අද කොළඹ 'ජාත්‍යන්තර' පොත් ප්‍රදර්ශනයට ගියේ පොත් කිහිපයක්ම ගන්න අදහස හිතේ තියාගෙන. එයින් එකක් තමයි නාලක ගුණවර්ධනගේ "කාල බෝම්බ ඕනෑ කර තිබේ" කියන පොත. මේ ඔහුගේ පොත ගැන විග්‍රහයක් නෙවෙයි. (එය පසුවට බලාපොරොත්තු වන්න). මේ ලියන්නේ ඒ පොත කියවද්දි හිතුණ දෙයක්.
සිව්මංසල කොලු ගැටයා තීරු ලිපි පෙළ නාලක කලක පටන් රාවය පුවත්පතට ලියන බොහොම වටිනා ලිපි පෙළක්. ඔහු ලියන හැම දෙයකටම අපි එකඟ නොවෙන්න පුලුවන්. නමුත් විවෘත මනසකින් යුතුව යමක් ගැන සිතන්නතත්, නොදන්නා දේවල් ගැන දැනගන්නටත් ඒ ලිපි පෙල ගොඩක් උදව් වෙනවා.
ඇත්තම කියන්න මේ ලිපි පෙල පුරුද්දක් විදියට කියවන්න මට දිගටම අවස්ථාව ලැබෙන්නේ නෑ. ඒ නිසා ඒවා අඩංගු පොතක් ගත්තම එයින් වැඩි හරියක් මට අලුත්. මේ සැරේ නිකුත් වුන "කාල බෝම්බ ඕනෑ කර තිබේ" පොතත් එහෙමයි.
2013 සැප්තැම්බර් මාසයේ ඔහු ලියූ ලිපියක් මගේ නෙත ගැටුනේ මේ පොත කියවද්දි. එහි මෙන්න මෙහෙම කියනවා:
"කොළඹ පොත් ප්‍රදර්ශනයේදී බහුලව පෙණුනු දෙයක් නම් විදේශීය සාහිත්‍ය කෘතීන් (විශේෂයෙන්ම නවකතා සහ චාරිකා සටහන්) සිංහලට පරිවර්තනය වීම දැන් මහා පරිමාණයෙන් සිදුවන සැටියි." [නාලක මේ කියන්නේ 2013 ගැන]
තව දුරටත් අදහස් දක්වමින් නාලක කියන්නේ මෙයින් පෙනෙන්නේ පාඨකයන් බාහිර ලෝකය ගැන දැනගැනීමට ආසා නිසා මේ ඉල්ලුම ඇතිවී තියෙන බව. නමුත් පරිවර්තනයනට වඩා ඔබ්බෙන් යන සංසන්දනාත්මක විග්‍රහයන් දුර්ලභ බව ඔහු කියනවා. සිංහල පුවත්පත්වල විදේශ විචාර ලෙස වැඩිපුර දකින්න ලැබෙන්නේ වම-දකුණ ලෙස බෙදුණ සීතල යුද්ධ සමයේ මල බැඳුණ තර්ක බවයි. සීතල යුද්ධය අවසන්ව වසර 23 ක් (2013 දී) ගතවෙලත් අපේ "විදේස විත්ති විචාරකයන්" ඉන්නේ ඒ කාලයේ බව නාලක කියනවා.
නාලක ඉදිරිපත් කරන මේ අදහසේ ලොකු ඇත්තක් තියෙන බව කණගාටුවෙන් වුනත් කියන්න ඕන. මේකට හේතු නැතුව නෙවෙයි. අද ප්‍රධාන මාධ්‍ය බොහොමයක අධිපතිවාදයක් තියෙන බව නාලකම කීප තැනකම කියලා තිබුණා මට මතකයි. මේක එක හේතුවක් වෙන්න පුලුවන්. අනෙක ප්‍රධාන මාධ්‍යවලට විකල්ප විදියට එන මාධ්‍යත් ගොඩක් වෙලාවට දේශපාලනයෙ වමට බර එව්වා. වාමාංශිකයන් ලෝකය දකින්නේ ඇති-නැති පරතරය අතර සටනක්, එහෙමත් නැත්නම් පන්ති සටනක් විදියටනේ. එයාලට ඊට වඩා දෙයක් නොපෙණෙන එක සාධාරණයි.
