පළමු ලෝක යුද්ධය ආරම්භ වීමට පෙර වසර ගණනාවක් තිස්සේ යුරෝපා බලවතුන් අතර විවිධ අර්බුද ඇති වූ අතර බෝල්කන් අර්ධද්වීපයේ යුද්ධ පවා ඇතිවිය. එයින් සමහරක් පිළිබඳ සළකා බැලීම මෙම ලිපියේ අරමුණයි.
අප්‍රිකාව
1. මොරොක්කෝ අර්බුදය
යටත් විජිත සමයෙහි ප්‍රංශය මොරොක්කෝව දෙස කෑදර බැල්මෙන් බලාසිටි බව නොරහසකි. විශේෂයින්ම උතුරු මොරොක්කෝ වෙරළ මධ්‍යධරණී මුහුදට වන පිවිසුම් මාර්ගයක් වන ජිබ්රෝල්ටා සමුද්‍ර සන්ධියට යාබද වීම මෙම ගිජුබවට එක් ප්‍රධාන හේතුවක් විය. ප්‍රංශය ඉල්ලා සිටියේ මොරොක්කෝවේ අනාගතය තීරණය කිරීම සඳහා අන්තර්ජාතික සමුළුවක් පැවැත්විය යුතු බවයි. මේ අතර යටත් විජිත සටනට අලුතෙන් එක්ව සිටි ජර්මනියද මොරොක්කෝව දෙස දෑස් දල්වා බලා සිටියේය. ප්‍රංශයේ ඉල්ලීම් ඇතිවන වකවානුවේ ජර්මනියේ කයිසර් හෙවත් අධිරාජයා වූ II වන විලියම්, මොරොක්කෝවේ ටැන්ජියර් නගරයේ සංචාරය කළේය. ඔහු මොරොක්කෝ සුල්තාන්වරයාගේ නිදහස ආරක්ෂා කරදීමට පොරොන්දු වූයේය.
කෙසේ වෙතත්, බ්‍රිතාන්‍ය, ප්‍රංශ සහ රුසියානු මිත්‍රත්වය පරාජය කිරීමට තරම් ශක්තියක් ජර්මනියට ඒ වනවිට නොතිබිණ. 1906 දී, ඇල්ජිසිරාස් නගරයේදී මොරොක්කෝව පිළිබඳ යුරෝපා බලවතුන්ගේ සමුළුව රැස් වූ විට ප්‍රංශ පොලිසියක් එරටෙහි පිහිටුවීම වැළැක්වීමට ජර්මනියට නොහැකි විය. හේතුව වූයේ බ්‍රිතාන්‍යය සහ රුසියාව ප්‍රංශයට ලබාදුන් සහයෝගයයි. මේ අනුව, ප්‍රංශය මොරොක්කෝවට හමුදා යැවීමේ පළමු පියවර තැබීය.
2. අගදීර් අර්බුදය
1911 දී ප්‍රංශ හමුදා මොරොක්කෝවට යවන ලද කල්හි, විරුද්ධත්වයකින් තොරව එරට යටත් කරගනු දැකීමට අකැමති වූ ජර්මනිය 'පැන්තර්' සහ 'බර්ලින්' නම් යාත්‍රා දෙකක් එරට අගදීර් වරාය වෙත යැවීය. මෙහිදී ජර්මනිය මධ්‍යධරණී මුහුදේ නාවික මධ්‍යස්ථානයක් ලබාගනු ඇතැයි බිය වූ බ්‍රිතාන්‍යය වහා ක්‍රියාත්මක විය. බ්‍රිතාන්‍යයේ මුදල් ඇමති වූ ඩේවිඩ් ලොයිඩ් ජෝර්ජ් ජර්මනියට යුධ වදින බවට තර්ජනය කළේය. එවන් යුද්ධයකට කිසිදු සූදානමක් නොවූ ජර්මනිය පසු බැස්සේය. මොරොක්කෝවේ ප්‍රංශ බලය පිළිගත් ජර්මනියට ඒ වෙනුවෙන් වන්දි ලෙස කැමරූන් අසළ ප්‍රදේශයක් ලැබුණි.
