1914 නොවැම්බර් අගදී මඳක් නිහඬ වූ කොකේසස් සටන් පෙරමුණ දෙසැම්බර් මැදදී යළිත් පණ ගැන්විණ. ජනවාරි මාසය වනවිට සරිකමිෂ් නම් සංග්‍රාමයේදී තුර්කි හමුදා පරාජය කරන ලදී. පෙබරවාරියේදී ජෙනරල් යුඩෙනිච් කොකේසස් හි රුසියානු අණදෙන නිලධාරියා ලෙස නම් කරන ලදී.
මේ අතර ගැලිපොලි සංග්‍රාමය ඇරඹි හෙයින් තුර්කියට කොකේසස් ප්‍රදේශය කෙරෙහි විශාල අවධානයක් යොමු කළ නොහැකි විය. මේ සමයෙහි සිදු වූ වැදගත් සටනක් නම් වෑන් නගරය වටලෑමයි. බොහෝකොටම පැරණි තුවක්කු සහ පිස්තෝලවලින් සන්නද්ධ වූ ආර්මේනියානු ස්වේච්ඡා භටයින් විසින් ආරක්ෂා කරන ලද නගරය තුර්කි හමුදා විසින් අප්‍රේල් 20 වනවිට වටකරන ලදී. සති තුනක ඇවෑමෙන් යුඩෙනිච්ගේ රුසියානු හමුදා නගරය වටලෑමෙන් මුදාගන්න තෙක් ආර්මේනියානුවෝ තුර්කි හමුදා හමුවේ නගරය ආරක්ෂා කරගැනීමට සමත් වූහ.
මේ අතර තුර්කීන් විසින් අප්‍රේල් 24 වනදා ආර්මේනියානු බුද්ධිමතුන් පිරිසක් අත් අඩංගුවට ගන්නා ලදී. මින් පසු දිනවල අධිරාජ්‍යය පුරා ආර්මේනියානු ජන සංහාරයක් සිදුවූ බැව් ප්‍රකට ලෙස පිළි ගැනෙන කරුණකි. කොකේසස් ප්‍රදේශයේදී ආර්මේනියානු ස්වේච්ඡා භටයින් තුර්කීන්ට එරෙහිව රුසියානුන්ට සහය වීම මීට හේතුවක් වී යැයි සලකනු ලැබේ.
කෙසේ වුවද තුර්කිය මේ ආකාරයෙන් ජන සංහාරයක් සිදු වූ බව පිළි නොගනී.
ගැලිපොලි
බටහිර පෙරමුණේ අගල් යුධ ව්‍යාපාරය හේතුවෙන් යුද්ධයට කෙටි කාලීන අවසානයක් ළඟා නොවන බව තේරුම් ගත් 'ප්‍රාචීන නිකායක්' බ්‍රිතාන්‍යය තුළ බිහිවිය. ඔවුනගේ අදහස වූයේ නැගෙනහිරින් ඔටෝමන් අධිරාජ්‍යයට පහරදී බිඳ හෙළා ඉන්පසු එදෙසින් ඔස්ට්‍රා-හන් ගේරියාවට කඩා වැදීමය. එමගින් ජර්මනිය වටලෑමට හැකිවන බව ඔවුහු අදහස් කළෝය.
මහා භාණ් ඩාගාරාධිපති ලොයිඩ් ජෝර්ජ් සහ අද්මිරාල්තියේ පළමු සාමිවරයා වූ වින්ස්ටන් චර්චිල් මෙම අදහස ක්‍රියාවට නැංවූ මූලිකම දෙදෙනෙක් වූහ.
ගැලිපොලි අර්ධද්වීපයට මිත්‍ර පාක්ෂික හමුදා ගොඩ බස්වන ලද්දේ ඔටෝමන් අධිරාජ්‍යය බිඳ දමන අදහසිනි.
ගැලිපොලියට මුලින්ම නාවික ප්‍රහාර එල්ල කරන ලද්දේ 1915 පෙබරවාරියේය. මාර්තු මාසයේදී ගැලිපොලියේ මෙන්ම ඩාර්ඩනැලිස් සමුද්‍ර සන්ධියේ අනෙක් පස වූ ඇනටාලියා වෙරළේ බලකොටු සහ බිම් බෝම්බ ඇතිරූ ප්‍රදේශවලට පහරදීමට මිත්‍ර පාක්ෂික නැව් යොදවන ලදී. නමුත් එම නැව් වලට සැළකිය යුතු අලාභ හානි සිදු විය.
