Tuesday, September 23, 2014

සිංගප්පූරු මොඩලය අනෙක් රටවලට ගැලපෙන්නේ නැති බව එරට අගමැති කියයි

සිංගප්පූරු අගමැති ලී සියෙන් ලූන්ග් (Lee Hsien Loong) සිංගප්පූරු සමුලුවේදී (Singapore Summit) පසුගිය සෙනසුරාදා (සැප්. 20) ප්‍රකාශ කළේ සිංගප්පූරු සංවර්ධන මොඩලය අනෙක් රටවල ගෙඩිය පිටින් ක්‍රියාවට නගන්නට නොහැකි බවයි.

මෙයට හේතුව සිය රටේ විශාලත්වය වගේම ඉතිහාසය සහ මුහුණ දෙන්නට වූ අභියෝග අනෙක් රටවල්වලින් වෙනස් වීම බවයි සිංගප්පූරු අගමැතිවරයා පවසන්නේ.
ලී සියෙන් ලූන්ග් 2007 දී

සිංගප්පූරුව කුඩා දූපතක් බව මතක් කර දෙන අගමැතිවරයා පවසන්නේ සිංගප්පූරුවේ ඉතිහාසය යටත් විජිත යුගයක් තුලින් පන්නරයක් ලැබූ බවයි. රටේ යටිතල පහසුකම් සංවර්ධනය ආරම්භ වූයේ යටත් විජිත යුගයේදී. එමෙන්ම යටත් විජිත විරෝධී අරගලය ඔස්සේ මෙන්ම කොමියුනිස්ට්වාදයට එරෙහි අරගලය ඔස්සේද වටිනා අත්දැකීම් සමුදායක් එකතු කරගන්නට සමත් වූ බව ඔහු මතක් කර දුන්නා.

මැලේසියාවට එකතු වීම​, එහි කොටසක් ලෙස සිටිමින් විවිධ ප්‍රශ්නවලට මුහුණ දීම සහ ඒ හේතුවෙන් මැලේසියාවෙන් ස්වාධීන වීම පිළිබඳ ඉතිහාසය ඔහු මතක් කර දුන්නා. මැලේසියාවෙන් එකවර කැඩී වෙන්වීමට සිදු වීම හේතුවෙන් සිදු වූ කම්පනය සහ එයට මුහුණ දීමට එම පරම්පරාවේ ජනතාව සහ ඔවුනගේ දරුවන් පෙළ ගැසුන ආකාරය අගමැතිවරයා සිහිපත් කළා.

මේ සිදුවීම් සිංගප්පූරුවටම ආවේණික වූ සිද්ධි දාමයක් බව ලී සියෙන් ලූන්ග් පවසා සිටියා. ඉන්දියාව සහ චීනය වැනි විශාල එමෙන්ම විවිධත්වයෙන් වැඩි රටවල් සිංගප්පූරුව සමඟ කිසි ලෙසකින්වත් සසඳන්නට නොහැකි බව ඔහු ප්‍රකාශ කළා. සිංගප්පූරුව සාර්ථක වූයේ රටේ ජනතාව එකාවන්ව රටේ දියුණුව කෙරෙහි කටයුතු කිරීම නිසා බවයි අගමැතිවරයා පවසන්නේ. මේ ව්‍යායාමය අසාර්ථක වීමට වුවද ඉඩ තිබූ බව ඔහු මතක් කර දුන් ඔහු වාසනාවට සිංගප්පූරුවට එම ඉරණම අත් නොවූ බව කියා සිටියා.

ඇතැම්විට යම් යම් ගැටලු තනි තනියෙන් ගත්විට ඒවා විසඳීමේදී සිංගප්පූරුව අනුගමනය කළ යම් යම් පියවරවලින් පාඩම් ඉගෙන ගන්නට හැකියාව තිබෙන බව අගමැති ලී සියෙන් ලූන්ග් කියා සිටියා. සිංගප්පූරුව චීනයේ සුෂොව් කාර්මික පුරයේදී (Suzhou Industrial Park) සැලකියයුතු සාර්ථකත්වයකින් යුතුව සිංගප්පූරු මොඩලය භාවිත කළ බව ඔහු සඳහන් කළා. එහිදීත් සිංගප්පූරු මොඩලය ගෙඩි පිටින් පාවිච්චි නොකළ බවත් එය ක්‍රියාත්මක කිරීම විවිධ ප්‍රශ්න මැද සිදුවූ බවත් ඔහු පැහැදිලි කළා. නමුත් සුෂොව් කාර්මික පුරයට පැමිණෙන වෙනත් චීන නගරවල නිලධාරීන් එයින් යම් යම් පාඩම් ඉගෙන ගන්නා බව අගමැතිවරයා මතක් කළා.

ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කරන්නට ඇතැම් දේශපාලකයින් පොරොන්දු වෙනවා අප අසා තිබෙනවා. නමුත් අපට කරන්නට හැකි වන්නේ සිංගප්පූරුව (හෝ වෙනත් රටක් හෝ) ක්‍රියාවට නැංවූ ක්‍රමවේදය අධ්‍යයනය කර එය මෙරටට අවශ්‍ය නම් අවශ්‍ය අයුරින් අනුගත කරගැනීම මිස පිටරට මොඩලයක් මෙරටට ගෙඩි පිටින් පැටවීම නෙවෙයි. මේ බව කියන්නේ සිංගප්පූරුවේම අගමැතිවරයා විසින්.

කතාව බලන්න මෙතනින්

14 comments:

  1. ඇත්ත ඇත්ත සිංගප්පූරු විතරක් නෙමේ කිසිම මොඩලයක් හරි යන්නෙ නෑ.. අදාළ වෙන විදිහට මොඩල් එකක් හදා ගන්නවා ඇර.. ඉස්සර යුද්ධෙ ඉවර කරන්නත් එක එක මොඩල් ආවනෙ.. අන්තිමට අපේම මොඩල් එක තමා හරි ගියේ...

    ReplyDelete
    Replies
    1. //ඉස්සර යුද්ධෙ ඉවර කරන්නත් එක එක මොඩල් ආවනෙ.. අන්තිමට අපේම මොඩල් එක තමා හරි ගියේ.//
      ඕකට සෙන්නයියේ සමුල ඝතන මොඩල් කියලා.හැබයි ඉතින් ඕක අපිට විතරක් ආවේනික මොඩල් එකක් නෙමේ.ඔය පළවෙනි,දෙවැනි ලෝක යුද්ද කාලේ ඉඳන්ම සමහරක් විට ඊට කලින් ඉඳන් වුනත් වගේ ඔය සමුල ඝතන මොඩල් තමයි වැඩියෙන් යුද්ධ වලදී භාවිතා කෙරුවේ.

      Delete
    2. මම ඒකට එකඟ නැහැ​. ලෝක යුද්ධවලදි කරපු විධියයි මේකයි සමාන වෙන්නේ නැහැ. යම් යම් සමානකම් තියෙන්න ඇති. නමුත් පොදුවෙ ගත්තම එහෙම සමාන කරන්න බැහැ.

      Delete
    3. මනෝජ්, යුද්ධයකදි සමූල ඝාතනය නොකර වෙන කොහේදි සමූල ඝාතනය කරන්නද බන් ? කියහන් බලන්න සමූල ඝාතනය කරන්න පුළුවන් වෙන තැනක් තියනවද කියලා. සමූළ ඝාතනයට බයයිනම් දෙක වදිනකොට යටත් වෙන්න ඕනා.. නැත්නම් ඉතින් බඩුම තමා..

      Delete
    4. මුලින්ම කියන්න ඕනේ මේ එන්නේ දෙන්නා එක්ක වලියට නෙමේ හොඳේ...:)
      උඹලා දෙන්නගේ අදහස් වලට කරනවා.හැබැයි යුද්දේ ගැන මට තියෙන්නේ වෙනම අදහසක්.

      01) //ලෝක යුද්ධවලදි කරපු විධියයි මේකයි සමාන වෙන්නේ නැහැ.//
      කොයි යුද්දෙන් වෙන්නෙත් හානියක්."මානුෂිය මෙහෙයුම" වගේ ලස්සන නමක් දා ගත්තාට යුද්දෙකින් වෙන හානිය ලස්සන නැහැ.ලෝක යුද්දෙදි ඉවක් බවක් නැතුව හැම පැත්තේම අහිංසක මිනිස්සු මැරුණා,පිඩාවට ලක් වුනා. අපේ මානුෂිය මෙහෙයුමේදී එහෙම වුනේ නැතිද ?දකුණේ අම්මලාගේ වගේම උතුරේ අම්මලාගේ ඇස් වලින් වැටුනෙත් කඳුළු නෙමේද?

      2) //යුද්ධයකදි සමූල ඝාතනය නොකර වෙන කොහේදි සමූල ඝාතනය කරන්නද බන්//
      බලපං සෙන්නයියේ උඹ අහන දේ.යුද්දේ හානිය එකට සම්බන්ධ නැති අය මොකටද ගෙවන්නේ.එතකොට උඹ කියන විදියට ඇමරිකන්කාරය ජපානෙට බෝම්බ දාපු එකත් හරි වෙන්න ඕනේ.දැන් බලපන් සෙන්නයියේ ඒ බෝම්බේ අහිතකර ප්‍රතිපල ඊට පස්සේ පරම්පරා වලට පවා බල පෑවේ උන් මොන වරදක් කරලාද ?

