ආදරණීය සහෝදරයිනි, සහෝදරියනි, කම්කරුවනි, තරුණයිනි, ශිෂ්‍යයිනි, ගුරුවරුනි, නිලධාරීනි. මේ ඔබේ අවස්ථාවයි. මේ අමතන්නේ අපගේ කාම්බෝජ ජනරජයේ ජාතික විමුක්ති හමුදාවයි. සහෝදරවරුනි, කැරලි ගසන්න; නැගී සිටින්න. නොම්පෙන් නගරය නිදහස් කරගැනීමේ අවස්ථාව ඔබ සතුයි.
-උපුටා ගැනීම Ben Kiernan විසින් ලියන ලද The Pol Pot Regime: Race, Power and Genocide in Cambodia under the Khmer Rouge, 1975-79. (Yale University, 1996)
නමුත් නොම්පෙන් වැසියන් එවකට සිටියේ අවශ්‍ය වුවත් කැරලි ගැසීමේ මානසිකත්වයෙන් නොවේ. තවමත් ඔවුන් සිටියේ කාම්බෝජ සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද සමරමිනි. රටේ දේශපාලන තත්ත්වය විශාල විපර්යාසයකට භාජනය වන බව ඔවුන් නොදැන සිටියේ නොවේ. නමුත් ළඟ එන මහා විපත්තිය පිළිබඳ කිසිදු හැඟීමක් ඔවුනට නොවීය.
නොම්පෙන් නගරයට එල්ලවන තර්ජනය දරුණු අතට හැරෙන්නට පටන් ගත්තේ 1975 මුල් කාලයේ සිටය. මේ වනවිට කෙමර් රූජ් භටයෝ (කැම්පූචියා කොමියුනිස්ට් පක්ෂ සෙබළු) රටේ බොහෝ ග්‍රාමීය ප්‍රදේශවල සිය බලය පතුරා සිටියහ. 1975 පෙබරවාරියේ ඔවුහු නොම්පෙන් නගරයට කිලෝමීටර 10 ක් ගිනිකොණ දෙසින් මීකොන්ග් ගඟ අසබඩ පිහිටි නික් ලුන්ග් (Neak Leung) නගරයට පහර දීමට වන්හ. මෙම ප්‍රහාරය දියත් කලේ නැගෙනහිර කලාපයෙන් පැමිණි 126 වන කෙමර් රූජ් රෙජිමේන්තුවයි. (කැරලිකරුවෝ රටෙහි ප්‍රදේශ කලාපවලට බෙදාගෙන තිබුණි. මේවා නම් උතුර, ඊසාන, නැගෙනහිර, නිරිත, බටහිර, වයඹ සහ මධ්‍යම කලාපයි).
කුඩා නගරයක් වුවද, නික් ලුන්ග් නගරය නොම්පෙන්හි ආරක්ෂාවට ඉතා වැදගත් ස්ථානයක් විය. දකුණු වියට්නාමය සහ නොම්පෙන් අතර සැපයුම් මාර්ගය වැටී තිබුනේ මීකොන්ග් ගංගාව ඔස්සේය. එහෙයින් නික් ලුන්ග් අල්ලාගෙන එම සැපයුම් මාර්ගය කපා හැරීමට කෙමර් රූජ් භටයින්ට අවශ්‍ය විය. එම නගරය අල්ලාගත් පසු නොම්පෙන් ආරක්ෂා කිරීම අපහසු බව කවුරුත් දැන සිටියහ.
මේ වනවිට කාම්බෝජයේ භූමි ප්‍රමාණයෙන් විශාල කොටසක බලය කෙමර් රූජ් සංවිධානය අතට පත්ව තිබිණ. එම සංවිධානයට ග්‍රාමීය, දුප්පත් ගොවීන්ගේ සහය ලැබුණ අතර ඔවුනට බිය වූ බොහෝ දෙනා නගරවල ආරක්ෂාව සොයා පැමිණ තිබිණ. නොම්පෙන් නගරයේ ජනගහනය 1970 දී ලක්ෂ 6 ක් (600,000) පමණ වූ නමුත් 1975 වනවිට එය මිලියන 2 ක් හෙවත් ලක්ෂ 20 ක් (2,000,000) වී තිබිණ. මේ ජනතාවට ආහාර සැපයීම කල නොහැක්කක් බවට පත්වෙමින් තිබුණි. මීකොන්ග් නදිය ඔස්සේ වූ සැපයුම් මාර්ග නගරයේ අවසන් බලාපොරොත්තුව විය.