ඇල්ජිසිරාස් සම්මුතිය අනුව මොරොක්කෝවේ පොලිස් බලය පිහිටුවීමට බලය තිබුණේ ප්‍රංශයට සහ ස්පාඤ්ඤයටය. ජර්මනිය අගදීර් වෙත යුධ නැව් යැවීම මගින් එම සම්මුතිය උල්ලංඝනය කල නමුත් යලිත් එරට ත්‍රි-පාර්ශවික මිත්‍රත්වය හමුවේ පරාජය වූයේය.
3. ඉතාලි-තුර්කි යුද්ධය
අප්‍රිකාවේ යටත් විජිත පිහිටුවීමට වලිකෑ රටවල් අතරට ඉතාලිය එක් වූයේ බෙහෙවින් ප්‍රමාද වීය. එරට 1885 දී එරිට්‍රියාවද 1892 දී ඉතාලි සෝමාලිලන්තයද අත් පත් කරගත්හ. නමුත් මේ ප්‍රදේශ දෙකම එතරම් වටිනා ප්‍රදේශ නොවීය. 1896 දී ඇබිසීනියාව (ඉතියෝපියාව) අල්ලාගැනීමට කල උත්සාහය කෙළවර වූයේ අඩුවා සටනේදී ලද ලජ්ජාසහගත පරාජයෙනි. මේ නිසා ඉතාලි ජාතිකයනට කාන්තාර ප්‍රදේශ කිහිපයකින් සෑහීමට පත් වීමට සිදුව තිබුණි.
මේ කාළයේ ට්‍රිපොලි ප්‍රදේශය හිමිව තිබුනේ ගරා වැටෙමින් පැවති ඔටෝමන් තුර්කි අධිරාජ්‍යයටය. බොහෝ දුරට කාන්තාරයක් වූ අතර ඉතාලිය සහ තුර්කිය අතරේ කිසිදු දබරයක්ද නොවීය. තවද, දෙරටම ජර්මනියේ හොඳ මිතුරන්ද වූහ. නමුත් කිසිවක් හෝ ලබාගැනීමට මාන බැලූ ඉතාලියට එය එතරම් වැදගත් කරුණක් නොවුණි. ඉතාලිය තුර්කියට එරෙහිව යුධ ප්‍රකාශ කලේ ජාතික ව්‍යාපාරය විසින් ඉදිරිපත් කරන ලද විදෙස් වෙළෙඳාම පිළිබඳ අවහිරතා නිසා ඇතිවූ අයහපත් වාතාවරණයත් මධ්‍යයේය. ඉතාලියට එරෙහිව සටන් කිරීමට ප්‍රදේශයේ වූයේ සාපේක්ෂව කුඩා හමුදා ශක්තියකි. නමුත් ඔටෝමන් තුර්කි හමුදා සහ ස්වදේශික අරාබි හා බර්බර් සටන්කාමීන්ගෙන් ඉතාලියට ප්‍රබල අභියෝගයක් එල්ල වූයේය. තුර්කි යුධ ව්‍යාපාරය නවත්වා දැමීමට සිදු වූයේ බෝල්කන් යුද්ධ හේතුවෙනි.
ජර්මනියේ මිතුරකු වූ තුර්කියට එරෙහිව ඉතාලිය යුධ වැදීම ජර්මන්-ඔස්ට්‍රියානු-ඉතාලි ත්‍රි-පාර්ශවික මිත්‍රත්වයට දරුණු පහරක් වූයේය.
