Thursday, July 14, 2016

තෙරේසා මේ සහ තෙරේසා මේ - අගමැතිනිය සහ නිරූපිකාව අතර පටලැවිල්ල​

එක්සත් රාජධානියේ නව අගමැති ලෙස හිටපු ස්වදේශ ලේකම් තෙරේසා මේ පත්වන බව හිටපු අගමැති ඩේවිඩ් කැමරන් විසින් ප්‍රකාශ කිරීමත් සමඟම ඇතැම් සමාජජාලා භාවිතා කරන්නන් වෙනත් තෙරේසා මේ කෙනෙකුන් සමඟ ඇයව පටලවාගෙන තිබුණි.

කාන්තා යට ඇඳුම් නිරූපිකාවක වන මෙම අනෙක් තෙරේසා මේගේ ට්විටර් පිටුව සඳහන් කරමින් සුබ පැතුම් පණිවිඩ මෙන්ම වෙනත් සටහන් ද තැබීමට ට්විටර් සමාජ ජාලය භාවිතා කරන්නන් සමහරෙක් කටයුතු කර තිබුණි.

මෙම පටලැවිල්ල පිළිබඳ සිය ට්විටර් පිටුව ඔස්සේ සටහනක් තබමින් තෙරේසා මේ නම් නිරූපිකාව සඳහන් කර සිටියේ ඇතැමුන් කෙතරම් අනවබෝධයෙන් කටයුතු කරන්නේද යන්න පිළිබඳ තමන් මවිතයට පත්වන බවය​.




කෙසේ වෙතත් ඉංග්‍රීසියෙන් නම ලිවීමේදී නව අගමැතිවරියගේ නමෙහි 'h' අකුරක් ඇති අතර (Theresa)​, නිරූපිකාවගේ නමට 'h' අකුරක් නොමැත​.

6 comments:

  1. මදර් තෙරේසා නම් වූ මාර දූතිකාවත් මතක් උනා මේක දැක්කම...

    ReplyDelete
  2. මේ තෙරේසාත් නරකම නැහැ වගේනේ....:D

    ReplyDelete
    Replies
    1. හැමදාම යුධ ගැන ලියන්නත් බෑ නෙ. පොඩි සාමකාමී ස්ටෝරියක් ලිව්ව ඉතින්

      Delete
  3. චිහ් h එක නැත්තං වැඩක් නෑ ඈ.

    ReplyDelete