නොරොදොම් සිහනුක් රජුගේ රූපය සහිත පුවරුව, සියෙම් රීප්-අන්ග්කෝර් ජාත්‍යන්තර ගුවන්තොටුපල අසල. GryffindorWikimedia Commons.
නොරොදොම් සිහනුක් උපත ලබන විට කාම්බෝජය පැවතියේ ප්‍රංශ පාලනය යටතේය. 1941 දී ඔහුගේ සීයා වූ සිසොවත් මොනිවොන්ග් මියගිය පසු එවකට 18 හැවිරිදි තරුණයෙකු වූ නොරොදොම් සිහනුක් රාජ්‍යත්වයට පත් කරගන්නා ලදී. කෙසේ වුවද, එවකට ඔහුට කිසිදු බලයක් නොවීය. 1945 මාර්තුවේදී එවක තිබූ ප්‍රංශ පාලනය ඉවත් කල ජපන්නු එහි ඍජු සිය පාලනය ඇති කළහ. ඔවුනගේ බලපෑම මත නොරොදොම් සිහනුක් කාම්බෝජයේ ස්වාධීනත්වය ප්‍රකාශ කළේය. එහෙත් ජපනුන් සමඟ ඕනාවට වැඩි ඇයි හොඳයියක් ඇති නොකර ගැනීමට ඔහු ප්‍රවේශම් විය. 1945 සැප්තැම්බරය වනවිට ජපානය යටත් වූ අතර යලි ප්‍රංශ ජාතිකයෝ කාම්බෝජයේ පාලනය අතට ගත්හ. එහෙත් කාම්බෝජයේ අනවශ්‍ය ගැටළු ඇති කරගැනීමට අකමැති වූ ප්‍රංශ ජාතිකයෝ නොරොදොම් සිහනුක්ට රාජ්‍යත්වයෙහි රැඳී සිටීමට ඉඩ දුන්හ.
නොරොදොම් සිහනුක් සත්‍ය වශයෙන්ම කාම්බෝජයේ පාලකයා බවට පත් වූයේ 1953 නොවැම්බරයේදී එරට ප්‍රංශයෙන් නිදහස ලැබූ පසුය. 1955 මාර්තුවේදී සිය පියා වෙනුවෙන් සිහසුනෙන් ඉවත් වූ නොරොදොම් සිහනුක්, සංකම් නමින් හැඳින්වූ "පොදු ජනයා සඳහා වන සංවිධානය" පිහිටුවා ගත්තේය. මෙය බොහෝ විදේශිකයින් අතර ප්‍රචලිත වූයේ "ජනප්‍රිය සමාජවාදී පක්ෂය" ලෙසය. දේශපාලන පක්ෂයක් ලෙස තමන් හඳුන්වා නොගත් නමුත් 1955-70 සමයේ කාම්බෝජ දේශපාලනය තුල මූලික බලය බවට පත් වූයේ නොරොදොම් සිහනුක් සහ ඔහුගේ ජනප්‍රිය සමාජවාදී පක්ෂයයි. 1955 පැවති පළමු පාර්ලිමේන්තු මැතිවරණයේදී පාර්ලිමේන්තු ආසන 91ම මෙම පක්ෂය විසින් දිනා ගන්නා ලදී.
1960 වසරේ සිදුවූ සිය පියාගේ අභාවයෙන් පසු කාම්බෝජයේ රාජ්‍ය නායකයා ලෙස නොරොදොම් සිහනුක් යලි පත් වුවද ඔහු තමා හඳුන්වාගත්තේ කුමාරයා ලෙස මිස රජු ලෙස නොවේ. 1963 වසරේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මගින් හෙතෙම යාව ජීව රාජ්‍ය නායකයා බවට පත් විය.
