පළමු ලෝක යුද්ධය ආරම්භ වීමට ආසන්නතම හේතුව වූයේ ඔස්ට්‍රා-හංගේරියාවේ ආර්ච්ඩියුක් හෙවත් මහාධිපාද ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් ඝාතනය කිරීම වුවද එය යුරෝපා ජාතීන් අතර කලක් පටන් පැවති නොරිස්සුම්කම්වල පිපිරීමක් ලෙසද සැළකිය හැක. මෙම නොරිස්සුම්කම් සඳහා බලපෑ හේතු කිහිපයක් විය.
1. ජාතිවාදය
මධ්‍යතන යුගයේදී යුරෝපා මහාද්වීපය අඳුරෙහි ගිලී තිබුණේය. එකළ ප්‍රබල ජාතික රාජ්‍යයන් නොවූ අතර එසේ වී නම්, ඒවා වැඩිකල් නොපැවැත්තේය. බොහෝකොටම ජාතික රාජ්‍යවලට වඩා ප්‍රමුඛ වූයේ වංශාධිපතිවරුන්ගේ බලයය. ඔවුහු රජවරුනට වඩා බලගතු වූහ. වර්තමානයේ අප දකින ඇතැම් විශාල රාජ්‍යයන් වෙනුවට එවකට වූයේ කුඩා රාජ්‍යයන් සමූහයකි. එයට හොඳම උදාහරණ ලෙස ජර්මනිය සහ ඉතාලිය ගත හැක.
කෙසේ නමුත්, වැඩවසම් ක්‍රමය බිඳ වැටෙන විට ඒ වෙනුවට යලිත් ජාතික රාජ්‍යයන් ඉස්මතු වන්නට වූයේය. මෙහි උච්ඡතම අවස්ථා ලෙස ඉතාලිය සහ ජර්මනිය එක්සත් වීම සැළකිය හැක. ඉතාලිය 1870 දී එක්සත් රටක් බවට පත්වූ අතර එහිදී එරට ඔස්ට්‍රියාව හා ගැටුණාය. මේ අතර ප්‍රංශ-ප්‍රෂියානු යුද්ධය අවසානයේදී ජර්මනිය එක්සත් කිරීමේ ක්‍රියාවලියද සම්පූර්ණ විය. මෙසේ ජාතික රාජ්‍යයන් බිහිවීමත් සමඟ යුරෝපයේ විවිධ ජාතීන් අතර ගැටුම් ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි විය.
මේ අතර, යුරෝපා රටවල් සමහරක් විසින් වෙනත් මහාද්වීපවල වැසියන් විශාල ප්‍රමාණයක් යටත් කරගෙන සිටියදීම, යුරෝපයේ ඇතැම් ජාතීන්ද වෙනත් ජාතීන්ගේ යටත් වැසියන් ලෙස තවමත් ජීවත් වන අයුරු දක්නට ලැබිණ. 20 වන සියවස පළමු දශකය අවසන් වනවිටත් ඇල්බේනියානුවන් සහ සමහර ග්‍රීක ජාතිකයන් තුර්කි පාලනය යටතේ දිවි ගෙවූහ. මේ අතර ට්‍රාන්සිල්වෙනියා ප්‍රදේශයේ රුමෙනියානුවෝද, සර්බ් ජාතිකයෝ කොටසක්ද, ගැලීසියාවේ විසූ පෝලන්ත වැසියෝද, චෙක්, ස්ලොවැක්, රුතීනියානු, ස්ලොවීනියානු සහ ක්‍රොඇට් ජාතිකයෝද ඔස්ට්‍රා-හංගේරියානු පාලනය යටතේ විසූහ. පෝලන්තයේ විශාල ප්‍රදේශයක් පැවතියේ රුසියානු පාලනය යටතේය. සත්‍ය වශයෙන්ම පෝලන්ත වැසියනට ඔවුන්ගේම රටක් නොතිබුණේය. සිය නිදහස දිනාගැනීම පිළිබඳ මේ සියලු ජාතීහු සිහින දකිමින් සිටියහ.
