Wednesday, December 12, 2012

ගාෆීල්ඩ්ට තරම්වත් මොලේ නැති ගාෆීල්ඩ් පෙන්නන ඈයෝ!


එක දවසකට පෝස්ට් දෙකක් ලියන එක මම සාමාන්‍යයෙන් කරන්නෙම නැති දෙයක්. ඒත් අද මට එහෙම කරන්න හිතුනා. ඇත්තටම මම මේ පෝස්ට් එක ලියන්න ගොඩ දවසක ඉඳන් බලාගෙන හිටියේ. නමුත් වෙලාවක් ලැබුනේ නැහැ. අද නම් මගේ ඉවසීමේ සීමාව පැන්නා. ඒ නිසා මේක ලියලා දාන්න හිතුනා.

ගාෆීල්ඩ් කියන්නේ කම්මැලි, කෑදර පූසෙක් වටා ගෙතුන විකට කතාවක්. මේක මුලින් චිත්‍ර කතාවක් විදියට තමයි බිහි වුනේ. ඒ 1978 දී, ජිම් ඩේවිස් කියන ඇමරිකානු කාටූන් ශිල්පියා අතින්. පස්සේ මේ කතා ටෙලිවිෂන් එකටත් චිත්‍රපට ශාලාවටත් ගියා. 2008 දී, චිත්‍ර කතාවට වයස අවුරුදු 30ක් පිරෙද්දී, පරිගණකයෙන් නිර්මාණය කල රූප (Computer Generated Imagery ඒ කියන්නේ CGI) සහිත කතා මාලාවක් විදියට "The Garfield Show" කරලියට ආවා. ඒ ප්‍රංශයේ France3 ටෙලිවිෂන් චැනලය හරහා. දැන් එය රටවල් ගණනාවක ප්‍රංශ සහ ඉංග්‍රීසි බසින් ප්‍රචාරය වෙලා තියෙනවා.

මෙන්න ඉන්නවා ගාෆීල්ඩ්... තමන්ගේ අයිතිකාරයා ජෝන් ආර්බකල් සහ ස්ක්වීක් කියන මීයා සමඟ. පින්තූරය ගත්තේ මෙතනින්.



අපේ රටෙත් එක්තරා මාධ්‍ය ආයතනයක් ගාර්ෆීල්ඩ් පෙන්නන එක සතුටට කාරණයක්. හවසට ගෙදර හිටියොත් ටිකක් හිනා වෙන්න බලන්න හොඳ ෂෝ එකක් තමයි ඒක. මේ ආයතනයේ සිංහල ටෙලිවිෂන් චැනල් එකේ හවස 4.30ට සිංහල හඬ කවාපු කතාව යන අතර හවස 5 ට ඉංග්‍රීසි චැනල් එකේ ඉංග්‍රීසි කතාව යනවා. සිංහල හඬ කැවීම හොඳට කරලා තියෙන බව කියන්න ඕන.

ටිකක් හිනා වෙන්න කියලා මේ ෂෝ ඒක බලන්න ඉඳ ගත්තට පලක් නෑ. මොකද සිංහල චැනල් එකට හරියට පැය භාගෙන් ඒක ඉවර කරගන්න බෑ. මේක ඇත්තටම හරි විහිළුවක්. එයාලා හැම පැයකම අන්තිම විනාඩි 5 නිව්ස් කියන්න ගන්නවා. ගාෆීල්ඩ් ෂෝ එකේ ඒක කතාවක් විනාඩි 10ක්-11ක් වගේ වෙන්නේ. එතකොට විනාඩි 22ක්-23ක් යනවා කතා දෙකකට. නිව්ස් කියන්න විනාඩි 5ක් ගත්තම ඉතුරු වෙලාවේ වෙළෙඳ දැන්වීම් එහෙම දාලා කතාව පෙන්නන්න බැහැ. එතකොට එයාලා කරන්නේ එක්කෝ ඊළඟ පැයේ ටිකක් වෙලාව ඒකට අරගන්න එක. එතකොට ඊළඟ වැඩසටහන පරක්කු වෙනවා. ඊට පස්සේ ඊළඟ එකත් පරක්කු වෙනවා. ඒගොල්ලෝ කරන අනික් වැඩේ තමයි ෂෝ එකේ කතාව අඩුවෙන් පෙන්නන එක. මේක ඇත්තටම අදාළ චැනල් එකේ හවස වැඩසටහන් බැලීම එපා කරවන දෙයක්. අදත් මේ කට්ටිය එහෙම කලාම මම ටෙලිවිෂන් එක වහලා දැම්මා.

