Friday, April 6, 2012

දුර දිග බලමු! විදුලිය පිරිමසිමු!


ශ්‍රී ලාංකීය ජනතාවගේ වගේම ලෝක ජනතාවගේ බලශක්ති අවශ්‍යතා දවසින් දවස වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නෑ. අද ලෝකේ සිද්ධ වෙන බොහොමයක් ගැටුම් පිටිපස්සේ 'බලශක්ති පොරය' දකින්න තියෙන බව ප්‍රසිද්ධ කාරණයක්. ශ්‍රී ලංකාවට මේක ඉතා වැදගත් වෙන්නේ, අපේ රට තවමත් දියුණු වෙමින් පවතින රටක් නිසා. අපේ රටේ සියලු ගෙවල් දොරවල්වලට විදුලි බලය ලැබිලා නෑ. ඒ වගේම අපේ රට ඉදිරියට තවත් කාර්මීකරණය වෙන්න නම් බලශක්තිය පිලිබඳ ගැටලුව විසඳගන්න වෙනවා.


කඩිනම් මහවැලි ව්‍යාපාරය දවස්වල ඇතැම් අවස්ථාවල කියවුනේ අපිට ඉන්දියාවටත් විදුලිය සපයන්න පුළුවන් කියලයි. අපි ඉන්දියාවට වෙන වෙන දේවල් නම් සපයනවා වෙන්න පුළුවන්. නමුත් විදුලිය නම් සපයන්න පුළුවන් වෙලා නෑ. අපිට ජල විදුලි සම්පත පාවිච්චි කරලා අපේ අවශ්‍යතාවවත් සපුරා ගන්න පුළුවන් වෙලා නෑ. වර්ෂාව අඩු කාලෙට අපිට ජල විදුලි බලාගාරවල සම්පූර්ණ නිෂ්පාදන ධාරිතාව ලබාගන්නත් බෑ. ඒ නිසා අපිට ඩීසල් සහ ගල් අඟුරු බලාගාර වගේ දේ දිහාවට හැරෙන්න උනා.


ඩීසල් බලාගාරවල තියෙන ලොකුම ගැටළු තමයි ඛනිජ තෙල් මිල දිනෙන් දින ඉහළයාමත්, එය ක්‍ෂය වෙන ඉන්ධනයක් වීමත්. ජාල විදුලිය ප්‍රමාණවත් නොවෙන නිසා ඩීසල් බලාගාර යොදා ගන්න වෙනවා. එවිට විදුලිය නිෂ්පාදන පිරිවැය ඉහල යනවා. ගල් අඟුරු බලාගාර බොහොම ලාබදායක වෙන්න පුළුවන්. නමුත් එයින් ඇතිවන පාරිසරික බලපෑමත් සලකන්න වෙනවා. අනික කොහොම උනත් ඒ ගල් අඟුරුත් ක්‍ෂය වන ඉන්ධනයක්. ඉදිරියේදී ගල් අඟුරු ලබා ගැනීම ගැටලුවක් වෙන්න ඉඩ තියෙනවා. ඛනිජ තෙල් හිඟ ඉන්දියාවත් චීනයත් කියන යෝධයෝ දෙන්නම තව තවත් ගල් අඟුරු බලාගාර ඉදි කරගෙන යනවා.


රටක යම් ගැටලුවක් තියෙනකොට එක විසඳන එක ආණ්ඩුවටම භාර දීලා කට ඇරගෙන 'බකන් නිලාගෙන' ඉන්නවට වැඩිය ලොකු වගකීමක් සාමාන්‍ය ජනතාවට තියෙනවා. පලවෙනි කාරණය තමයි රටේ ප්‍රශ්නයක් තියෙන බව දැනගන්න එක. අපිට මේ වෙනකල් මෑත කාලේදී විදුලිය විසන්ධි කරන්න වෙලා නෑ. එහෙම වෙන්න කලින් විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරනවා නම් අපි හැමෝටම පහසු වෙනවා නිසැකයි.

4 comments:

  1. "කඩිනම් මහවැලි ව්‍යාපාරය දවස්වල ඇතැම් අවස්ථාවල කියවුනේ අපිට ඉන්දියාවටත් විදුලිය සපයන්න පුළුවන් කියලයි"

    කරච්චල් නොරොච්චෝලේ ගහද්දිත් ඕක තමා කිව්වේ :(

    ReplyDelete
    Replies
    1. නොරොච්චෝලේ ගැන කියල චීනගේ හිත නොරොක් කරන්න එපා. ආරක්ෂක ඇමැතිත් ලංකාවට ආවනේ...
      අනික ඔය කියනවා වගේ සුන්දර දවල් හීන බලන්න විදුලි බලය ඕනේ නෑ නේ...

      Delete
    2. ඇත්තට දැන්වත් ඔය නොරොච්චෝලේ කරච්චල් කේස් ඉවරයක් වේවිද ?
      ඇයි අපිට තිබ්බා නේද සුළං බලයෙන් විදුලිය හදන සැලසුමක් එහෙම.ඒවාට මොකද දන්නේ නැහැ වුණේ.?

      Delete
    3. ඒවයෙ නිශ්පාදනය මදි නෙ...

      Delete