1960 ගණන්වලදී කාම්බෝජය මුහුණ දුන් ප්‍රධානම කලාපීය ගැටලුව වූයේ යාබද වියට්නාමයේ පැවති යුද්ධයයි. මෙහිදී සිය රටේ ආරක්ෂාව සහ මධ්‍යස්ථභාවය ආරක්ෂා කිරීමට සිහනුක්ට පහසු වූයේ නැත. කෙසේ වුවද, ඔහු වැඩිපුර මහජන චීනය සහ උතුරු වියට්නාමය සමග සබඳතා වර්ධනය කරගනු දක්නට ලැබිණ. දකුණු වියට්නාමයේ ක්‍රියාත්මක වූ ජාතික විමුක්ති හමුදා (වියට්කොං නමින් ඇතැමුන් හැඳින්වූ) සෙබළුන්ට කාම්බෝජය හරහා සැපයුම් මාර්ග ඇති කරගැනීමට ඔහු ඉඩ දුන්නේය. කෙසේ වුවද, සියරට වූ විරුද්ධවාදීන් සිහනුක් විසින් දැඩි සේ මඩින ලදහ.
මෙවන් තත්ත්වයක් යටතේ 1970 මාර්තු 18 වනදා එවක අගමැතිවරයා වූ ජනරාල් ලොන් නොල් රටේ පාලනය අතට ගත්තේ නොරොදොම් සිහනුක් රටෙන් පිටව සිටියදීය. සිහනුක් මහජන චීනයට පැමිණ එහිදී පිටුවහල් ආණ්ඩුවක් පිහිටුවා ගත්තේය. කාම්බෝජයේ නව පාලනය බටහිර හිතවාදී ක්‍රියාකලාපයක් ගෙන ගියේය. මෙහි ප්‍රතිපලය වූයේ, සිහනුක් කාම්බෝජ කොමියුනිස්ට් පක්ෂය විසින් ගෙනගිය ආණ්ඩු විරෝධී සටනට දායක වීමයි. මෙකල සිහනුක් වැඩි වශයෙන් වාසය කලේ උතුරු කොරියාවේය. 1975 අප්‍රේල් 17 වනදා කොමියුනිස්ට් කෙමර් රූජ් භටයෝ නොම් පෙන් අගනුවර අල්ලා ගත්හ. මීළඟ සිව් වසර නොරොදොම් සිහනුක් වාසය කලේ කාම්බෝජයේ, කෙමර් රූජ් පාලනයේ ප්‍රාණ ඇපකරුවෙකු මෙනි. මුලින් ඔහු අලුත් ආණ්ඩුවේ රාජ්‍ය නායකයා ලෙස ද කටයුතු කළේය. එයින් කෙමර් රූජ් ආණ්ඩුව බලාපොරොත්තු වන්නට ඇත්තේ, ජාත්‍යන්තර වශයෙන් ඔවුනට පිළිගැනීමක් ලබා ගැනීමය. එහෙත් එය අසාර්ථක වූ තැන 1976 අප්‍රේල් 4 වනදා සිහනුක් එම තනතුරෙන් ඉවත් කරන ලදී.
1979 ජනවාරියේ වියට්නාම් හමුදා ප්‍රහාර හමුවේ කෙමර් රූජ් පාලනය බිඳ වැටින. ඉන් අනතුරුව යලි උතුරු කොරියාවට ගිය නොරොදොම් සිහනුක් කෙමර් රූජ් පාලනය බිඳ වැටීම පිලිබඳ සතුට පලකරන අතරම වියට්නාම් හමුදා විසින් පිහිටුවන ලද කැම්පූචියා මහජන සමූහාණ්ඩුවට එරෙහිව කටයුතු කරන්නට විය. 1981 වනවිට ඔහු රාජාන්ඩුවාදී පක්ෂයක් වූ Funcinpec පක්ෂය පිහිටුවාගත්තේය. එහි සන්නද්ධ අංශය ලෙස සිහනුක්වාදී ජාතික හමුදාව 1982 දී පිහිටුවන ලදී. මේ අතර කැම්පූචියා මහජන සමූහාණ්ඩුවට එරෙහි විපක්ෂ බලවේග එක්ව 1982 පිහිටුවාගත් ප්‍රජාතාන්ත්‍රික කැම්පූචියාවේ සන්ධාන ආණ්ඩුවේ 'ජනාධිපති' ලෙස ඔහු කටයුතු කළේය. රජයට එරෙහි සන්නද්ධ අරගලය දිගටම ක්‍රියාත්මක වූ අතර 1993 එක්සත් ජාතීන්ගේ මැදිහත් වීමෙන් සාමය ස්ථාපිත කරන ලදී. මේ අනුව නැවත නොරොදොම් සිහනුක් කාම්බෝජයේ රජ බවට පත් විය. නමුත් කෙමර් රූජ් සංවිධානය දිගටම සන්නද්ධ අරගලයේ නිරත විය. එය සම්පූර්ණයෙන් අවසන් වීමට තවත් වසර හයක් පමණ ගත විය.
