ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති බැරක් ඔබාමා එරට විදේශ ප්‍රතිපත්තියේ පැහැදිලි වෙනස්කම් කිහිපයක්ම සිදු කළ නායකයකු බව අවිවාදයෙන් පිළි ගැනෙන්නකි.
මෙම පියවරයන් හි අවසන් අරමුණ කළින් පැවති සමහර ඇමරිකානු රජයයන්හි අරමුණුවලින් එතරම් වෙනස් නොවන බව කෙනෙකුට තර්ක කිරීමට පිළිවන. නමුත් විදේශ ප්‍රතිපත්තියේ භාවිතාවේ පැහැදිලි වෙනසක් ඔහු විසින් ඇති කරනු ලැබුණ බව පිළිගැනීමට සිදු වේ.
මෙවන් එක් අවස්ථාවක් වූයේ ඔහුගේ කියුබානු සංචාරයයි. තවත් අවස්ථාවක් වනු ඇත්තේ ඔබාමාගේ හිරෝෂිමා සංචාරයයි.
G-7 සමුලුවට සහභාගී වීම සඳහා ජපානයට ගොස් සිටින ඇමරිකානු ජනාධිපතිවරයා මැයි 27 වනදා හිරෝෂිමාවට පැමිණ එහි සාම ස්මාරකය කරා යනු ඇත්තේය. එහිදී ඔහු එතරම් දිගු නොවන කතාවක් පැවැත්වීමට ද සූදානම් වී සිටී.
මෙහිදී ඇමරිකා එක්සත් ජනපදය විසින් ජපානයට පරමාණු බෝම්බ හෙලීම පිළිබඳ එරටින් සමාව ගනු ඇති බවට අනාවැකි පළ විය. නමුත් පසුව සඳහන් වූයේ එවන් සමාව ඉල්ලීමක් සිදු නොවන බවත් යුද්ධයෙන් මියගිය සියල්ලන් වෙත ගෞරවය පුද කිරීම පමණක් ඔබාමා විසින් සිදු කෙරෙන බවත් ය.
සාම ක්‍රියාකාරිකයන් පවසනුයේ සමාව ගැනීමට වඩා වැදගත් වනුයේ න්‍යෂ්ටික අවි හරණය පිළිබඳ පියවර ගැනීම බවය.
1945 අගෝස්‍තු 6 වනදා ඇමරිකානුවන් විසින් ජපානයේ හිරෝෂිමාවට පරමාණු බෝම්බයක් හෙළන ලදී. ඒ දෙවැනි ලෝක යුද්ධයේ අවසන් දිනවලදී ය. ඉන් දින තුනකට පසු නාගසාකි නගරයටද එලෙසම බෝම්බ දමන ලදී. මෙම නගර දෙක දැඩි සේ විනාශ වූ අතර දස දහස් ගණන් ජනයා මිය ගියහ. තවත් දහස් ගණනක් විකිරණවල බලපෑමට ලක්ව විවිධ රෝගාබාධවලට ලක් වූහ.
සෑම වසරකම අගෝස්තු 6 වනදා හිරෝෂිමාවට එල්ල වූ ප්‍රහාරය සැමරීම සඳහා එනුවර සාම ස්මාරකය අසළ උත්සවයක් පවත්වනු ලබයි. ඔබාමා ජනාධිපති ධූරයට පැමිණි පසු, 2010 වසරේ පටන්, ඇමරිකානු රජයේ නියෝජිතයකු එම අවස්ථාවට සහභාගී වන්නේය. පසුගිය මාසයේ ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ද හිරෝෂිමා සාම ස්මාරකය දැක බලාගත්තේය.

ඡායාරූපය AFP/Getty Images |

සමාව ගන්නෑ. ඒකට හේතුව තමයි. මේ බෝම්බ දැමිමේ හිරෝහිතෝ අධීරාජයා යටත්වීම ප්‍රතක්‍ෂේප කලනිසා වීමයි. හිරෝශිමා බෝමිබය දැම්මාට පසුවත් ඔහු යටත්වුනේ නෑ. අන්තිමේදී නාගසාකි බෝමබයත් දාන්නවුනා.
ReplyDeleteමම ඒ ගැන සියයට සීයක්ම එකඟ නැහැ
Deleteඇමරිකානු හමුදා නිලධාරීන් වැඩි දෙනෙක් හිතුවේ නෑ පරමාණු බෝම් බය අත්‍යාවශ්‍ය බව. එමෙන්ම අධිරාජයා ම නෙවෙයි යටත් වීමට සම්පූර්ණයෙන් විරුද්ධ වුණේ.
ඒ ගැන මම ලියාපු ලිපිය:
http://asidisimaanaya.blogspot.com/2012/09/blog-post_11.html