කොච්චර නම්
මළගෙවල්වල ගිහින් තියෙනවාද?
අපිත් එක්ක හිටපු මිනිසුන්
සුසාන භූමිවල
අවසන් ගමන් යනවා දැකලා තියෙනවාද?
මේ මුළු සසරේ
කොතෙක් අපි එහෙම දැකලා තියෙනවාද?
මා මැරුණම
මගේ මළගමට එන කෙනෙකුටත්
මේ ටිකම හිතෙන්නට බැරි නෑ.
ඒත් ඔහුට මතක් වෙයිද
මේ සසර ගමනේ
කොතෙක් වරක්
තමන් මියගොස් ඇතිද කියලා..
http://samigepunchilokaya.blogspot.com/2012/12/blog-post.html?m=1
ReplyDeleteපළවෙනි වතාවට මරනය කියන දේ ඇස්පනාපිට සිද්ද උණා.
මම අද උදේ මේක කියෙව්වා සමී.. දුක හිතුනා කියවලා. මුකුත් ලියලා ආවේ නම් නැහැ.
Deleteමම ඊයේ මළගෙදරක ගියා. එතකොට හිතුන දෙයක් තමයි අද මෙහෙම කොටලා දැම්මේ..
හුඟක් වෙලාවට අපිට අමතක වෙනවා අපිත් සියල්ල අතහැර යන වග..
ReplyDeleteඅන්න එහෙම අමතක වෙන නිසා මේ තියෙන දේ ගැන ආසාවල් නැති කරගන්න බැරිව තව උපතකට කරුණු සකස් කර ගන්නවා. මේක තමයි සංසාරෙම සිද්ධ වෙන්නේ...
Deleteඇත්තටම කී කෝටි වාරයක් අපි ඉපිද මැරී ඇත්ද..ඒත් අන්‍යයන් මැරෙන වාරයක් පාසා අපි අඩන එක හරි පුදුමයි..
ReplyDeleteඇත්ත.. ඒ ගැන නම් පුදුමයි තමයි.
Deleteඅනේ අපිත් මැරෙයිද?....
ReplyDeleteඔවු....
.
.
.
.
යකෝ එතකොට මගේ බ්ලොග් එක ලියන්නේ කවුද ඩො........
මාර ප්‍රශ්නයක් තමයි....
Deleteබ්ලොග් එකක් කියන්නේ ජීවිතේ එක පුංචි කොටසක් විතරනේ. ඕනේ නම් එකේ පාස්වර්ඩ් එක අපිට දෙන්න :-) අපි ලියන්නම්. :-P
සිරා කතාව
ReplyDeleteකෝරලේ වලව්ව
හ්ම්ම්... වැඩේ සීරියස් නේ...
Delete