ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ නව අගනුවර පිළිබඳ මේ වනවිට විශාල විවාදයක් මතුවී තිබේ. මීට හේතු වී ඇත්තේ එම ප්‍රාන්ත මහ ඇමතිවරයා විසින් ඓතිහාසික අමරාවතිය ඒ සඳහා නම් කිරීම සමඟ මතුවී ඇති විරෝධයයි.
අමරාවතිය ඉන්දියාවේ ඓතිහාසික නගරයකි. මෞර්ය අධිරාජ්‍යයේ වැටීමෙන් පසු ඩෙකානයේ බලයට පත්වූ සතවහන අධිරාජ්‍යයේ අගනගරය වූයේ අමරාවතියයි. ක්‍රිශ්ණා ගඟබඩ පිහිටි එම ප්‍රදේශය අද වනවිට කෘෂිකර්මාන්තය අතින් ද වැදගත් ප්‍රදේශයකි.
මහ ඇමති චන්ද්‍රබාබු නායිදුගේ අපේක්‍ෂාව වන්නේ මෙම ප්‍රදේශයෙහි සිංගප්පූරු මොඩලයේ නගරයක් ඉදි කිරීමයි. නමුත් මෙම අදහසට පක්‍ෂව මෙන්ම විපක්‍ෂව විවිධ අදහස් මතුවෙමින් පවතී.
2014 වසරේදී සිදුවූ ආන්ද්‍රා ප්‍රදේශය දෙකඩ වීමත් සමඟ එහි පැරණි අගනගරය වූ හයිද්‍රාබාදය අලුතෙන් ඇතිවූ තෙලන්ගනා ප්‍රාන්තයට අයත් වූයේය. තොරතුරු තාක්‍ෂණය සඳහා ප්‍රකට හයිද්‍රාබාදය සමහරුන් හඳුන්වන්නේ සයිබරාබාද් යනුවෙනි. එම නගරය එම තත්ත්වය කරා ගෙනයාමේ මූලික වැඩ කොටස කෙරුණේ වත්මන් ආන් ද්‍රා මහ ඇමති නායිදු අතිනි.
දැන්, නායිදුගේ ඉලක්කය වන්නේ එවැනිම වූ තවත් නගරයක් නිර්මාණය කිරීමයි. එය පරිපාලන මෙන්ම ආර්ථික මධ්‍යස්ථානයක් වනු දැකීම ඔහුගේ අභිලාශයයි. අගනුවර ප්‍රදේශය ලෙස නම් කර ඇති මුලු ප්‍රදේශය වර්ග කිලෝමීටර 7,068 කි. අමරාවතී අගනුවර වර්ග කිලෝමීටර 225 ක් විශාල වනු ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුලු වියදම ඉන්දියානු රුපියල් කෝටි ලක්‍ෂ 4 කි.
කෙසේ වෙතත්, ඔහුගේ අදහසට එරෙහි වන ඇතැමුන් ප්‍රකාශ කරන්නේ මෙය නිරපරාදී වටිනා කෘෂිකාර්මික ප්‍රදේශයක් විනාශ කිරීමක් බවයි. ප්‍රදේශයේ වසන ගොවීන් මෙන්ම ඉඩම් නැති අඳ ගොවීන් සහ කම්කරුවන් ගේ ඉරණම පිළිබඳ සැක සංකා මතු වෙමින් පවතී. විරුද්ධවාදීන් සඳහන් කරන්නේ මෙය ඉඩම් මංකොල්ලයක් පමණක් බවයි. වටිනා ඉඩම් අයිතිකරුවන් ගෙන් ඩැහැගෙන සමාගම්වලට පවරා දීම මෙයින් බලාපොරොත්තු වන බව ඔවුහු පවසති.
එමෙන්ම මෙම අලුත් නගරය ඉදිකිරීමට එරෙහිව මේ වනවිට නඩුවක්ද ගොනු කරනු ලැබ ඇත. විජයවාදා හි වසන පන්ඩලනෙනි ශ්‍රීමන්නාරායන විසින් ගොනු කර ඇති නඩුවෙන් කියැවෙන්නේ මෙම ප්‍රදේශය භූමිකම්පාවලට භාජනය විය හැකි ප්‍රදේශයක් බවයි. එමෙන්ම මෙම ප්‍රදේශයේ පාංශු ස්වාභාවය අනුව ඉතා උස් ගොඩනැගිලි ඉදිකිරීම යෝග්‍ය නොවන බවද පෙත්සම්කරු පවසයි. එමෙන්ම මෙම ප්‍රදේශය නිව් යෝර්ක් නගරයටත් වඩා විශාල වන බව පෙන්වා දෙන පෙත්සම්කරු, එවන් විශාල ප්‍රදේශයක් යටකිරීමේ අවශ්‍යතාවද ප්‍රශ්න කරයි. මෙම පෙත්සම ඉන් දියාවේ ජාතික හරිත විනිශ්චය සභාව ඉදිරියේ මෙම වසරේ ජූලි 27 වනදා විභාගයට ගැනීමට නියමිතය. ඉන්දියානු මධ්‍යම රජය, ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්ත රජය, වනාන්තර සහ පරිසර අමාත්‍යාංශය සහ අගනුවර ප්‍රදේශ සංවර්ධන අධිකාරිය මෙහි වග උත්තරකරුවෝ වෙති.
මේ අතරම නගරය ඉදිකිරීම සඳහා අරමුදල් එකතු කරගන්නා ආකාරය පිළිබඳවද ගැටලු පවතින බව විවේචකයෝ පෙන්වා දෙති. නමුත් නායිදු පාක්‍ෂිකයින් පෙන්වා දෙන්නේ ජපානයේ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ බැංකුව, ජයිකා ආයතනය, සිංගප්පූරුවේ තමසෙක් සමාගම සහ චීන සමාගම් යනාදී ජාත්‍යන්තර ආයතන මීට සහය දක්වනු ඇති බවයි.