2. ප්‍රතිවාදී මිත්‍ර ගිවිසුම් දෙකක්
1879 දී ජර්මන් සහ ඔස්ට්‍රියා-හංගේරියානු අධිරාජ්‍යයෝ මිත්‍ර ගිවිසුම් දෙකකට එළඹුනහ. මේ අතර අප්‍රිකාවේ ටියුනිස් නගරය දෙස ගිජු ලෙස නෙත් හෙලාගෙන සිටි ඉතාලියද 1881 දී ප්‍රංශය විසින් එහි හමුදා නැවැත්වීම නිසා සුන්වූ බලාපොරොත්තු හේතුවෙන් ඊළඟ වසරේදී ජර්මන්-ඔස්ට්‍රියානු මිත්‍ර සන්ධානයට එක් විය. ඉතාලියේ එක්සත්භාවය සඳහා වූ අරගලයේදී මුලින් උපකාර කර පසුව විරුද්ධකම් පෑම නිසා ප්‍රංශය කෙරෙහි ඔවුන් එතරම් හොඳහිතකින් පසු වූයේ නැත. නමුත් එරට සහ ජර්මනිය අතර මිත්‍රත්වයක් ගොඩනැගී තිබුණි. කෙසේ නමුත්, ඉතාලිය සහ ඔස්ට්‍රියාව එකම මිත්‍ර සන්ධානයක දක්නට ලැබීම පුදුමයට කරුණක් විය. මක්නිසාද යත් එම දෙරට අතර සාම්ප්‍රදායික එදිරිවාදිකමක් පැවතීමයි. යුධමය තත්ත්වයකදී මෙම දෙරට එකම සන්ධානයක කටයුතු කරනු ඇතැයි සිතීම පවා විහිලුවක් විය.
1862 සිට ප්‍රෂියාවේ අගමැති හෙවත් චාන්සලර් වශයෙන් සේවය කර 1871 දී ජර්මන් අධිරාජ්‍යය පිහිටුවීමෙන් පසු එහිද අගමැතිවරයා වූ ඔටෝ ෆොන් බිස්මාර්ක්ගේ ප්‍රතිපත්තිය වූයේ වෙනත් බලවතුන් සමඟ අනවශ්‍ය ගැටුම් ඇති නොකර ගැනීමය. ඔස්ට්‍රියාව සහ රුසියාව අතරද පැවති සතුරු ආකල්පයන් දුටු ඔහු ඔස්ට්‍රියානු මිත්‍රත්වයද මඳකට පසෙකලා රුසියාව සමඟ රහස්‍ය ගිවිසුමකට එළඹුණේය. 1887 දී අත්සන් කෙරුණ මෙම ගිවිසුමට අනුව, රුසියාව සහ ඔස්ට්‍රියාව අතර යුද්ධයකදී මධ්‍යස්ථව සිටීමට ජර්මනිය පොරොන්දු විය. බ්‍රිතාන්‍යය පවා හොඳින් තබාගත් බිස්මාර්ක්, ජර්මනියේ ප්‍රධානම ප්‍රතිවාදියා ලෙස සැලකුණ ප්‍රංශය දිගටම ජාත්‍යන්තර තලයේදී හුදෙකලා කිරීමට සමත් විය.
නමුත් 1888 දී වියපත් I වන විළියම් අධිරාජ්‍යයා සහ ඔහුගේ අනුප්‍රාප්තිකයාද කෙටි කාලසීමාවක් ඇතුලත කලුරිය කළහ. එයින් පසු රාජ්‍යත්වයට හෙවත් ජර්මනියේ කයිසර් බවට පත් වූයේ එවකට 28 හැවිරිදි වූ II වන විළියම් අධිරාජ්‍යයාය. ඔහු රුසියාව සමඟ වූ ගිවිසුම අවලංගු වීමට ඉඩ දුන්නේය. ජර්මනියේ සිට බැග්ඩෑඩ් නගරයට කොන්ස්තන්තිනෝපලය හරහා දුම්රිය මඟක් සාදවා, පණ අදින ඔටෝමන් තුර්කි අධිරාජ්‍යය ජර්මන් බලපෑමට යටත් කිරීමට ඔහු සිහින දැක්කේය. මෙහිදී ඔහුට ඔස්ට්‍රියානු සහය අවශ්‍ය විය. මන්ද, දුම්රිය මාර්ගය ඔස්ට්‍රියා-හංගේරියානු ප්‍රදේශ හරහාද යායුතු වූ බැවිනි. මෙහිදී රුසියාවේ සහ ජර්මනියේ අවශ්‍යතා එකට ගැටිණි. තවද, ඉල්ලා අස්වීමට බලකරන ලදින් බිස්මාර්ක්ට 1890 දී චාන්සලර් ධූරය අතහැර යාමට සිදු විය. ජර්මනිය උදෙසා තමන් විසින් ඇතිකරගත් ආරක්‍ෂිත තත්ත්වය කෙමෙන් කෙමෙන් බිඳ වැටෙනු ඔහු මියයනතෙක් ගතවූ වසර අටක් තුල සාංකාවෙන් බලා සිටින්නට ඇත. 1891-95 කාළය තුල රුසියාව සහ ප්‍රංශය තර මිත්‍රත්වයක් කෙමෙන් කෙමෙන් වර්ධනය වීමත් සමඟ ප්‍රංශය ජාත්‍යන්තර තලයෙහි වූ හුදෙකලාවෙන් මිදෙන්නට පටන් ගත්තේය.