මට එක් උදාහරණයක් මතක් වෙනවා. යම් ටීවී චැනලයක (ජාතික රූපවාහිනියද මන්දා) ළමයෙක් ලෝක ගෝලයක් දිහා බලන් ඉන්නවා පෙන්නනවා. ඒකෙ වරදක් නෑ. අවුල තියෙන්නෙ, ඒ ලෝක ගෝලය හරිම පරණ එකක්. මම මේක දැක්කෙ අවුදුරු දෙක තුනකට කලින් වෙන්න ඇති. නමුත් ඒ ලෝක ගෝලයේ තවම සෝවියට් දේශය තියෙනවා. ඕකට අලුත් ලෝක ගෝලයක් ගන්න බැරි කමක් තිබුණාද කියලා මට හිතුණා.
ඒවගේම මට තවත් කතාවක් මතක් වුනා. 2013 චෝගම් එකට සමගාමීව පොදු රාජ්‍ය මණ්ඩල සිම්ෆනි ඔකෙස්ට්‍රා ප්‍රසංගයක් තිබුණා නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ. මේක මෙහෙයෙව්වෙ බ්‍රිතාන්‍ය ජාතික ආචාර්ය ජේම්ස් රොස්. ඔහු එක්ක මම සාකච්ඡා කරද්දි යටත්විජිතවාදය ගැන කතාවකට ආවා. පොදු රාජ්‍ය මණ්ඩලය යටත් විජිතවාදයෙන් ඉතුරු වූ දෙයක් නේද යයි මා අහුවාම ඔහු කිව්වේ යටත් විජිතවාදය අදට අදාල නොවන දෙයක් බව. ඒ දේවල් නොවුනා නොවේ. නමුත් ඒවා මත්තෙම නැහෙන එක නුසුදුසු බවයි ඔහු කිව්වේ. ඔහු සමඟ වැඩ කරන බොහෝ තරුණ සංගීතඥයන් ඉපදුනේ කොමියුනිස්ට්වාදය බිඳ වැටුනාටත් පසුව බවත්, ඔවුන් යටත් විජිතවාදය තබා කොමියුනිස්ට්වාදයවත් හරියට දැක නැති බවත් ආචාර්ය රොස් මා සමඟ පැවසුවා.
නව යටත් විජිතවාදය ගැන කියවෙන දේ බැහැර කළ නොහැකි වුනත් අතීතයේ ලෝකය දැකපු විදියෙන් මිදිලා අලුත් විදියට ලෝකය දකින්න අපි පුරුදු වෙන්න ඕන. යුරෝපයේ අයත් සීතල යුද්ධය අමතක කරපු කාලෙක (දැන් යුක්‍රේන ප්‍රශ්නය නිසා ඒ තත්ත්වය වෙනස් වෙන්නත් පුලුවන්) අපි ඒ පරණ අදහස් මත යැපෙන එක කොච්චර හරිද කියලා හිතන්න වෙනවා.
නමුත් ජනතාවගේ දැන ගැනීමේ ආශාව, නැත්නම් දැනුම පිපාසය, පිළිබඳ නාලක කියන කාරණය ඇත්ත. මේක මට මෑතකදි අත් දැකීමෙන්ම දකින්න ලැබුණා. මම පළමු ලෝක යුද්ධයට බලපෑ දීර්ඝ කාලීන හේතු ගැන බ්ලොග් පෝස්ට් එකක් ලියාපු දවසේ මගේ බ්ලොග් එකට කවදාවත් නැති තරම් පිරිසක් ආවා. මටත් හරිම පුදුම හිතුනා.