බෝල්කන් අර්ධද්වීපය
1878 බර්ලින් සංගමයට පසු පළමු ලෝක යුද්ධය වනතුරු බෝල්කන් අර්ධද්වීපය විවිධාකාර අර්බුදවලට තෝතැන්නක් විය. ප්‍රධාන බලවතුන් මේවාට කෙලින්ම සම්බන්ධ වූයේ නැතත්, වක්‍රාකාරයෙන් විවිධ බලපෑම් කළහ. කෙසේ වෙතත් බෝල්කන් අර්ධද්වීපයට 'යුරෝපයේ පොර පිටිය' යයි අතීතයේ නමක් පටබැඳුනේ වෙනත් රටවල් එහි ගොස් යුද්ධ කරන නිසා නොවේ. ඒ සඳහා අවශ්‍ය තරම් විවිධාකාර කණ්ඩායම් එම ප්‍රදේශයේ සිටියෝය.
බර්ලින් සංගමයට පෙරද බෝල්කන් ප්‍රදේශවල රාජ්‍යයන් කිහිපයක් ස්වාධිනත්වය ප්‍රකාශ කර තිබුණහ. මේ අතර 1878 දී බල්ගේරියාව සහ මොන්ටිනීග්‍රෝව නිදහස ලැබූහ. කලක් මුළු කලාපයම යටත් කරගෙන හුන් තුර්කිය මේ වනවිට අබල දුබල තත්ත්වයට වැටී තිබුණි. තුර්කියට කෙනිත්තීම සියලුම බෝල්කන් ජාතීන්ගේම පාහේ අපේක්ෂාව වූ නමුත් එය ඔවුනොවුන් අතර වූ ගැටුම් සමනය කිරීමට ප්‍රමාණවත් හේතුවක් නොවීය. කෙසේ වෙතත්, ප්‍රදේශයේ ඇතිවූ ගැටුම් පළමු ලෝක යුද්ධය කරා යුරෝපය රැගෙන ගියේය.
1885 දී බල්ගේරියාව සහ සර්බියාව යුධ වැදුන අතර ඊළඟ වසරේදී බල්ගේරියාව පාලනය කල කුමාරයා වූ I වන ඇලෙක්සැන්ඩර් බලයෙන් ඉවත් කරන ලදී. මේ අතර 1903 දී සර්බියාවේ රජු වූ I වන ඇලෙක්සැන්ඩර් හෙවත් ඇලෙක්සැන්ඩර් ඔබ්රිනොවිච් සහ ඔහුගේ බිසව කුමන්ත්‍රණයකින් පසු මරා දමන ලදී. මෙම කුමන්ත්‍රණයේ අරමුණ වූයේ ප්‍රතිවාදී කාරාජෝර්ජ්වික් පෙළපතේ කුමාරයකු රජකමට පත් කිරීමයි. මේ අනුව පීටර් කාරාජෝර්ජ්වික් (1903-21) සර්බියාවේ රාජ්‍යත්වයට පත් කරගන්නා ලදී.
කලාපයේ රටක් වූ රුමේනියාව විදේශීය රටවල් සමඟ ගැටුම් ඇති නොකරගනිමින් පසු වූයේය. එරටෙහි නරක ආර්ථික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ ගොවි ජනතාව කැරළි ගැසූ අතර යුදෙව්වන්ද පීඩාවට පත් කරනු දැකිය හැකි වූයේය.
මේ අතර 1897 දී ක්‍රීට් දූපත සම්බන්ධයෙන් තුර්කිය සමඟ යුධ වැදුන ග්‍රීසිය සති තුනක් වැනි කෙටි කාලයකදී සහමුලින් පරාජය කරන ලදී.
බොස්නියා-හර්සගොවිනා අර්බුදය (1908)
1908 දී ඔස්ට්‍රියාව විසින් බොස්නියා-හර්සගොවිනාව ඈඳා ගැනීම සර්බියාවේ දැඩි විරෝධයට හේතු වූවා සේම පසුකාලීන කරදර සඳහා පුර්වාදර්ශයක් වූයේය. සර්බියාව සිටියේ රුසියාවේ සහය ලැබුණි නම් ඔස්ට්‍රියාවට එරෙහි යුද්ධයකට වුවද පැටලෙන මානසිකත්වයෙනි. 1905-07 සමයේ රුසියාවේ පැවති අභ්‍යන්තරික විප්ලවවාදී කැරළි කෝලාහල හේතුවෙන් එරට දුර්වල අඩියක පැවතියෙන් සර්බියාවට සහයක් ලබා දීමට හැකි තත්ත්වයක එරට පසු නොවීය. මේ හේතුවෙන් ගැටුමකින් තොරව තත්ත්වය සමහන් වූයේය. නමුත් එය කිසි අයුරකින් විසඳුමක් නොවීය. ඒ වෙනුවට ඔස්ට්‍රියාව සහ සර්බියාව බද්ධ වෛරක්කාරයන් බවට පත් වූහ.
