Friday, April 6, 2012

සිංහල බ්ලොග් අවකාශයට අලුත් සාමාජිකයෙක්!

සිංහලෙන් බ්ලොග් එකක් ලිවීමේ අදහස කාලයක් පුරාවට මගේ හිතේ තිබුන නමුත් එය ක්‍රියාවට නගන්න අවස්තාවක් උනේ නෑ. එහෙම හිත හිත ඉන්න ගමන් බක් පුර පසළොස්වක දිනය වෙනුවෙන් ලැබිච්ච නිවාඩු දවස ඒ වගේ වැදගත් වැඩකට යොදා ගන්න මම කල්පනා කළා.

මගේ අදහස, බ්ලොග් එකේ නමෙන්ම කියවෙන විදියට මට අහන්න දකින්න ලැබෙන දේවල් ගැන මට හිතෙන දේ ලියා දැක්වීම. මේක බරපතල ශ්‍රාස්ත්‍රීය ආකාරයේ සංවාදයකට වැඩිය මම කැමති කතා කරන භාසාවෙන්ම ලියන්න. මොකද මට ඕනෙ කරන්නේ සිංහලෙන් කියවන ලියන අයට අමතන්නයි. ලොකු ලොකු මහප්‍රානෙන් ලියන්න බැරිව නෙවෙයි. එහෙම ලියන්න අවශ්‍ය නෑ කියල හිතුන නිසා එහෙම ලියන්නේ නෑ.

මෙතන ලියවෙන දේවල් අතරේ දේශපාලනය, ඉතිහාසය, එදිනෙදා සිදුවීම් ආදී සියලු දේ තියේවි. මම කිසිම පක්ෂයකට, කණ්ඩායමකට 'කඩේ යන්නේ' නැතිව හරි දේ හරි විදියටත් වැරදි දේ වැරදි විදියටත් දකින්න උත්සාහ කරනවා. පෝය දවසේ පිස්සු තදවෙලා කියල හිතන්න එපා. එක එහෙමමද කියල බලන්න ටික දවසක් අපිත් එක්ක 'සෙට්' වෙලා ඉන්න.

4 comments:

  1. ආහ් අයියා බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තාද සන්තෝෂයි සන්තෝෂයි :) සිංහල බ්ලොග්කරණයේ දිගු ගමනකට සුභ පැතුම් අයියා....

    ReplyDelete
  2. ස්ටාට් එක බලන්න අවා.:D

    ReplyDelete
    Replies
    1. මම හිතුවා පිළිවෙලට ඇවිත් ඉවර කළා කියල​ :D

      Delete