ප්‍රංශයේ නැපෝලියන් අධිරාජයා 1814 අප්‍රේල් 11 වනදා ෆොන්ටෙන්බ්ලූ ගිවිසුම් ප්‍රකාරව සිහසුන අත හැරියේය. (ඒ කොටස කියවන්න මෙතැනින්) එම මාසයේම 28 වනදා ෆ්‍රේයුස්වලින් නැව් නැංග හෙතෙම එල්බා දිවයින කරා ළඟා වූයේය. මේ අතර XVIII වන ලුවී ප්‍රංශයේ අභිනව රජු ලෙස පත් වූයේය.
1814 මැයි මස 30 වනදා ප්‍රථම පැරිස් ගිවිසුම ලෙස නම් කෙරුණ ගිවිසුම් කිහිපයක් මඟින් තාවකාලික සාම කොන් දේසි සඳහා එකඟතාවයක් ඇතිකරගන්නා ලදී. ඒ අනුව ප්‍රංශයට 1792 නොවැම් බර් 1 වනදා විප්ලවවාදී යුද්ධවලට පෙර තිබූ දේශසීමා නැවත ලැබිණ. මේ අතර අවසාන කොන්දේසි පිළිබඳ එකඟතාවක් ඇතිකරගැනීම සඳහා වියානා නගරයේදී සම්මේලනයක් පැවැත්වීමට තීරණය කෙරිණ.
සැප්තැම්බරයේදී වියානා සංගමය රැස්වූ කල්හි මිත්‍ර රටවල් තමන් දිනූ සාමය නැතිකරගැනීමේ කඩ ඉමට ළඟා වූහ. රුසියාවේ පළමු ඇලෙක්සැන්ඩර් සාර් තෙමේ සමස්ථ පෝලන්තය ඉල්ලා සිටියේය. ඔස්ට්‍රියාවේ විදෙස් ඇමති මැටර්නික්, ප්‍රංශ විදෙස් ඇමති ටැලිරන්ඩ් යන දෙදෙනාගේ සහය ඇතිව බ්‍රිතාන්‍ය විදේශ ලේකම් කාසල්රි මෙම ඉල්ලීමට තරයේ විරුද්ධ වූයේය. මෙම රටවල් ත්‍රිත්වයම රුසියාවේ බලය යුරෝපයේ පැතිරීම කෙරෙහි බිය වූහ. යම් ලෙසකින් රුසියාවට පෝලන්තයම ලැබුණි නම් රුසියානු දේශසීමාව ජර්මනිය අසළට පැමිණීම මඟින් මධ්‍යම යුරෝපයේම බල තුලනය අවුල් වීමට ඉඩ තිබිණ.
මෙම මතගැටුම කෙතරම් දරුණු වීද යත්, 1815 ජනවාරි වනවිට උක්ත රටවල් තුන විසින්, රුසියාවට එරෙහිව යුධ වැදීම සඳහා 450,000 ක හමුදාවක් සූදානම් කිරීමට පවා එකඟ වූහ. මේ අතර වියානා සාකච්ඡාද දිගටම සිදුවෙමින් පැවතින.
මේ අතර 1815 මාර්තු 4 වනදා, වියානා නගරය බියෙන් ඇලලූ පුවතක් වාර්තා විය. එනම් නැපෝලියන් එල්බාවෙන් පළාගිය පුවතය.
වියානාවට මෙම පුවත ලැබෙද්දී නැපෝලියන් සිටියේ ප්‍රංශයේය. එල්බාවට පිටුවහල් කළ දින පටන් හෙතෙම ඇඟිලි ගැන ගැන සිටියේ නැවත ප්‍රංශයේ බලය ලබාගන්නා දිනයක් එනතුරුය. පිටුවහල් වී සිටියද වියානාවේ මිතුරු රටවල් අතර වූ මතභේද සහ ප්‍රංශ වැසියන් තුල මතුවෙමින් පැවති ඉච්ඡා භංගත්වය පිළිබඳ ඔහුට තොරතුරු ළඟා වෙමින් පැවැතියේය. මේ හේතුවෙන් 1815 පෙබරවාරිය වනවිට යළි ප්‍රංශයට යෑමට ප්‍රශස්ථ කාළය එලඹ ඇති බැව් නැපෝලියන් තීරණය කළේය.
