූර පප්පා බලනවා. සඳුදා ඉස්කෝලේ ගියාම වැඩේ ටිකක් අප්සට් වේගෙන එන බව තේරුනා. දැන් කට්ටිය සූර පප්පා ගැන කතාව. සූර පප්පා බලන කට්ටිය එක එක විහිළු කෑලි කියා කියා, මතක් කර කර, විනෝද වෙනවා. බලන්නේ නැති අපි ටික දෙනා උඩ බලාගෙන ඉන්නවා.
තුන්වෙනි සතිය වෙද්දී තත්ත්වය අන්තිම අසාධ්‍යයි. මුලින් සූර පප්පා බලන එවුන් ටික දෙනා නේ බයිට් වුනේ. දැන් නොබලන එවුන් බයිට් වෙන ප්‍රවනතාවයක් වර්ධනය වෙලා. කට්ටිය ෆන් එකේ කතාව මතක් කර කර වෙනවා. බලාපු නැති සමහරු බලපු එවුන්ට පින්සෙන්ඩු වෙනවා කතාව කියලා දෙන්න කියලා. අපිට හරිම තරහයි අපේ සමහර යාලුවෝ ගැන. "අපෝ, පොඩි උන්ගේ කතා කවුද බලන්නේ?" කියලා පොර ටෝක් දීලා ගෙදර ගිය එවුන් මෙන්න සූර පප්පා බලලා ඇවිත් අපිට පොර ටෝක් දෙනවා. ඒ වගේ සැලකියයුතු පිරිසක් "සටන පාවා දුන්නා." ඉතුරු වෙච්ච අපි කීප දෙනාට තේරුනා දිගටම පන්තියේ රැඳී ඉන්න නම් බහුතරයේ පැත්තට නැමෙන්න වෙන බව.
ඉතින් ඊළඟ සෙනසුරාදා නවය වෙද්දී, මෙච්චර දවස් අපේ මල්ලිට පොර ටෝක් දිදී හිටපු මමත් හීන්සැරේ ගිහින් අර මොකාද වගේ ටීවී එක ඉස්සරහා ඉඳගෙන සූර පප්පා බැලුවේ නැතැයි.
මට තවම තේරෙන්නේ නැහැ ඇයි ලොකු අයත් සූර පප්පා බලන්න එච්චර ආස වුනේ කියලා. මම ගැන කිව්වොත්, මම අදටත් සූර පප්පා බලනවා! අදත් "රැජිනට යවනවා කේක් එක" සින්දුව අහන්න බොහොම කැමතියි (ඔයාලත් කැමති ඇති මම හිතන්නේ). ඇයි එතකොට පීතරගේ "ගැටලුවක් නෑ, ප්‍රශ්නයක් කරගන්න එපා!" ප්‍රසිද්ධ ප්‍රකාශය ඒ කාලෙත් ඉස්කෝලේ පුරාම නිතර කියවෙන ප්‍රකාශයක් බවට පත් වුනා. දැනුත් සමහරවිට මට ඒ ප්‍රකාශය කටට එනවා. ඒ වගේම, අදටත් ඌරෙකුගේ පින්තූරයක් හරි දැක්කොත් මට මතක් වෙන්නේ ජිම් පප්පාගේ සුප්‍රසිද්ධ කියමන.
"ඌරන් නැති ලෝකේ මට කවර සැපතක්ද?"
ඒ උනාට මගේ සුප්‍රසිද්ධ මන්තරේ මතුරන්න වෙනවා.... සිරස ඒ කාටූන් එක කෑවා... ඇත්තමයි... ඔර්ජිනල් එක බලපු කෙනෙක්ට ඒක තේරෙනවා...
ReplyDeleteහැබැයි අර කතා ටික නම් ප්‍රසිද්ධ උනා... ඒ වගේම පප්පලගේ නම් ටිකත්.. සින්දුවත් හොඳයි...