කෙසේ වුවද, මෙකල ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය අතර එතරම් හොඳහිතක් තිබුණේ නැත. 1881 දී ටියුනිස් නුවර ප්‍රංශ හමුදා නැවැත්වීමත්, මොරොක්කෝව දෙස ඔවුන් දැක්වූ ආශාවත් නිසා බ්‍රිතාන්‍යය ප්‍රංශය සමඟ අමනාපයෙන් පසු විය. එමෙන්ම 1898 වසරේදී වර්තමාන සුඩානයේ ෆැෂෝඩා නම් ස්ථානයේදී බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ කණ්ඩායම් දෙකක් අතර ඇතිවන්නට ගිය සිද්ධිය හේතුවෙන් දෙරට අතර සබඳතා බෙහෙවින් පලුදු වන ලකුණු පහළ වූයේය. දෙරට අතර යුද්ධයක් පවා ඇතිවන්නට ඉඩක් නොතිබුනා නොවේ. නමුත් ප්‍රංශයට බ්‍රිතාන්‍යය සමඟ හැප්පෙන්නට අවශ්‍යතාවයක් නොවීය. එරට විදෙස් ඇමති ඩොල්කැසේ පැවසූ පරිදි ප්‍රංශයට සුඩානය ලබාගැනීමට වඩා වැදගත් වූයේ බ්‍රිතාන්‍යය සමඟ වූ මිතුදම ආරක්ෂා කරගැනීමයි.
මේ අතර, 1895 දී ජර්මනිය උතුරු මුහුද සහ බෝල්ටික් මුහුද යා කෙරෙන කීල් ඇල කැපීම ආරම්භ කිරීමත් සමඟ ජර්මනියේ වර්ධනය කෙරේ බ්‍රිතාන්‍යය බියවන්නට පටන් ගත්තේය. මෙම තත්ත්වය අවසානයේදී බ්‍රිතාන්‍ය-ප්‍රංශ මිත්‍රත්වයකට පාර කැපුවේය. 1904 දී දෙරට අතර ද්වි පාර්ශවික ගිවිසුම් දෙකක් ඇතිවූ අතර 1907 දී ඒ වනවිටත් ප්‍රංශයේ හොඳ මිත්‍රයකු වූ රුසියාවේද සහභාගිත්වයෙන් ත්‍රි-පාර්ශවික මිත්‍රත්වයක් බවට එය පත් වූයේය.
3. බලවතුන් අතර තරඟය
යුරෝපයේ විවිධ බලවතුන් අතර කළක පටන් යටත් විජිත පිහිටුවීම සඳහා විශාල තරඟයක් විය. මෙය අප්‍රිකාව බෙදා ගැනීම පිළිබඳව මූලික වශයෙන්ම ඇති විය. මේ අතර දකුණු ඇමරිකාවේ සහ වෙනත් ප්‍රදේශවලත් එක් එක් බලවතුන් අතර වූ වෙළෙඳ තරඟයද එදිරිවාදිකම් වැඩි වීමට දායක විය. මේ අතර කීල් ඇළ හාරනු ලැබීමෙන් පසු ජර්මනිය නාවික හමුදාව දියුණු කිරීම බ්‍රිතාන්‍යය කිසිසේත්ම රිස්සුවේ නැත. මෙයින් සිදු වූයේ දෙරට අතර අවි ආයුධ තරඟයක් ඇතිවීමයි.
