Sunday, October 28, 2012

චේ දින සැමරුම


චේ ගුවේරා මියගොස් වසර 45 කි. ඔහු සමරනු පිණිස මෑතදී ජනතා විමුක්ති පෙරමුණ විසින් චේ දිනයක් සංවිධානය කර තිබුණි. ඒ පිළිබඳව මා හට ඇති වූ ගැටලුවක් පිලිබඳ පැවසීමට සිත් වූ නමුත් ඒ සඳහා ඉඩ හසර ලැබුනේ අදය.

චේ ගුවේරා ලෝකයේ සිටි ප්‍රකටම විප්ලවවාදියෙකි. තරුණයන් අතරේ ඉමහත් ජනප්‍රියත්වයක් ඉසිලූවෙකි. කෙසේ වුවද චේ බොලීවියාවේදී අල්ලා ගනුලබ ඝාතනයට පත් වූයේය. බොලීවියානු විප්ලවය පරාජය වීමට කරුණු ගණනක් බලපෑ අතර ඒ අතර චේ ගුවෙරාට සිදුවූ වැරදීම්ද හේතු වූ බව මගේ අදහසයි. ඒ පිලිබඳ මම මීට කලින් ලිපියක ලිවීමි. චේ තුල වූ මානුෂීය සහ විප්ලවීය ගුණාංග අගයන ගමන්ම අප ඒ කරුණද සිතෙහි තබාගත යුතු බව මාගේ අදහසයි.

නමුත් මා අද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ චේ දින සමරුමෙහි මා දුටු එක් ලක්ෂණයක් පිලිබඳවය. ඒ සඳහා පහත ඡායාරූපය කෙරෙහි ඔබේ අවධානය යොමු කරනු කැමැත්තෙමි.

චේ දින සැමරුම 2012 ඔක්තෝම්බර්. විහාරමහාදේවී එළිමහන් රංග පීඨය (ඡායාරූපය මා විසින් ගන්නා ලදී).

මේ ආකාරයෙන් රතු ධජ සහ චේගේ රුව සහිත ධජ මාරුවෙන් මාරුවට සවිකර තිබුණු අතර, චේගේ රුව සහිත ධජයන්හි රතු, කහ සහ කොළ වර්ණයන්ගෙන් යුත් ධජයක් ඇඳ තිබිණ. මා දුටු ආකාරය නිවැරදි නම් රංග පීඨය ඇතුළතද රතු, කහ සහ කොළ වර්ණයෙන් යුතු සැරසිලිවලින් යුතු විය. මෙය මාගේ මවිතයට හේතු වූයේය. බොබ් මාර්ලේගේ සංගීතය ප්‍රිය කරන හෙයින් රස්තෆාරියානුවන් පිලිබඳ යමක් දන්නා හෙයින්ද, ඉතියෝපියාව පිලිබඳ තරමක් කියවා ඇති හෙයින්ද, මා හට නිතැතින්ම මතකයට ආවේ පහත ධජයයි.

Flag of Ethiopia (1897-1936; 1941-1974), Oren Neu Dag, Wikimedia Commons

මෙය 1897-1936 සහ 1941-1974 සමයේ ඉතියෝපියාවේ ධජය වූවා පමණක් නොව රස්තෆාරියානු ව්‍යාපාරයේ ධජයද වෙයි. වෙනත් අප්‍රිකානු ජාතික ධජ කිහිපයකටම මෙය ආභාෂයක් වූ අතර "එක්සත් අප්‍රිකානුවාදී" ව්‍යාපාරයේ සංකේත වර්ණ තුන වූයේද මෙහි වන රතු, කහ සහ කොළ වර්ණය.

යටත්විජිතවාදයට එරෙහි වීම සහ සමානාත්මතාව ඇගයීම හැරුණු කොට රස්තෆාරියානුවන් සහ චේ අතර සමානකම් තිබුණි යයි මම නොසිතමි. තවද, චේ අප්‍රිකාවේ කොන්ගෝ යුද්ධයට කල මැදිහත්වීම මත ඔහු අප්‍රිකාවේ පමණක් වීරයෙකු ලෙස නම් කල නොහැක. ඔහු ලෝකයේ බොහෝ රටවල විශේෂයෙන් තරුණයින් අතර වීරයෙකි. එසේ නම් මෙම වර්ණයන් සහ ඉතියෝපියානු ධජයට සමාන ධජයක් චේ සැමරුමට යොදා ගත්තේ කුමන හේතුවක් මතද යන්න මා හට ගැටලුවකි.

15 comments:

  1. මේක නම් ගැටළුවක් ම තමයි.දැන් ජාතික කොඩියත් සැරසිල්ලක් වෙලානේ. ඕකත් ලස්සනයි කියල හිතල කවුරු හරි දාමු කියන්න ඇති. වැඩේට ගැලපෙනවද කියල බලන්නේ නෑ නේ :):)

    ReplyDelete
    Replies
    1. හී හී! :-D එහෙම වෙන්නත් පුළුවන් තමයි. :-D

      Delete
  2. ඉතියෝපියාව ගැන මමත් ටිකක් කියවූවා . ඔය කියන කොඩියත් දැක්කා අඩිස් අබාබා කටුගෙදරදී . [ ඔබ ලියන බොහෝ දේවල් මා දැක ඇතැයි කීම හරිදැයි මන්දා . ඒවුනත් මා මේ බ්ලොගයට කැමති මා අසු දුටු දේ ගැන ලියවෙන නිසා වෙන්න ඇති ]

    ඔය කොඩියයි අපේ සිංහ කොඩියයි ටිකක් සමානයි කියලා මට සිතුනා . අනේ මන්දා . චේ සැමරුම හොඳයි . කොඩි හුටපටය නම් අනේ මන්දා . චේ කිව්වම අපට නම් ලතින් ඇමරිකාව තමයි සිහි වෙන්නේ . ඉතියෝපියන් සම්බන්ධය කගේ හරි නිර්මාණාත්මක අදහසක් විය හැකියි.