කාම්බෝජ රජ මාලිගය ටොන්ලේ සැප් ගඟෙහි එහා ඉවුරට පෙනෙන අයුරු. Cambodia, Phnom Penh, Royal Palace as seen from acros Tonle Sap River (2004), Werner.pauwels, Wikimedia Commons.
2004 වසර මුලදී රට හැර ගිය නොරොදොම් සිහනුක් රජු, වැඩිපුර ගත කලේ බීජිං නුවරය. 2004 ඔක්තොම්බරයේදී ඔහු සිහසුනෙන් ඉවත් වූ අතර එයින් පුරප්පාඩු වූ රජකමට ඔහුගේ පුත්‍රයෙකු පත් කරගනු ලැබිණ. නොරොදොම් සිහනුක් එවක පටන් "කාම්බෝජයේ පීතෘ රාජයා" ලෙස හැඳින්වින. දිගු කලක් අසනීප වී සිටි නොරොදොම් සිහනුක් කුමරු 2012 ඔක්තෝම්බර් 15 වනදා බීජිං නුවරදී මියගිය අතර ඔහුගේ අවසන් කටයුතු කාම්බෝජයෙදී සිදු කෙරෙනු ඇත.
අම්මටසිරි,, පට්ට රැඩිකල් නායකයෙක්. නොදන්නා බොහෝදේ දැනගත්තා. ස්තුතියි.
ReplyDeleteඔව්.. අමුතු විදියේ නායකයෙක් තමයි... ස්තූතියි!
Deleteඅවුරුදු 90 කියන්නේ සෑහෙන වයසක් නේ.
ReplyDelete//පිටුවහල් ආණ්ඩු// ඒ කියන්නේ මොකක්ද ?
තැනක් යූ වේවා!!! :-) "පිටුවහල් ආණ්ඩු" කියන වචනේ මම හැදුවේ. Government in Exile කියන එක. මම දන්නේ නෑ මොකක්ද ඒකට පාවිච්චි කරන හරිම සිංහල වචනේ කියලා. තමන්ගේ රටෙන් පන්නපුවම සමහර නායකයෝ පිට රටක පිහිටුවා ගන්නවා නේ...
Deleteම්ම්.. හරි හරි..
Deleteඅපූරු විස්තරයක්! ස්තුතියි ඔබට!
ReplyDeleteස්තුතියි! :-)
Deleteසිහනුක් රජතුමා ගැන මම ටිකක් දැනගෙන හිටියා, මේ විස්තරේ ඒ දැනුම වැඩි කෙරුවා. ජයවෙවා. දිගටම ලියන්න.
ReplyDeleteඑල... තැනක් යූ වේවා!
Deleteවෙන රජ පවුල් වලට වඩා වෙනස් රජෙක් . සාමාන්‍යයෙන් වෙන්නේ අධිරාජ්යින්ගේ රුකඩ වෙන එකනේ . අනික කොමියුනිස්ට් පක්ෂවලට රජවරු සහය දුන්න අවස්ථාත් මන් අහල නැහැ . අමුතු චරිතයක්. පස්සේ කෙමරුජ්ලාගේ කොමියුනිස්ට් වාදයටත් එහා ගිය අමානුෂික තත්වයටත් විරුද්ධ වෙලා . මේක කියෙව්වම මතක් වුනේ ඇමරිකාව වියට්නාමේදී පරදින්න ලොකු හේතුවක් වුන කු චි උමන් වලට ආයුධ සපයල තියෙන්නේ කම්බෝජියාව පැත්තෙන් . මේ කියන විදිහට සිහනුක් රජු එහෙනම් වියට්කොන්ලට සහය දීල තියෙනව . පස්සේ අමනාප වෙන්න ඇති . දෙගොල්ල දැන් නම් හරිම යාලුයි.
