Thursday, December 6, 2012

සසර ගමෙනේ ඉපිද මැරෙන අපි


මේ පුංචි ජීවිත කාලෙට

කොච්චර නම්

මළගෙවල්වල ගිහින් තියෙනවාද?

අපිත් එක්ක හිටපු මිනිසුන්

සුසාන භූමිවල

අවසන් ගමන් යනවා දැකලා තියෙනවාද?

මේ මුළු සසරේ

කොතෙක් අපි එහෙම දැකලා තියෙනවාද?



මා මැරුණම

මගේ මළගමට එන කෙනෙකුටත්

මේ ටිකම හිතෙන්නට බැරි නෑ.

ඒත් ඔහුට මතක් වෙයිද

මේ සසර ගමනේ

කොතෙක් වරක්

තමන් මියගොස් ඇතිද කියලා..

10 comments:

  1. http://samigepunchilokaya.blogspot.com/2012/12/blog-post.html?m=1

    පළවෙනි වතාවට මරනය කියන දේ ඇස්පනාපිට සිද්ද උණා.

    ReplyDelete
    Replies
    1. මම අද උදේ මේක කියෙව්වා සමී.. දුක හිතුනා කියවලා. මුකුත් ලියලා ආවේ නම් නැහැ.

      මම ඊයේ මළගෙදරක ගියා. එතකොට හිතුන දෙයක් තමයි අද මෙහෙම කොටලා දැම්මේ..

      Delete
  2. හුඟක් වෙලාවට අපිට අමතක වෙනවා අපිත් සියල්ල අතහැර යන වග..

    ReplyDelete
    Replies
    1. අන්න එහෙම අමතක වෙන නිසා මේ තියෙන දේ ගැන ආසාවල් නැති කරගන්න බැරිව තව උපතකට කරුණු සකස් කර ගන්නවා. මේක තමයි සංසාරෙම සිද්ධ වෙන්නේ...

      Delete
  3. ඇත්තටම කී කෝටි වාරයක් අපි ඉපිද මැරී ඇත්ද..ඒත් අන්‍යයන් මැරෙන වාරයක් පාසා අපි අඩන එක හරි පුදුමයි..

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. ඒ ගැන නම් පුදුමයි තමයි.

      Delete
  4. අනේ අපිත් මැරෙයිද?....
    ඔවු....
    .
    .
    .
    .

    යකෝ එතකොට මගේ බ්ලොග් එක ලියන්නේ කවුද ඩො........

    ReplyDelete
    Replies
    1. මාර ප්‍රශ්නයක් තමයි....


      බ්ලොග් එකක් කියන්නේ ජීවිතේ එක පුංචි කොටසක් විතරනේ. ඕනේ නම් එකේ පාස්වර්ඩ් එක අපිට දෙන්න :-) අපි ලියන්නම්. :-P

      Delete
  5. Replies
    1. හ්ම්ම්... වැඩේ සීරියස් නේ...

      Delete