මේ අනුව පෙබරවාරි 26 වනදා l'Inconstance නැව සහ තවත් යාත්‍රා හයකින් නැපෝලියන් සහ 600 ක් වූ ඔහුගේ පිරිස පෝර්ටෝ ෆෙරාජෝ වරායෙන් ප්‍රංශය බලා නැව් නැංගහ. ප්‍රංශ මුර සංචාරක නෞකාවලින් ගැලවී මෙම කණ්ඩායම මාර්තු 1 වනදා ජුවාන් බොක්කට (Golfe-Juan) ගොඩ බැස්සෝය.
නැපෝලියන් ප්‍රංශයට නැවත පැමිණීමේ තීරණාත්මක සිදුවීමක් 1815 මාර්තු 7 වනදා සිදු විය. නැපෝලියන් සහ ඔහුගේ සෙනඟ ග්‍රෙනෝබල් නගරය අසබඩ වූ ලෆ්‍රෙ දුර්ගය වෙත ළඟාවූහ. මෙම ස්ථානයේ රැඳී සිටියේ ප්‍රංශ හමුදාවේ 5 වන රෙජිමේන්තුවයි.
නැපෝලියන් ඉදිරියට එනු දුටු එම රෙජිමේන්තුවේ රාජාණ්ඩුවාදී නිලදරුවෙක්, "අන්න ඌ එනවා! වෙඩි තියාපල්ලා!" යයි අණ කළේය.
නැපෝලියන් සිය අංගාරක්ෂක හමුදාවේ කර්නල් මැලේ (Mallet) දෙස හැරුණි.
"සෙබලුන්ට තුවක්කු කටවල් පහතට තියෙන ලෙස ඒවා වමත පිටිපස සඟවා ගන්නට කියන්න" ඔහු අණ දුන්නේය.
ඉක්බිතිව සිය පිරිසෙන් ඉදිරියට පැමිණි නැපෝලියන් ප්‍රතිවාදී හමුදා රෙජිමේන්තුව ඇමතීය.
"5 වන රෙජිමේන්තුවේ සෙබලුනි. තොප මා දන්නෙහුද? මම තොපේ අධිරාජයා වන්නෙමි. කැමැති අයෙක් වෙඩි තබව!"
එහෙත් සිදු වූයේ අනෙකකි. රෙජිමේන්තු සෙබලුන් අතරින් "අධිරාජයා දිනේවා!" යයි කාහල නාදයක් මතු වූයේය. නැපෝලියන් එකදු වෙඩිල්ලකුදු නොතබා එම සටන දිනුවේය.
අධිරාජයාගේ පුනරාගමනය පිළිබඳ ආරංචිය බුර්බන් රාජාණ්ඩුව කෙරේ කලකිරී සිටි ජනතාවගේ සිත් සතන් පිනා ගිය සුභාරංචියක් වූයේය. නගරයක් නගරයක් පාසා ඔහුට ඉහළ ජනතා ප්‍රතිචාර ලැබිණ. නැපෝලියන් පැරිස් නුවරට ළඟා වනවිට වන ලුවී රජතෙමේ සිය මහලු වයසට ද නුරුස්සන වේගයෙන් නගරයෙන් මෙන්ම ප්‍රංශයෙන් ද පළා ගියේය. 1815 මාර්තු 20 වනදා, එනම් සිය පුත්‍රයාගේ සිව්වන ජන්ම දිනයදා, නැපෝලියන් අධිරාජයා යළි පැරිසියට ළඟා වූයේය.
1814 මැයි මස 30 වනදා ප්‍රථම පැරිස් ගිවිසුම ලෙස නම් කෙරුණ ගිවිසුම් කිහිපයක් මඟින් තාවකාලික සාම කොන් දේසි සඳහා එකඟතාවයක් ඇතිකරගන්නා ලදී. ඒ අනුව ප්‍රංශයට 1792 නොවැම් බර් 1 වනදා විප්ලවවාදී යුද්ධවලට පෙර තිබූ දේශසීමා නැවත ලැබිණ. මේ අතර අවසාන කොන්දේසි පිළිබඳ එකඟතාවක් ඇතිකරගැනීම සඳහා වියානා නගරයේදී සම්මේලනයක් පැවැත්වීමට තීරණය කෙරිණ.
