හර්ජි මුලින්ම ටින්ටින් කතා නිර්මාණය කලේ Le XXe Siècle (විසිවන සියවස) නම් ප්‍රංශ භාෂාවෙන් මුද්‍රණය වන බෙල්ජියානු සඟරාවක, ළමයින් සඳහා වූ Le Petit Vingtième කියන අතිරේකයට. මුලින්ම ටින්ටින් නිර්මාණය කරද්දී හර්ජිට වයස අවුරුදු 22 පිරී තිබුනෙත් නැහැ.
Tintin (Stockel Metro Station, Brussels), William Murphy, Fotopedia.
මුලින්ම පල කළ ටින්ටින් කතා සාර්ථක වුන අතර සඟරාවේ අලෙවියත් කිහිප ගුණයකින් වැඩි වුනා. නමුත් මේ කතා, එනම් Tintin in the Land of Soviets (1929-30) සහ Tintin in the Congo (1930-31) කියන කතා දෙක, එතරම් පුළුල් පර්යේෂණයකින් තොරව නිර්මාණය කල ඒවා බව සඳහන්. ඒවා නිර්මාණය කල අවස්තාව වනවිට හර්ජිට අදාළ රටවල් දෙකම ගැන තිබුනේ ඉතා සීමා සහිත අදහසක්. බෙල්ජියානු යටත් විජිතයක් වූ බෙල්ජියානු කොන්ගෝව පිළිබඳ ඔහු දැනගත්තේ මිෂනාරිවරුන්ගෙන්. මෑත කාලයේත් කතාව අප්‍රිකානු විචාරකයන් විසින් විවේචනය කෙරුනේ එයින් ස්වදේශික අප්‍රිකානු ගෝත්‍රිකයන් හෑල්ලුවට ලක් කෙරෙන බව පවසමින්. පළමු ටින්ටින් කතා නවයම මුලින්ම පල කෙරුනේ කළු සුදු වර්ණයෙන්. ඒවා පසුව වර්ණ ගන්වනු ලැබුවා. නමුත් Tintin in the Land of Soviets කතාව හර්ජි විසින් වර්ණ ගන්වා ප්‍රකාශ කෙරුනේ නැහැ. ඇතැම්විට ඊට හේතු වන්නට ඇත්තේ එම කතාව පිළිබඳ ඔහුද එතරම් සෑහීමකට පත් නොවීම විය හැකියි.
කෙසේ වුනත් පසු කාලීනව පලවූ කතා හර්ජි විසින් නිර්මාණය කෙරුනේ සැලකියයුතු මට්ටමේ පර්යේෂණයකට පසුවයි. 1940 දක්වා පලවූ පළමු කතා නවය තුල දේශපාලන තේමා රැගත් කතා කිහිපයක්ම තිබුනා. දෙවන ලෝක යුධ සමයේ බෙල්ජියම යටත් කරගත් ජර්මානුන් ඔහු රැකියාව කල සඟරාව වසා දැමූ අතර සිය රැකියාව අහිමි වූ හර්ජිට අලුත් රැකියාවක් සොයා යන්නට සිදු වුනා. මෙහිදී ඔහුට Le soire (The Evening) කියන ප්‍රසිද්ධ පුවත්පතට බැඳීමට අවස්තාව ලැබුනා. එහිදී ඔහු දේශපාලන තේමා රහිත කතා නිර්මාණය කලේ ජර්මන් බලධාරීන්ගේ උදහසට ලක්වීමෙන් ගැලවීමටයි.
ලෝක යුද්ධය නිමා වීමෙන් පසු ටික කලක් හර්ජි දිගටම ඒ පුවත්පතේ සේවය කළා. නමුත් 1949 එයින් ඉවත් වී ඔහු 1950දී තමන්ගේම ආයතනයක් Studios Hergé නමින් පිහිටුවා ගත්තා. නිර්මාණකරුවාගේ ස්වාධීනත්වය වැඩි වීමත් සමඟ ටින්ටින් කතා තවත් ජනප්‍රිය වන්නට වුනා. හර්ජි තමන්ගේම ආයතනයක් පිහිටුවාගත් පසු මුලින්ම කලේ ටින්ටින් චන්ද්‍ර ගමනකට යොමු කිරීමයි. ඒ Destination Moon සහ Explorers on the Moon පොත් හරහායි.
