Thursday, December 4, 2014

රුකාට උදව් කරපු හැමෝටම​...

මෙච්චර දවසක් ලියන්න වෙච්ච නැති එක ගැන කණගාටු වෙනවා. ලියන්න දේවල් හිතට ආවත් ලියන්න හිතුනෙ නෑ. කෙනෙක් දාල ගියාම මොනවා ලියන්නද​?

මේ අවුරුද්දෙ ජූනි 8 වෙනිදා අපිත් එක්ක වැඩ කරපු රුක්ශාන් චන්දික අබේවංශ​, ඒ කියන්නේ අපේ 'රුකා' රිය අනතුරකට ලක් වුනා. ඒ ගැන අපි විවිධ අය විවිධ විදියට විවිධ තැන්වල සඳහන් කලා. රුක්ශාන් වෙනුවෙන් බොහෝ දෙනෙක් උදව් උපකාර කළා.

අපි විශ්වාස කලා රුක්ශාන් සනීප වෙලා ආපහු නැගිටියි කියලා. නමුත් ඔහු නැගිට්ටේ නැහැ. පහුගිය නොවැම්බර් 30 වෙනිදා හිමිදිරියේ ඔහු අන්තිම හුස්ම හෙලුවා.

එදත් ඉරිදාවකි
හිමිදිරි උදයකි
අදත් ඉරිදාවකි
හිමිදිරි උදයකි

ඔන්න ඕකයි මට මුලින්ම මතක් වුනේ.

කිසි කෙනෙකුට අදහාගන්න බැහැ. අපේ එක මිත්‍රයෙක් කියාපු විදියට රුක්ශාන් හොරු අරගෙන ගියා වගේ... ඇත්තෙන්ම ඔහු හිටපු තත්ත්වයෙන් ගොඩක් හොඳ අතට හැරුණා. රුකා නැතිවෙන්න පැය ගාණකට කලින් මම වැඩ ඉවර වෙලා ගෙදර යන ගමන් හිතාගෙන ගියේ ඔහු හොඳ අතට හැරුන බව කියලා උදව් කරපු අයට ස්තූති කරලා පොඩි සටහනක් ලියන්න​. නමුත් වුනේ වෙන එකක්...

මා මේ ලියන්නේ රුක්ශාන් වෙනුවෙන් පුලුවන් හැටියට, පුලුවන් විදියට​, පුලුවන් දේකින් උදව් කරපු හැමෝටම පුලුවන් විදියට ස්තූති කරන්නයි.

බොහොම පින් සිද්ධ වෙනවා කරපු හැම දේකටම​...

3 comments:

  1. කණගාටුයි සිදු වෙච්චි දේ ගැන.රුක්ශාන් ගැන දැනගත්තේ මුලින්ම මේ බ්ලොග් එකෙන්මයි.රුක්ශාන්ගේ මරණය ගැන පුවත්පතක වාර්තා වෙලා තියෙනවා දුටුවාම මට හිතුනේ දෙයියෝ මේ ඉල්ලීම් දිහා බලලා නැහැ කියලයි.සමහරවිට හොඳ අයව ඉක්මනට ගන්නවා කියලත් කියනවානේ.කොහොම වෙතත් ඔහුට සුබ ගමනක් පතනවා.

    ReplyDelete
    Replies
    1. මම ඒ පරණ බ්ලොග් පෝස්ට් අද මකලා දැම්මා.

      Delete
  2. සුබ ගමන් රූකා !!!!!!

    ReplyDelete