      ආයෙමත් කියන්නේ මේ දෙන්නා එක්ක වලියට නෙමේ ආවේ.මම වැරදි නම් මාව නිවැරදි කරපල්ලා මේ මට හිතෙන හැටි

      Delete
    5. නෑ නෑ උඹ වලියට නෙමේ කියලා අපි දන්නවා.. උඹ වලියට ආවත් අපි වලි නෑ... හෙහ් හෙහ්..

      මේකයි බන් මම කියන්නෙ.. යුද්ධෙ කියන්නෙ සමූළ ඝාතනයට කියන තවත් වචනයක් විතරයි.. යුද්ධෙකදි කවුද හරි කවුද වැරදි කවුද අහිංසක කවුද භයානක කියකිය හොයන්නත් බෑ හොයන්නෙත් නෑ. යුද්ධෙකට යන පාර්ශවයක් තමන් වෙනුවෙන් හෝ තමන් පෙනී සිටින වර්ගයා වෙනුවෙන් හරි එහෙම බලාපොරොත්තු වෙනවනම් ඒක විහිළුවක්.. ජඩ විහිළුවක්..

      හැබැයි උඹලා මොනා කීවත් ලංකාවෙ යුද්ධෙ වුනේ ඔයිට වෙනස් ආකාරයකට.. පුළුවන් තරම් අහිංසකයන්ව බේරලා ගහන්න හමුදාවෙන් ට්‍රයි නොකළනම් අද වෙනකොට උතුරු නැගෙන හිර එක දෙමළ මනුස්සයෙක්වත් නෑ...

      ජපානෙට ගහපු එකේ අහිතකර ප්‍රතිඵල තියනවා තමා.. ජපානෙට තිබුනනෙ ජර්මනිය යටත් වෙච්ච වෙලේම යටත් වෙන්න.. යුද්ධෙ ඇදගෙන ගියානම් ඒකෙ අහිතකර ප්‍රතිවිපාකත් උන්ටම තමා විදින්න වෙන්න.. අපි දිගටම යුද්ද කරණවා හැබැයි අපිව සමූල ඝාතනය කරන්න ඕන් ඔට්‍ටු නෑ වගේ සිගිති කතා කිය කිය යුද්ධ කරන්න පුළුවන් වුනේ අපි පොඩි කාලේ කරපු යුද්ධ වලදි විතරයි බන්...

      මට කියන්න ඕනා වුන දේ කියවුනාද මංදා..

      කෙටියෙන්, යුද්ධෙ = සමූල ඝාතනය. ( අර ඈන්ට් කාර්‍ටුන් ‍ෆිල්ම් එකේ තිබුනා මෙහෙම කතාවක්.. මට හරියටම මතක නෑ.. One to nothing, we Win කියලා

      Delete
    6. අපේ හමුදාව සමුල ගාතනයක් කලානම් අද මේ රටේ තියන ගොඩක් ප්‍රශ්න නෑ.මොකද එහෙමනම් මෙහෙම නටන්න දෙමල්ලු ඉතුරු වෙන්නේ නෑනේ

      Delete
  2. මලා දැන් කොහොමද මේක සිංගප්පුරුවක් කරන්නේ.?:D කොහොම වෙතත් ලෝකේ දියුණු රටක තත්වයට තවත් රටක් ගෙන එනවාට වඩා පහසුයි නේද ලෝකේ නොදියුණු රටක තත්වයට දියුණු රටක් ගෙන එක.උදාහරනයක් විදියට අපේ රට සිංගප්පුරුවක් කරනවාට වඩා ලේසියි නේද සුධානයක්,සොමලියාවක් කරන එක.එක නිසා කරන්න බැරි ප්‍රයෝගික නොවන පොරොන්දු දීලා බලේ ගන්නවාට වඩා කරන්න පුළුවන් පොරොන්දු දෙන්න අපේ දේශපාලන නායකයින්ට නුවණ පහළ වේවා...:D

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ අපි ඒ රටවල්වලට වඩා හොඳයි නේද​? ආඩම්බරයට කරුණක්...

      Delete
  3. ඔව්.සිංගප්පූරුව කියන්නෙ පිළිවෙල වගේම හරිම පිරිසිදු රටක්...
    ආයෙත් යන්න හිතෙනවා...ඇත්ත අපේ රටේ airport 01ට වඩා හරිම පහසුයි හැමදේම.මුලින්ම මිනිස්සු හිතන පතන විදිහ හදන්න ඕනේ.
    එහේදි මගේ ලඟ තිබුණු කොලයක් සුලඟට පාවෙලා ගියාම..පයින් ඇවිදගෙන ගිය කෙනෙක් ඒක අහුලලා dustbin 01ට දැම්මා...මොනතරම් දේවල් හිතන්න තියෙනවද අපේ රටෙයි ඒ රටෙයි වෙනස්කම් කතා කරන්න ගියොත්....

