සාමාන්‍යයෙන් නෙදර්ලන්තයේ ජාතික දිනය වන්නේ රැජිනගේ හෝ රජුගේ හෝ උපන් දිනයයි. එදිනට එරට ජනතාව සිය නිවෙස්වල ජාතික ධජ ඔසවන අතර විවිධාකාර සාම්ප්‍රදායික උත්සව පවත්වති. දැනට 75 වන වියෙහි පසුවන බියට්‍රික්ස් රැජින උපන්නේ 1938 ජනවාරි 31 වනදාය. ඒ අනුව නෙදර්ලන්තයේ ජාතික දිනය විය යුතුව තිබුනේ ජනවාරි 31 වනදාය. නමුත් ජනවාරි මාසය ශීත කාලයේ එළඹෙන බැවින් එළිමහන් උත්සව පැවැත්වීමේ අපහසුවක් පවතින නිසා අප්‍රේල් 30 වනදා රැජිනගේ දිනය ලෙස බියට්‍රික්ස් රැජිනගේ පාලන කාලය තුලද සලකන ලදී. ඇයට පෙර එරට රාජ්‍යත්වය දැරූ ඇගේ මව වූ ජුලියානා රැජිනගේ ජන්ම දිනය වූයේ අප්‍රේල් 30 වනදාය. 1948 සිට කිරුළ දැරූ එතුමිය 1980 දී සිය දියණියට රාජ්‍යය පවරා සිහසුනින් ඉවත් වූවාය.
විලෙම්-ඇලෙක්සැන්ඩර් කුමරු උපන්නේ 1967 අප්‍රේල් 27 වනදාය. ඒ එවකට කිරුල හිමි ඔරේන්ජ්හි කුමරිය හෙවත් බියට්‍රික්ස් කුමරියගේ සහ ඇම්බර්ග්හි ක්ලවුස් කුමරුගේ පළමු දරුවා ලෙසය. (එංගලන්තයේ කිරීටභාජී කුමරා හෝ කුමරිය වේල්ස්හි කුමරා හෝ කුමරිය හෝ ලෙස හැඳින්වෙන ලෙසම නෙදර්ලන්තයේ හැඳින්වෙන්නේ ඔරේන්ජ්හි කුමරා සහ කුමරිය ලෙසය). 1851 තුන්වන විලියම් රජුගේ පුත්‍රයා වූ ඇලෙක්සැන්ඩර් කුමරුගේ උපතින් පසු නෙදර්ලන්ත රජ පවුලෙහි උපන් පළමු කුමරුවා වූයේ ඔහුය. කෙසේ වෙතත් 1968 දී සහ 1969 දී විලෙම්-ඇලෙක්සැන්ඩර් කුමරුවාට යොහාන් ෆ්‍රිසෝ සහ කොන්ස්ටන්ටින් යන සහෝදර කුමාරවරුන් දෙදෙනකු ලැබිණ.
නෙදර්ලන්තයේ සහ වේල්සයේ මූලික අධ්‍යාපනය හැදෑරීමෙන් පසු 1985-1987 සමයේ නාවික හමුදාවට බැඳී පුහුණුව ලද විලෙම්-ඇලෙක්සැන්ඩර් කුමාරයා 1987 දී ජර්මනියේ ලෙයිඩන් සරසවියට ඇතුළු වී 1993 දී උපාධිය සම්පූර්ණ කළේය. මේ අතර 1988 දී යලිත් නාවික පුහුණුව ලද ඔහු ලුතිනන්වරයකු (කනිෂ්ඨ ශ්‍රේණිය) බවට පත් විය. පසු කලෙක ඔහු ත්‍රිවිධ හමුදාවේම අතිරේක හමුදාවල විවිධ නිලයන්වලට උසස් කරන ලදී.
බියට්‍රික්ස් රැජින සමඟ එවකට ඔරේන්ජ්හි කුමරා සහ කුමරිය වූ විලෙම්-ඇලෙක්සැන්ඩර් සහ මැක්සිමා යුවල. වඩා පැහැදිව පෙනෙන්නේ කුමරා සහ කුමරියයි. (the dutch royal family loves me!, Pixel Addict, Flickr)
විලෙම්-ඇලෙක්සැන්ඩර් කුමරු 2002 වසරේ විවාහ වූයේ ආර්ජන්ටිනා ජාතික තරුණියක වූ මැක්සිමා සොරෙගුඑටා සෙරුටි සමඟය. ඈ අයිබීරියානු වංශවත් පවුල් කිහිපයකටම නෑදෑකම් කියන තැනැත්තියක වන අතර ඇගේ පියා 1979-81 සමයේ එරට කෘෂිකර්ම, පශු සම්පත් සහ ධීවර ඇමති විය. එහෙයින් එකල සිදුවූ මානව හිමිකම් කඩවීම් පිළිබඳ ඔහුද යමක් දැනගෙන ඉන්නට ඇතැයිද චෝදනාවක් විය. ඔහුට එරෙහිව එල්ලවිය හැකි විරෝධතා හේතුවෙන් විලෙම්-ඇලෙක්සැන්ඩර් සහ සිය දියණිය අතර විවාහය දැක ගැනීමට පියා නාවේය. ඔවුන් විවාහ වූයේ ඇම්ස්ටර්ඩෑම් නගරයේ නියු කර්ක් (අලුත් පල්ලිය) හිදී ය. ඔවුනට දියනියෝ තිදෙනෙක් වෙති. විලෙම්-ඇලෙක්සැන්ඩර් රාජ්‍යත්වයට පත්වීමත් සමඟම 9 හැවිරිදි කැතරිනා-අමාලියා කුමරිය ඔරෙන්ජ්හි කුමරිය බවට පත් වූවාය.
