Tuesday, April 17, 2018

1945 අප්‍රේල් 16 - බර්ලින් සංග්‍රාමය ඇරඹෙයි

1945 අප්‍රේල් මස 16 වනදා සෝවියට් හමුදා විසින් නට්සි ජර්මනියේ අගනුවර වූ බර්ලින් නගරය අල්ලා ගැනීම සඳහා දියත් කළ බර්ලින් සංග්‍රාමය ආරම්භ වුණා. ඒ ඕඩර් සහ නෙයිෂ් නදී තීරයන් හි වූ ජර්මන් ආරක්ෂක ස්ථාන වෙත එල්ල වූ දැවැන්ත කාලතුවක්කු ප්‍රහාරයකින්.

Pic: German Federal Archive (Bundesarchiv, Bild 183-E0406-0022-012 / CC-BY-SA 3.0)


මේ අවස්ථාව වනවිට ජර්මන් හමුදාවලට ගුවනේ බලය අහිමි ව තිබූ අතර පිරිස් ශක්තිය අතින් ද ඔවුන් සෝවියට් හමුදාවලට සාපේක්ෂව ඉතා දුර්වල අඩියක පසු වුණා. දැවැන්ත කාලතුවක්කු ප්‍රහාර මධ්‍යයේ දින කිහිපයක් සිය පෙරමුණ ආරක්ෂා කර ගැනීමට ජර්මානුන් සමත් වූ නමුත් අප්‍රේල් 19 වනදා වනවිට සටන් පෙරමුණ බිඳ වැටුණා. එයින් පසු සෝවියට් හමුදා සහ බර්ලින් නගරය අතර කිසිදු වැදගත් බාධකයක් වූයේ නැහැ.
සටන් පෙරමුණ බිඳ වැටී දින එකොළහකට පසු, 1945 අප්‍රේල් 30 වනදා, ජර්මන් ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් සියදිවි නසාගත් බව සැළකෙනවා.

No comments:

Post a Comment