ඒ නිසා මට හිතුනා, ඉතාම කෙටියෙන්, සීතල යුද්ධය නිමා වූ පසු ලෝකයේ බල තුලනය වෙච්ච හැටි ගැන අදහසක් ඉදිරිපත් කරන්න.
සෝවියට් දේශය බිඳ වැටුනත් එක්ක, 1991 දී සීතල යුද්ධය නිමා වුනා කියලා පොදුවේ පිළිගන්නවා (වෙනස් අදහස් නැතුව නෙවෙයි). ඊට පස්සේ විශ්ලේෂකයන් කිව්වේ ඉස්සර තිබුණ ද්වී-ධ්‍රැව ලෝකය (වොෂින්ටන් සහ මොස්කව් කේන්ද්‍ර කරගත්) වෙනුවට ඒක-ධ්‍රැව (වොෂින්ටන් කේන්ද්‍ර කරගත්) ලෝකයක් බිහිවෙයි කියලයි. 1990 දශකයේ නම් බොහෝකොටම දකින්න ලැබුණේ ඒ වගේ තත්ත්වයක්.
මේ අතරෙ මෙහෙම දෙයක් සිද්ධ වෙන්න පටන් ගත්තා. සීතල යුද්ධය තියෙන කාලෙ, විශේෂයෙන්ම බටහිර කඳවුර, ලෝකය දැක්කේ බොහොම සරල විදියට. "එක්කෝ ඔබ අපි එක්ක, නැත්නම් අපට විරුද්ධව" කියන අදහසින්. මැද මාවතක් කියලා එකක් ගැන ඔවුන් බැලුවේ වපර අහැකින්. මේ නිසා නොබැඳි ජාතීන් ගේ ව්‍යාපාරය වගේ දේවල් ඔවුන් දැක්කේ සෝවියට් අතකොලු විදියට. ඒ නිසා අන්තිමට වුනේ ඒ වගේ සංවිධාන සෝවියට් කඳවුර පැත්තට වැඩිපුර නැඹුරු වීමයි.
කඳවුරු දෙකම එක්ක හොඳින් ඉඳපු රටවල් අතලොස්සක් තිබුණා. නමුත් සාමාන්‍යයෙන් වුනේ දෙපැත්තකට වීම තමයි.
නමුත් සීතල යුද්ධය ඉවර වුනාට පස්සේ ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවලට තව දුරටත් සෝවියට් තර්ජනයක් ගැන බයක් තිබුනේ නැහැ. එතෙක් කල් ඔවුන් "සෝවියට් තර්ජනයට" මුවා වෙලා ඒකාධිපති පාලකයන් එහෙම නඩත්තු කලා වගේම තුන්වැනි බලවේගයකට නැගිටින්න දුන්නේ නෑ. (අනිත් පාර්ශවයත් කටයුතු කළේ එහෙම තමයි). නමුත් සීතල යුද්ධන නිමා වුනාට පස්සේ බල කඳවුරු දිය වෙලා ඔක්කොම එක ආර්ථික රාමුවකට ගේන්න බටහිර රටවල් පෙරුම් පිරුවා.
මේ අතරෙ ඉන්දියාව, චීනය එහෙම විවෘත ආර්ථිකයේ ප්‍රතිපල නෙලා ගනිමින් වේගයෙන් සංවර්ධනය වුණා. වෙනත් රටවලුත් වේගයෙන් සංවර්ධනය වුනා. මේවා එකක්වත් එක බල කඳවුරකට අයත් වුනේ නෑ. ඒ වගේම මේ එක රටක්වත් තමුන්ව බටහිර රටවල් විසින් අනවශ්‍ය විදියට පාලනය කරනවාට කැමැත්තක් දැක්වූවෙත් නෑ. මේ ආකාරයෙන්, ටික කලක් යද්දි ලෝකයේ රටවල් කිහිපයක්ම ආර්ථික මෙන්ම යුධමය වශයෙනුත් ඉදිරියට ආවා.