බියට්‍රික්ස් රැජින සිහසුන අතහරින බවට නිවේදනය කලේ ඇයට වයස අවුරුදු 75 සම්පූර්ණ වීමට දින තුනක් තිබියදීය. එනම් 2013 ජනවාරි 28 වනදාය. නියමිත දිනයේ (අප්‍රේල් 30) ඇම්ස්ටර්ඩෑම් රාජමාලිගයේදී රැජින සිහසුන අතහැරීමේ තීන්දුවට ඈ අත්සන් කළාය. ඉන්පසු අලුත් රජතුමා රාජ්‍යත්වට පත්කරගන්නා ලදී. ඉනික්බිති, මාලිගය අසලම පිහිටි නියු කර්ක් හිදී අලුත් රජතුමා පත්කරගනු ලැබුණි.
ආණ්ඩුක්‍රම ව්‍යස්ථාපිත රාජාණ්ඩුවක් වන නෙදර්ලන්තයේ රජු හෝ රැජින හෝ නාම මාත්‍ර පාලකයකු පමණි. එහෙයින් ඔහුට කිසිදු බලයක් නැත්තේය. නමුත් එය එසේම යයි කීමටද නොහැක. මහ මැතිවරණයකට පසු අලුත් ආණ්ඩුවක් පිහිටුවද්දී ඔහුට/ඇයට යම් කාර්යභාරයක් වේ. එමෙන්ම ජනතාව අතර ප්‍රසාදයක් දිනාගතහොත් රට තුල මෙන්ම රටෙන් පිටත ද ඇතැම් කරුණුවලට ඍජුව සහ ඵලදායී ලෙස මැදිහත් වීමට රජතුමාට හැකි වේ. මේ වනවිටද, සිය ජනප්‍රියත්වය වර්ධනය කරගනු පිණිස රට පුරා සංචාරය කිරීමට අභිනවයෙන් පත් වූ රජතුමා සහ රජ බිසව බලාපොරොත්තු වෙති.
රටක රජු, සිය රටෙහි තානාපතිවරයෙක් ලෙස වැදගත් කාර්යයක් ඉටු කල හැකි චරිතයකි. නෙදර්ලන්තයේ පසුගිය ශතවර්ෂයකට අධික කාලයක් රාජ්‍යත්වය දැරූ රැජිනියන් තිදෙනා විසින්ම එම කාර්යය මනාව ඉටු කෙරින. විලෙම්-ඇලෙක්සැන්ඩර් රජතුමා ජල කළමනාකරණ ක්ෂේත්‍රය කෙරෙහි උනන්දුවක් දක්වන අතර අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජිකයකුද වෙයි. 2028 වසරේ ඔලිම්පික් තරඟාවලිය නෙදර්ලන්තයට ලබා ගැනීම (1928 ඇම්ස්ටර්ඩෑම් ඔලිම්පික් උළෙලෙහි ශත සංවත්සරය වෙනුවෙන්) කෙරෙහි අවධානය යොමු වී ඇති අවස්ථාවක ඔහුගේ දායකත්වය වැදගත් වනු ඇත.
මෙවන් පුද්ගලයිනට විසල් බලයක් ඇති අතර එය ඔවුන් විසින් මනාව ඒකාරාශී කොටගත යුතුයැ..එවිට රාජ්‍යයේ පවතින ප්‍රජාතාන්ත්‍රික බලයට වඩා වැඩි බලයක් ඔවුන් වෙත ලැබෙනු ඇත..
ReplyDeleteඇත්තන්ම. හොඳ එකතු කිරීමක්.
Deleteහැබැයි මේ කියන බලය ප්‍රජාතන්ත්‍රවාදයට පිටින් යන්නක් නෙවෙයි කියන එකත් වැදගත් දෙයක්.
ගොඩක් දේවල් දැනගත්තා චාමර ..
ReplyDeleteස්තූතියි ඔයාට ..
තැනක් යූ වේවා සහන්!
Deleteහොඳ ලිපියක් සහෝ!