බ්‍රිතාන්‍ය යුධ ලේකම් වූ කිච්නර් ආදිපාදවරයා විසින් ගැලිපොලි යුධ ව්‍යාපාරයට අණ දීමට ජෙනරාල් ඉයන් හැමිල්ටන් පත් කරන ලදී. බ්‍රිතාන්‍යය, බ්‍රිතාන්‍ය ඉන් දියාව සහ ප්‍රංශය ආදී රටවල හමුදා මෙම යුධ ව්‍යාපාරයට සම් බන් ධ වූ අතර විශේෂ අවධානයක් යොමු වූයේ ඔස්ට්‍රේලියානු සහ නවසීලන්ත (පොදුවේ ඇන්සැක් නමින් හඳුන්වන - Anzac) භටයින් වෙතය.
1915 අප්‍රේල් 25 වනදා මුල්ම මිත්‍ර පාක්ෂික හමුදා ගැලිපොලියට ගොඩ බස්වන ලද අතර ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය විසින් අදටද අප්‍රේල් 25 වනදා ඇන්සැක් දිනය ලෙස සමරනු ලැබේ.
දුර්වල නායකත්වය මෙන්ම හරි හමන් සූදානමක් නොමැති වීමද ගැලිපොලි ව්‍යාපාරයේ අසාර්ථකත්වයට හේතු විය. මුල් ගොඩබැසීම්වල සිටම මිත්‍ර හමුදාවලට තුර්කි හමුදාවන් එල්ල කළේ දරුණු ප්‍රතිරෝධයකි. තුර්කි හමුදා මෙහෙයවන ලද්දේ තරුණ හමුදා නිලධාරියකු වූ මුස්තාපා කැමල් සහ ජර්මන් හමුදා ජෙනරල්වරයකු වූ ඔටෝ ලීමන් ෆොන් සැන්ඩර්ස් ය.
මිත්‍ර හමුදා බලාපොරොත්තු වූ අයුරින් ගැලිපොලි අර්ධද්වීපය අල්ලාගෙන කොන්ස්තන්තිනෝපල් අගනගරය කරා ගමන් කිරීමට නොහැකි වූයෙන් යුධ ව්‍යාපාරය එකතැන පල් වීමට පටන් ගත්තේය. අගෝස්තුවේදී මිත්‍ර හමුදා නැවතත් ප්‍රහාරයක් දියත් කරමින් තුර්කි පෙරමුණු බිඳ දැමීමට උත්සාහ කළත් එය අසාර්ථක විය.
අගෝස්තුවෙන් පසු බ්‍රිතාන්‍යය කෙමෙන් කෙමෙන් ගැලිපොලියෙන් හමුදා ඉවත් කරගැනීම කෙරෙහි අවධානය යොමු කළහ. ඔක්තෝබරයේදී ජෙනරාල් චාර්ල්ස් මොන්රෝ ගැලිපොලි ව්‍යාපාරයේ අණදෙන නිලධාරියා ලෙස පත් කෙරුණ අතර කෙටි කළකින් මිත්‍ර හමුදා ගැලිපොලියෙන් ඉවත්වීම ඇරඹූහ. 1916 ජනවාරි 8 වනදා වනවිට අවසන් මිත්‍ර හමුදා භටයාද අර්ධද්වීපය හැර ගියේය.
ගැලිපොලි ව්‍යාපාරයේදී මියගිය හෝ තුවාල ලැබූ හෝ බ්‍රිතාන්‍ය සහ ඇන්සැක් භට සංඛ්‍යාව 200,000 පමණ වූ අතර ප්‍රංශ හමුදාවේ 47,000 ක් පමණ වූහ. තවද 250,000 - 300,000 ක් පමණ තුර්කි භටයෝ ද මිය ගියහ; නැතහොත් තුවාල ලැබූහ.
මිත්‍ර පාක් ෂිකයන් ගැලිපොලිහිදී විජයග්‍රාහී වී නම් තුර්කි අගනුවර වැඩි කල් නොගොස් වැටෙන්නේය. එසේ වී නම් 1918 ට පෙර යුද්ධය නිම වීමේ ඉඩක් පැවතිණ.