ReplyDeleteසිහනුක් කුමාරයා ගැන ටිකක් කියවල තිබුනත් මේ විස්තරය බොහොම පැහැදිලියි. ස්තුතියි
නියම විස්තරයක්... බොහොම ස්තූතියි!
Deleteමට එක දෙයක් ලියන්න අමතක වෙලා. මට එක නෝට් වුනේ නෑ මෙච්චර වෙලා. 1982 පිහිටුවාපු සන්ධාන ආණ්ඩුවට කෙමර් රූජ් සංවිධානයත් ඇතුලත් වුනා. ඇත්තටම 1970-75 කාලේ සිහනුක් කුමාරයා ඔවුනට උදව් කරන්න ඇත්තේ "තමන්ගේ සතුරාගේ සතුරා තමන්ගේ මිතුරාය" යන සිද්ධාන්තය ඔස්සේ... දෙගොල්ලොම ලොන් නොල් එක්ක සටන් කළා නේ.
සිහනුක් දකුණු වියට්නාමයට උතුරු වියට්නාමයේ ඉඳලා සැපයුම් මාර්ග ඇති කරගන්න 'වියට්කොංවරුන්ට' අවස්ථාව දුන්නා. එයා එකෙන් බලාපොරොත්තු වුනේ තමන්ගේ රටට ඔවුන් තර්ජනයක් නොකරන බව. මොකද, කොමියුනිස්ට්වාදීන්ට කොහොමත් සැපයුම් මාර්ග අවශ්‍ය වෙලා තිබුනා. සිහනුක් ඉඩ නොදුන්නා නම් ඔවුන් බලෙන් ඒ දේ කරගන්නවා. එහෙම වුනා නම් කාම්බෝජයත් යුද්ධයට පැටලෙනවා.
ඇමරිකාවට ඕන වුනා කාම්බෝජයේ මේ සැපයුම් මාර්ග නවත්තන්න. 1970න් පස්සේ ඔවුන් ලොකු රහස්‍ය යුද්ධයක් ඒ රටේ ගෙනිච්චා. දහස් ගණන් බෝම්බ දැම්මා. එකෙන් වුනේ සාමාන්‍ය ජනතාව කෙමර් රූජ් සංවිධානය දෙසට ටික ටික නැඹුරු වීම. ඒ බෝම්බ දැමිල්ල නොවුනා නම් පොල් පොට් බලයට එන්නේ නෑ.
දැන් කාම්බෝජයයි වියට්නාමයයි යාලුවෝ වෙන එක පුදුමයකුත් නෙවෙයි. මොකද, දැන් කාම්බෝජයේ කොමියුනිස්ට් ප්‍රශ්නය අහවරයි. දැන් කාම්බෝජ අගමැති හුන් සෙන් කියන්නේ ඒ කාලේ වියට්නාමයේ ගජ යාලුවෙක්. 1979-89 කාලේ වියට්නාම් හමුදා උදව්වෙන් ඒ රටේ පිහිටවපු ආණ්ඩුවේත් අගමැති කෙනෙක් වුනා. 1989-93 කාලෙත් අගමැති වුනේ ඔහු.
සමාවෙන්න එන්න පරක්කු උනාට.
ReplyDeleteහ්ම්.. ඒකත් ඉවරයි.මං ලියන්න උන්නේ එයා ගැන.කමක් නෑ.ඊලගට ටෝරිජෝස් ගැනවත් ලියන්නම්.මරු ලිපිය !
මෙහෙම ගියොත් දෙන්නත් එක්ක ලෝකේ හිටපු හැම නායකයෙක්ම අහවර කරයිද දන්නේ නෑ. :-) හරි එහෙනම්.. ලියන්න ටොරියෝස් ගැන. මමත් බොහොම ටිකයි එයා ගැන දන්නේ..
Deleteකියන්න බැරි උනා.සිහනුක් රජතුමාගේ දේහය ආපහු කාම්භෝජයට ගෙනල්ලා.කෙමරුජ්ලගේ සිහනුක් ගේ පුතාගේ නම නරොදොම් සිහමුනි.තාමත් එයා රජකම් කරනවා නේ?
