2012 වසරේ ලන්ඩන් ඔලිම්පික් උළෙල සඳහා 21 හැවිරිදි ක්‍රීඩිකාවක් කිලෝ ග්‍රෑම් 52 බර පන්තිය යටතේ ඇල්බේනියාව නියෝජනය කරමින් ජූඩෝ තරඟාවලියට තරඟ වැදුණාය. නමුත් මුරුසියේ ක්‍රිස්ටියෑන් ලෙගෙන්ටෙල් විසින් එම ඇල්බේනියානු ක්‍රීඩිකාව තරඟාවලියෙන් ඉවත් කරන ලදී. ලන්ඩනයේදී ඇයට පදක්කම් හිමි නොවීය.
මෙවර රියෝ ද ජනේරෝ ඔලිම්පික් උළෙලේදී ඉහත කී ඇල්බේනියාව නියෝජනය කළ ක්‍රීඩිකාව නියෝජනය කළේ කොසොවෝ රාජ්‍යය ය. මෙවර අර්ධ අවසාන පූර්ව වටයේදී ඇය හා ලෙගෙන්ටෙල් යළි මුණ ගැසුණ අතර මෙවර තරඟයේ ප්‍රතිඵලය 2012 ඔවුන් අතර තරඟයේ ප්‍රතිඵලයට ප්‍රතිවිරුද්ධ විය.
කොසොවෝ රාජ්‍යය නියෝජනය කළ මලින්දා කෙල්මෙන්දි (Majlinda Kelmendi) මෙවර තරඟාවලිය අවසන් කළේ කිලෝ ග්‍රෑම් 52 කාන්තා රන් පදක්කම දිනාගනිමිනි. අවසන් තරඟය බ්‍රසීලයේ වේලාවෙන් අගෝස්තු 7 වනදා රාත්‍රියේ, එනම් ශ්‍රී ලංකා වේලාවෙන් 8 වැනිදා අලුයම පැවැත්විණ. ඇය අතින් අවසන් තරඟයේදී පරාජය වූයේ ඉතාලියේ ඔඩෙට් ගියුෆ්‍රෙඩා ය.
වර්තමානයේ කොසොවෝ රාජ්‍යයයේ බටහිරට වන්නට පිහිටි පෙයා (Peja) නගරයේදී කෙල්මෙන්දි උපත ලද්දේ 1991 මැයි 9 වනදා ය. එවක එම ප්‍රදේශය යුගෝස්ලාවියාවේ කොටසක් විය.
කොසොවෝ ප්‍රාන්තය ස්වාධීන රාජ්‍යයක් ලෙස ප්‍රකාශ කරන ලද්දේ 2008 පෙබරවාරියේදී ය. නමුත් 2012 දී එරටට ඔලිම්පික් වරම් ලැබුණේ නැත. එහෙයින් කොසොවෝ ප්‍රදේශයේ සිටි කෙල්මෙන්දි ඇල්බේනියා ධජය යටතේ ලන්ඩන් ඔලිම්පික් උළෙලට සහභාගී විය.
2013 දී සහ 2014 දී සිය ඉසව්වෙන් ලෝක ශූරතාව ජයගත් කෙල්මෙන්දි මෙවර ඔලිම්පික් උළෙලෙහි ප්‍රධාන බලාපොරොත්තුවක් විය. ඔලිම්පික් සමාරම්භක පෙළපාලියේ සිය රටේ ධජය රැගෙන යෑම සඳහා තෝරාගන්නා ලද්දේ ද ඇය ය.
කෙල්මෙන්දිගේ ජයග්‍රහණයත් සමඟ කොසොවෝ රාජ්‍යයට සිය ඔලිම්පික් ඉතිහාසයේ පළමු පදක්කම ලැබුණි. එය ද රන් පදක්කමක් ම වීම එහි විශේෂත්වය ය.

Thanks for the good read. But you have not mentioned the name of the sport in the article, if I am not mistaken.
ReplyDeletecorrected :)
Deletethank you
Good news :)
ReplyDeleteyes :) :)
Deleteniyamayi
ReplyDeletei mean your post
thank you!
Delete