ගැලිපොලි ව්‍යාපාරයෙන් තුර්කිය බෙහෙවින් දුර්වල අඩියකට පත් වූ බව සැබෑවකි. ඒ අතින් එම යුධ ව්‍යාපාරය සැළකිය යුතු වැදගත්කමකින් යුක්ත වේ.
මෙසපොතේමියා පෙරමුණ
තුර්කියට එරෙහිව බ්‍රිතාන්‍යයින් ඇරඹූ තවත් යුධ ව්‍යාපාරයක් වූයේ මෙසපොතේමියාව ආක්‍රමණයයි. එවක තුර්කිය විසින් පාලනය කෙරුණ මෙම ප්‍රදේශයට බ්‍රිතාන්‍ය ඉන් දියාවෙන් පැමිණි හමුදා 1914 වසර තුළදීම කඩා වැදුණෝය. සුප්‍රකට බැග්ඩෑඩය ඔවුනගේ මූලික ඉලක්කය විය.
1914 නොවැම් බර් 6 වනදා ෆාඕ බලකොටුවට නාවුක ප්‍රහාරයක් එල්ල කළ බ්‍රිතාන්‍යයෝ එම මස 22 වනදා බස්රා නගරය අල්ලාගත් හ. ඉන් මාස කිහිපයකට පසු බ්‍රිතාන්‍යයෝ කුට්-අල්-අමාරා නගරය ද අල්ලාගත්තෝ ය.
ඔටෝමන් යුධ ඇමති එන්වර් පාෂා මෙසපොතේමියානු සටන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්නට වූයේ බැග්ඩෑඩය ප්‍රතිවාදියා අතට පත්වීමේ අවදානමක් මතු වූ හෙයිනි.
මෙසපොතේමියාවේ ඔටෝමන් හමුදා ප්‍රතිසංස්කරණය කරන ලදුව ඔටෝමන් හයවැනි හමුදාව පිහිටුවන ලදී. එහි අණ දෙන නිලධාරියා වූයේ ජර්මන් ජාතික ජෙනරල්වරයකු වූ කොල්මාර් ෆොන් ඩර් ගොල්ට්ස් ය.
බැග්ඩෑඩය කරා ගමන් ගත් බ්‍රිතාන්‍ය හමුදා ක්ටෙසිෆොන් (Ctesiphon) හිදී ඔටෝමන් හමුදා හා ගැටුණේ නොවැම්බර් අගදීය. එම සටනෙන් එක පක්ෂයකටවත් විශාල ජයග්‍රහායක් නොලැබුණ ද බැග්ඩෑඩය බේරා ගැනීමට ඔටෝමන් හමුදා සමත් වූ හෙයින් එය ඔවුනට වැදගත් සටනක් විය.
මෙම සටනින් පසු ඔටෝමන් හමුදා කුට්-අල්-අමාරා වෙත ළඟා වූ අතර දෙසැම්බර් 7 වනදා වනවිට නගරය වටලන ලදී.
කළින් ලිපිය: පළමු ලෝක යුද්ධය: 1915 සටන් පෙරමුණු

නියමයි. ලිපි කිහිපයක්ම කියෙව්ව. මේකට පස්සෙ දෙවන ලෝක යුද්ධය ගැනත් දාන්න.
ReplyDeleteතැන්ක් යූ වේවා. දිගටම ඇවිත් කියවන්න. ඉතිරු ටිකත් ළඟ ළඟම පබ්ලිෂ් කරන්නම්...
Deleteපළවෙනි යුද්ධය ඉවර කරන්නත් තව ගොඩක් දුර යන්න තියෙනවා.
අගෙයි ...මුල සිට කියවමින්.
ReplyDeleteතැන්ක් යූ වේවා!
Deleteස්තූතියි දැනුම බෙදා ගැනීම පිලිබඳව.
ReplyDeleteබොහොම ස්තූතියි, මේ පැත්තට ඇවිත් කමෙන්ට් එකක් එකතු කළාට...
Deleteජෝ බයිඩන් මේ සතියෙ තුර්කිවරුන්ගෙ ආර්මේනියානු සංහාරය නිල වශයෙන් හෙලා දැකපු පළවෙනි ඇමරිකානු ජනාධිපති බවට පත්වුනා
ReplyDelete