ප්‍රධාන බලවතුන් කෙළින්ම සම්බන්ධ වූ යුද්ධ කිසිවක් 1878 න් පසු යුරෝපයේ ඇති නොවීය. නමුත් මේ කාළයේ බෝල්කන් යුද්ධ දෙකක්, ඉතාලි-තුර්කි යුද්ධයක් මෙන්ම විවිධ ජාත්‍යන්තර අර්බුධ කිහිපයක්ම ඇති විය. මේ සියල්ල සමථයකට පත් කරගැනීමට හැකි වුවත් ඕනෑම මොහොතක යළිත් විශාල පිපිරීමක් ඇතිවීමේ අවධානම පහවී නොගියේය. 1914 ජුනි 28 වනදා ආර්ච්ඩියුක් ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් ඝාතනයෙන් පසු එම පිපිරීම සිදුවූ අතර ජීවිත ගණනක් බිලිගැනීමෙන් පසු යළිත් එය යම් සමථයකට පත් කරගනු ලැබීය.
* මීළඟ කොටස ආර්ච්ඩියුක් ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් ඝාතනයට පෙර විවිධ පාර්ශව අතර ඇතිවූ අර්බුද පිළිබඳවය.

ප්‍රතිවාදී මිත්‍ර ගිවිසුම් දෙකක් |

හෙහේ,ඔය තියෙන්නේ.මේක මේ කලබලේ කියවන්න බැහැ.හිමිහිට කියවන්න ඕනේ.
ReplyDeleteඑක නිසා මම හෙමිහිට එන්නම්කෝ...:)
කියවන එක කලබලේ කරන්න බැරි නම් ලියන එක කොහොමට ඇතිද? ඒ වුනාට පොඩ්ඩක් පරක්කු වෙන්න බෑ මට ඇනුම් බැනුම්. :P
Deleteමිත්‍ර පාර්ශවික රටව්ල්, රටවල් අතර ගිවිසුම්... කියන්නෙ මහ දෙබිඩි කතන්දර නේද ? හැමෝම මස් රාත්තලම ගන්න තමා කොහොම හරි බලන්නෙ..
ReplyDeleteදැන්නම් හැමෝම හැමෝටම භය නිසා තෙවන ලෝක යුද්ධයක් ඇති වෙන එකක් නෑ කියලා හිතෙනවා...
ඇත්තෙන්ම... හොඳ හොඳ සෙල්ලම් ගොන්නක්ම එළි වුනා සෝවියට් රජය පිහිටුවාපු අලුතම වගේ ලෙනින් එතෙක් රුසියාව අත්සන් කරපු රහස් ගිවිසුම් එළියට දැම්මම. නමුත් පසු කාලීනව සෝවියට් දේශයත් ඕනතරම් රහස් ගිවිසුම්වලට එළඹුනානෙ.
Deleteලෝක යුද්ධ නෙවෙයි දැන් තියෙන්නෙ. ලෝකයම යුද්ධයක්. බලන්න කොච්චර නම් යුද්ධ ලෝකෙ තියෙනවාද? දෙවනි ලෝක යුද්ධෙන් පස්සෙ රටවල් අතර යුද්ධ අඩු වුනා, අභ්‍යන්තර යුද්ධ වැඩි වුනා... නමුත් හරියට බැලුවොත් අභ්‍යන්තර යුද්ධවලට රටවල් වක්‍ර විදියට සම්බන්ධයි නෙ. වෙනසක් නෑ වගේ අන්තිමට බලද්දි :)
ඔන්න දෙවැනි පාරටත් කියවා අවසන් කෙරුවා.මෙන්න දැන් මගේ ප්‍රශ්න වටය.
ReplyDelete1) ඉතාලිය සහ ජර්මනිය එක්සත් වුනා කියලා,ඉතාලිය 1870 දී එක්සත් රටක් වුනා කියන එක ටිකක් විතර පැහැදිලි මදි වගේ.
2) ටියුනිස් නුවරට ඇයි දන්නේ නැහැ ඔච්චර කට්ටිය ඇහැ ගහාගෙන හිටියේ?
3) ජර්මනියේ චාන්සලර් බිස්මාර්ක්ට වඩා බලයක් තිබුනාද II වන විළියම් අධිරාජ්‍යයායට?ඒ කියන්නේ ඔහුට තිබ්බේ නාමික බලයක් නෙමේද ?
4) මේකේ අනිත් කොටස දන්නේ කවද්ද ?
සැලකිය යුතුයි-ප්‍රශ්න මතු වන හැටියට අමතනු ඇත..:D
මෙන්න එහෙනම් උත්තර.
