වසර 200කට පෙර 1814 අප්‍රේල් 11 වනදා ප්‍රංශයේ පැරිස් නගරබද ෆොන්ටෙන්බ්ලූහිදී අත්සන් කරන ලද ගිවිසුම් ප්‍රකාරව (Treaty of Fontainebleau) නැපෝලියන් බොනපාට් අධිරාජයා සිහසුන අතහැර එල්බා දිවයිනට පිටමං වූයේය. මේ අනුව ප්‍රංශෙයෙහි යළිදු බූර්බන් රාජවංශය බලයට පැමිණි අතර මීළඟ වසරකට ආසන්න කාළයක් තුළ නැපෝලියන් එල්බාවට වී හුන්නේය. 1815 දී හෙතෙම යළිදු ප්‍රංශයට අවුත් බලයට පත්වූ නමුත් එම වසරේ ජුනි මාසයේ සිදුවූ වෝටර්ලූ සංග්‍රාමයෙන් පැරද සදහටම ප්‍රංශයෙන් පිටුවහල් කරනු ලැබීය.
සමකාලීන යුරෝපයේ නැපෝලියන් හා සම කළහැකි සෙන්පතියකු වී නම් ඒ ඉංග්‍රීසි ජාතික ආතර් වෙලෙස්ලි නොහොත් වෙලිංටන් සාමි පමණකි. තවද, නැපෝලියන් යනු හුදෙක් සෙන්පතියකු පමණක් නොව දක් ෂ පරිපාලකයකුද වූයේය. එම ගුණාංගය සටන් බිමේ මෙන්ම රාජ්‍ය පාලනයේදීද එකසේ වැදගත් වූයේය.
උදාහරණයක් ලෙස ගතහොත්, නැපෝලියන් සටනකදී යොදාගත් සන්නිවේදන ක්‍රමවේදය හේතුවෙන් ඔහු යටතේ වූ සෙසු සෙන්පතීන්ට අධිරාජයා තමාගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න මනාව පැහැදිලි විය. මෙහිදී නැපෝලියන් පළමුවෙන්ම කරන්නේ තමන් සටන් වදින ප්‍රදේශයේ භූගෝලීය පිහිටීම පිළිබඳ මනා වැටහීමක් ලබා ගැනීමය. ප්‍රතිවාදියා පහර දිය හැකි ස්ථාන, ප්‍රතිවාදියාට පහර දියහැකි ස්ථාන මෙන්ම හදිසි උපක්‍රමික පසුබෑමක් සඳහා සුදුසු මාර්ගය යනාදී සියලු කරුණු ඔහු මෙහිදී ධාරණය කරගන්නේය. ඔහු සටනට බසින්නේ ඉන්පසුවය. යුධ ව්‍යාපාරයකදී ඔහු සටන් පෙරමුණෙන් ලැබෙන තොරතුරු රාත්‍රී කාළයේදීම පිරික්සා බලා අදාළ උපදෙස් හිමිදිරිය වන විට අදාළ සෙන්පතීනට දැනුම් දීමට කටයුතු කළේය. අදාළ ප්‍රදේශය පිළිබඳ ඔහුගේ අවබෝධය හේතුකොටගෙන ඔහු අවශ්‍ය ඕනෑම ආකාරයේ තත්ත්වයක් සඳහා උපදෙස් දීමට හැකියාව ලද්දේය.
මෙම ක්‍රියාවලිය තුළවූ එක්තරා දුර්වලතාවයක් විසින් ඔහුගේ යුධ ව්‍යාපාරය දුර්වල කරන ලදී. එනම්, සටන් බිමේ සියලු කටයුතු ඔහු විසින් ම සොයාබැලීම හේතුවෙන් හදිසි අවස්ථාවකදී කටයුතු කිරීමේ නිදහස ඔහු යටතේ වූ සෙන්පතීනට නොමැති වීමය.
නමුත් රාජ්‍ය පාලනයේදී ඔහු ඊටත් වැඩි වරදක් කළේය. නැපෝලියන් තමන්ට බලයට ඒමට උපකාර කළාවූ විප්ලවයට පිටුපෑවේය. මෙය ඔහුගේ විනාශයට මඟ විවර කළේය. 1792 දී ප්‍රංශ විප්ලවවාදීන් යුරෝපයේ විප්ලවවාදී යුද්ධවලට මුලපිරුවේ සියලු රජවරුනට එරෙහිව සාමාන්‍ය ජනතාවගේ පැත්ත ගනිමිනි. මෙම යුද්ධවලට නායකත්වය දීමෙන් නැපෝලියන් කැපී පෙනෙන්නකු බවට පත් විය. විප්ලවය නොවන්නට කෝසිකානු පවුලක උපන් නැපෝලියන් කිසිදු දිනෙක එතරම් ඉහලට නොයන්නේය.
