Sunday, December 21, 2014

කොළ​ එළිය වැටී ඇත​

මේ කවියක් ද යයි මම නොදනිමි. නමුත් මෙය කතාවකි. ඇතමෙකුට මෙය කවියක් විය හැක​. එසේ නොවන්නට ද ඉඩ ඇත​. නමුත් මේ කතාවකි. එක කතාවක් නොව කතා කිහිපයකි. ඕනෑ අතකට කතාව ගොඩ නැඟීම කියවන්නා සතු අයිතියකි.
සේයාරුව​: රසික කොටුදුරගේ

කොළ​ එළිය වැටී ඇත​
යන්නට ඉදිරියට​
දකිනට කොටු පවුර නැති කොටුව​
කිංග්ස්බරි
ගලදාරි
ඉනුත් එපිටින් GOH
කාර්ගිල්ස් ඇන්ඩ් මිලර්ස්
චැතැම් ස්ට්‍රීට්
දන්නෝ බුදුන්ගේ ගීය​
ඇසෙන සුද්දගේ වෙලා ස්ථම්භය​
බෝම්බයක රුදු හඬ​
දැනුත් කන​ වැකෙන​
ඒ මහා බැංකුව​
රජකු සිරගත කළ​
පුංචි කුටියෙන් එපිට​
රජ ගෙදර තුළට නොව​
අබියසට යන්නට​
කොළ එළිය වැටී ඇත​

2 comments:

  1. හැබැයි ඔය කොළ ඒලිය හැමදාම වැටෙන්නෙත් නැත.......... වැටුණ අතරේ යෑම හොදය.........

    ReplyDelete
  2. රජ ගෙදර අබියසට නොව රජ ගෙදර තුළටම යන්න,වෙනසකට මුල පුරන්න කාලයයි මේ.

    ReplyDelete