ඇත්ත. ඔරිජිනල් කාටූන් එකට ගහන්න හඬකවද්දී අමාරුයි. විශේෂයෙන්ම ඔරිජිනල් එක ඉතා හොඳ නම් ඊට වැඩිය හොඳට කරයි කියලා හිතන්නත් බැහැනේ. මම Twelve Tasks කතාවේ ඔරිජිනල් එක ලඟදි බැලුවා. එතකොට මටත් හිතුනා.
Deleteහැබැයි ඉතින් අනිත් සමහර එව්වා තරම් මේ කාටූන් එක අවුලක් නැහැ කියලයි මට හිතෙන්නේ. දැන් එයාල කරන සමහර ඒවා එක්ක බලද්දී නම් මේක බොහොම හොඳයි.
සින්දු නම් සුපිරි. ඒකෙ විවාදයක් නැහැ.
මම නම් එදත් අදත් හෙටත් කාටුන් ලෝලියෙක්... මට ඒකට කවදාවත් වයස ප්‍රශ්ණයක් වුනේ නෑ.. සූර පප්පා කියන්නෙ සුපිරි කාටුන් එකක්. හිරූ කිව්වට සිරස ඒක කෑවා කියලා මට නම් ඒක ගොඩක් රහයි.. ඒ සමහර විට මම ඔරිජිනල් එක බලල නැති නිසා වෙන්න ඇති. ඒත් සිරස ඒකට ගානට අපේ කම ඔබ්බවලා තිබුනා..
ReplyDeleteචන්දනට වෙච්ච අකරතැබ්බයනම් මරු...අපි පොරවල් කියලා හිතන් ඉන්න කාටත් ඔය වගේ දේවල් වෙනවා :-)
ඔන්‍න සෙන්නටත් පොඩි අකරතැබ්බයක් වෙලා. මගේ නම වරද්දලා නෙව. :-(
Deleteඔරිජිනල් කාටූන් එක මරු. ඒකෙ දෙකක් නැහැ. සිංහල හඬකැවීමත් බොහොම හොඳයි. ඔරිජිනල් එක බලල තියෙන කෙනෙක්ට නම් ටිකක් අමුතුයි තමයි. ඒ වුනත් බලල නැති කෙනෙක්ට කිසි ආපදාවක් නැතිව විනෝද වෙන්න පුළුවනි. ඒ නිසානේ අපි තවම සූර පප්පා බලන්නේ.
මේ කාටූන් එක හඬකවද්දී තිබුන කොලිටි එක දැන් කරන සමහර හඬකැවීම් වල නම් දකින්න නැහැ කියලා හිතෙනවා. අලුතෙන් එන එව්වගෙන් ගාර්ෆීල්ඩ් විතරයි මම බලන්නේ.
වෙලාවක ඔරිජිනල් එව්වත් බලන්න. යූ ටියුබ් එකේ කීපයක් තියෙනවා.
සමාවෙන්න, මට චන්දනවයි, චාමරවයි නිතරම පැටලෙනවා...
Delete"ප්‍රශ්නයක් නෑ, ගැටලුවක් කරගන්න එපා!" :-)
Deleteමටත් සූර පප්පා පිස්සුව තාම තියෙනවා ...හික්ස් :D
ReplyDeleteමම නම් ආස අර වෙද පප්පා අසනීප වෙලා එක එක විකාර අරිශ්ට හදන කතාවට :)
කොහොම වුනත් අර කාටූන් එකක් හඬ කවද්දි ඔරිජිනල් එකට ගහන්න අමාරුයි කියන කතාවෙත් ඇත්තක් නතුවාම නොවෙයි.. උදාහරණයක් විදියට සමහර තැන්වල හාස්‍ය මතු කිරීම ගැටලුසහගත විය හැකියි.
මේක හොඳින් ම පේනවා සමහර පුද්ගල නාම දිහා බැලුවාම. ඔරිජිනල් සීරීස් එකෙ "Nebulus Nimbus" කිඅල හඳුන්වන සෙන්පතියා ව සූර පප්පා කතාවෙදි සෙන්පති නිදිකුම්බා වීමත්, "Impedimenta" ලෙස හඳුන්වන "Vitalstatistix" ගෙ නෝනා නිකන්ම "ලොකු පප්පාගෙ නෝනා" වීම මේ බව පැහදිළි කරන්නක්.
