ආහාර නාස්තිය ලොව පුරා පවතින විශාල ගැටලුවකි. එක් පසෙකින් ඉවතලන ආහාර ද අනෙක් පසින් වෙළෙඳපොලට නොපැමිණෙන හෝ පැමිණි පසු ඉවතලන ආහාර නිෂ්පාදන ද ලෙස විශාල ආහාර ප්‍රමාණයක් සෑම වසරකම නාස්ති වේ. එසේ සිදු වන්නේ ලොව පුරා මිලියන 800 කට ආසන්න පිරිසක් (එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සඳහන් කරන පරිදි) මන්ද පෝෂණයෙන් පෙළෙන අතරතුර ය.
ජනගහනයෙන් ප්‍රතිශතයක් ලෙස ගත් කළ වැඩිම පිරිසක් මන්ද පෝෂණයෙන් පෙළෙන රටවල් අතර පෙරමුණේම සිටින රටවල් සියල්ලක්ම පාහේ අප්‍රිකානු මහාද්වීපයේ පිහිටා තිබේ. එහෙයින් ආහාරවල වටිනාකම එම මහාද්වීපයේ රටවලට අන් බොහෝ රටවලට වඩා වැඩියෙන් දැනෙනු ඇතැයි අපේක්ෂා කිරීම සාධාරණ ය. එහෙත්, පුදුමයට කරුණ නම්, අප්‍රිකාවේ ද ආහාරවලින් සියයට පනහක් පමණ අපතේ යන බව ගණන් බලා තිබීම ය.
ලොව පුරා වසරකට ආහාර ටොන් බිලියන 1.3 ක් අපතේ යන බව ආහාර හා කෘෂිකර්ම සංවිධානය (Food and Agriculture Organization - FAO) ගණන් බලා තිබේ. මෙය ආහාර සැපයුම් දාමයෙහි, එනම් නිෂ්පාදකයාගේ සිට පරිභෝජකයා දක්වා ඕනෑම තැනකින් සිදුවිය හැක. ඕනෑම රටක පරිභෝජකයා විසින් අපතේ යවන ප්‍රමාණයට වඩා නිෂ්පාදකයාගේ සිට පරිභෝජකයා කරා පැමිණෙන විට දී අපතේ යන ප්‍රමාණය වැඩි ය. එහෙත් වඩා ධනවත් රටවල පරිභෝජකයන් විසින් අපතේ යවන ආහාර ප්‍රමාණය දුප්පත් රටවලට සාපේක්ෂව ඉතා ඉහළය.
මෙම කරුණ පිළිබඳව වසර කිහිපයකට පෙර FAO විසින් පිළියෙල කළ සංඛ්‍යා ලේඛන පහත රූපයෙන් දිස් වේ. ඉහළින් ඇති වගුවේ එක් එක් ආහාර වර්ග, ආහාර සැපයුම් දාමයේ එක් එක් අවස්ථාවලදී අපතේ යන ප්‍රමාණ දැක්වෙන අතර පහළ ඇති වගුවේ එක් එක් කලාපවල ආහාර අපතේ යෑම දැක්වේ.
අප්‍රිකාවේදී බොහොමයක් ආහාර අපතේ යන්නේ පරිභෝජකයා අතින් නොව ඊට පෙර ය. මෙම තත්ත්වය මත්ස්‍ය නිෂ්පාදනය සහ ආහාර භෝග පිළිබඳ සත්‍යයකි. බොහෝ ප්‍රදේශවල ගබඩා කිරීමේ සහ ප්‍රවාහනයේ ඇති දුෂ්කරතා හේතුවෙන් ආහාර විශාල වශයෙන් අපතේ යයි. ඇතැම් විට ප්‍රවාහන වියදම් දරාගෙන වෙළෙඳපොලට ගෙන ආ විට ඊට සරිලන මිලක් ලබාගත නොහැකි ය. එහෙයින් ද විශාල ආහාර තොග අපතේ යයි.
අනෙකුත් තෙවන ලෝකයේ යයි කියනු ලබන රටවල ද මෙම තත්ත්වය පොදු වන අතර බොහෝ අප්‍රිකානු රටවල එය සාමාන්‍ය තත්ත්වයකි. අප්‍රිකාවේ ආහාර නිෂ්පාදනයෙන් අඩක් ම අපතේ යන්නේ එහෙයිනි.

Tengeru market near Arusha, Tanzania (Fanny Schertzer - Wikimedia Commons) |

ඇයි ලංකාවෙ ?
ReplyDeleteදවසේ වේල හොයාගන්න දුක් විදින් පිරිස් ගම්වල නැතුවාම නොවෙයි. ඒ අතරේ කාලෙකට දඹුල්ලෙ එළවළු තොග පිටින් විනාශ කරනවා.
ගබඩා වල නරක් වුණු ළුුණු, පරිප්පු, සීනි ඒ වගේම හාල් තොග පිටින් හොයා ගන්නවා. අපරාදේ.
ජයවේවා!!!
ඔව්. පෙනෙන විදියට අප්‍රිකාවෙ තත්ත්වය ඊටත් වඩා භයානකයි. ඒ ගොඩක් රටවල් අපිට වඩා ලොකු, අපිට වඩා දුප්පත් රටවල් නෙ. ලංකාවෙත් ඔහොම නම් එහේ එහෙම වෙන එක පුදුමයකුත් නෙවෙයි
Deleteමතකද ජොනියා වෙළඳ ඇමති ඉන්න කොට අර ප්ලස්ටික් කුඩවල එළවලු දාලා ප්‍රවාහනය කරන්න ඕන කියලා නීතියක් ගෙන්නලා අලකලංචියක් වුනා.
ReplyDeleteමතකයි නේන්නම් :)
Deleteඅලකලංචියක් නෙවෙයි එළවලු කලංචියක් වෙලා ලොරිවල පටවලා තිබුණු එළවලු කූඩ පොළොවේ ගැහුවා.
Deleteඑක නිසි කළමනාකරණයක් ඇතුව කළා නං සාධනීය ව්‍යාපෘතියක් වෙන්න තිබ්බ, අවාසනාවට ආශික්ලන්තේ කළමනාකරණය කියන්නේ වැඩක් කලාම ඒක අකුලන එකට මිසක් වැඩේ හරියට වෙන්න ඕනේ නම් මේ ටික වෙන්න ඕනේ කියල ක්‍රමානුකුලව යන එකට නෙවෙයි.
ReplyDelete