Delete1. //ඉතාලිය 1870 දී එක්සත් රටක් බවට පත්වූ අතර එහිදී එරට ඔස්ට්‍රියාව හා ගැටුණාය. මේ අතර ප්‍රංශ-ප්‍රෂියානු යුද්ධය අවසානයේදී ජර්මනිය එක්සත් කිරීමේ ක්‍රියාවලියද සම්පූර්ණ විය.// මේක දිග කතාවක් බොහොම කෙටියෙන් දැක්වීමක්. ඉතාලිය එක්සත් වීම සහ ජර්මනිය එක්සත් වීම වෙනමම කතා දෙකක්.
2. ටියුනිස් නගරය පිහිටි ස්ථානය තමයි ඉතින්. මධ්‍යධරණී මුහුදෙ මැද හරියෙනෙ. ඉතාලියට මේ ප්‍රදෙශය ලැබුණා නම් මධ්‍යධරණිය මැද්දෙන් සහමුලින් වහන්න පුලුවන්... අප්‍රිකාව සහ ඉතාලිය ළඟින්ම යන්නෙ ඔතනින්. http://www.euratlas.net/history/europe/1900/entity_2146.jpg
3. ජර්මන් අධිරාජයාට නාමික බලයකට වඩා දෙයක් තිබ්බා... ඒ රටේ තිබ්බ ක්‍රමය දැන් යුරෝපා රටවල ක්‍රමයට වඩා වෙනස්. අගමැති පත් කලේ පාර්ලිමේන්තුව නෙවෙයි. අධිරාජයා... වෙන අගමැති කෙනෙක් උනා නම් ඒ වෙද්දි එලෝලා... බිස්මාර්ක් ජනප්‍රිය නිසා සහ කට්ට නිසා වෙන්න ඇති අවුරුදු 2ක් හරි අල්ලගෙන හිටියෙ. (1888-90). පළවෙනි විලියම් අධිරාජයාට බිස්මාර්ක් එක්ක ආපදාවක් තිබ්බේ නෑ. මිනිහා අධිරාජයෙක් වෙන්නෙ නෑ බිස්මාර්ක් නොහිටින්න... (ජර්මනිය එක්සත් කිරීම...)
4. පුලුවන් වුනොත් අදම. රාජකාරි නිසා තමයි පරක්කු වෙන්නෙ...
* දැන් මට කියන්න එපා ඉතාලිය එක්සත් කිරීම සහ ජර්මනිය එක්සත් කිරීමත් මේ හදිසියෙ ලියන්න කියල ඈ! ඒකත් දිග...... කතා දෙකක්...
හරි බොහෝම ස්තූතියි.
Delete1) ඉඩ ලද විටක (මේකට පස්සේ) ඒ කතාව ලියන්න...:D(අපි ඉතින් මේවා මේ පොත් වලින් කියවන්න කියලායැ..:D)
2) ආ දැන් වැඩේ හොඳට පැහැදිලියි...:)
3) ජර්මන් චාන්සලර් දැන් පත්වෙන්නේ නම් මැතිවරණයකින් නේද?
(වැඩේ කියන්නේ බිස්මාර්ක් ගැන දන්නා අපි ඊටත් වඩා උඩින් හිටපු අධිරාජ්‍යයෙක් ගැන දන්නේ නැති එකනේ.)වර්තමානය වෙනකොට නම් අධිරාජ්‍ය සංකල්පය ජර්මනියේ නැතුව ඇතිනේද ?
4) ආ එක නම් හොඳයි...:Dලොකු සති අන්ත නිවාඩුවක් තියෙන එකේ ලියන්න බැරි වෙන එකකුත් නැහැ..:P
අධිරාජ සංකල්පය කොහොම වුනත් අධිරාජ්‍යය නම් 1918 දි ඉවර වුනා. දැන් නම් එහෙ තියෙන්නෙ ප්‍රජාතාන්ත්‍රික මැතිවරණ ක්‍රමයක්...
Deleteබිස්මාර්ක් තමයි පොර. අධිරාජයා වගේද ජර්මනිය එක්සත් කරපු චාන්සලර්...
සති අන්ත නිවාඩු කොහෙද අපිට. දැනුත් වැඩ...
ඔය බිස්මාර්ක්ගෙ නම වෙන්නැති නේද අර නැවට දාන්න ඇත්තෙ ? එහෙම නැත්නම් ඕක ජර්මනියෙ කොමන් නමක්ද ?
DeleteYa ya... එයාගෙ නම තමා...
Delete