එහෙත්, 1975 අප්‍රේල් 1 වනදා නික් ලූන්ග් නගරය කෙමර් රූජ් භටයන් අතට පත් විය. එදිනම කාම්බෝජ ජනපති ලොන් නොල් රට අතහැර පලා ගියේය. මේ අතර කෙමර් රූජ්වරු තුන් දිශාවකින් නොම්පෙන් දෙසට ගමන් කරන්නට වූහ. වැඩබලන ජනාධිපති සවුකම් කෝයි ද අප්‍රේල් 12 වනදා රටින් පලාගියේ ඇමරිකානු තානාපති නිලධාරින් සමගය. එයින් දින 5 කට පසු අප්‍රේල් 17 වනදා උදේ වරුවේ, කෙමර් රූජ් භටයෝ නොම්පෙන් අගනුවරට ඇතුළු වූහ.
සියලු කෙමර් රූජ් සේනාංක නොම්පෙන් නුවරට ඇතුලු වූ පසු හැසිරුනේ එකම අයුරින් නොවේ. ඇතැම් සේනාංක මධ්‍යස්ථ ලෙස හැසිරුණ නමුත් බොහෝ කණ්ඩායම් ඉතා දරුණු ලෙස කටයුතු කළහ. බොහොමයක් අවස්ථාවලදී හිටපු රජයේ හමුදා සෙබලුන් දුටු තැන ඝාතනය කිරීමේ ප්‍රතිපත්තියක් කෙමර් රූජ් භටයින් අනුගමනය කළද, ඔවුනට අභය දානය දුන් අවස්ථාද වාර්තා විය.
කෙමර් රූජ් සංවිධානය විසින් එදින සිදු කරන ලද දැවැන්තම විපර්යාසය නම් නොම්පෙන් නගර වැසියන් ඉන් පිටමං කිරීමයි. මෙම තීරණය පිළිබඳව පවා සියලු කෙමර් රූජ් නායකයින් දැන නොසිටියහ. මෙම තීරණය පෙබරවාරි මාසයේදී පමණ ගන්නා ලද බව සැලකේ. නමුත් අප්‍රේල් 17 වනදා උදෑසන වනවිටත් ඒ පිළිබඳව නියමාකාරයෙන් දැන සිටියේ කෙමර් රූජ් නායක පොල් පොට් ප්‍රමුඛ ඉහළ පෙළේ නායකයන් පිරිස පමණි. කෙසේ වෙතත් එදින නොම්පෙන් නගරය යටත් වූ පසු මිලියන 2 ක ජනකායක් නගරයෙන් ඉවත් කිරීම ආරම්භ විය. බාල ,මහලු, ස්ත්‍රී, පුරුෂ, රෝගී, නිරෝගී භේදයකින් තොරව සියල්ලන්ම නගරයෙන් පිටවිය යුතු වූ අතර ඔවුනට යාමට සිදු වූයේ පයින්මය. නොම්පෙන් රෝහලේ රෝගීන් පවා මෙලෙස පිටමං කරන ලදී.
