Monday, February 10, 2014

දැනුම මිනුම 03: පළමු ලෝක යුද්ධය​

2013 නොවැම්බර් 11 වනදාට පළමු ලෝක යුද්ධය අවසාන වී වසර 95ක් සම්පූර්ණ විය​. මෙම වසරේ ජූලි මාසයේ 28 වනදා එම යුද්ධය ආරම්භ වී වසර සියයක් සම්පූර්ණ වනු ඇත​. මේ යුද්ධය එතෙක් මිනිසා දැක තිබූ සියලුම ජීවිත විනාශයනට වඩා විශාල ජීවිත ප්‍රමාණයක් බිලිගත් යුද්ධයක් විය​. මෙය අවසන් වූයේ 1918 නොවැම් බර් 11 වනදා උදෑසන 11ට ය​. මෙය "සියලු යුද්ධ අවන් කිරීම සඳහා" කලා වූ යුද්ධයක් වූ නමුත්, එයින් ඇතිවූ භූ දේශපාලනික ක්‍රියාවලිය වඩා ව්‍යසනකාරී යුද්ධයකට මඟ පෑදීය​.

01. 1918 ජූනි 28 වනදා එවකට ඔස්ට්‍රා-හංගේරියාවේ ඔටුන්න හිමි කුමාරයා වූ ආච්ඩියුක් (මහාදිපාද​) ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ්, බොස්නියාවේ සරයේවෝ නගරයේදී වෙඩි තබා ඝාතනය කෙරිණ​. මෙම අපරාධය සිදුකළ බවට චෝදනා එල්ල වූයේ "සර්බ් කලු හස්තය​" නම් රහස් සංවිධානය වෙතයි. එමෙන්ම සර්බියාව මෙම සංවිධානයට උපකාර කළ බව ඔස්ට්‍රා-හංගේරියාව චෝදනා කළේය. මෙයින් ඇරඹි ආරවුල කෙළවර වූයේ 1918 ජූලි 28 වනදා ඔස්ට්‍රා-හංගේරියාව විසින් සර්බියාවට එරෙහිව යුධ ප්‍රකාශ කිරීමෙනි.

ආච්ඩියුක් ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් ඝාතනය කල 19 හැවිරිදි තරුණයාගේ නම කුමක්ද​?

02. පළමු ලෝක යුද්ධයේදී මීට පෙර භාවිතා නොවූ ඇතැම් දේ යුධ පිටියට හඳුන්වා දෙන ලදී. එයින් එකක් වූයේ විෂ වායු ප්‍රහාරය​. මුලින්ම මේ සඳහා භාවිතා කලේ ක්ලෝරීන් ය​. මෙම වායුව ශ්වසන පද්ධතියේ රෝගවලට හේතු විය​. පළමුවරට මහා පරිමාණ විෂ වායු ප්‍රහාරයක් එල්ල කෙරුණේ 1915 අප්‍රේල් මාසයේ ජර්මානුන් විසිනි. ඒ බෙල්ජියමේ සිදුවූ එක්තරා සටනකදීය​. එම සටන කුමක්ද​?

03. 1916 ජූලි 1 වනදා බ්‍රිතාන්‍ය යුධ ඉතිහාසයේ අඳුරු යුගයක් විය​. එදින එක්තරා ප්‍රසිද්ධ සටනක් ආරම් භ වූ අතර එහි පළමු වෙඩිමුරය බ්‍රිතාන්‍යයන් වෙතින් එල්ල විය​. ඔවුන් ජර්මානු පෙරමුණ වෙත දරුණු කාලතුවක්කු ප්‍රහාරයක් එල්ල කළහ​. මෙයින් ඔවුන් බලාපොරොත්තු වූයේ ජර්මන් හමුදාවලට බරපතල හානි සිදු කර ඔවුන් අල්ලාගෙන සිති ප්‍රදේශ අල්ලා ගැනීමය​. නමුත් ජර්මන් සෙබලුන් ආරක්‍ ෂිත ස්ථාන පිළියෙල කරගෙන තිබූ හෙයින් සිදුවූ හානිය සිතූ තරම් බරපතල නොවීය​. මේ බව නොදත් බ්‍රිතාන්‍ය හමුදා කාලතුවක්කු ප්‍රහාරය අවසන් වූ පසු ජර්මන් පෙරමුණ දෙස දිව ආහ​. ජර්මන් සෙබලුන් ඔවුනට දරුණු ප්‍රහාරයක් එල්ල කළහ​. එදින තුල මියගිය සහ තුවාල ලැබූ බ්‍රිතාන්‍ය සෙබලුන් සංඛ්‍යාව 55,000 ක් පමණ විය​. මෙය බ්‍රිතාන්‍ය හමුදා ඉතිහාසයේ වැඩිම ජීවිත හානියක් වූ දිනය විය​.