මේ තත්ත්වය තවත් වේගවත් වුනේ 2000 පමණ සිට ව්ලැඩිමීර් පුටින් යටතේ රුසියාවත් ආපහු නැගිටින්න පටන් ගැනීමත් එක්කයි.
මේ අතරේ පරණ සංසිද්ධීන්, අලුත් මුහුණුවරකින් කරලියට එන්න පටන් ගත්තා. ඉස්සර ත්‍රස්තවාදී කණ්ඩායම් පවා බොහෝවිට ඇති වුනේ සහ ක්‍රියාත්මක වුනේ සීතල යුද්ධ පසුබිමේ. ඉස්ලාමීය සටන්කාමීන් පවා ඇෆ්ඝනිස්ථානයේ ඒ කාලෙ සටන් කලේ සෝවියට් දේශයට විරුද්ධව, ඇමරිකාවේ ආධාර ඇතුව. නමුත් දැන් ඔවුන් වෙනමම බලයක් බවට පත් වෙන්න පටන් ගත්තා. අද වෙනකොට, විශේෂයෙන්ම ඉස්ලාමීය සටන්කාමීන් ලෝක බලතුලනයේ තවත් පැත්තක් බවට පත් වෙලා. නමුත් මේක වුනේ සීතල යුද්ධ පසුබිමේම නෙවෙයි. මූල බීජය එතනදි වුනාට, පහුගිය අවුරුදුවල සිද්ධ වුනේ වෙනමම ක්‍රියාවලියක්.
අදටත් තනි රටක් විදියට ගත්තොත් ඇමරිකා එක්සත් ජනපදය තමයි ලෝකයේ ප්‍රබලම රාජ්‍යය. ලෝකයේ බොහෝ සමාගම්වල මූලස්ථානය තියෙන්නේ එහෙ. මම දැන් වැඩ කරන පරිඝනකයේ තියෙන ඔපරේටින් සිස්ටම් එක වින්ඩෝස්. ඒ මයික්‍රසොෆ්ට් සමාගමේ. තියෙන්නෙ ඇමරිකාවෙ. මම බ්ලොග් ලියන වෙබ් අඩවිය බ්ලොග්ස්පොට්. අයිති ගූගල් සමාගමට. තියෙන්නෙ ඇමරිකාවෙ. මම මේ බ්ලොග් පෝස්ට් එක සමාජගත කරන ෆේස්බුක් සහ ට්විටර් සමාජජාල සමාගම් තියෙන්නෙ ඇමරිකාවෙ. ලෝකයේ ලොකුම ආර්ථිකය තියෙන්නෙ ඒ රටට. ඒ වගේම ඕනෑම අවස්ථාවක ඕනෑම තැනකට හමුදා යවන්න පුලුවන් හැකියාවක් තියෙනවා නම් තියෙන්නේ ඇමරිකාවට.
නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නෑ ඇමරිකාවට ඔලුව නමලා හැමෝම ඉන්නවා කියලාවත්, ඒ ඔලුව නොනමන හැමෝම එක කඳවුරක ඉන්නවා කියලාවත්. ඒකයි අද තියෙන බහු-ධ්‍රැව භූ දේශපාලනික තත්ත්වය.
සිව්මංසල කොලු ගැටයා තීරු ලිපි පෙළ නාලක කලක පටන් රාවය පුවත්පතට ලියන බොහොම වටිනා ලිපි පෙළක්. ඔහු ලියන හැම දෙයකටම අපි එකඟ නොවෙන්න පුලුවන්. නමුත් විවෘත මනසකින් යුතුව යමක් ගැන සිතන්නතත්, නොදන්නා දේවල් ගැන දැනගන්නටත් ඒ ලිපි පෙල ගොඩක් උදව් වෙනවා.