    ReplyDelete
    Replies
    1. සිංහ කොඩියේ පාට සහ ඉතියෝපියානු කොඩියේ පාට තරමක් සමානයි තමයි. ඒක මට කල්පනා වුනේ දැන්. නමුත් ඒ වර්ණවල තේරුම් නම් හාත්පසින්ම වෙනස්.

      කව්රු හරි මම ලියන දේවල් ඇස් දෙකෙන් දැකලා තියෙනවා නම් ඒ ගැන විස්තර කියාපුවාම මටත් අලුත් දෙයක් ඉගෙන ගන්න පුළුවන් නේ. ඒක කොච්චර හොඳද? මම ලියන එව්වාට කැමති නම් මම ඒ ගැන සතුටුයි..

      මේ කට්ටිය චේ සමරන්න මේ පාටවල් යොදා ගැනීම මටත් ගැටලුවක්.. ඒකයි මම මේක ලිව්වේ.

      Delete
    2. පාට නෙමේ සිංහයා . සිංහයාගේ වලිගය කඩුවක් වෙනුවට කුරුසයක් . කුරුසය නම් ඉතින් ඒගොල්ල තමයි ලෝකේ දෙවෙනියට ක්‍රිස්තියානි වෙච්ච රට

      Delete
    3. සුමනෙ, උඹට නිකමට වත් බොලිවියාවෙ කොඩිය මොන වගේ ද කියල ගූගල් කරල බලන්න හිතුනෙ නැද්ද? උඹ ඉස්කෝලෙ යන කාලෙ නම් බලුකිසතානෙ කොඩිය මොකද්ද කියල ඇහුවොත් කියයි, මෙන්න මේ පාට, මෙන්න මේ රූප තියෙන්නෙ කියලා. (උඹ ඒ තරමට ඒ දවස වල වලට දක්ෂයි) :-P

      Delete
    4. සිරාවට.. මට අමතක වුනා නේ බොලිවියාවේ කොඩිය බලන්න. :-( ඉතියෝපියාවේ කොඩිය මතක් වුනේ මම බොබ් මාලිගේ සින්දු අහන නිසා. නමුත් එහෙම නොවුනා නම් එත් මට බොලීවියාවක් මතක් වෙන්නේ නෑ. ඒක ෂුවර්.

      සංකේත පාවිච්චි කරද්දී අපි හරියට පරිස්සම් වෙන්න ඕන. බලන්න කෙනෙක් ඒක බොලිවියානු කොඩිය විදියට ගනිද්දී, තව කෙනෙක්ට මතක් වෙන්නේ ඉතියෝපියානු කොඩිය. අනික මේ කොඩිය පැත්ත හරවලා තියෙන නිසා තවත් අවුල් යනවා. කොහොම වුනත් චේ කියන්නේ බොලීවියාවට විතරක් වීරයෙක් නෙවෙයි. අප්‍රිකාවට විතරක් වීරයෙක් නෙවෙයි. චේ කියන්නේ ජාත්‍යන්තරවාදියෙක්. ජාතිකවාදියෙක් නෙවෙයි. මීට වැඩිය හොඳ සංකේතයක් යොදා ගත්තා නම් හොඳයි මට හිතෙන්නේ..

      කොහොම වුනත් මම හිතන්නේ ගැටලුව නම් විසඳුනා. බොහොම ස්තූතියි. ඇත්තටම බලුකිස්තානේ කොඩිය කොයි වගේද? :-) :-)

      ඉතියෝපියානු කොඩිය සොලමනික් රාජ වංශයේ කොඩිය නේ. දැන් තියෙන කොඩිය මීට වෙනස්. මම හිතන්නේ මගේ මතකය හරි නම් 1974-91 කාලේ කොඩිය තවත් එකක්..

      Delete
  3. වටිනා ලිපියක් නොවැ

    ReplyDelete
  4. හ්ම්.. හැබෑමයි.ඒත් අනේ මන්දා.

    මේ දවස් වල මට බ්ලොග් ලියන එකයි,කියවන එකයි.හැමදෙයක්ම එපා වෙලා ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. මෙන්න එක්කෙනෙක් ආපහු වතාවක් සැන්ටිමැන්ටල් වෙලා..

      Delete
  5. ඕකේ මූලාරම්භකයෝ ත්‍රීවීල්වල ස්ටිකර් අලවන උන්දැලා වෙන්න ඕනේ. මොකද ත්‍රීවීල්වල බොබ් මාලේ වගේම චේ ගුවේරාගේත් ස්ටිකර් අලවනවනේ. ඒ වෙලාවක තමා ඔය හුටපටේ වෙන්න ඇත්තේ

    ReplyDelete
    Replies
    1. එතකොට ඔයා කියන්නේ අදාළ දේශපාලන පක්ෂය ත්‍රී වීල් පක්ෂයක් වෙලා කියන එකද??? :-)

      Delete
    2. හ්ම්ම්ම් එහෙමම නෙමෙයි. අදාළ පක්ෂය වෙනුවෙන් මේවා නිර්මාණය කරපු මනුස්සයා ත්‍රීවීල් සංකල්පය ඔළුවට අරගෙන වගේ

      Delete