බෝල්කන් යුද්ධ
තුර්කියේ 'යෞවන තුර්කි' ව්‍යාපාරය නම් වූ කණ්ඩායමක් 1908 වසරේදී ආණ්ඩු ප්‍රතිසංස්කරණ මාලාවක් දිනාගැනීමට සමත් වූහ. මෙම පිරිස තුර්කියෙන් පිටුවහල් කරන ලද කණ්ඩායමක් වූ අතර මුලින්ම ඔවුන් රැස් වූයේ ප්‍රංශයේ පැරිස් නුවරයි. තුර්කිය තුල අන් ආගමිකයනටද මුස්ලිම්වරුන්ට ලැබෙන ආකාරයේ සැලකිලි ලබාදෙන ලෙසත්, පාර්ලිමේන්තුවක් වැනි ආයතන ඇති කරන ලෙසත් ඔවුහු ඉල්ලා සිටියෝය. 1908 දී මැසඩෝනියාවට පැමිණි ඔවුන් තමනට සහය දුන් හමුදා සේනාංකවල ද සහය ඇතිව ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටි කල, II වන අබ්දුල් හමීඩ් සුල්තාන්වරයා එයට එකඟ වූයේය. ප්‍රවෘත්ති තහනම ලිහිල් කරන ලද අතර මහමදිකයන්ට සහ ක්‍රිස්තියානි ආගමිකයනට අයිතීන් දෙන ලදී. රටින් පිටවී සිටි බොහෝ දෙනා යළිදු පැමිණියෝය.
කෙසේ වෙතත් මෙම ක්‍රියාවේ අතුරු ප්‍රතිපලයක් ලෙස තමනට එතෙක් ලැබුණ සුලු සහනවලට වඩා වැඩි යමක්, එනම් පූර්ණ නිදහස ඉල්ලා සිටීමට යටත් වැසියන් පෙළඹුණහ. ක්‍රීට් දූපත ග්‍රීසිය සමඟ ඒකාබද්ධ වූ බව ප්‍රකාශ කළේය. සර්බියාව සහ මොන්ටිනීග්‍රෝව දේශසීමා සංශෝධනය කරන ලෙස ඉල්ලා සිටියෝය. මේ අතර තමන්ගේ පරණ බලතල ලබාගන්නට උත්සාහ කළ සුල්තාන්වරයාව නෙරපා දමන ලදී.
තුර්කියට විරුද්ධව බෝල්කන් රටවලින් එල්ල වූ ඉල්ලීම්වල ප්‍රතිපලයක් ලෙස 1912 වසරේදී සර්බ්, බල්ගේරියානු, ග්‍රීක් සහ මොන්ටිනීග්‍රෝ ඒකාබද්ධ ප්‍රහාරයකට ලක් වීමට තුර්කියට සිදුවිය. යුද්ධය ආරම්භ වූයේ 1912 ඔක්තෝම්බර් 8 වනදාය. මේ වනවිට ඉතාලිය සමඟ යුද්ධය අහවර වී තිබුණේද නැත. තුර්කිය මෙම යුද්ධයේදී දරුණු පරාජයක් ලැබීය.