ඇත්තම කියන්න මේ ලිපි පෙල පුරුද්දක් විදියට කියවන්න මට දිගටම අවස්ථාව ලැබෙන්නේ නෑ. ඒ නිසා ඒවා අඩංගු පොතක් ගත්තම එයින් වැඩි හරියක් මට අලුත්. මේ සැරේ නිකුත් වුන "කාල බෝම්බ ඕනෑ කර තිබේ" පොතත් එහෙමයි.
2013 සැප්තැම්බර් මාසයේ ඔහු ලියූ ලිපියක් මගේ නෙත ගැටුනේ මේ පොත කියවද්දි. එහි මෙන්න මෙහෙම කියනවා:
"කොළඹ පොත් ප්‍රදර්ශනයේදී බහුලව පෙණුනු දෙයක් නම් විදේශීය සාහිත්‍ය කෘතීන් (විශේෂයෙන්ම නවකතා සහ චාරිකා සටහන්) සිංහලට පරිවර්තනය වීම දැන් මහා පරිමාණයෙන් සිදුවන සැටියි." [නාලක මේ කියන්නේ 2013 ගැන]
තව දුරටත් අදහස් දක්වමින් නාලක කියන්නේ මෙයින් පෙනෙන්නේ පාඨකයන් බාහිර ලෝකය ගැන දැනගැනීමට ආසා නිසා මේ ඉල්ලුම ඇතිවී තියෙන බව. නමුත් පරිවර්තනයනට වඩා ඔබ්බෙන් යන සංසන්දනාත්මක විග්‍රහයන් දුර්ලභ බව ඔහු කියනවා. සිංහල පුවත්පත්වල විදේශ විචාර ලෙස වැඩිපුර දකින්න ලැබෙන්නේ වම-දකුණ ලෙස බෙදුණ සීතල යුද්ධ සමයේ මල බැඳුණ තර්ක බවයි. සීතල යුද්ධය අවසන්ව වසර 23 ක් (2013 දී) ගතවෙලත් අපේ "විදේස විත්ති විචාරකයන්" ඉන්නේ ඒ කාලයේ බව නාලක කියනවා.
නාලක ඉදිරිපත් කරන මේ අදහසේ ලොකු ඇත්තක් තියෙන බව කණගාටුවෙන් වුනත් කියන්න ඕන. මේකට හේතු නැතුව නෙවෙයි. අද ප්‍රධාන මාධ්‍ය බොහොමයක අධිපතිවාදයක් තියෙන බව නාලකම කීප තැනකම කියලා තිබුණා මට මතකයි. මේක එක හේතුවක් වෙන්න පුලුවන්. අනෙක ප්‍රධාන මාධ්‍යවලට විකල්ප විදියට එන මාධ්‍යත් ගොඩක් වෙලාවට දේශපාලනයෙ වමට බර එව්වා. වාමාංශිකයන් ලෝකය දකින්නේ ඇති-නැති පරතරය අතර සටනක්, එහෙමත් නැත්නම් පන්ති සටනක් විදියටනේ. එයාලට ඊට වඩා දෙයක් නොපෙණෙන එක සාධාරණයි.
මට එක් උදාහරණයක් මතක් වෙනවා. යම් ටීවී චැනලයක (ජාතික රූපවාහිනියද මන්දා) ළමයෙක් ලෝක ගෝලයක් දිහා බලන් ඉන්නවා පෙන්නනවා. ඒකෙ වරදක් නෑ. අවුල තියෙන්නෙ, ඒ ලෝක ගෝලය හරිම පරණ එකක්. මම මේක දැක්කෙ අවුදුරු දෙක තුනකට කලින් වෙන්න ඇති. නමුත් ඒ ලෝක ගෝලයේ තවම සෝවියට් දේශය තියෙනවා. ඕකට අලුත් ලෝක ගෝලයක් ගන්න බැරි කමක් තිබුණාද කියලා මට හිතුණා.
