1920 දශකයේදී, විවිධ හේතූන් මත ජර්මනියේ ජනතාවට සාම්ප්‍රදායික පක්ෂ එපා විය. කෙතරම් වැරදි තිබුණද සාම්ප්‍රදායික පක්ෂ විසින් එක්තරා ආකාරයක "ප්‍රජාතන්ත්‍රවාදයක්" ආරක්ෂා කළේය. එයට පිටින් යන පක්ෂ ගණනාවක් වූ අතර ඉන් වඩාත් කැපී පෙනුණේ එකිනෙක ප්‍රතිවිරුද්ධ අන්ත දෙකක වූ නට්සි පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂයයි.
කෙසේ නමුත් ජනතාවට මැද මාවත එපා වෙද්දී ඔවුහු එක්කෝ දකුණට හැරී නට්සි පක්ෂය වෙත ගියෝය; නැත්නම් වමට හැරී කොමියුනිස්ට් පක්ෂය වෙත ගියෝය.
එක්තරා අවස්ථාවකදී, රටේ මධ්‍යස්ථ මතවාදීන්ට වඩා ප්‍රමුඛව අන්තවාදී දෙපාර්ශවය ලබාගත් ඡන්ද එකතුව වැඩි විය. (1932 ජූලි රයිෂ්ටාග් මැතිවරණය - නට්සි පක්ෂය ඡන්ද 37.27%, කොමියුනිස්ට් පක්ෂය 14.32%).
සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් සියයට 22 කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලැබුවද ඔවුන් සමඟ එක් වීමට කොමියුනිස්ට්වාදීහු අකමැති වූහ. ඒ ස්ටාලින් සහෝදරයාගේ මොළේ තරමය. ඔහු සිතුවේ ජර්මන් සමාජ ක්‍රමය බිඳ දමා බලය පැහැර ගන්නට ය. නට්සින් බලයට ආවත් ඔවුන් වැඩිකල් බලයේ සිටිනු නැතැයි ඔහු සිතන්නට ඇත. අනෙක් අතට ව්‍යාපාරිකයෝ වමේ රජයක් බලාපොරොත්තු නොවූහ. ඔවුනට අවශ්‍ය වූයේ යක්ෂයා සමඟ හෝ ගනුදෙනුවක් කොට වමේ පාලනයක් ඇති නොවන සේ වග බලා ගැනීමය.
1932 ජූලි වනවිට ජර්මන් ඡන්ද දායකයින් බහුතරය ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතික්ෂේප කොට අවසන් ය.
1933 ජනවාරියේ හිට්ලර් චාන්සලර් බවට පත් විය. එතැන් සිට ඉතිහාසය ඔබ දනී.
හොද කතාවක්
ReplyDelete