හර්ජි තමන්ගේ ටින්ටින් කතාවලට බොහෝ විටම කාලීන මාතෘකා යොදා ගත්තා. එවැනි උදාහරණ ගණනාවක්ම අපට දකින්න පුළුවන්. ටින්ටින් 1930 ගණන්වල චීනයට යන්නේ ජපනුන් විසින් මැන්චූරියාව ආක්‍රමණය කලාට පසුව. The Blue Lotus කතාවට ඒ ආක්‍රමණයත් පසුබිම් වෙනවා. The Broken Ear කතාවට බොලිවියාව සහ පැරගුවේ රට අතර 1930 ගණන්වල ඇතිවූ Gran Chaco War කියන යුද්ධය පසුබිම් වෙනවා. එමෙන්ම ජනරාල් අල්කසාර් සහ ජනරාල් ටැපියෝකා වැනි චරිතවලින් සමකාලීන ලතින් ඇමරිකානු හමුදා පාලකයන් පිලිබඹු වන බවත් පෙනෙනවා. ඒ වගේම ටින්ටින් හඳට යන්නෙත් අභාවකාශ ගමන් පිළිබඳ අවධානය යොමු වන්නට පටන් ගන්නා කාලයේමයි. හර්ජි විසින් ටින්ටින් ටිබෙට් රටට යවන්නේ 1958-60 කාලයේ. මේ කාලයේ ටිබෙටය කෙරෙහිත් ජාත්‍යන්තර අවධානය යොමු වුනා. 1959 අවුරුද්දේ ටිබෙට් රටේ චීනයට විරුද්ධ කැරැල්ලක් ඇති වෙනවා. නමුත් මේ කැරැල්ල නම් කතාවට පසුබිම් වන්නේ නැහැ.
හර්ජි ඇතැම් කතා සඳහා කල්පිත රාජ්‍යයන් නිර්මාණය කළා. ලතින් ඇමරිකාවේ සැන් තියොඩොරෝස්, නුඑවෝ රිකා සහ සාඕ රීකා, බෝල්කන් ප්‍රදේශයේ සිල්ඩේවියාව සහ බොඩෝරියාව වගේම අරාබියේ ඛේමඩ් වැනි රටවල් මේ සඳහා උදාහරණ වෙනවා. මේ අතර ඇති චරිතත් ඇතැම් විට බොහොම වැදගත්. උදාහරණයක් වශයෙන් කතාවේ හමුවන බොඩෝරියාවේ පාලක ඛුර්වි ටාෂ් ඇත්තෙන්ම කතාවට කෙලින්ම සම්බන්ධ වන්නේ නැහැ. නමුත් ඔහුගේ පෝස්ටර, දැවැන්ත ප්‍රතිමා, චිත්‍ර ආදිය යන යන තැන දකින්නට ලැබෙනවා. ඒ වගේම ඒ රටේ රාජ්‍ය ලාංඡනය වන්නේ රතු පසුබිමක ඇති උඩු රැවුලක්. මේ පාලකයාගේ උඩු රැවුලයි. ඒ විතරක් නොව එරට නිලධාරීන් දිවුරන්නෙත් "ඛුර්වි ටාෂ්ගේ රවුල්ගස් පල්ලා" (By the whiskers of Khurvi Tasch) කියායි. ඇත්තෙන්ම මෙම චරිතය තුලින් හිට්ලර්, ස්ටාලින්, මුසෝලිනි යන සියල්ලන්ගේම ලක්ෂණ ටික ටික දකින්නට පුළුවන්. (දැවැන්ත ප්‍රතිමා නම් මතකයට නගන්නේ ස්ටාලින්ව).
හර්ජි විසින් සිය ජීවිත කාලය තුල ටින්ටින් කතා 23ක් සම්පූර්ණයෙන් නිර්මාණය කළා. එක කතාවක් ඔහු අතහැර දැම්මා. එමෙන්ම 1983 මාර්තු 3 වනදා ඔහු මියයනවිට Tintin and Alph-Art නම් තවත් කතාවක් අඩ වශයෙන් නිමවා තිබුණා. පසුව හර්ජි පදනමේ මැදිහත් වීමෙන් 1986 දී එය මුල් වරට ප්‍රකාශයට පත් කෙරුනා.