ඒවගේම මට තවත් කතාවක් මතක් වුනා. 2013 චෝගම් එකට සමගාමීව පොදු රාජ්‍ය මණ්ඩල සිම්ෆනි ඔකෙස්ට්‍රා ප්‍රසංගයක් තිබුණා නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ. මේක මෙහෙයෙව්වෙ බ්‍රිතාන්‍ය ජාතික ආචාර්ය ජේම්ස් රොස්. ඔහු එක්ක මම සාකච්ඡා කරද්දි යටත්විජිතවාදය ගැන කතාවකට ආවා. පොදු රාජ්‍ය මණ්ඩලය යටත් විජිතවාදයෙන් ඉතුරු වූ දෙයක් නේද යයි මා අහුවාම ඔහු කිව්වේ යටත් විජිතවාදය අදට අදාල නොවන දෙයක් බව. ඒ දේවල් නොවුනා නොවේ. නමුත් ඒවා මත්තෙම නැහෙන එක නුසුදුසු බවයි ඔහු කිව්වේ. ඔහු සමඟ වැඩ කරන බොහෝ තරුණ සංගීතඥයන් ඉපදුනේ කොමියුනිස්ට්වාදය බිඳ වැටුනාටත් පසුව බවත්, ඔවුන් යටත් විජිතවාදය තබා කොමියුනිස්ට්වාදයවත් හරියට දැක නැති බවත් ආචාර්ය රොස් මා සමඟ පැවසුවා.
රටවල් නව බල තුලනය තුල කඳවුරක් ලෙස එක් වීමක් පෙන්නුම් කලත් එය ඍජුවම වෙනම බල කඳවුරක් ලෙස මතු වෙන්නේ නෑ. එවන් සංවිධාන ගණනාවක් බිහිවෙමින් තියෙනවා. |
නමුත් ජනතාවගේ දැන ගැනීමේ ආශාව, නැත්නම් දැනුම පිපාසය, පිළිබඳ නාලක කියන කාරණය ඇත්ත. මේක මට මෑතකදි අත් දැකීමෙන්ම දකින්න ලැබුණා. මම පළමු ලෝක යුද්ධයට බලපෑ දීර්ඝ කාලීන හේතු ගැන බ්ලොග් පෝස්ට් එකක් ලියාපු දවසේ මගේ බ්ලොග් එකට කවදාවත් නැති තරම් පිරිසක් ආවා. මටත් හරිම පුදුම හිතුනා.
ඒ නිසා මට හිතුනා, ඉතාම කෙටියෙන්, සීතල යුද්ධය නිමා වූ පසු ලෝකයේ බල තුලනය වෙච්ච හැටි ගැන අදහසක් ඉදිරිපත් කරන්න.
සෝවියට් දේශය බිඳ වැටුනත් එක්ක, 1991 දී සීතල යුද්ධය නිමා වුනා කියලා පොදුවේ පිළිගන්නවා (වෙනස් අදහස් නැතුව නෙවෙයි). ඊට පස්සේ විශ්ලේෂකයන් කිව්වේ ඉස්සර තිබුණ ද්වී-ධ්‍රැව ලෝකය (වොෂින්ටන් සහ මොස්කව් කේන්ද්‍ර කරගත්) වෙනුවට ඒක-ධ්‍රැව (වොෂින්ටන් කේන්ද්‍ර කරගත්) ලෝකයක් බිහිවෙයි කියලයි. 1990 දශකයේ නම් බොහෝකොටම දකින්න ලැබුණේ ඒ වගේ තත්ත්වයක්.