ReplyDeleteඅනිත් එක සිහනුක් ඒච්චර දක්ශ පාලකයෙක් නෙමෙයි නේද? පොල් පෙට්ගේ කෙම්රුජ් සංවිධානයට සටන්කාමීන් වැඩි වෙන්න හේතුවත් ඔහුගේ තිබ්බ පසුගාමි අදහස් නිසා.
ඔව්. මම මේක ලියනකොටත් ප්‍රවෘත්ති පල වෙලා තිබුනා කාම්බෝජ අගමැති දේහය භාර ගන්න චීනයට යන බවක්. සිහනුක් මුළුමනින් අදක්‍ෂයෙක් කියන්නත් බෑ. පුංචි රටක පාලකයෙක් විදියට ලෝක දේශපාලනයේ ලොකුම ගැටුමකට මුහුණ දෙන්න වෙච්ච එක තමයි එයාට වෙච්ච දරුණුම අබග්ගය. කෙමර් රූජ් එක නම් ප්‍රභලව නැගී ආවේ 1970න් පස්සේ. ඇමරිකානු බෝම්බ දැමීම එකට කෙලින්ම බල පෑවා. 1970 ට පෙර කෙමර් රූජ් සංවිධානය ප්‍රබල එකක් නෙවෙයි.
Deleteස්තූතියි විස්තර එකතු කලාට.
තවත් තාවක් මතක් උනා.ඔයා දන්නවද දන්නේ නෑ.ඒත් ඔන්න ඔහේ දාන්නම්.සිහනුක් රජු බලයෙන් පහ වෙන්නේ මොස්කව් වල සංචාරයක් කරන අතර තුර.ඣට පස්සේ එයා යනවනේ චීනයට.ගිහින් ඒ විදේශීය සහය ලබන කුමණ්ත්‍රණකරුවන්ගෙන් කැම්පුචියාව මුදව ගන්න සැලසුම් සකස් කරද්දි ඒකට උපරීම සහාය චීනය දැක්වූවා.ඊට පස්සේ ප්‍රංශයත් සිහනුක්ට ආරාධනා කරාලු ජීවිතයේ ඉදිරි කාලය සුවසේ විශ්‍රාම සුවයෙන් ඉන්න අපේ රටට එන්න කියලා.ඒත් ඒක ඔහු ප්‍රතික්ෂේප කරාලු.ඇයි දන්නවද?
ReplyDeleteදිනක් සිහනුක් ප්‍රංශයේ සංචාරයක් කරාලු.පාරේ ඇවිදගෙනලු ගියේ.එහෙම යද්දි ප්‍රංශ ජාතිකයන් දෙන්නෙක් මෙයාව දැකලා එකෙක් කිව්වලු අර යන්නේ බාඕ බායි.චීන ඌරා වගේ පිංබත් කකා මෙහෙටම වෙලා ඉන්නවා.ඒකට කන්න දෙන්න අපිටත් දුක් විදින්න වෙලා කියලා.මේක සිහනුක්ට ඇහිලා.ඒත් චීනයට ගියාම උනේ ඒකේ අනිත් පැත්ත.චීන ජාතිකයන් කිව්වේ ඔබ ශේෂ්ට නායකයෙක්.වියට්නාමයට දැක්වූ සහයෝගය ගැන චීන්නු එතුමාව ඉහල තැනකින් තියලයි කතාකරලා තියෙන්නේ.
මම අර ප්‍රන්ශේ ඉන්නකොට උනා කියන කතාව නම් දන්නේ නෑ. චීනය එක්ක නම් සිහනුක් කුමාරයා කාලයක් පුරාවට බොහොම හොඳින් හිටපු බව දන්නවා.
Deleteනියමයි යාළුවා
ReplyDeleteබොහොම ස්තූතියි!
Deleteඑතකොට සිහනුක් රජ පරම්පරාවක කෙනෙක් නෙමෙයිද ??
ReplyDeleteරජ පවුලක කෙනෙක් තමයි. එක ටිකක් පරණ රජ පවුලක්. නමුත් සිහනුක් රජ තනතුරෙන් අයින් වෙලා ප්‍රජාතාන්ත්‍රික දේශපාලනය ආවා එක කාලෙක. ඒකයි මේ පටලැවිල්ල..
Delete