හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝානත නඩුව, ශ්‍රී ලංකා අධිකරණ ඉතිහාසයේ ඉතා වැදගත් නඩු විභාගයක් බවට පත්ව තිබේ. මීට හේතුව වන්නේ දණ්ඩ නීති සංග්‍රහය සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යන දෙක එකිනෙක පැටලීමෙන් ඇතිව පවතින නෛතික ගැටලුවකි.
යාපනයේ හිටපු නගරාධිපතිවරයකු වූ රවිරාජ් 2001 දී පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ එම දිස්ත්‍රික්කයෙනි. ඒ දෙමළ ජාතික සන්ධානයෙනි. 2004 දී නැවත ඔහු පාර්ලිමේන්තුවට තේරී පත් විය. 2006 නොවැම්බර් 10 වනදා ඔහු වෙඩි තබා ඝාතනය කෙරුණ අතර ඔහුගේ ආරක්ෂකයකු ද එම අවස්ථාවේ මිය ගියේය. ඒ ලක්ෂ්මන් ලොකුවැල්ල නම් පොලිස් නිලධාරියෙකි. ඝාතනය වන අවස්ථාවේ රවිරාජ් 44 හැවිරිදි වූයේය.
මෙම නඩුව මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මහාධිකරණය වෙත යොමු ව තිබේ. මෙහිදී විත්තිකරුවන් සය දෙනෙකුට එරෙහිව අධි චෝදනා ගොනු කර ඇති අතර ඉන් තිදෙනෙක් මේ වනවිට අත් අඩංගුවේ පසු වෙති. ඔවුහු නාවික හමුදාවේ සේවය කළ අය වෙති. තවද, තවත් විත්තිකරුවන් තිදෙනකු ආගිය අතක් නොමැති අතර ඔවුන් නොමැතිව නඩුව විභාග කෙරේ.
මෙම නඩුව විභාග කෙරෙන්නේ ප්‍රවීණ විනිසුරුතුමකු වන මනිලාල් වෛද්‍යතිලක ඉදිරියේය.
මින් පෙර නඩු දිනයකදී විත්ති පාර්ශවය ඉල්ලා සිටියේ සිංහල කතා කරන ජූරි සභාවක් මගින් නඩුව විභාග කරන ලෙස ය. සාමාන්‍යයෙන් දණ් ඩ නීති සංග්‍රහ යටතේ පවරා ඇති නඩුවක විත්තිකරුවන්ට ජූරි සභාවක් මගින් නඩු ඇසීමට ඉල්ලා සිටීමේ අයිතිය ඇත.
මෙම නඩුව පිළිබඳ ඇති විශේෂ කරුණ නම් දණ්ඩ නීති සංග්‍රහය සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යන දෙකම යටතේ විත්තිකරුවන්ට එරෙහිව අධි චෝදනා ගොනු කර තිබීමයි. මේ හේතුවෙන් අගතියට පත් පාර්ශවය, එනම් මියගිය අයගේ ඥාතීන්, සිය නීතීඥයින් මගින් අධිකරණයට දන්වා සිටියේ ජූරි සභාවක් මගින් නඩු විමසීමට ඔවුන් අකැමැති බවය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විත්තිකරුවන්ට ජූරිසභාවක් මගින් නඩු ඇසීමේ ඉල්ලීම කළ නොහැක.
මේ අනුව පනත් දෙකක් යටතේ පවතින නෛතික රාමු දෙකක් එකිනෙක ගැටීමේ අවස්ථාවක් උද්ගතව ඇත. විත්තිකරුවන්ට දණ්ඩ නීති සංග්‍රහය යටතේ ජූරි සභාවක් ඉල්ලා සිටිය හැකි වුවද, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එකේ ඉල්ලීමක් කළ නොහැක. මෙම පනත් දෙක ගැටෙන විටක ගතයුතු පියවර පිළිබඳ පූර්වාදර්ශයක් ද නොමැත.
මේ පිළිබඳ මහාධිකරණයේ තීරණය හෙට දිනයේ දැනුම් දීමට නියමිතව තිබේ.
No comments:
Post a Comment