සැප්තැම්බරයේදී වියානා සංගමය රැස්වූ කල්හි මිත්‍ර රටවල් තමන් දිනූ සාමය නැතිකරගැනීමේ කඩ ඉමට ළඟා වූහ. රුසියාවේ පළමු ඇලෙක්සැන්ඩර් සාර් තෙමේ සමස්ථ පෝලන්තය ඉල්ලා සිටියේය. ඔස්ට්‍රියාවේ විදෙස් ඇමති මැටර්නික්, ප්‍රංශ විදෙස් ඇමති ටැලිරන්ඩ් යන දෙදෙනාගේ සහය ඇතිව බ්‍රිතාන්‍ය විදේශ ලේකම් කාසල්රි මෙම ඉල්ලීමට තරයේ විරුද්ධ වූයේය. මෙම රටවල් ත්‍රිත්වයම රුසියාවේ බලය යුරෝපයේ පැතිරීම කෙරෙහි බිය වූහ. යම් ලෙසකින් රුසියාවට පෝලන්තයම ලැබුණි නම් රුසියානු දේශසීමාව ජර්මනිය අසළට පැමිණීම මඟින් මධ්‍යම යුරෝපයේම බල තුලනය අවුල් වීමට ඉඩ තිබිණ.
මෙම මතගැටුම කෙතරම් දරුණු වීද යත්, 1815 ජනවාරි වනවිට උක්ත රටවල් තුන විසින්, රුසියාවට එරෙහිව යුධ වැදීම සඳහා 450,000 ක හමුදාවක් සූදානම් කිරීමට පවා එකඟ වූහ. මේ අතර වියානා සාකච්ඡාද දිගටම සිදුවෙමින් පැවතින.
නැපෝලියන් එල්බාවෙන් පිටවීම (Joseph Beaume) |
වියානාවට මෙම පුවත ලැබෙද්දී නැපෝලියන් සිටියේ ප්‍රංශයේය. එල්බාවට පිටුවහල් කළ දින පටන් හෙතෙම ඇඟිලි ගැන ගැන සිටියේ නැවත ප්‍රංශයේ බලය ලබාගන්නා දිනයක් එනතුරුය. පිටුවහල් වී සිටියද වියානාවේ මිතුරු රටවල් අතර වූ මතභේද සහ ප්‍රංශ වැසියන් තුල මතුවෙමින් පැවති ඉච්ඡා භංගත්වය පිළිබඳ ඔහුට තොරතුරු ළඟා වෙමින් පැවැතියේය. මේ හේතුවෙන් 1815 පෙබරවාරිය වනවිට යළි ප්‍රංශයට යෑමට ප්‍රශස්ථ කාළය එලඹ ඇති බැව් නැපෝලියන් තීරණය කළේය.
මේ අනුව පෙබරවාරි 26 වනදා l'Inconstance නැව සහ තවත් යාත්‍රා හයකින් නැපෝලියන් සහ 600 ක් වූ ඔහුගේ පිරිස පෝර්ටෝ ෆෙරාජෝ වරායෙන් ප්‍රංශය බලා නැව් නැංගහ. ප්‍රංශ මුර සංචාරක නෞකාවලින් ගැලවී මෙම කණ්ඩායම මාර්තු 1 වනදා ජුවාන් බොක්කට (Golfe-Juan) ගොඩ බැස්සෝය.
නැපෝලියන් ප්‍රංශයට නැවත පැමිණීමේ තීරණාත්මක සිදුවීමක් 1815 මාර්තු 7 වනදා සිදු විය. නැපෝලියන් සහ ඔහුගේ සෙනඟ ග්‍රෙනෝබල් නගරය අසබඩ වූ ලෆ්‍රෙ දුර්ගය වෙත ළඟාවූහ. මෙම ස්ථානයේ රැඳී සිටියේ ප්‍රංශ හමුදාවේ 5 වන රෙජිමේන්තුවයි.