මෙතෙන්දි මට නම් මෙහෙම පොඩි ප්‍රශ්නයකුත් ඇති වෙනවා. මේ කතාවල අයිතිය තියෙන්නේ මේ ටෙලිවිෂන් චැනල් එකට නෙවෙයි නේ. එයාලා සිංහලෙන් හඬකවන්න අවසර ගන්න ඇති. ඒ වුනාට එයාලට කොටස් අඩුවෙන් පෙන්නන්න අවසර තියෙනවාද කියන එක නම් මම දන්නේ නෑ.

පැයකට වරක් නිව්ස් කියන එකම ටෙලිවිෂන් චැනල් එක මේ චැනල් එක නෙවෙයි නේ. අර හැමෝම බනින රාජ්‍ය මාධ්‍යවලත් ඒක කරනවා. නමුත් එයාලා ඔච්චර වෙලාවක් ඒ වෙනුවෙන් කන්නේ නෑ. අනික මේ උදවිය වැදගත් නිව්ස් එකක් කියනවා නම් කමක් නෑ. ගොඩාක් වෙලාවට නිව්ස් කියලා කියවන්නේ වැඩක් නැති එව්වා. සමහර වෙලාවට Breaking News කියලා පෙන්නන නිව්ස් දැක්කාම ටෙලිවිෂන් එක Break කරන්න නම් හිතෙනවා.

මට සැටලයිට් නැති නිසා BBC බලන්න බෑ. නමුත් මට මතකයි මීට අවුරුදු දහයකට විතර කලින්, අදාළ මාධ්‍යය ආයතනයටම අයිති ඉංග්‍රීසි චැනල් එකේ BBC පෙන්නුවා. එයාලා හැම පැයකම පළමු පැය භාගේ නිව්ස් කියනවා. නමුත් වෙනස් වැඩසටහනක් තියෙනවා නම් විනාඩි දෙකෙන් හෙඩ්ලයින් ටික කියලා වැඩසටහනට බහිනවා. වල් පල් කියවලා, නැත්නම් නිව්ස් එකට වඩා දිග තේමා වාදන දාලා වෙලාව කන්නේ නෑ.

කොහොම නමුත්, එයාලගේ වරද නිවැරදි කරගන්නකල් මම නම් ආයේ හවසට ගාෆීල්ඩ් ෂෝ එක බලන්නේ නෑ.

20 comments:

  1. එහනම් ඉතින් උඹට ආයෙ කවදාවත් ඕක බලන්න හම්බෙන්නෑ...

    ReplyDelete
    Replies
    1. අනිවා. ඒ ගැන ආසාව හිතින් අහක් කරලා අහවරයි...

      Delete
  2. ඇපෝ ලයිව් @55 යි සිරසෙ බ්‍රේකින් නිව්සුයි කියන්නෙ පට්ට පජාත, මෙලෝ රහක් නැති අනිත් වැඩ සටහනුත් එපා කරවන 2ක්නෙ. කියල තියන දේ ඇත්තම ඇත්ත.
    ඩබිං වලින් සිරසට ගහන්ඩ එකම චැනල් එකක් නැහැ.ඒ උනාට සිරසෙ දෙන මෝඩ ආතල් නිව්ස් නම් මේ ලෝකෙ රහක් නැ. එයාලට ඕනි හොදම නිව්ස් චැනල් එක සිරස කියල පෙන්නගන්න වෙන්නැති. සාර්තක කම දන්නෙ බලන එවුං තමයි. :/

    ReplyDelete
    Replies
    1. බලන අය කියන්නේ අපි වගේ මෝඩයෝ නේ... :-)

      හැම කෙහෙල්මලක්ම ඩබ් කරන ඒක ගැනත් මම එච්චර කැමති නැහැ. ඒ වුනත් එයාල ඒ වැඩේ නම් ගොඩක් වෙලාවට සාර්ථකව කරනවා. නිව්ස් නම් ඉතින් අර කිව්වත් වගේ පට්ට පජාතයි..

