National Diet Building of Japan. Wikimedia Commons
මෙවර ජපන් මැතිවරණය පෙර මැතිවරණ බොහොමයක් මෙන් නොව පැහැදිලි අවිනිශ්චිත බවක් පෙන්වයි. ඊට හේතුව වන්නේ කිසිදු පක්ෂයකට රටේ පැහැදිලි ජනප්‍රියත්වයක් නොමැති වීමයි. පාලක ජපන් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය දැඩි ලෙස ජනතා අප්‍රසාදයට පත්ව ඇති අතර දැනට ප්‍රකාශයට පත්ව ඇති ජනමත විමසීම්වලට අනුව එයට ඡන්දය දෙන ඡන්දදායකයින් ගණන 20% සීමාවටත් වඩා අඩු වනු ඇත. කෙසේ වුවද මෙහි අදහස ප්‍රධාන විපක්ෂය වන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ජනප්‍රියත්වයට පත්ව ඇති බව නම් නොවේ. 1950 දශකයේ සිට 2009 වනතුරු අඩසියවසක්ද ඉක්මවූ දීර්ඝ කාලයක් මුළුල්ලේ මාස කිහිපයක් හැරුණුවිට මුළු කාලයම ජපානය පාලනය කලේ එම පක්ෂයයි. එහෙත් ජනතාව යලිත් එම පක්ෂය බලයට පත් කිරීමට මැලිකමක් දක්වන බව පෙනේ.
ප්‍රධාන පක්ෂ දෙකෙහි ජන අප්‍රසාදය හමුවේ ලැබී ඇති ඉඩ හසර ප්‍රයෝජනයට ගෙන ඇත්තේ දක්ෂිනාංශික පක්ෂ කිහිපයකි. මෙයින් එක කුඩා පක්ෂයක් වූ ෂින්තාරෝ ඉෂිහාරාගේ "සූර්යය උදාව" පක්ෂය (Sunrise Party) තොරූ හෂිමොටෝගේ ජපන් ප්‍රතිස්ථාපන පක්ෂය (Japan Restoration Party) සමඟ ඒකාබද්ධ විය. මෙම පක්ෂ දෙක අතර ඇතැම් කරුණු අරබයා මතවාදී වෙනස්කම් පවතින බවද නොසලකා මෙම එකමුතුව ඇති කරගන්නා ලදී. විශේෂයෙන්ම අද වනවිට ජපානයේ සංවාදයට තුඩු දෙන ප්‍රධානතම මාතෘකාවක් වන න්‍යෂ්ටික බලශක්තියේ අනාගතය පිලිබඳ මෙම නායකයින් දෙදෙනා අතර එකඟත්වයක් නොපවතී. කෙසේ වුවද මෙය, ප්‍රධාන පක්ෂ දෙකම අපකීර්තියට පත්ව ඇති අවස්ථාවක, කල දුටු කල වල ඉහගැනීමේ අදහසින් ඇති කරගත් දේශපාලනික සන්ධානයක් බව පෙනී යයි.
හෂිමොටෝගේ ජපන් ප්‍රතිස්ථාපන පක්ෂය ටෝකියෝ අගනුවරින් එපිට මූලස්ථානය පවතින එකම ජාතික මට්ටමේ ජපන් දේශපාලන පක්ෂය විය. හෂිමොටෝ ජපානයේ දෙවන විශාලතම නගරය වන ඔසාකා නගරයේ නගරාධිපතිවරයාය. මෑතක් වනතුරු ටෝකියෝ පළාතේ ආණ්ඩුකාරවරයා වූ ඉෂිහාරා සමඟ සන්ධානගත වීමෙන් හෂිමොටෝට අගනුවර ප්‍රදේශයෙන් වැදගත් දේශපාලන මිත්‍රයකු සොයා ගැනීමට හැකිවී ඇත. ඔහු තමාට වඩා වයසින් වැඩි, අසූ වියැති ඉස්හිහාරාට පක්ෂ නායකකම පවා ප්‍රධානය කළේය.
ෂින්තාරෝ ඉෂිහාරා ජපන් දේශපාලනයට අමුතු චරිතයක් නොවේ. අසූ වියැති ඉෂිහාරා ඩයට් සභාවේ උත්තර මන්ත්‍රී මණ්ඩලයට මුලින්ම පත් වූයේ 1968 වසරේය. 1972-1995 සමයේ පහල මන්ත්‍රී මණ්ඩලය නියෝජනය කල ඔහු 1995 දී සිදුවූ "ඕම් ෂින්රිකියෝ" සංවිධානයේ සැරින් වායු ප්‍රහාර සිද්ධියෙන් පසු එකවරම ඩයට් සභාවෙන් ඉල්ලා අස් විය. ඉෂිහාරා එම සංවිධානයට සහය දැක්වූ අයෙකු බව කියවේ. නැවතත් 1999 දී ටෝකියෝ ආණ්ඩුකාරයා බවට පත්වන ඔහු 2012 නොවැම්බරයේදී එම තනතුරෙන් ඉවත් වූයේ ළඟ එන මැතිවරණය සඳහා තරඟ කිරීමටය.