කෙසේ නමුදු, බලයේ හිණිපෙත්තට නැංඟ පසු නැපෝලියන් විමුක්තිදායකයකු නොව තවත් අධිරාජයෙක් බවට පත් වූයේය. යුරෝපා රටවල ප්‍රංශ අණසක පතුරවා, ඇතැම් රටවල සිහසුනට සිය සහෝදරයින් පත් කිරීම ඔහු කළාවූ වරදකි. මෙයින් සිදුවූයේ ඒ ඒ රටවල සාමාන්‍ය ජනයා ප්‍රංශ ජාතිකයන්ව සහ වෙසෙසින්ම නැපෝලියන්ව සිය සතුරකු ලෙස සැලකීමය. මේ තත්ත්වය වර්ධනය වීමෙන් 1814 වනවිට ප්‍රංශයෙන් එපිට යුරෝපයේ සාමාන්‍ය ජනයාගේ පවා පොදු සතුරකු බවට ඔහු පත් විය.
1812 රුසියාව ආක්‍රමණයේදී මෙන්ම ඉන් පෙර 1808 සිට දිගටම පැවති අර්ධද්වීප යුද්ධයේදීද නැපෝලියන් ගේ පරාජයනට මූලිකම හේතුව වූයේ ජනතාව ඔහුට එරෙහිව නැගී සිටීමය. යම් හෙයකින්, එම රටවල ජනතාව සිය පාලක පැළැන්තියට එරෙහිව නැපෝලියන් සමඟ අත්වැල් බැඳගත්තේ නම් යුරෝපා ඉතිහාසය බොහෝ සේ වෙනස් වීමට ඉඩ තිබිණ.
තවද, නැපෝලියන් වටහා නොගත් අනෙක් කරුණ වූයේ බ්‍රිතාන්‍ය වෙළෙඳ සහ නාවික ආධිපත්‍යයට එරෙහිවීමට ඔහුට පවතින ඉඩකඩ බෙහෙවින් අඩු බවය. ඔහු විසින් බ්‍රිතාන්‍ය වෙළෙඳාම වර්ජනය කරනු පිණිස 'මහාද්වීපික ප්‍රතිපත්තිය' හඳුන්වා දුන්නේ වී නමුදු, බ්‍රිතාන්‍යය හා වාසිදායක වෙළෙඳාම් සිදුකළ රටවල් එම ප්‍රතිපත්තිය කෙරෙහි නම්මා ගැනීම අසීරු විය. මෙය එම ක්‍රියාවලිය විහිලුවක් බවට පෙරලුවේය.
රුසියානු ආක්‍රමණයෙන් පසු නැපෝලියන් සතුවූ හමුදා බලය ඉතා පහළ අඩියකට වැටිණ. වෙසෙසින්ම ඔහුගේ අසරු බලසෙනඟ ඉතා දුර්වල තත්ත්වයකට පත් විය. 1813 ඔක්තෝම්බරයේදී ලීප්සිග් සටන හෙවත් ජාතීන්ගේ සංග්‍රාමයේදී නැපෝලියන් ප්‍රථම වරට සටනකින් පැරද පසු බැස්සේය. මින් පෙර ඔහු පසුබැස්සා නම් ඒ වෙනත් කරුණක් නිසා මිස සටනකින් පැරදීම නිසා නොවේ. ඔහු ඍජුවම අණ දුන් හමුදාවක් සටනකින් පැරදුන පළමු වතාව එය වූයේය. ඔහුගේ මිතුරන් එකින් එක ඔහු හැර යන්නට වූහ. අවසානයේ 1814 වසර එළඹෙනවිට නැපෝලියන්හට යුරෝපයේ වෙනත් මිත්‍රයෙක් නොවීය.