මේ අතරෙ මෙහෙම දෙයක් සිද්ධ වෙන්න පටන් ගත්තා. සීතල යුද්ධය තියෙන කාලෙ, විශේෂයෙන්ම බටහිර කඳවුර, ලෝකය දැක්කේ බොහොම සරල විදියට. "එක්කෝ ඔබ අපි එක්ක, නැත්නම් අපට විරුද්ධව" කියන අදහසින්. මැද මාවතක් කියලා එකක් ගැන ඔවුන් බැලුවේ වපර අහැකින්. මේ නිසා නොබැඳි ජාතීන් ගේ ව්‍යාපාරය වගේ දේවල් ඔවුන් දැක්කේ සෝවියට් අතකොලු විදියට. ඒ නිසා අන්තිමට වුනේ ඒ වගේ සංවිධාන සෝවියට් කඳවුර පැත්තට වැඩිපුර නැඹුරු වීමයි.
කඳවුරු දෙකම එක්ක හොඳින් ඉඳපු රටවල් අතලොස්සක් තිබුණා. නමුත් සාමාන්‍යයෙන් වුනේ දෙපැත්තකට වීම තමයි.
නමුත් සීතල යුද්ධය ඉවර වුනාට පස්සේ ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවලට තව දුරටත් සෝවියට් තර්ජනයක් ගැන බයක් තිබුනේ නැහැ. එතෙක් කල් ඔවුන් "සෝවියට් තර්ජනයට" මුවා වෙලා ඒකාධිපති පාලකයන් එහෙම නඩත්තු කලා වගේම තුන්වැනි බලවේගයකට නැගිටින්න දුන්නේ නෑ. (අනිත් පාර්ශවයත් කටයුතු කළේ එහෙම තමයි). නමුත් සීතල යුද්ධන නිමා වුනාට පස්සේ බල කඳවුරු දිය වෙලා ඔක්කොම එක ආර්ථික රාමුවකට ගේන්න බටහිර රටවල් පෙරුම් පිරුවා.
මේ අතරෙ ඉන්දියාව, චීනය එහෙම විවෘත ආර්ථිකයේ ප්‍රතිපල නෙලා ගනිමින් වේගයෙන් සංවර්ධනය වුණා. වෙනත් රටවලුත් වේගයෙන් සංවර්ධනය වුනා. මේවා එකක්වත් එක බල කඳවුරකට අයත් වුනේ නෑ. ඒ වගේම මේ එක රටක්වත් තමුන්ව බටහිර රටවල් විසින් අනවශ්‍ය විදියට පාලනය කරනවාට කැමැත්තක් දැක්වූවෙත් නෑ. මේ ආකාරයෙන්, ටික කලක් යද්දි ලෝකයේ රටවල් කිහිපයක්ම ආර්ථික මෙන්ම යුධමය වශයෙනුත් ඉදිරියට ආවා.
මේ තත්ත්වය තවත් වේගවත් වුනේ 2000 පමණ සිට ව්ලැඩිමීර් පුටින් යටතේ රුසියාවත් ආපහු නැගිටින්න පටන් ගැනීමත් එක්කයි.
මේ අතරේ පරණ සංසිද්ධීන්, අලුත් මුහුණුවරකින් කරලියට එන්න පටන් ගත්තා. ඉස්සර ත්‍රස්තවාදී කණ්ඩායම් පවා බොහෝවිට ඇති වුනේ සහ ක්‍රියාත්මක වුනේ සීතල යුද්ධ පසුබිමේ. ඉස්ලාමීය සටන්කාමීන් පවා ඇෆ්ඝනිස්ථානයේ ඒ කාලෙ සටන් කලේ සෝවියට් දේශයට විරුද්ධව, ඇමරිකාවේ ආධාර ඇතුව. නමුත් දැන් ඔවුන් වෙනමම බලයක් බවට පත් වෙන්න පටන් ගත්තා. අද වෙනකොට, විශේෂයෙන්ම ඉස්ලාමීය සටන්කාමීන් ලෝක බලතුලනයේ තවත් පැත්තක් බවට පත් වෙලා. නමුත් මේක වුනේ සීතල යුද්ධ පසුබිමේම නෙවෙයි. මූල බීජය එතනදි වුනාට, පහුගිය අවුරුදුවල සිද්ධ වුනේ වෙනමම ක්‍රියාවලියක්.