අමරාවතී පිහිටීම (NDTV) |

Dhyana Buddha Amaravathi (Jai Kishan Chadalawada) |

amarawathi port city ekak karanna. ethakota hari.
ReplyDeleteඅමරාවතිය කිව්වම මතක වෙන්නෙම අර මහෂධ (මේ වචනය හරියට ලියා ගන්න බැහැනේ ගුගල් ඉන්පුට් වලින්) පණ්ඩිතයාගේ භාර්යවමයිනේ.:)
ReplyDeleteමේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රන්තයෙන් තෙලන්ගනා වෙන්වුනේ ජනමත විචාරණයකින්ද ?කාලයක් තිස්සේ වෙනම ප්‍රන්තයක් වෙනුවෙන් ඔය තෙලන්ගනා වැසියන් පෙනි සිටියා නේද ?
මහෞෂධ
Deleteමේ ලින්ක් එක ට්‍රයි කරන්න මේ වගෙ වචන ටයිප් කරන්න...
http://www.lexilogos.com/keyboard/sinhala.htm
එනිවේ, ප්‍රශ්නෙට ආවොත්... ඉන්දියාවෙ මහ ආණ්ඩුව තමා තීරණය කළේ. ඒ ෆයිට් එක දශක ගාණක් පරණ ෆයිට් එකක් තමයි. නමුත් අන්තිමට කොංග්‍රස් රජය මේක කළේ ඡන්දය බලාගෙන කියලයි චෝදනා එල්ල වුනේ.
ඉන්දියාවෙ ප්‍රාන්ත සීමා තීරණය කිරීමේ අයිතිය තියෙන්නෙ මධ්‍යම රජයට. ඒ අයට ඕන දේ කරන්න පුලුවන්. නමුත් ප්‍රායෝගිකව ගත්තම ඉතින් ප්‍රාදේශීයව මිනිස්සුන්ගෙ ඉල්ලීම් අනුව මිසක ඕන ඕන විදියට ප්‍රාන්ත බෙදනවා අඩුයි. මිනිස්සුන් ගෙ ඡන්දෙත් නැති කරගෙන බෑ නෙ.
මහෞෂධ,
Deleteලින්ක් එක බොහෝම වටි.බුක් මාක් කරගතිමි.බොහෝතුති.
හයිද්‍රාබාද් නම ප්‍රසිද්ධයි අන්ද්‍රා ප්‍රදේශ් වලට වැඩිය..
ReplyDeleteහයිද්‍රාබාද් සිටි එක කාලයක් යනකම් ප්‍රාන්ත දෙකටම අයිතියි කියලා මොකක්ද එකඟතාවයක් ඇතිවුනා නේද වෙන් වෙනකොට.. දැන් ඒක ඉවරද ?
තවම ඒක වලංගුයි. අවුරුදු 10 කට. නමුත් ඒක ප්‍රායෝගිකව එච්චර ලේසි දෙයක් නෙවෙයි. හයිද්‍රබාද් තියෙන්නෙ තෙලන්ගනාව මැද නෙ
Delete