      Delete
  3. ටී වී බලන එක හුඟක් අඩුයි මම නම්. නිව්ස් ටිකක් බලබල හිටිය අන්තිමට. දැන් නම් ඒකත් ඉඳහිට තමයි.
    ඒත් මං බැලුවේ මොකද මේ පෝලිමට පෝස්ට් එන්නේ කියල :)(ඊයේ පෝස්ට් එක දැක්කට එන්න උනේ නෑ)

    ReplyDelete
    Replies
    1. අපි ඉස්කෝලෙනේ වැඩ...

      දැන් නිවාඩු කාලේ හින්ද නෑ ඉස්කෝලේ...
      ආයි ආයි ආපි ඔන්න සෙල්ලම් කාලේ!

      ඉතින් පොඩි සෙල්ලම් ටිකක් දානවා.

      මමත් TV බලනවා නම් බොහොම අඩුයි. ගාෆීල්ඩ් බලන එකත් ඊයේ පටන් නැවැත්තුවා නේ...

      අද නම් පෝස්ට් එකක් දාන්න වෙන්නේ නැහැ. ආයේ හෙට.

      Delete
  4. ඔව් ඇත්තටම දවසක් මාත් ඕක බලාගෙන හිටියා ඉන්ට්‍රස්ට් එකේ එත් එක පාරට පුවත් දාලා ඊළඟට අනිත් කාටුන් එක පටන්ගත්තා.අරකට වෙච්ච දෙයක් නැහැ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ඒක සාමාන්‍ය දෙයක්.. ඊළඟ වැඩසටහන පටන් ගත්තාම තමයි අපි දන්නේ කලින් එක ඉවරයි කියලා..

      Delete
  5. කතාවනම් ඇත්ත තමා...එත් ඒවා නැතුව උන්ගේ ගාන එන්නේ නෑනේ අයියේ...උන්ගේ ගාන හම්බ වෙනවනම් උන්ට කොහොමත් ඒකයිනේ

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත.. එත් ඉතින් කවුරුත් නොබලන නිව්ස් පෙන්නලා ගැන එන්නේ කාගෙන්ද මන්දා... අනික අනුන්ගේ වැඩසටහන්වල කෑලි අඩුවෙන් පෙන්නන්න එයාලට නීතියෙන් අවසර තියෙනවාද? ඒක නම් මම දන්නේ නෑ.

      Delete
  6. බලන්නෙත් කාර්ටූන් විතරයි ඒකත් හරියට බැරි වුනාම නම් තද වෙනවා අප්පා.. :/

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ!!! ස්තූතියි මේ පැත්තේ ආවට.. :-)

      Delete
  7. ලංකාවේ මාධ්‍ය භාවිතය ගැන නම් කතා කරලා වැඩක් නෑ! එයාලා වැඩසටහන මැද්දේ නෙවෙයි ඇඩ් දාන්නේ, ඇඩ් මැද්දෙයි වැඩසටහන පෙන්නන්නේ! මැච් එක උනත් එහෙමයි.සමහර චැනල් වල පෙන්නන්නෙත් ස්ක්‍රීන් එකේ හතරෙන් තුනක ඒකෙත් ඕවරේ අන්තිම බෝලෙයි ඊගාව ඕවරේ මුල් බෝලෙයි නෑ!

    ReplyDelete
    Replies
    1. ඒක ඉතින් මොකට කියනවාද? දැන් ඉතින් ඔක්කොම සල්ලිවලට නේ..

      Delete
  8. තාමත් එහෙමයි :P

    ReplyDelete
    Replies
    1. ඒකනේ සෙන්නා පලවෙනි කමෙන්ට් එකේ කියලා තියෙන්නේ හූනා කිව්වා වගේ අනාවැකියක්.

      Delete
  9. වරද නිවැරදි කරගනී කියලා නම් හිතන්න බැහැ. ඔය පැ‍යෙන් පැය නිවුස් යන වැඩේ නම් මහ ගොන් වැඩක්. ස්වර්ණවාහිනියේ කාලෙකට කලින් උණුසුම් විමසුම් කියලා පැය භාගෙන භාගෙට නිවුස් ගියා. ඕවායේ කියන්න තරම් ඇති දේකුත් නැහැ. එක්කෝ ඒ පැයේ නිවුස් කියන්න ඕනේ. සමහර වෙලාවට කලින් දවසේ ඒවාත් කියන්නේ ඒකෙදී.