අදටත් තනි රටක් විදියට ගත්තොත් ඇමරිකා එක්සත් ජනපදය තමයි ලෝකයේ ප්‍රබලම රාජ්‍යය. ලෝකයේ බොහෝ සමාගම්වල මූලස්ථානය තියෙන්නේ එහෙ. මම දැන් වැඩ කරන පරිඝනකයේ තියෙන ඔපරේටින් සිස්ටම් එක වින්ඩෝස්. ඒ මයික්‍රසොෆ්ට් සමාගමේ. තියෙන්නෙ ඇමරිකාවෙ. මම බ්ලොග් ලියන වෙබ් අඩවිය බ්ලොග්ස්පොට්. අයිති ගූගල් සමාගමට. තියෙන්නෙ ඇමරිකාවෙ. මම මේ බ්ලොග් පෝස්ට් එක සමාජගත කරන ෆේස්බුක් සහ ට්විටර් සමාජජාල සමාගම් තියෙන්නෙ ඇමරිකාවෙ. ලෝකයේ ලොකුම ආර්ථිකය තියෙන්නෙ ඒ රටට. ඒ වගේම ඕනෑම අවස්ථාවක ඕනෑම තැනකට හමුදා යවන්න පුලුවන් හැකියාවක් තියෙනවා නම් තියෙන්නේ ඇමරිකාවට.
නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නෑ ඇමරිකාවට ඔලුව නමලා හැමෝම ඉන්නවා කියලාවත්, ඒ ඔලුව නොනමන හැමෝම එක කඳවුරක ඉන්නවා කියලාවත්. ඒකයි අද තියෙන බහු-ධ්‍රැව භූ දේශපාලනික තත්ත්වය.
මේ පොත් ප්‍රකාශක කවුද කියල කියන්න පුළුවන්ද? ගන්න උවමනාව තිබුණා නමුත් මට හමුවුනේ නැහැ.
ReplyDeleteරාවය ප්‍රකාශකයෝ
Deleteඔය දේශපාලනික තත්ත්වයන් මේ කොදෙව්වේ ඉන්න අපිට වුනත් මග ඇරලා යන්න බැහැ.ඒ වගේම දැන් අපි ගත්තොත් ගොඩක් වෙලාවට අපි පෙන්වන්නේ ඇමරිකන්,යුරෝපා විරෝධී චීන,රුසියා පක්ෂ බවක්නේ.නමුත් මම හිතන්නේ අපි වරදා ගෙන තියෙන තැනක් තමයි එක.මොකද අපිට චිනේට වඩා අවංක සහයෝගයක් එක්සත් ජනපදයෙන් ගන්න පුළුවන් කමක් තියෙනවා නේද ?
ReplyDeleteඔය කියන අවංක සහයෝගය අපි අවුරුදු ගාණක් තිස්සේ ලෝකය පුරාවට දකිනවා. දැනුත් ඇෆ්ඝනිස්ථානය, ඉරාකය වගේම ලිබියාවත් ඒ අවංක සහයෝගයේ පල නෙලාගනිමින් ඉන්නවා...
Deleteකිසිම ලෝක බලවතෙක් අපට ආදරේට උදව් කරන්නේ නෑ කියන එක මතක තියාගෙන නමුත් හැමෝම එක්ක හොඳින් ඉන්න එක අපේ වගකීම. ගන්න පුලුවන් දෙයක් තියෙනවා නම් ගන්න පුලුවන් එකෙකුගෙන් ගත්තට කමක් නෑ. නමුත් ඕනවට වඩා ඔලුව නමන්නෙ නැතිව.
අනේ මන්දා!
ReplyDeleteඅනේ ඇත්තට?
Delete