ReplyDeleteතැනක් යූ වේවා සහෝ! :)
Deleteමමත් අලුත් දෙයක් දැන ගත්තේ.....
ReplyDeleteආයුබෝවන් කියලා මේ වැයික්කියට පිළිගන්නවා.
Deleteයමක් දැනගත්තා කියලා අහන්නත් සතුටුයි.
අපේ මහන්සියේ ප්‍රතිපල නැතිවා නොවේ. :-)
නෙදර්ලන්තයෙත් රාජාන්ඩුවක් තියනවා කියලා දැන් තමයි දැන ගත්තෙ. බ්‍රිතාන්‍යයෙ_ රජ පවුලට ඔය තරම්වත් බලයක් නෑ නේද ? නිකන් සංඛේතාත්මක රජ කෙනෙක් නේද බ්‍රිතාන්‍යයේ ඉන්නෙ ?
ReplyDelete>> අභිනවයෙන් පත් වූ රජතුමා සහ රැජින බලාපොරොත්තු වෙති. <<
මෙතන බිසව වෙන්න ඕනා මට හිතෙන හැටියට.
ඇත්තෙන්ම බිසව වුනා නම් වඩා හොඳයි තමයි.
Deleteමම ඒක හදන්නම්. ස්තූතියි!!!
නෙදර්ලන්ත රජපවුල පැවත එන්නේ ඔරේන්ජ් හි විලියම් කුමාරයාගෙන්.
අපි ඉස්සර ඉතිහාසයට ඉගෙන ගන්නේ ස්ටැට්හෝල්ඩර්වරු. එයාලාගෙන්. 1815 ඉඳන් එරට තිබුනේ රජෙක්ගේ පාලනය යටතේ. නමුත් ව්‍යවස්ථාපිත රාජාණ්ඩුවක් තමයි එහෙ තියෙන්නේ. එංගලන්තේ වගේ තමයි. එංගලන්තේ රජ්ජුරුවන්ටත් මේ වගේ පොඩි පොඩි බලයන් තියෙනවා. නමුත් අධිකාරී බලයක් නැහැ නේ.
රජ පවුල ගැනම ලියන්න තිබුනා. මීට අවුරුදු දහයකට-දොළහකට පෙර මට නෙදර්ලන්ත රටින් ලැබුනා රජපවුල ගැන පොතක්. අපේ ගේ අස් කරද්දී ඒ පොත කොහෙට හරි 'අස් වෙලා' :-(
මෙයාලගේ බලය තීරණය වෙන්නේ ජනප්‍රියත්වය මත. එංගලන්තේ රජ පවුල ඩයනා කුමරිය සම්බන්ධ සිද්ධි නිසා ජනප්‍රියත්වය නැති කරගත්තා. දැන් ඒක ටිකක් ෂේප්. දැන් එයාලා ඉස්සරහට දාන්නේ විලියම්-කේට් සහ හැරී කුමාරවරු නේ.
නෙදර්ලන්ත, ස්වීඩන, නොර්වේ වගේ රජපවුල් බොහොම ජනප්‍රියයි. එයාලා නෝමල් එකේ ජීවත් වෙන නිසා. නෙදර්ලන්ත රජ පවුල නම් ගෑනු විමානයක්. මේ රජ්ජුරුවෝ තමයි අවුරුදු 116 කින් ඉපදිච්ච පළමු පිරිමියා. වෙලාවට එයාට මල්ලිලා දෙන්නෙක් ඉන්නවා. ඒත් එයාගේ දරුවොත් දූලම තුන් දෙනෙක්.
කාඩ් කුට්ටමේ රාජ වංශ 4 යි එංගලන්තේ රාජ වංසෙයි ඉතුරු වෙන්න තව ගොඩක් කල් යයි වගේ :)
ReplyDeleteඅපොයි ඔව්. ඔය ගොන් කතාව කියපු ඊජිප්තුවේ ෆාරුක් රජ්ජුරුවෝ දැනගෙන හිටපු ටොපියක් නැහැ. යුරෝපේ තියෙන එක රාජාණ්ඩුවක්වත් සමූහාණ්ඩු වෙයි කියලා හිතන්න අමාරුයි. ඇයි එතකොට තායිලන්තය? අරාබි රටවල්? ඒ ඔක්කොටම වැඩිය ජපානය? ජපන් අධිරාජ්‍යය අවුරුදු 2673 ක් පරණයි කියලා තමයි පුරාවෘත්තවල කියන්නේ. ඒ අධිරාජ්‍යයේ ලිඛිත ඉතිහාසයත් අවුරුදු 1500 කට වැඩිය පරණයි. ඒ මුළු කාලෙම එකම රජපවුලක් තමයි පාලනය කරන්නේ.
Deleteඅපේ අයියාගේ යාළුවෙක් ඉන්නවා නෙදර්ලන්ත කාන්තාවක්.එයා මට කිව්වා එදා ෆුල් ෆන් එකක් ගන්නවා කියලා
ReplyDelete