මම මේ කතා කිව්වෙ කාටූන් හඬ කැවීමේ කලාවට පහර ගැසීමට නොවෙයි. ලෝකප්‍රකට කාටූන් කතා සිංහලයට හඬ කවීම අගය කල යුත්තක්. ආයෙ ඒකෙ දෙකක් නෑ :)
සීරියස්ලි :-) වෙනුවට බාධකී නෝනා වගේ නමක් දැම්ම නම් ගති නේ? :-P
Deleteප්‍රකට කාටූන් සිංහලට හරවන එක හොඳයි. හැබැයි ඉතින් හැම කෙහෙල්මලක්ම සිංහලට හැරෙව්වහමත් පොඩි අවුලක් තියෙනවා. අපි පොඩි කාලේ ඉංග්‍රීසි දන්නවා වුනත් නොදන්නවා වුනත් කාටූන් බලනවා නේ. ඒකෙන් ඉංග්‍රීසි වචන ටික ටික හරි පුරුදු වුනානේ.
හික්ස් ... බාධකී නෝනා :P
Deleteඒක තමයි... හැම වචනයක් ම අමු අමුවේ සිංහලට හරවන්න ගියොත් ඔය විදියට වැඩේ අබ්ලික් නෙ.. :)
වෙන්න ඕනි දේ තමයි සිංහල ඌරුවට ගැළපෙන නම් යෙදීම.. හරියට ටයි මාමා කළා වගේ.. ඒක තමයි ඔය සෙන්පති නිදිකුම්බා, කළියුගයා වගේ නම් යොදාගෙන තියෙන්නෙ :)
ලොකු පප්පාගේ නෝනාට කියන්නේ ලොකු හාමිනේ කියලා නේ? ඊට වඩා නම් බාධකී නෝනා ගැලපෙනවා :-P
Deleteකලියුගයා, සාධාරණ කොටා එහෙම එල පොරවල් තමයි :-)
අපේ අම්මෝ මාත් සූර පප්පා බැලුවා බෙල්ල කැඩී ගෙන.ඔරිජිනල් එක නම් බලලා නෑ.
ReplyDeleteඔරිජිනල් එකත් බලන්නකෝ එහෙමනම්. යූටියුබ් ගිහින් Asterix කියලා සර්ච් කරන්න.
Deleteමාත් දැන් කාර්ටූන් විතරයි ෆලෝ කරන්නේ ...:)
ReplyDeleteමොනවා උනත් සිරසේ හඬ කැවීම් හොදයි
( ටයිටස් මහත්තයගෙන් පස්සේ )
ඔව්. ටයි අන්කල්ගේ හඬකැවීම් නම් තවම මතකයි. ඒවා දැන් පෙන්නන්නේ නැහැනේ. දොස්තර හොඳහිත, ගලිවර්ගේ චාරිකා, පිස්සු පූසා, හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ සුරංගනා කතා. පිස්සු හැදෙයි. පිස්සු පූසාට ගහන්න කිසි පූසෙකුට බැහැ. අඩු ගන්නේ ගාර්ෆීල්ඩ්ටවත්. :-)
Deleteලොකු කට්ටිය කාටූන්වලට බොහොම ආස බව පේනවා. :-) මේ පෝස්ට් එක තමයි මගේ බ්ලොග් එකේ ඉතිහාසෙටම දාලා පලවෙනි පැය 18 ක් කාලයක ඇතුලත වැඩිම කට්ටියක් කියවපු එක.
මම නම් ගෙදර හිටියොත් කාටූන්ම තමයි. අම්මල TV එක කැඩුනම හදන්නෙත් නැත්තෙ "පොඩි එකා වෙන්න හදනව" කියල බැනල... :D
ReplyDeleteඅපි ජීවිතේ ගොඩක් දේවල් කරන්නෙ අපේ ඕනකමට වඩා අනිත් අය කරනදේ අනුගමනය කිඊමක් කියලයි මට නම් හිතෙන්නෙ..