නගරයෙන් පිටත වූ මුරපොළවලදී නගරවාසීනට ඔවුන් යායුතු ප්‍රදේශ දන්වන ලදී. ඔවුන් සතුව තිබූ පොත් පත් සහ නවීන සමාජයට අයත් බඩුබාහිරාදිය සියල්ල පවරා ගන්නා ලදී. පැරණි රජයේ නිලධාරීන් හෝ සෙබලුන් හෝ හසුවී නම් ඔවුන් වෙන්කරන ලද අතර ඉන්පසු ඝාතනය කෙරිණ. මේ අතර නගරයේ ගෙවල් දොරවල්වල වූ බඩුමුට්ටු එළියට ඇද ඒවා ගිනිතැබූ කෙමර් රූජ් භටයෝ ගෙවල්වල සැඟව සිටි අය ඝාතනය කළහ. නොම්පෙන් නගරයේ වැසියන්ගෙන් 20,000 ක් පමණ නගරය තුලදී සහ ගම්මානවලට සංක්‍රමණය වීමේදී මියයන්නට ඇතිබවට අනුමාන කෙරේ.
පොල් පොට් ප්‍රමුඛ කෙමර් රූජ් නායකත්වයට අවශ්‍ය වූයේ පැරණි සමාජය මුලිනුපුටා දමා අලුත් සමාජයක් නිර්මාණය කිරීමයි. ඔවුන්ගේ විප්ලවවාදී දිනදර්ශනයට අනුව 1975 අප්‍රේල් 17 වනදා 0 වන අවුරුද්දේ පළමු දිනය සහ නව සමාජයක් නිර්මාණය වීමේ සමාරම්භක දිනය වූයේය. මෙම නව සමාජය නිර්මාණය කිරීමේ විකාර එමෙන්ම කුරිරු වැඩපිළිවෙල 1979 ජනවාරි 7 වනදා නිමාව දකින විට, කාම්බෝජ ජනගහනයෙන් හතරෙන් එකක් එය විසින් බිලිගෙන තිබිණ.
වටිනා තොරතරු සමුහයක් බෙදාගැනීම ගැන ස්තුතියි.
ReplyDeleteතැන්ක් යූ වේවා!
Deleteමම අහලා තියෙන විදිහට 'පොල්පොට්'ට අවශ්‍ය උනේ ආයෙමත් කෘෂි ආර්ථික රටාවකට යන්න. පොල්පොට් කියන්නෙ හිට්ලර්ට වඩා කුරිරු මනුස්සයෙක් බවත් අහලා තියෙනවා..
ReplyDeleteලිපියට ස්තුත්යි..
හරී හරියටම හරි.
Deleteඇත්තෙන්ම කාම්බෝජයේ වැසියන් බොහෝ දෙනා නිරත වුනේ කෘෂිකර්මාන්තයෙ තමයි. පොල් පොට් උත්සාහ කළේ ඒ අංශය පමණක් දියුණු කරන්න. නවීන ලෝකයේ සියලු දෑ බැහැර කරන්නයි ඔහු උපදෙස් දුන්නෙ.
නමුත් මේ වැඩපිළිවෙල හරි සැලැස්මක් අනුව ක්‍රියාවට නැගුනෙ නෑ. විකාරයක් බවට පත් වුනා පමණයි. තම වැඩපිළිවෙල අසාර්ථක වෙද්දි ඔහු පක්ෂයේ අයව පවා සැක කරන්න පටන් ගත්තා.
පොල්පොට් ලක්ෂගානක් ඉවක් බවක් නැතුව මරා දාලා මිනී කඳු ගැසූ බව මම පොඩි කාලෙම මුතුහරෙන්ද කොහෙද කියවලා තිබුනා. මම හිතන්නේ පොල්පොට් මිනී මැරුම් අතින් දෙවෙනි වෙන්නේ ස්ටාලින්ට විතරද කොහෙද ?
ReplyDeleteමේවා මෙහෙම ලියලා තියන එක හරි වටිනවා චාමර. මේ ගැන තොරතුරු හොයන පාසල් ළමුන්ට එහෙම හරිම ප්‍රයෝජනවත් වෙයි.. මේ සිද්දිය මෙහෙම කෙටි සටහනකින් ඉවර කරන්න බෑ කියලයි මට තේරෙන්නෙ. සවිස්තරාත්මකව ලියමු.
ඇත්තෙන්ම. තැන්ක් යූ වේවා අදහසට.