ඉස්සර මේ කතා කියවන්ඩ පුදුම උණක් තිබුනෙ මට... නොදන්න කරුණු ගොඩාක් තිබුන චාමර අයියෙ.. ඇනිමෙශන් ෆිල්ම් එකකුත් ආව ගිය අවුරුද්දෙ.. බැලුවද?
ReplyDeleteෆිල්ම් එක නම් බලන්න බැරි වුනා. බලන්න අදහසක් තියෙනවා. නමුත් පොත් තරම් නම් හොඳ වෙයි කියලා මම හිතන්නේ නැහැ :-)
Deleteමම නම් තාමත් ඒ පොත් කියවනවා.
ටිං ටිං මෙග් ෆේවරිට් කාටුන් එක.. ඉස්සර මඟින් බැහැලා කාටූන් එක බලලා, ආයිත් බස් එකේ නැගලා ගෙදර ගිය කාලයක් තිබ්බා.. අර බ්‍රහස්පතින්දා හවස 6ට ගිය කාලේ... හි හි .. ඉස්කෝලේ බිත්තියේ ගහන කාලසටහනේ මට මතකයි 11 වසරෙදිත් ඇඳලා තිබ්බේ ටිං ටිංවයි ස්නෝවිවයි.... ඒ තරම් පිස්සුවක් තිබ්බා.. හි හි
ReplyDeleteකොච්චර ආසද කියනවනං එදා ඉඳන් අද වෙනකම්ම අපේ මහත්තයට මං විහිළුවට කියන්නෙ ටිං ටිං කියලා.. හි හි...
අපේ මල්ලිට කියවන්න පුරුදු කළෙත් ඔය ටිංටිං චිත්‍ර කතා පොත් වලින් තමයි මං... පුදුම ලස්සන කතා පෙළක්.. රෑපවාහිනියෙන් කරපු හඩකැවීමත් ඒ කාලේ හරිම ලස්සනයි... ඒත් දැං නං මම හිතන්නේ ඉංග්‍රිසි පොත් ටික ඊටත් වඩා ලස්සනයි කියලා..
ටිං ටිංට සුබ උපන් දිනයක් වේවා.. හි හි
මමත් ඉංග්‍රීසි පොත් ටිකට තමයි කැමති. :-) නියම සෙට් එක.
Deleteමට කියන්න අමතක වුනා. ගොඩක් භාෂාවලට ටින්ටින් පරිවර්තනය වුනා. මුලින්ම ලිව්වේ ප්‍රංශ භාෂාවෙන් නේ.
ටින් ටින් ගැන නොදැන සිටි කරුණු කිහිපයක්ම දැනගත්තා.එල
ReplyDeleteටින් ටින් අපි හැමදාම ආස කතා සෙට් එකක් නේ.
Deleteඅදමද දන්නේ නැහැ මේ පැත්තට ආවේ? සාදරයෙන් පිලිගන්නවා! කමෙන්ට් එකට තැනක් යූ වේවා!!
ම්ම්..ටින්්ටින්.මමත් හෙන ආසාවෙන් බැලුවා..තාමත් ඔය එහෙන් මෙහෙව් හිතුනොත් බලනවා නෙට් එකෙන්
ReplyDeleteසමහර පොත් මගේ ළඟ තියෙනවා. PDF version නම් ඔක්කොම පොත් තියෙනවා. දැනුත් මම මේ Tintin and the Picaros බලමින් ඉන්නේ. :-)
Deleteඔරිජිනල් පොත් සෙට් එක බාගන්න පුළුවන් හොඳ ලින්ක් එකක් දෙන්නකො.......
ReplyDeleteටින්ටින් සහ අස්ටෙරික්ස් පොත් ඔක්කොම තිබුන ටොරන්ට් එකක් තිබුනා. ඒකෙ ටින්ටින් චරිතය භාවිතා කරලා කරපු විකාර පොත් කීපයකුත් තියෙනවා. හර්ජිගේ නිර්මාණ සේරම තිබුනා. අස්ටෙරික්ස් ටිකත් ඔක්කොම තිබුනා. අස්ටෙරික්ස් පොත් ගැන ලියපු පොතකුත් තිබුනා. ඒකත් පංකාදුයි. බලන්න "Tintin and Asterix torrents" සර්ච් කරලා. හොයාගන්න පුළුවන් වෙයි.