1913 දී ලන්ඩනයේදී සිදුවූ සාකච්ඡා ප්‍රකාරව, ග්‍රීසියට ක්‍රීට්, දකුණු මැසඩෝනියාව සහ සැලෝනිකාව ලබාගත්හ. බල්ගේරියාවට ත්‍රේස් සහ ඊජියන් වෙරළබඩ තවත් ප්‍රදේශ කිහිපයක් ලැබිණ. නමුත් බල්ගේරියානුවන් වැඩි වශයෙන් ජිවත් වූ මැසඩෝනියාවේ උතුරු ප්‍රදේශය ඔවුනට හිමි නොවීම කෙරෙහි බල්ගේරියාව නොසතුටට පත් විය. එම ප්‍රදේශය අයත් වූයේ සර්බියාවටය.සර්බියාවද එම ප්‍රදේශයට වඩා වැඩි කැමැත්තක් ඇල්බේනියාව කෙරෙහි දැක්වීය. නමුත් ඔස්ට්‍රියාවේ බලපෑම මත නිදහස් ඇල්බේනියාවක් බිහි වූ හෙයින්, කිසිවක් ලබා නොගෙන සිටීමට නොකැමැති වූ සර්බියාව උතුරු මැසඩෝනියාව ලබා ගැනීමට කැමැත්ත පළ කළේය.
මෙම ගැටුම්වල ප්‍රතිපලය ලෙස බල්ගේරියාව සර්බියාවට සහ ග්‍රීසියට එරෙහිව යුධ ප්‍රකාශ කළේය. මොන්ටිනීග්‍රෝව මුල පටන්ම සර්බියාවට උපකාර කළ අතර, කළ දුටු කල වල ඉහ ගත් රුමේනියාව සහ තුර්කියද බල්ගේරියාවට එදිරිව යුධ ප්‍රකාශ කළහ. හතරවටින් වට කරන ලද බල්ගේරියාවට වහා යුද්ධයෙන් පරාජය පිළිගැනීමට සිදු විය.
දෙවන බෝල්කන් යුද්ධය ලෙස හැඳින්වෙන මෙම යුද්ධය හේතුවෙන් බල්ගේරියාවට පළමු බෝල්කන් යුද්ධයෙන් ලැබුණ සියලුම ප්‍රදේශ අහිමි විය. තුර්කිය අද්‍රියනෝපල් නගරය ලබාගත් අතර රුමේනියාවට ද යටත් ප්‍රදේශ කිහිපයක් ලැබිණ. ග්‍රීසියෙහි සහ සර්බියාවේ මැසඩෝනියානු ප්‍රදේශ පිළිබඳ වූ අයිතිය තිර කරන ලදී.
බෝල්කන් යුද්ධවල ප්‍රතිපල කිහිපයක්ම විය. එක් අතකින් කිසිදු යුරෝපා ජාතියක් තව දුරටත් තුර්කි පාලනය යටතේ නොසිටියහ. තවද, දෙවන බෝල්කන් යුද්ධයෙන් පසුව වුවද සියලු බෝල්කන් රටවලට කුමක් හෝ ප්‍රශ්නයක් ඉතිරි ව තිබුණි. මේ හේතුවෙන් කොතැනින් හෝ යළි සටන් ඇවිලීමක් සිදු නොවේයැයි කිසිවකුට කිව නොහැකි විය. සර්බියාවට සියලු සර්බ්-ක්‍රොඇට් ජාතීන් එක්සත් කිරීමේ අවශ්‍යතාව වූ අතර එහිදී එරට ඔස්ට්‍රියාව සමඟ ගැටීමට නියමිතව තිබිණ. බල්ගේරියාව පරාජයේ ලජ්ජාව වසා ගැනීම නොතිත් ආශාවෙන් පසු විය.
මේ අතර සර්බියානු කරදරයෙන් මිදීමට සිහින දකිමින් සිටි ඔස්ට්‍රියාව ජර්මන් සහ තුර්කි සහයෝගය පිළිබඳ බලාපොරොත්තු දල්වාගෙන සිටියේය. මේ වනවිට යුරෝපයේ ප්‍රබල රාජ්‍යයන් මෙන්ම බෝල්කන් ප්‍රදේශවල රාජ්‍යයයන් ද කොයි මොහොතක හෝ යුද්ධයකට පැටලීමට නියමිතව තිබිණ. අවශ්‍ය වූයේ කොතැනකින් හෝ වෙඩි පුපුරක් දැල්වීම පමණි. එය සරයේවෝ නොව වෙනත් ඕනෑම තැනකදී වුවද සිදුවිය හැකිව තිබිණ.