Deleteලියමු ලියමු. (නැපෝලියන් ගෙ කතාව ඉවර කරන්නත් තියෙනවා...sigh) :)
මම ගොඩාක් තැන්වල කියල තියෙන කතාවක් තමයි, මරණ සංඛ්‍යාව ගත්තාම පොල් පොට් අනෙක් අයට වඩා බොහොම "සාර්ථක මිනීමරුවෙක්" කියන එක. මාඕ තමයි මම හිතන්නෙ වැඩිම මරණ ගාණකට වග කියන්න ඕන. ඊලඟට ස්ටාලින්. ඒත් උන් දෙන්නා ජීවත් වුනේ ලොකු ජනගහනයක් ඉන්න රටවල් 2 ක. අනික උන් දෙන්නටම අවුරුදු 20 ගනණක් ගානෙ ලැබුනා නෙ.
පොල් පොට් කාම්බෝජ මිනිස්සු මිලියන 2ක මරණවලට වග කියන්න ඕන කියනවා. ඒ කාලෙ ඒ රටේ ජනගහනයෙන් හතරෙන් එකක්... වෙන කිසි කෙනෙක් රටේ ජනගහනයෙන් එච්චර කොටසක් මරා දැම්මෙ නෑ...
අපොයි ඔව්, නැපෝලියන්ගෙ කතාව බොහොම රසවත්.. ඉතුරු ටික එනකම් ඇඟිලි ගැන ගැන ඉන්නෙ...
Deleteඅතින් ලිව්වා. ටයිප් කළේ නෑ. අද වෙන එකක් ලියන්න තියෙනවා. හෙට නැපෝලියන් එනවා...
Deleteකෙමරුජ්ලා වියට්නාමයේ කාම්බෝජ මායිම් ගම්මාන වලටත් ඇවිත් මිනිස්සු මරලා තියෙනව . ඔය වාගේ මානසික ලෙඩ්ඩු කාලෙන් කාලෙට බිහිවෙන එකනේ වැඩේ.
ReplyDeleteකියලා වැඩක් නෑ... වියට්නාමෙත් එක්ක මාර තරහක් නෙ මුන්ට තිබිලා තියෙන්නෙ. නමුත් මුලින්ම කෙමර් රූජ් සංවිධානෙට උදව් කළෙත් වියට්නාම් කොමියුනිස්ට්වාදියොම තමයි. නමුත් ඒ කාලෙ ඉඳන්ම දෙගොල්ලන්ට එකිනෙකා පෙන්නන්න බැරිකම තිබිලා තියෙනවා කියලයි කියන්නෙ.
Deleteඕවා ඔය ජනගහනය පාලනය කරන්න ස්වභාවදරුමයා කරන නරුම වැඩනෙ බින්දි.. පොල්පොට්ලා, හිට්ලර්ලා, මාවෝලා අහිංසකයි ඇත්තටම...
ReplyDeleteඅම්මපා?
Deleteමේකේ ඉතුරු ටිකත් ලියනවා නං හරිම අගෙයි චාමර..
ReplyDeleteතැන්ක් යූ වේවා.
Deleteවෙලාව හොයාගෙන ලියන්නම වෙනවා දැන් නම්...
එකයි කියවන්න ලැබුනේ.වෙලාව නෑ.අනිව හෙට එනවා ආයෙත්.ජය වේවා
ReplyDeleteතැන්ක් යූ වේවා! දිගටම එන්න... මමත් දැන් ආපහු වෙලාව හොයාගත්තා ලියන්න.
Deleteඑක දවසක් කියෙව්වා මේ මේ වකවානුව ගැන.දැන් හොදටම අමතකයි.black papa කිව්වේ නෝල්ට ද? සිහනුක්ට ද?
ReplyDeleteඒ කවුද? කිසිදු අදහසක් නොමැත... :-(
Deleteමටත් යාන්තම් මතකයක් තමා තියෙන්නේ.කමක් නෑ.
ReplyDeletebrilliant
ReplyDeleteThank you! :)
Delete