එහෙමම අනිත් අය කරන හැම දෙයක්ම අනුගමනය කරනවා කියන්නත් බැහැ නේද? අපි තව කෙනෙක් කරනවා දැකලා තමයි නේ ගොඩක් දේවල් කරන්න ඉගෙන ගන්නේ. තව කෙනෙක් කරන දෙයක් දැකලා හොඳයි කියලා හිතුනොත් අපි ඒක කරනවා.
Deleteමට හිතෙන්නේ ලොකු අය කැමතියි පුංචි කාලෙට. අම්මලා පන්ති එක්කන් යන්න දෙන වදේ ඇරුනම කියන්න තරම් ආපදාවක් නැහැ නේ. ඒ නිසා වෙන්න ඇති කට්ටිය පැල් බැඳගෙන කාටූන් බලන්නෙත්.
අනිත් අතට දැන් ටෙලිවිෂන් එකේ පෙන්නන ඈඬියාවල් එක්ක බලද්දී කාටූන් බලන එක තමයි හොඳ කියලා හිතෙනවා.
යසිත්, දැන් ගාර්ෆීල්ඩ් එහෙම වෙලාවට පෙන්නනවා නේද? ඒක ගැන මම ගාර්ෆීල්ඩ් ගැන ලියපු පෝස්ට් එකට කමෙන්ට් එකක් දැම්මා. :-)
වෙලාවක ඒ ගැන වෙනම පෝස්ට් එකක් ලියන්න ඕන.
//..අදත් "රැජිනට යවනවා කේක් එක" ..//
ReplyDeleteමේකේ මුල තමා "දෙන්නම් මම අද පප්පලට..."
කොටින්ම සූර පප්පා මුලින්ම පෙන්නන කාලේ අලුත් අවුරුදු කාලෙකුත් අහුවුණා. පුණ්‍ය කාලෙට පන්සල් නොගිහින් අයියයි මායි සූර පප්පා බැලුවා. හැබැයි අපරාදේ කියන්න බැහැ තාමත් ටීවි එකේ සූර පප්පා යනවා නම් බලන එක බලනවාමයි
ඔය කරලා තියෙන්නේ!
Deleteකව්ද හලෝ නොනගතයට වැඩ අල්ලන්නේ? :-P
කාර්ටූන් වලට ඇබ්බැහි වී ඇත,, දිනපතාම ඒ නිසා අම්මාගෙන් බැනුම්ය,තාත්තා නම් මමත් එක්කම කාර්ටූන් බලනවා.. :D
ReplyDeleteතාත්තයි පුතයි දෙන්නම එකයි... එත් ඉතින් ඔය වගේ ගොඩාක් ලංකාවේ ඉන්නවා කියලා මට දැන් පෙනෙනවා.. :-D
Deleteඔහොම යමු! :-)
(තාත්තා නම් කියන්නෙ පුතා කියලා) ඒ වුනාට මම දුවෙක්... :(
Deleteහෆොයි! විදලා නේද අම්බානකට? සමාව භාජනය කරන්ට!
Deleteකෝ ඉතින්, අදනේ මම ඔයාගේ බ්ලොග් එක දැක්කේ.
ඉස්සර මම දන්නා කොල්ලෙක් හිටියා ශම්මි කියලා. ඉතින් මම හිතුවා ඒ කොල්ලෙක්ගේ නමක් විතරයි කියලා!
මමත් කාටුන් නම් බලනවා ඉඩක් ලැබුණු වෙලාවට. එක් අතකට අවුලක් නැතුව බලන්න තියන්නෙත් ඔච්චරයි.
ReplyDelete/*"ඌරන් නැති ලෝකේ මට කවර සැපතක්ද?" */ මේකයි හේතුව එතකොට :D
අන්න තේරුනා මොකාටද වගේ! :-P
Deleteසූර පප්පා මුලින්ම සිරසේ පෙන්නුවෙ 2000 අවුරුද්දේ, මාසේ නම් මතක නෑ බ්‍රහස්පත්දා හවස 6.00ට කියලනම් මතකයි.
ReplyDelete