    ReplyDelete
    Replies
    1. ඔය කියන උණුසුම් විමසුම් නම් උණුසුම් නැති බව තේරිලා ඒගොල්ලෝම අයින් කළා නේ. මේ කට්ටියට මම මේක අයින් කරගන්න බැරිවද දන්නේ නැහැ ඉන්නේ. ඒ වුනත් මෙයාලගේම ඉංග්‍රීසි චැනල් එකේ ඉතා හොඳට මේ වෙලාවටම ප්‍රවෘත්ති කියනවා.

      හැබැයි මෙහෙම දේකුත් වුනා. මට ඔය ආයතනයේ ඉහල නිලධාරී මහතෙක් හම්බ වුනා. මම එයාට මේ කතාව කිව්වා. බ්ලොග් පෝස්ට් එකත් ඊමේල් කළා. එයා මේක බැලුවද නම් දන්නේ නැහැ. නමුත් දැන් නම් කාටූන් වෙලාවට පෙන්නන බව මට දැනගන්න ලැබුනා.මමත් දවස් දෙකක් විතර බැලුවා. කියන්න තරම් ආපදාවක් නැහැ.

      මගේ පෝස්ට් එක කියෙව්වා හෝ නැතා හෝ, අදාළ මහත්මයා මේකට මැදිහත් වුනා හෝ නැතා හෝ, වෙලාවට වැඩ කිරීමට පටන් ගැනීම ගැන අදාළ ආයතනයට ස්තූතිවන්ත වෙන්න ඕන. අදාළ මහත්මයා මේකට කෙලින්ම මැදිහත් වුනා නම් ඒ මහත්මයාටත් ස්තූති කරන්න ඕන. (ඔහුගේ නම ලියුවේ නැත්තේ ඔහු ඊට කැමති වෙයිද නැත්ද කියන එක නොදන්නා නිසා)

      සාධාරණ විවේචන භාරගන්න තරම් නිහතමානීකම හැමෝටම තියෙනවා නම් අපේ රටේ තව කොච්චර දේවල් හරිගස්සන්න පුළුවන් වෙයිද?

      Delete
  10. චාමර ඔයා කියන කාරණේ සම්පූර්ණ ඇත්ත තමයි .නමුත් ඔය දේ
    හිතු මතේ වෙනස් කරන්න බැහැ .program schedule එක හැදුවට පස්සේ
    ආයේ මුකුත් වෙනස් කරන්න බැහැ .ඕක management එකෙන් වෙන්න
    ඕනේ දෙයක් .ඕක ගැන සම්පූර්ණ ඔයාට ඉගෙන ගන්න පුළුවන්
    මේ දේ බලල ඉන්නකෝ ඉස්සෙල්ල...

    රූපවාහිනී ආයතනයක ප්‍රධාන පාලක මැදිරිය

    ReplyDelete
    Replies
    1. ඇත්ත. පැහැදිලියි කතාව. නමුත් මම කියන්න උත්සාහ කලෙත් ඒ කාරණේ තමයි. ඔතන අවුල තියෙන්නේ වැඩසටහන් පෙළගැස්මේ නම් ඒක වෙනස් විය යුතුව තිබුනා. දැන් ඒක වෙනස් වෙලා තියෙනවා. මම කලින් කමෙන්ට් එකක ලියලා තියෙන විදියට, ඒ ගොල්ලෝ මොන කාරණයක් නිසා හරි ඒක වෙනස් කරලා තියෙනවා. දැන් වෙලාවට ඒ වැඩසටහන් පෙන්නනවා. ඒ නිසා මම ආයෙත් ගාර්ෆීල්ඩ් බලනවා. :-D

      දැන් බලනකොට කාටූන් බලන අය තමයි අපේ බ්ලොග් අවකාශයේ වැඩිපුරම ඉන්නේ. :-) මගේ ලිපිවලින් ජනප්‍රියම ලිපි දෙක වුනේ මේකයි, අර සූර පප්පා ගැන ලියාපු එකයි. ඒකෙන් පේනවා කාටූන් බලන්න කටියගේ තියෙන කැමැත්ත. අපි හොයල බලන්න ඕන ඇයි ලොකු අය මෙච්චර කාටූන් බලන්න ආස කියලා.

      Delete