ෂින්තාරෝ ඉෂිහාරා, U.S. Navy photo by Mass Communication Specialist Seaman Adam York, Wikimedia Commons
දැඩි දක්ෂිනාංශිකයකු වන ඉෂිහාරා 2002 වසරේදී ඕස්ට්‍රේලියාවේ ABC ආයතනය මගින් හඳුන්වා දෙන ලද්දේ "ජපානයේ ලේ පෙන්" වශයෙනි. මහජන චීන සමූහාණ්ඩුව කෙරෙහි දැඩි විරෝධාකල්පයක් දරන ඔහු වැනි නායකයින් කරලියට පැමිණීම තුලින් චීනය සහ ජපානය අතර මතුව ඇති මතභේදාත්මක තත්ත්වය සමහන් වීමේ හැකියාව තවත් අඩු වනු ඇතැයි සිතිය හැක. ජපානයේ මීළඟ ආණ්ඩුව දකුණට බර සභාග ආණ්ඩුවක් වන බව පැහැදිලිය. ආර්ථික අවපාතය, න්‍යෂ්ටික බලශක්තියේ අනාගතය, සමුද්‍ර දේශ සීමා ගැටුම් යනාදිය සම්බන්ධයෙන්ද, රටේ වැඩිහිටි ජනගහනය වැඩි වීම සමඟ ඇතිවන සමාජ ආර්ථික ගැටළු සම්බන්ධයෙන්ද කටයුතු කිරීම සඳහා ප්‍රබල ආණ්ඩුවක අවශ්‍යතාවයක් ඇති මෙවන් අවධියක දුර්වල සභාග ආණ්ඩුවක් ඇති වීම ජපානයට එතරම් හිතකර නොවනු ඇත.
අවුරුදු අසූවක් වෙලත් ක්‍රියාකාරී දේශපාලනය අත්හරින්නේ නෑ නේද. සාමාන්‍යයෙන් ජපානයේ මිනිසුන්ගේ ආයු කාලය කොච්චර වෙනවද..
ReplyDeleteඑහෙ ඡන්දය ප්‍රකාශ කරන්න භාවිතා කරන්නේ මොන වගේ ක්‍රමයක් ද..? මොකක් හෝ තාක්ෂණික ක්‍රමයක් යොදා ගන්නවා ද.. නැත්නම් අපි වගේ පත්‍රිකාවේ සලකුණක් දාන එකමද කරන්නේ.
හොඳ ප්‍රශ්නයක්. මමත් දැන් තමයි ඡන්දය දෙන ක්‍රමය ගැන හොයල බැලුවේ... 2002 තමයි මුලින්ම ඉලෙක්ට්‍රොනික යන්ත්‍ර හඳුන්වලා දීලා තියෙන්නේ. ඊට කලින් කරලා තියෙන්නේ හිස් ඡන්ද පත්‍රිකාවක තමන් ඡන්දය දෙන අපේක්ෂකයා හෝ පක්ෂය හෝ ලිවීම. නමුත් තවමත් පරණ ක්‍රමය භාවිතා කරන බව තමයි පෙනෙන්නේ. එකෙන්ම පැහැදිලි වෙනවා ජපන් ජනතාවගේ සාක්ෂරතාවය සහ අධ්‍යාපන මට්ටම......
Deleteදේශපාලනයට වයස ප්‍රශ්නයක් නෑ නේ, නේද? රොබට් මුගාබේගේ වයස දැන් අවුරුදු 88ක්. අපේ අල්ලපු ඉන්දියාවේ මන් මෝහන් සිං අගමැතිතුමාටත් වයස අවුරුදු අසූවක් නේ...
හ්ම්.. පැහැදිලි කිරීමට ස්තුතියි.
Deleteඑකම වයසේ සෙට් එකක් ඉන්නවනේ. අපේ රටෙන් කවුරු එකතු වෙයිද දන්නේ නෑ ඔය සෙට් එකට.. :D :D
කලකට කලින් නම් JR පප්පා හිටියා. සිරිමා මැතිනිත් හිටියනේ... දැන් නම් ඉතින් අගමැති දි. මු. තමයි ඉන්නේ...
DeleteGreat article bro !! :)
ReplyDeleteThank you very much sis!!!
Deleteනියම පැහැදිලි කිරීමක්.වරසක් කිහිපයක් තුල ජපන් ආර්ථිකය පසු බසිනවා.එන්න එන්නම ඒක වැඩි වෙනවා.ඔබ කිව්වා වගේ කොයි පක්ෂයක් බලයට ආවත් ජපානය ගොඩ ගැනීම අපහසුයි.විශේෂයෙන්ම චීනය සමග ඇති කරගෙන තිබෙන දූපත් ප්‍රශ්නය නිසා ජපන් අපනයනය 3%ට අධික ප්‍රමාණයකින් පහල බැහැලා.ලොව මේ සියවසේ බලවතා බවට චීනය පත් වන ලකුණු තියෙන නිසාත් ජපානය විසින් චීනය අත් හැරීම ජපන් ආර්ථිකයට විශාල පාඩුවක් වේවි.ඒ අතර යුරෝපා ආර්ථික අර්බුධයත් හේතු වෙන්න ඇති නේද?
ReplyDeleteඅනිවාර්යයෙන්ම. ජපනාට තියෙන ප්‍රධානම ප්‍රශ්නය තමයි චීනයටත් තියෙන්නේ. බලශක්තිය. එකයි තෙල් තියෙන ප්‍රදේශයක් කියල හිතන "මුහුදේ තියෙන ගල් ගොඩවල් ටිකකට" පොරකන්නේ. චීනය සහ ජපානය කවදත් එච්චර හොඳ සම්බන්ධතා තිබුන රටවල් දෙකක් නම් නෙවෙයි.
ReplyDelete