නැපෝලියන් ඉදිරියට එනු දුටු එම රෙජිමේන්තුවේ රාජාණ්ඩුවාදී නිලදරුවෙක්, "අන්න ඌ එනවා! වෙඩි තියාපල්ලා!" යයි අණ කළේය.
නැපෝලියන් සිය අංගාරක්ෂක හමුදාවේ කර්නල් මැලේ (Mallet) දෙස හැරුණි.
"සෙබලුන්ට තුවක්කු කටවල් පහතට තියෙන ලෙස ඒවා වමත පිටිපස සඟවා ගන්නට කියන්න" ඔහු අණ දුන්නේය.
ඉක්බිතිව සිය පිරිසෙන් ඉදිරියට පැමිණි නැපෝලියන් ප්‍රතිවාදී හමුදා රෙජිමේන්තුව ඇමතීය.
"5 වන රෙජිමේන්තුවේ සෙබලුනි. තොප මා දන්නෙහුද? මම තොපේ අධිරාජයා වන්නෙමි. කැමැති අයෙක් වෙඩි තබව!"
එහෙත් සිදු වූයේ අනෙකකි. රෙජිමේන්තු සෙබලුන් අතරින් "අධිරාජයා දිනේවා!" යයි කාහල නාදයක් මතු වූයේය. නැපෝලියන් එකදු වෙඩිල්ලකුදු නොතබා එම සටන දිනුවේය.
අධිරාජයාගේ පුනරාගමනය පිළිබඳ ආරංචිය බුර්බන් රාජාණ්ඩුව කෙරේ කලකිරී සිටි ජනතාවගේ සිත් සතන් පිනා ගිය සුභාරංචියක් වූයේය. නගරයක් නගරයක් පාසා ඔහුට ඉහළ ජනතා ප්‍රතිචාර ලැබිණ. නැපෝලියන් පැරිස් නුවරට ළඟා වනවිට වන ලුවී රජතෙමේ සිය මහලු වයසට ද නුරුස්සන වේගයෙන් නගරයෙන් මෙන්ම ප්‍රංශයෙන් ද පළා ගියේය. 1815 මාර්තු 20 වනදා, එනම් සිය පුත්‍රයාගේ සිව්වන ජන්ම දිනයදා, නැපෝලියන් අධිරාජයා යළි පැරිසියට ළඟා වූයේය.
බොහෝම ස්තූතියි.. ඉතිරිය..?
ReplyDeleteබේරුමක් නෑ නෙ මට... :(
Deleteඉතුරු ටික නැපෝලියන් පරදින කතාව. මට බෑ ඔව්වා ලියන්න. :)
පිස්සුනං කියවන්න එපා.. :D
Deleteඑතකොට ඉතිරිය ලියන්නේ පොලෝසියෙන්ද..?
නෑ හමුදාවෙන්... :)
Deleteසිරාවට, මෙහෙම ඉන්ටරෙස්ටින් ඒවා කොහොමවත්ම නොකියවා ඉන්න බෑ.. ඒ හන්දා ලියමු..
Deleteහ්ම්ම්ම්...
Deleteබොහෝම ස්තුතියි ලිපියට අසාවෙන් කියෙව්වා...
ReplyDeleteතැන්ක් යූ වේවා!
Deleteඑල එල ඔහොම යං
ReplyDeleteතැන්ක් යූ ලොක්කා!
Deleteපිස්සු කතා කියන්නනම් එපා ඕන්... ඉතිරි ටික ලියුවේ නැත්නම් අපි බ්ලොග් පොලෝසියට කියලා බ්ලොග් ලෝකයෙන් නෙරපනවා හරිද, හරියටම නැපෝලියනව නෙරපුවා වගේ...මේක තව රබර් කරලා විස්තරාත්මකව ලියමුකො...
ReplyDeleteකම්මැලිකාරයෙක්ද මේ බ්ලොග් එක ලියන්නේ :P
ReplyDeleteයා යා... වස කම්මැලියෙක්. දැන් පිටුවහල් කරන්න යන්නෙ ඒ මදිවට.
Delete