මෙම සටන කුමක්ද​?

04. 1914 පළමු ලෝක යුද්ධය ආරම් භ වනවිට ජර්මනියට අප්‍රිකාවේ යටත් ප්‍රදේශ හතරක් විය​. එයින් කැමරූන්, ටෝගෝලන්තය සහ ජර්මන් නිරිතදිග අප්‍රිකාව මිත්‍ර රටවල් විසින් වැඩි කරදරයකින් තොරව අල්ලා ගන්නා ලදී. නමුත්, එක්තරා ජර්මන් ජෙනරාල්වරයකු අනෙත් යටත් විජිතය වූ ටැංගනීකාවේ සිට මිත්‍ර හමුදා සමඟ සටන් වැදුනේය​. යුරෝපයේ යුද්ධය නිමා වනවිටත් ඔහු පරාජය කිරීමට මිත්‍ර හමුදාවලට හැකිව තිබුණේ නැත​. යුද්ධය අවසන් වූ පසු ඔහු යටත් වූයේය​. මේ ජෙනරාල්වරයා කවුද​?
සටන් විරාමය අත්සන් තැබීම​. 1918 නොවැ. 11

05. 1918 යුද්ධය අවසන් කළ සටන් විරාම ගිවිසුම අත්සන් කලේ ප්‍රංශයේ එක්තරා වනගත පෙදෙසක දුම්රිය මැදිරියක් තුළය​. මෙම යටත් වීම ජර්මන් ජාතිකවාදීන් දුටුවේ විශාල ලජ්ජාවක් සහ මහා පාවාදීමක් ලෙසය​. දෙවන ලෝක යුද්ධය අතරතුර 1940 දී ප්‍රංශය ජර්මනියට යටත් වූ පසු ජර්මන් ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර්ට ප්‍රංශය යටත් වීමේ ලියවිල්ලට එම ස්ථානයේම අත්සන් කිරීමට අවශ්‍ය විය​. පරණ දුම්රිය මැදිරිය එතැනට ගෙන්වාගත් ඔහු එහිම යටත්වීමේ ලේඛනය අත්සන් කරවීමට ක්‍රියාකළේය​. මෙම සිද්ධිය සිදු වූ වනගත පෙදෙස කුමක්ද​?


පිළිතුරු දැනුම මිනුම 04 සමඟ බලාපොරොත්තු වන්න​.

දැනුම මිනුම 02 සඳහා පිළිතුරු

1. කේරළය​

2. පළමුවන මැනුවෙල්

3. අෆොන්සෝ ඩි අල්බුකර්ක්

4. 1961

5. මකාවු

5 comments:

  1. පළමු ලෝක යුද්ධය මම කියවන්න කැමති මෘතුකාවක්.උත්තර ගැන නම් හිතා ගන්න අපහසුය..:(

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් චුට්ටක් ඉවසලා බලමු. :)

      Delete
  2. ඔබද ලක්ෂපති, මමද ලක්ෂපති.
    හයවන ප්‍රශ්නය මෙන්න,
    චාමරගේ මීලඟ ලිපිය පල වෙන්නේ කවදාද?

    පොඩි පහේ විහිළුවක්. කළේ.
    එකවර ගැටලුව සහ පිළිතුර ඉදිරිපත් නොකර, තෝරා ගැනීම සඳහා ප්‍රශ්ණයකට පිළිතුරු කීපයක් දී, දිනකට පසුව නිවැරැදි පිළිතුර දුන්නෝත් !

    ReplyDelete
    Replies
    1. ප්‍රමාදය පිළිබඳ සමාවෙන්න​.
      වෙලාව නැති එකයි අවුල​.
      කොහොමත් මේකෙ තියෙන්නෙ කලින් ප්‍රශ්න සෙට් එකට උත්තර​. එහෙමයි වැඩේ යන්නෙ.

      MCQ නම් දෙන්න අමාරුයි. ඒක හිතන තරම් ලේසි වැඩක් නොවේ. අපේ මූලික අරමුණ යමක් ඉගෙන ගැනීම​. ඒකයි මෙච්චර විස්තරයකුත් එක්ක ප්‍රශ්න දාන්නෙ.

      Delete
  3. I would like to learn revolution ...

    ReplyDelete