Delete//..Tintin and Alph-Art නම් තවත් කතාවක් අඩ වශයෙන් නිමවා තිබුණා. පසුව හර්ජි පදනමේ මැදිහත් වීමෙන් 1986 දී එය මුල් වරට ප්‍රකාශයට පත් කෙරුනා...//
ReplyDeleteමට මතක විදිහට නම් හර්ජි මියයද්දී ඉල්ලීමක් කරනවා ඔහුට සම්පූර්ණ බැරිවුණු ටින් ටින් කෘතිය වෙන අය ලවා සම්පූර්ණ කරවන්න එපා කියලා
මුලින්ම පළවුණේ (පදනමේ මැදිහත්වීමෙන්) අසම්පූර්ණ පොත තමයි. පස්සේ තමයි වෙන කට්ටිය ඒක සම්පූර්ණ කලේ. ඒ පොතේ එක එක අය කරපු වර්ෂන් කීපයක් තියෙනවා.
Deleteමගෙත් ප්‍රියතම කතා ටිකක් . මුලින්ම ටින් ටින් පොතක් කියවන්න ලැබුනේ අවුරුදු 20 ගණන් වලදී . ඊට පස්සේ ලැබුන හැම විටම පොත් සොයා සොයා කියෙව්වා . ඒ කාලේ මිල අධික නිසා ගන්න ලැබුනේ නැහැ . නමුත් පසු කලෙක ළමයින් වෙනුවෙන් ගන්න පුළුවන් වුනා . අපි ගාව ඔයින් බොහොමයක් තියෙනව . කතා කීපයක් එක්කහු කරලා අලුතින් මුද්‍රණය කල දිග පළල අඩු පොත් නම් ගන්නම එපා . අකුරු සහ පින්තුර හරිම පොඩියි. අර ලොකු පොත් තමයි හොඳ . ඊයෙත් අපි ටින් ටින් ඉන් ටිබෙට් කියවන්න පටන් ගත්ත . දෙවෙනි පාරට .
ReplyDeleteඇත්තෙන්ම ලොකු පොත තමයි හොඳ. ඒ ගැන විවාදයක් නැහැ. ඔයා කියන්නේ අර ත්‍රී ඉන් වන් පොත් ගැන වෙන්න ඇති. මගේ ලඟත් ඉන් එකක් තියෙනවා. මම මේ දවස්වල ටින්ටින් සහ සූරපප්පා පොත් බලනවා :-)
Deleteටින්ටින් කාටූන් මෙහෙට ආපු කාලේ, ඒ කියන්නේ 1995 විතර, ටින්ටින් පොත් සාපේක්ෂව ලාබෙට තිබුනා. දැන් නම් ගණන බොහොම වැඩියි.
ඒ සමහර පොත් මම කීප සැරයක් කියවලා තියෙනවා. බ්ලැක් අයිලන්ඩ්, සිගාර්ස් ඔෆ් ද ෆේරෝ, බ්ලූ ලෝටස් වගේ කතා.... මගේ ටින්ටින් ඉන් ටිබෙට් පොත ඉස්කෝලේ යන කාලේ එකෙක් අරන් ගියා ගියාමයි. දැන් තමයි මම එක ආයේ කියවන්නේ ඉන්ටර්නෙට් එකෙන් බාගෙන. සල්ලි දීලා ගන්න වත්කමක් නැහැනේ.
මමත් ඉතින් උඹ වගේම කාටුන් පිස්සා වෙච්චි.. ටීවී එකේ ගිය කතානම් ඔක්කොම වගේ බැලුවා වරද්දන්නැතුව... හැබැයි තැනින් තැනින් තමා.. පිළිවෙලකට බලලා නෑ..
ReplyDeleteදන්නවද තැනක් ඔක්කොම කතා ටික බාගන්න පුලුවන්.. මුල ඉඳන් බලන්න ඕනා..
ස්තූතියි මේ විස්තර වලට...
අපි ගොඩක් උන් කාටූන් පිස්සෝ තමයි බලාගෙන ගියාම.
DeleteYoutube එකේ ටින්ටින් කාටූන් ඔක්කොම වගේ තියෙනවා.
ටින් ටින් නාකි වෙලා.. :D
ReplyDeleteනියම විස්තරය. ස්තුතියි ආ..!
කවුද කියන්නේ? ටින්ටින් නාකි වෙලා නෑ. :-)
Deleteතැනක් යූ ඈ!