    ReplyDelete
    Replies
    1. ඒ විදියෙ ඇටිටියුඩ් වෙනසක් සිංගප්පූරුවට අහසින් කඩා පාත් වුනේ නෑ. කාළයක් තිස්සේ මිනිස්සුන්ට නීති මගින් පුරුදු කරලා, දැන් පුරුදු බවට පත් වූ දේවල් ඒවා. අන්න ඒ වගේ දේවල් නම් අපේ රටෙත් හරියට ක්‍රියාත්මක කළොත් කාළයක් යද්දි හදන්න පුලුවන් වෙයි.

      නමුත් ඒ වගේ නීති අපේ රටේ ක්‍රියාත්මක කිරීමේ ප්‍රශ්න එනවා. සිංගප්පූරුව පොඩි රටක්, බොහෝ දුරට නාගරිකයි. මෙහේ එහෙම නෑ. ඔන්න ඕකයි අගමැති ලී සියෙන් ලූන් ග් කිව්වෙ. එහෙ එක රටක්. අනික් රටවල් වෙනස්.

      නමුත් ඉතින් නගරවල සහ බස්, කෝච්චි වගේ පොදු ප්‍රවාහන සේවාවල අපිරිසිදු කරන එකට එරෙහිව නීති ක්‍රියාත්මක කරන විදිය අපට වැදගත් වෙන්න පුලුවන්. එහෙ කෝච්චිවල කෑම කෑවොත්, සිගරට් බිව්වොත් දඩේ කීයද කියලා දකින්න ඇති.

      (එහේ වගේ මෙහෙ කෝච්චිවල කෑම කාවොත් දඩ ගහන්නත් බැහැ. එහෙ පොඩියි. පැයකින් රටේ ඒ කොනේ ඉඳන් මේ කොනට කෝච්චියෙ යත හැකි. මෙහෙ එහෙම නෑ.)

      Delete
    2. //ඒ විදියෙ ඇටිටියුඩ් වෙනසක් සිංගප්පූරුවට අහසින් කඩා පාත් වුනේ නෑ. කාළයක් තිස්සේ මිනිස්සුන්ට නීති මගින් පුරුදු කරලා, දැන් පුරුදු බවට පත් වූ දේවල් ඒවා. අන්න ඒ වගේ දේවල් නම් අපේ රටෙත් හරියට ක්‍රියාත්මක කළොත් කාළයක් යද්දි හදන්න පුලුවන් වෙයි.//

      මතකද ඉස්සර පාරවල් වල කුණු ගෙනත් දැම්මා.නගර සභාවෙන් ඇවිත් ඒ කුනු ගොඩේ කුණු අරන් යනවා.ඔහොම වැඩපිළිවෙලක් නේ තිබ්බේ.පස්සේ ඒහෙම පාරට කුණු ගෙනත් දාන එකට එරෙහිව නීති ගෙනැත් කුණු දැම්මොත් උසාවි දමන්න,දඩ ගහන්න ගත්තා සහා නගර සභාවත් පාරෙන් කුණු ගන්නවා වෙනුවට නියමිත දවසකට ගෙවල් වලට ඇවිත් කුණු ගන්න පටන් ගත්තා.ඔය ක්‍රමේ මුලින්ම පටන් ගත්තාම මට ඔය ගැන එතරම් හොඳ ප්‍රතිචරයක් තිබ්බේ නැහැ.(මොකද අපි ඉන්න නාගරික පරිසරය ඇතුලේ එහෙම කුණු ගෙවල් ඇතුලේ තියන් ඉන්න අමාරුයි.මොකද සීමිත ඉඩ පහසුකම් තමයි බොහෝවිට තියෙන්නේ.එත් පළාත් පාලන ආයතන මේ වැඩේට සක්‍රිය විදියට දායක වෙනවා නම් ඒ ගැටළු බොහොම අවම වෙනවා.)නමුත් ඒ විදියට හෝ කුණු පාරට ගෙනත් දාන එක නතර කරපු එක බොහොම හොඳ දෙයක් කියන දේ දැන් පැහැදිලියි.

      Delete
    3. හෙහ් හෙහ්... කුණු කතාව නම් ඔතනින් ඉවර වෙන්නෙ නෑ. ඒ එකතු කරන කුණුවලට ඊට පස්සෙ කරන්නෙ මොකක්ද කියන එක ගොඩක් පළාත් පාලන ආයතනවලට ප්‍රශ්නයක්. ගොඩාක් අය කරන්නෙ ඒවා අරන් ගිහින් කොහේ හරි dump කරන එක​...

      Delete