යුරෝපය (1914) ලෝක යුද්ධය ඇරඹීමට පෙර (wwnorton.com) |

බෝල්කන් අර්ධද්වීපය, 1912-13. (academic.evergreen.edu) |

Sthuthi,Mdya europaye ithihasaye,wedagathma kotasak denaganna lebuna,meke anith kotastikath ikmanatama liyanna.(Ranjan)
ReplyDeleteබොහොම ස්තූතියි. :)
Deleteකළින් දුටුවෙ නැති නම් මේ දෙකත් කියවන්න.
http://asidisimaanaya.blogspot.com/2014/08/blog-post.html
http://asidisimaanaya.blogspot.com/2014/09/blog-post.html
ඒ දවස්වල යුරෝපයේ උන් හිතන් ඉඳලා තියෙන්නෙ ලෝකෙ ඕනෑම තැනක් උන්ට අල්ලන් පාලනය කරන්න බලය පවරලා තියනවා වගේ නේද ? මේකනම් මහ අවුල් ජාලයක්... හැමෝම හැමෝ එක්කම පැටලිලානේ...
ReplyDeleteහැමෝම හැමෝම එක්ක පැටලිලා වගේ පෙනුනාට ඒක බොහෝ දුරට තිබ්බේ බෝල්කන් ප්‍රදේශවල තමයි. කොහොමින් හෝ ලොකු යුද්ධය පටන් ගත්තහම කට්ටිය ලස්සනට දෙපැත්තට බෙදුණා.
Deleteඑක දවසක් නෙමේ දවස් දෙකක් විතර අරගෙන තමයි ටික කියෙව්වේ.ඒ තරම් රසවත්.කොහොම වුනත් යුරෝපයේ බල අරගල වලට එක්සත් ජනපදය වැඩිය අත දාලා නැති හැඩයි.
ReplyDeleteමොන්ටිනීග්‍රෝව දැන් හඳුන්වන්නේ මොන නමින්ද ?
තැන්ක් යූ ඈ!
Deleteඑක්සත් ජනපදය ලෝකෙ තියෙන හැම ඉලව්වටම අත දාන්න ගත්තෙ පස්සෙ කාලෙක. විශේෂයෙන්ම දෙවන ලෝක යුද්ධය තුල සහ ඊට පස්සෙ. ඊට කළින් එයාලගේ දර්ශනය වුනේ තමන් ගෙ පාඩුවේ ලතින් ඇමරිකාව ගැන බලාගන්න එක... ඒ කියන්නේ උතුරු, දකුණු ඇමරිකා මහාද්වීපවල රටවලට ඇමරිකාවට පිටින් යන්න ඉඩ දුන්නෙ නෑ. ඒ වගේම යුරෝපා රටවලට ඒ පලාතෙ ඕන ඕන දේ කරන්න දුන්නෙත් නෑ. මේ අපේ වැයික්කිය කියන අදහසින්...මොන්රෝ ධර්මය (Monroe Doctrine) ගැන පොඩ්ඩක් කියවලා බලන්න...
නමුත් ලෝකෙ අනික් පළාත්වලට ඕනවාට වැඩිය හොටදාන්න ගියෙත් නෑ. එහෙම අවස්ථා නැතුවාම නෙවෙයි, නමුත් හරිම අඩුයි.
* මොන්ටිනීග්‍රෝව දැනුත් මොන්ටිනීග්‍රෝවම තමයි. :)
බොහොම ස්තූතියි. මම එකතු කළා.
ReplyDeleteGreat Work. Thank you for your effort.
ReplyDeleteThank you very much!
Delete