'සයවන මිත්‍ර සන්ධානය' ඔහුට එරෙහිව විශාල හමුදා සේනාංක කිහිපයක් එව්වේය. මෙම සන්ධානයට ඔස්ට්‍රියාව, රුසියාව, ප්‍රෂියාව, එක්සත් රාජධානිය, පෘතුගාලය, ස්වීඩනය සහ ස්පාඤ්ඤය මෙන්ම අවශේෂ කුඩා ජර්මන් රාජ්‍යයන් කිහිපයක්ම අයත් වූහ. මෙයින් ස්වීඩනය සහ ඇතැම් ජර්මන් රාජ්‍යයන් මුලින් නැපෝලියන් සමඟ සිට පසුව වාසි පැත්තට පැන්නෝ වූහ. ඔව්හු ප්‍රංශ දේශසීමාව පසුකර ඉදිරියට පැමිණියහ. ආධුනික සෙබලුන් ගෙන් සැදුම්ලත් හමුදා සේනාංක මෙහෙයවමින් නැපෝලියන් සතුරාට පහර දුන්නේය. ඔහු සටන් කිහිපයකින්ම ජයගත් අතර ඊට හේතුව ඔහු නැපෝලියන්ම වීම මිස අනෙකක් නොවේ. වෙනත් සෙන්පතියකු වී නම් එතෙක් කාළයක් ඒ සා විශාල හමුදා සේනාංක කිහිපයකට මුහුණ දෙන්නේ නැත.
කෙසේ නමුත් අවසන් ප්‍රතිපලය පිළිබඳ කිසිදු සැකයක් නොවීය. ඔහුගේ සෙනවියන් ද එකිනෙකා ඔහු හැරයද්දී නැපෝලියන්හට යටත් වීම හැර විකල්පයක් නොවීය. මේ අනුව 1814 අප්‍රේල් 11 වනදා ඔහු ෆොන්ටෙන්බ්ලූ ගිවිසුමට අත්සන් කළේය.ගිවිසුමට අනුව එල්බා දිවයින ඔහුගේ පාලනය යටතේ පවතින ස්වාධීන ප්‍රදේශයක් ලෙස නම් කරන ලදී.
කෙසේ වුවද වසරක් තුළ, නැපෝලියන් යළි ප්‍රංශයට ගොඩබැස නැතිවූ අධිරාජ කිරුළද නැවත ලබාගත්තේය. ඒ වෙනමම ලිවිය යුතු කතාන්තරයකි.
නැපෝලියන් ෆොන්ටන්බ්ලූහිදී සිහසුන අතහරී. (ප්‍රංශුවා බොවුශෝගේ චිත්‍රයකි) |

//කෙසේ වුවද වසරක් තුළ, නැපෝලියන් යළි ප්‍රංශයට ගොඩබැස නැතිවූ අධිරාජ කිරුළද නැවත ලබාගත්තේය. ඒ වෙනමම ලිවිය යුතු කතාන්තරයකි.//
ReplyDeleteමහන්සි නොබලා ඒ ටිකත් ලියමුද..?
ඒ සිද්ධියට අවුරුදු 200 පිරෙන්න තව අවුරුද්දක් තියෙනවා නෙ... :)
Deleteබලමු බලමු... :) ලියන්න නම් ගොඩක් දේ තියෙනවා... ඒත් මහන්සියට වඩා වෙලාව මදිකම තමා අවුල.
වටිනා කියන විස්තරයක්.. නපෝලියන්ට ආයෙම කිරුළ හම්බුන හැටි දැන ගන්නත් කැමති..
ReplyDeleteමට බේරිල්ලක් නෑ වගේ... හ්ම්ම්.. එහෙනම් ඊළඟට ඒ කතාව ලියන්නම්කො... ටික දොහක් යාවි හැබැයි.
Delete"මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා" කතාවට පදනම් වෙන්නේ ඔය කියන ආපසු පැමිණීමට කරණ කුමන්ත්‍රණය නේද ?
ReplyDeleteඒ කාලෙන් තමයි කතාව පටන් ගන්නේ. ඒ වුනත් ඒ කතාව අවුරුදු 30 ක් විතර කාළයකට දිග ඇරෙනවා නේද?
Deleteහොඳ විස්තර ටිකක් :) ආසාවෙන් කියෙව්වා
ReplyDeleteඑල... තැන්ක් යූ වේවා!!!
Delete//කෝසිකානු පවුලක උපන් නැපෝලියන්// කියන්නේ "කෝසිකානු"කියන්නේ සුළු ජන වර්ගයක්ද.?
ReplyDeleteබලයට එන්න කලින් ජනතාව එක්ක ඉන්න කෙනා බලයට ආවට පස්සේ වෙනස් වෙනවා කියන එක අද විතරක් නෙමේ එදා ඉදන්ම තියෙන දෙයක් නේද...?
කෝසිකාව කියන්නෙ නැපෝලියන් ඉපදුන දූපත. නැපෝලියන් ඉතාලියානු සම්භවයකින් පැවතෙන කෙනෙක්. කෝසිකාව ප්‍රංශයට අයිති වුනේ නැපෝලියන් උපදින්න අවුරුද්දකට කලින්...
Delete